Thursday, November 14, 2013

චුයින්ගම් ජිවිතේ තවත් දවසක්

                                            චතුරිකා අක්කා නෙස්ටමෝල්ට් වලින් දවස පටන් ගත්තට අපේ ගෙවල් පැත්තේ කට්ටිය නම් දවස පටන් ගන්නේ පැනඩෝල් දෙකක් උගුරට දාලා වතුර අඩු කෝප්පයක් කටට හලාගෙන.මොකෝ මේ දවස් වල JCB යන්තර කන ළඟටම ඇවිත් බරටම වැඩ...පාර හදනවට වඩා තැනින් තැන වළවල් හාරනවා.ආසාවටත් එක්ක කුල්ල ගහල කඳු ටික පාත් කරනවා.රූස්ස ගස් කපා දාලා ටෙන්ට් ගහගෙන පැයක් විතර තේබොනවා..හරිනේ මග මග කෙරෙන මඟ නැඟුම..


                                                               ඉතින් උදේ පාන්දර කුකුළා කරේ තියාගන්නත් කලින් වද දෙන මලයාගේ මොබයිලයේ අදෝනාව අදත් ඒ වගේමයි..තුනට එලාමය තියලා මනුස්සය නැඟිටින්නේ පහට වත්.ඒ ක්ලාස් යන්න..දුක් ගන්නා රාල වගේ මං ඉතින් නැඟිටලා පතක් පොතක් හෙම දිග අරන් දත කට පුට්ටු වෙන හීතලට ජර්සියක් පොරවන් මළ කඳ ඉන්දුව වගේ පුටුවෙ ඉන්නේ වෙන මොකටවත් නෙමේ අම්මා තේ එක වඩම්මනකල්...මොකෝ මේ දවස් වල සෙමෙස්ටරේ විභාග පෙර සමය.සති දෙකක් දුන්න පාඩම් නිවාඩුව චෝගම් නිසා සතියකින් එහාට පැන්නේ අපේ දෙන්න දෙමහල්ලොගේ ඇස් උඩ යවල..සති දෙකේම එකම සබ්ජෙක්ට් එක පාඩම් කරල දැන් නම් විෂය කරුණු එන්නෙ ඔක්කාරෙට.ටියුට් එක ප්‍රින්ට් කරපු දිනෙත් කිව්ව හැකි ඇස් වහගෙන..

                                    මූණු පොතෙත් "මට මගේ නොවෙන" සින්දුවයි,අධි වේගී මාර්ගයයි,ෆුල් ෆේස් හෙල්මට් එකයි,චෝගම් ගැනයි කැපිලි කෙටිලි කෝටියයි පැය විසි හතරෙම.බෙන්ස් මෙච්චරයි..වෙබ් සයිට් එකට මෙච්චරයි..හොටෙල් රූම් අච්චරයි..අපෝ එපා වෙනවා..මට නම් හිතුනෙ ඕවා සාමාන්‍ය ජනතාවට කියන්න ඕනේ දේවල් තමා.ඒත් සයිබරේ වගේ දෙයක් ඒකට ප්‍රායෝගික ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ.ඒකෙන් අදහස් වෙන්නේ සයිබරේ කරක් ගහනඔක්කොම සුඛෝපභෝගී මිනිස්සු කියන එක නෙමේ..කොටින්ම මේ මාත් එහෙම නෑනේ..තේරෙන ප්‍රමාණයට තේරුම් ගන්නකො.

                                                                             කවදාවත් මැච් එකක් හැර ටීවී එකේ කිරණක් වත් ඇහැට දාගන්නැති "රූවා"ඊයේ නිකමට වගේ චැනල් එකක් කරකවල පුටුවත් ළඟටම ඇදගෙන බලන් උන්නා යන එකක් ඔහේ බලනව කියලා.බෙරයක් හෙම ගහල හක් ගෙඩියක් පුම්බල උඩරට නැට්ටුවෙක් නටලා දළඳා මාළිගාවත් වැඳ ගෙන ,සීගිරිය වටෙත් කැරකිලා,ශ්‍රී මාබෝධියත් පහු කරන්,මුහුදපැත්තෙන් මෙන්න ආපි නෙළුම් පොකුණට."චෝගම්".



