Wednesday, January 15, 2014

හෙතෙම ඒ වී සුරවිරයන් නම් විය

     අලංකාරගේ වික්ටර් සුරවීර මහත්මයා නොහොත් ඒ.වී.සුරවීර මහත්මයා පිලිබඳ මෑත කාලයේ මට අසන්නට ලැබුනේ දේශීය කළමනාකරණය නම් විෂය අධ්‍යනයේදීය.ඒ මොහොතේ පටන් ඊයේ (01/14)මහරගම ගොඩිගමුව යහම්පත් මාවතේ පිහිටි සිය නිවසේ අභාවප්‍රාප්ත වෙන තෙක්ම(83 වැනි වියෙහි)ඔහු පිලිබඳ අධ්‍යනයක් මා සිදු කර නොමැති වුවද ඔහු පිලිබඳ අද අළුයම සෙවූ චරිතාපදාන තුල වැදගත් යයි සිතූ කරුණු කිහිපයක් පන්හිඳට මුසු කිරීමට කැමැත්තෙමි..


                     වර්ෂ 1930/10/30 වන දින ගම්පහ,මිනුවන්ගොඩ කොරොස ග්‍රාමයේ උපත ලද ඒ.වී.සුරවීරයන් බාල සහෝදරයන් 2 හා සහෝදරියන් 2 කුගේ පවුලක උපත ලැබීය.අවුරුදු 3 වන විට කොරොස ග්‍රාමයේ බෞද්ධ මිශ්‍ර පාසලකින් හා 5 ශ්‍රේණිය දක්වා විගද රජයේ පාසලින්  ලද ප්‍රාථමික අධ්‍යාපනය ද ගම්පහ රජයේ ඉංග්‍රීසි පාසැලින් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ලද ද්වීතීයික අධ්‍යාපනය තුලින් කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාල වලින් උසස් අධ්‍යාපනය හදාරා 1960 දී විද්‍යෝදය ආචාර්ය මණ්ඩලයට පිවිස එහිදී දිනු ශිෂ්‍යත්වයක් හේතු කරගනිමින් 1968 ඇමරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයේදී ශාස්ත්‍ර ගවේෂණයෙහි යෙදුණේය.

                     බව තිමිර,ගොදුරු ලොබ,හෙයියම්මාරුව(1971),නොයන් පුතුනි ගම හැරදා(1975),අත්ත බිඳෙයි පය බුරුලෙන්(1977),සදා මෙලෙස පුර දෙරණේ(1980-පරණවිතානයන් කාශ්‍යප යුගය පිළිබඳව පල කල විචාදා සම්පන්න මත පදනම් කරගනිමින් රචනා කල නව කතාව ),මිනිස් කම හා රජකම(1988),පෑදි දියට බොර දිය,අඳුර දුරලන ඇස්,පිඹිත් නළා සුරා මතින්,තෝල්ස්තෝයි කලාව යනු කුමක්ද(පරිවර්තන),ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය,ඇරිස්ටෝටල් සහ භරත සම්ප්‍රදාය,නිර්මාණය හා විචාරය ආදියද The Faithful Wife Of a Politician,Thus The City Was Built(1999),The Inescapable Swampආදී ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයන්ද ජෝර්ජ් ලූකස් රචිත Critical Realism And Socialist Realismනිබන්ධනයෙහි සිංහල පරිවර්තනය(සාහිත්‍ය විචාර රචනා),රාජාවලිය(සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ සංස්කරණය කල ),පුජාවලිය,තිසර සංදේශය,ලෝවාමහාපාය හෙවත් ලෝහ ප්‍රසාදය,අනුරාධපුර සමාජය,දුටුගැමුණු රජතුමා,ශ්‍රී මහා බෝධි පුරාවෘත්ත,බාලේ පටන් කාලේ ගෙවුනේ මෙලෙස (ස්වකිය චරිතාපදානය )ඇතුළු කෙටි කතා,නව කතා,ළමා සාහිත්‍ය,සංස්කරණ,පරිවර්තන,සාහිත්‍ය විචාර 60 ක් පමණ රචනා කරමින් සිංහල සාහිත්‍යය පෝෂණය උදෙසා මාහැඟි මෙහෙවරක් ඉටු කළේය.

            එහේතුවෙන් මුල්ම රාජ්‍ය සම්මාන උළලේදී "අනුරාධපුර සාහිත්‍ය"කෘතිය සඳහා සම්මානයක්ද,ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය ශුරී උපාධියද,සේවාර්ජිත මහාචාර්ය පදවියෙන්ද කලාකීර්ති ජනාධිපති සම්මානයෙන්ද,සාහිත්‍ය රත්න රාජ්‍ය සම්මානය ඇතුළු නොයෙක් සම්මාන නම්බු නාම දිනා ගැනීමට එතුමාට හැකිවිය.

             2004 වසරේ පොදු පෙරමුණු රජය යටතේ සංස්කෘතික හා ආගමික කටයුතු පිලිබඳ නියෝජ්‍ය ඇමති තනතුරින්ද,ජාතික අධ්‍යයන කොමිෂම් සභාවේ සභාපති,ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යෙකු වශයෙන්ද,අවසන් වරට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධානියා ලෙසද කටයුතු කලේය.

දේශපාලනඥ,සාහිත්‍යධර,අසු පිරූ තැන් ඇති බුද්ධිමතෙකු වූ එතුමාට නිවන් සුව ලැබේවා!!!

3 comments:

  1. අජරාමර නිවන් සැප ලැබේවා!

    ReplyDelete
  2. නිවී සැනසේවා..!! ඔන්න අපිත් ගොඩ වැදුනා.. දිගට ගොඩවදින්න අවසර..???

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music