Tuesday, October 29, 2013

නුඹයි මගේ ආලේ-සැමද බොබ් මාලේ


"බජාරෙකේ ලලක්කා_පුතේ හිත හොඳ අක්කා
සුර සැප වික්කා_කාගේත් බඩ ගොත රැක්කා"


                  ජංගම ස්ටුඩියෝවක් බඳු අධි රිද්මිය ධ්වනියෙන් සවනට පාෂාණ කැට විසිකරමින් මාර්ගය හරහා ත්‍රී රෝද රථයක් මඩ වලකට වැටී දෙපස හුන් සජීවී,අජීවී වස්තුන් නහවමින් අධි වේගී මාර්ග මීටරයෙන් නොපෙනී ගියේය.බැලු බැල්මට කහ,කොළ හා රක්ත වර්ණයන්ගෙන් හැඩ වැඩව තිබු එකී රථය මා සිත රැගෙන ගියේ ජැමයිකානු දේශයේ 40වන දශකය දෙසටය.නිරන්තරයෙන් මුව රැඳි සිහවක් හා කැරලි කොණ්ඩයක් සහිතව ඇඟිලි තුඩු අතර සුරුට්ටුවක් රඳවා සිටින එකී අපුරු චරිතය.............


                                     1945 පෙබරවාරි මස 16 වන දින ජැමයිකාවේ නයිල් මිල් සෙන්ට් ඈන් හිදී නොර්වාල් සින්ක්ලෙයාර් මාලේ නම් සුදු ජාතික සම්භවයක් සහිත පියෙකුටද සිඩේල්ලා බුකර් නම් කළු ජාතික මවකටද දාව නෙස්ටා රොබට් බොබ් මාලේ නම් ළදරුවා උපත ලැබීය..ස්ටේප්නි ප්‍රාථමික පාසලෙන් මුලික අධ්‍යාපනය ලද මාලේ හට අභාග්‍ය උදා වන්නේ 1955 දී තම පියා ජීවිතයෙන් සමු ගැනීමෙනි.එකී දවස් මාලෙට යන්තම් අවුරුදු 10වුවා පමණි..දැඩි ආර්ථික අගහිඟතා හේතුවෙන් සිය මව සමඟ ඇමරිකානු දේශයට සංක්‍රමණය වුවද ඇමරිකානු ආර්ථිකය බිඳ වැටීමත්,කළු ජාතින් සමඟ ඇති වූ කළහකාරී තත්වයත් ඔවුන් පෙරලා ජැමයිකාවටම රැගෙන ගියේය.කාලය ගත වත්ම රේ චාර්ල්ස් හා ෆැටිස් ඩොමිගේ සංගීතය දේවත්වයෙන් ඇදහු මාලේ..ඔහුට සමාන "බනී"නම් වූ නෙවිල් ලිපන්ග්ස්ටයින්(මාලේගේ මවට හා බනීගේ පියාට දාව දියණියක් ද සිටියාය)සමඟ ජෝ හිග්ස් නම් එවකට ජැමයිකානු සංගීත තාරකාවගේ ගෝලයන් බවට පත්වුවද සංගීතය ඉගෙනීමේ උනන්දුවක් මොවුන් තුල නොතිබුණා සේ පෙනුණි.නමුදු 1962වනවිට මාලේගේ සැඟවුණු කුසලතා ඔප මට්ටම් කල හිග්ස් ගේ අත්වාරුවෙන් Judge Not හා One More Cup of Tea නම් ගීත නිර්මාණ එලි දැක්වුවද පවත්නා ක්‍රමය විවේචනය කිරීම හේතුවෙන් ගී තැටි ඉල්ලුම පහල විනි.

                        කුමන බාධකයක් පැමිණියද එතෙකින් නොසැලුණු මෙකී අපූරු සංගීතඥයා 1963දී කොස් සෝන් සමගම සමඟ A.K.A ආරට හුරු සංගීතය ආභාසය ඇසුරින් "විලින් වේල්ර්ස්"සංගීත කණ්ඩායම බිහි කළේය.මුල් කාලයේදී Lee Scratch Perry සමාගම සමඟ ගී තැටි නිෂ්පාදන කටයුතු කල අතර මෙකී අධිරාජ්‍ය විරෝධී,ආදර ණිය,විරහබර,මෙන්ම රැඩිකල් ගීත රචකයා.වාදකයා(ගිටාර්),හා ගායකයා "ට්‍රේන්ච් ටවුන්"නගරයෙහි සිය විප්ලවාදී,හා ගැඹුරු ජීවන දර්ශනයට පණ පෙව්වේය.