                            විද්වත් කතා බහක් යන්න වගේ වගේ තේරුණ හින්ද(කොහොමත් මං ඒවටආසයි).පොඩ්ඩක් ඇහැ සුම් කරලා බලං හිටියා.ආ..ආරාධිත හමුවක්..හිටියේ ජමිලා මහමුද් මහත්මිය(චෝගම් මහජන සැසියේ මැලේසියාවේ ප්‍රධාන කතා නායිකාව.වෘත්තියෙන් වෛද්‍යවරියක්)..කතාව ඉන්ගිරිසියෙන්ම ගියාට එච්චරම අවුලක් උනේ නෑ.තේරෙන වර්ඩ් එකෙන් සෙන්ටෙන්ස් එකම අල්ල ගත්තහැකි..ඒකේදී ඒ මහත්මිය ඇහුවා ඇයි මේ ලස්සන ගස් ටික කපන්නේ කියල පාරවල් හදන්න.සංවර්ධනේ කියන්නේ ඒක නෙමේ කියලත් කිව්වා.තරුණ අදහස් ගන්න කිව්වා ඕනෑම තීරණයක් ගන්න ඉස්සර වෙලා ඒක වටිනවත් කිව්වා..උදාහරණෙකට ගත්තේ එතුමියගේ 15 හැවිරිදි පුතාගෙන් ඇය සමහර තීරණ අහනව කියන එක.ඒක පිළිගැනීම,නොපිළිගැනීම තමන් සතු වුනත් විය යුත්තේ එයයි ඇය පැහැදිලි කළා..මං හිතන්නේ මේ උපුටා ගැනීම් දෙකෙන් අපේ ඇහැට පිඹල කියන කාරණා අති මහත් කියල..අන්තිමට කිව්වා ලංකාව දියුණු වෙන බව පේනවා ඒකට සතුටුයි කියල.මං හිතන්නේ ඒ ටික නම් ප්‍රවෘත්ති සංස්කාරකට අහු වෙන්න ඇති කියලා :)
                                                              
                                          තරුණ අදහස් ගන්නවා කෙසේ වෙතත් උපාධි අපේක්ෂකයෝ ටික අකුලළා දැම්ම සතියක් සිංහ කොඩි දාලා නටාපිය කියලා.විභාගේ සතියක් ඒකෙන් පස්සට ඇදුනා.වෙලාවට දෙසැම්බර්  අන්තිම සතියට කලින් ඒක ඉවරයි කියලයි පරිපාලනේ දැනට කියලා තියනව.නැත්තම් අලුත් අවුරුද්දටත් කල්ච(ර්)සෙන්ටර් එකක,ඔඩිටෝරියම්,කැන්ටින් එකක  පැය තුනක් හුල්ලයි අපි.මිලියන 15ක් දීලා ටෙම්ප්ලේට් කොපි කරල වෙබ් සයිට් හදන  අපේ ඇත්තන්ට මේවා පේන්නේ නෑ.ඕකයි ඇත්ත තත්වේ.හැබැයි කැම්පස් ඇත්තොන්ටත් පොඩි ඉවසීමක් තියෙන්නත් ඕනේ..චාර්ල්ස් කුමාරයා හරි කවුරු හරි එනකොට මෙහෙ කොඩි,බැනර්,දාගෙන බිම ඉඳන් උපවාස කරනවනම් ඒකෙත් පොඩි අවුලක් වගේ එකක් තියනව නේද?ගෙදර ප්‍රශ්න පිටට දෙන්න හොඳ නෑලුනේ.

                                                          කොහොම කොහොම හරි අපේ හොස්ටල් වලත් කවුරු කවුරු හරි නැවතුනොත් හොඳා:pහිඟ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි,සංවර්ධන ඉලක්ක කරා යන හැටි සැසි තියලා කියලා දෙන්න ඕනේ නෑ.එක රැයක් තිසා වැවේ වතුර ටිකක් බීලා,පනිට්ටුව ගන්න පෝලිමේ ඉඳන් නාලා,කිරි නැති පොල් වලින් සම්බෝලයක් කාලා,මදුරුවො තල තල ටියුට් එකකින් පවන් ගහන කොට හිතෙයි ගූග්ල් මැප් සර්ච් කරල කොළඹයි මෙතැනයි රටවල් දෙකක්ද කියල හොයන්න..ඕකයි තත්වේ..

                   චෝගම් ගැන වැඩිද මන්ද:)ඉතින් අදත් අන්ධකාරේ තිබුණට වැස්සක් නම් නෑ වගේ..පාර හදන හින්ද එලියට පහලියට බැහැල සෙල්ලමක් වත් කරගන්න නෑ පොඩි එවුන් එක්ක..කණ කොකා විය සිදුරෙන් ආස බලනව වගේ යන්තම් එලියට බැස්ස විතරයි එහා ගෙදර ආච්චි කොහේදෝ යන්න ලෑස්ති වෙලා වගේ.

"ආච්චි කොහෙද යන්නේ?"
"පන්සලට.එනවද යන්න?"
හැඳිවත පමණක් ගෙනා මට ඩෙනිම හැඳිය නොහැක පන්සලට.."ආච්චි පොඩ්ඩක් ඉන්න,මං එන්නම් ටක් ගාලා"                                 
                                පැය බාගෙකින් පසු ටක් ගා ඉවර ඌ මා,යන්තමින් සා කෑල්ලක් හා කුරුටු බලි සුදු පැහැති ටී ෂර්ට්ටුවක් හා සෙරෙප්පු යුගලක් දාගෙන ඩෝසර රථයට කැපුණු අගාධ කණුවෙන් පැනලා ආච්චි එක්ක හෙමින් හෙමින් පන්සලට ගෑටුවා.මඟදී හම්බ වෙච්ච ත්‍රීවිල් එක පැයේ ගමන විනාඩි පහක් කළා..පන්සලේ වෙනදා තියෙන නිස්කලංක භාවෙ අද නැති පාටයි.සතියේ දවසක් පෙර පාසලක්..කොල්ලො කුරුට්ටන් පන්සලේ බලු නකුටා පස්සෙන් පන්න පන්න හූ තියනවා.පොඩි හාමුදුරුවෝ ඒ මත්තේ වැටිල ඌට ආරක්ෂාව දෙනවා ,බැරිම තැන සිවුරෙන් ඔතාගෙන බණ ශාලාවට ගිහින් ඇරලුවත් ඌත් පතාගෙන එන්නෙම  හතර හන්දි කැඩෙනකල් නටන්ටයි.පුළුන් බෝලයක් වගේ හරියට ඇවිද ගන්න වත් බැරුව මේකා:)"සිරියාවන්ත බලු පැටියා"පන්සලට දවල් දානේ ගෙනාව නැන්දගේ බුලත් විට පැන්න නැති ටික විතරයි එලියට කෙලත් එක්ක ,ඈ බල්ලගේ මොන සිරියාවන්ත කමක්ද?
                      කොහොම කොහොම හරි ලොකු හාමුදුරුවොන්ට දානෙට ආරාධනා කරල ආච්චියි මායි ආපහු එන්න පිටත් උනා."එනවා සුදු එනවා"ඈ ඒ කවුද?බැලින්නම් ක්ලාස් යන නංගි කෙනෙක් ෆෝන් එකෙන් ලොකු කතාවක්.අඳුරන්න බැරි නෑ මගෙන් ඉගෙන ගත්ත එකෙක් දහම් පාසලේ.වැඩි දෙයක් නෙමේ"අපි මල් කඩමු"කියල පේලියට ලියන්න දුන්නා මං දවසක්.එහෙමයි ටීචර් වුනේ.ආ ඔය කඩන්නේ මල් :)
       අප්පා මුන්ගේ තියන ස්ටයිල්.ආච්චි කියපි.දැන් ඔහොම තමා ආච්චි යන්ග් ජෙනරේෂන් එකනේ.සෙරෙප්පුවට පෑගුන චුයින් ගම් එකක් අයින් කරන ගමන් මං කිව්වා.

1 comment:

  1. ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music