                         "පීඩනය දරා ගත නොහැකි තැන මිනිසා ආගමික සැනසීම සොයා යන්නේය"යන පොදු ධර්මතාවය අනුව යමින් "රස්ටාෆේරියන්"නම් වූ ඉතියෝපියානු ආරයේ ආගමක් ඔහු වැළඳ ගත්තේය.මෙම ආගමට අනුව නිර්මාංශ වූ රස්ටාෆේරියන්වරු දෙවියන් දෙනු ලැබූ ශරීරය විච්ජේදනය කිරීමට හෝ පළුදු කිරීමට අකමැති විය.එනිසාම ශල්‍ය කර්ම වැනි දේ එකී ආගම අනුමත නොකළේය.මෙහිදී මා හට සිහියට නැගෙනුයේ වර්තමාන ඇතැම් තරුණ කොටස්ය.සමස්ත සිරුරම හංවඩු ගසා සිල්වර කොපු එල්ලා සිටින එවන් මිනිසුන්.............

                        රස්ටාෆේරි ආගමට අනුව මර්ජුවානා(මල්/ගංජා/ජොයින්ට්)අනුමත කරන අතර එවන් දෑ දෙවියන් වෙත සමීප විය හැකි හා දෙවියන් අත් විඳින සුවය ලෙස අර්ථ දැක්විණි.එනිසාම මොවුන් නොදැනුවත්වම ගංජාකාරයන් විය.කැරලි කොන්ඩයද ආගමික අංගයක් විය.සිනහවට කාරණය නම් රස්ටාෆේරි නොවන ඇතැමුන් මෙකී ඇදහිල්ලේ දැඩිව එල්බ ගැනීමය.

                       මාලේ විසින් සිය ආගම ආශ්‍රයෙන් නිර්මාණය කල "One Love"ගීතය ඔහුගේ කුළුදුල් ආගමික ආරයෙන් හැඩවූ ගීතය විය.ක්‍රමයෙන්"රෙගේ"ශයිලියට අත්පොත් තබන මාලේ එකී ශයිලිය ගම්බද ජන සංගීතය ආශ්‍රයෙන් ගොඩ නැඟුණු  ශ්ලෝක,මන්තර ආභාෂයෙන් ලොවට හඳුන්වා දෙනු ලැබූවකි.

                                                           
                                                        දෙවන වරටත් සිය මව සමඟ ඇමරිකාවට පය ගැසූ ඔහුට මෙවර සිය ආගම බාධා විය.මෙකි කරුණ එකල ඇමරිකාවේ පැවතී ධනවාදී,ආගම විරෝධී,මිලේච්ජ ආර්ථිකයක් ගෙන හැර දක්වයි.70 දශකයේදී(25 හැවිරිදි වියේ)කැරිබියානු දේශයට සංචාරය කිරීමත් එහිදී ජාත්‍යන්තර අයිලන්ඩ් රෙකොර්ඩ් සමාගමෙහි අනුග්‍රහය සහිතව 1973 දී ප්‍රථම ජාත්‍යන්තර ඇල්බමය  "Catch A Fire"නමින් නිකුත් කළේය.එහි එන්නාවූ "Get Up Stand Up"ගීතය අධිරාජ්‍ය විරෝධී කණ්ඩායම් සංවිධානය කිරීමට දුන් විධානයක් බඳු විය.

                  "No Woman No Cry"ගීතය ගයන විට මාලේගේ ජිවිතයට සමීපතමයන් දෙදෙනෙකු ඔහුගෙන් වෙන්වී තිබුණි.නමුදු අප්‍රතිහත ධෛර්යෙන් නැගී සිටි ඔහු,සති 4ක් පුරා "බිල් බෝඩ්"ශ්‍රේණිගත කිරීම් වල ඉහලින් වැජඹුණි.වැදගත් කාරණය නම් මෙම ගීතයේ හුදු අර්ථය පරදා රීටා මාලේ නම්වූ සිය බිරිඳ හා සිය හඬට පෙම් බැඳී ප්‍රේක්ෂකයන් පමණක් ඒ වන විට ඔහුට ශේෂ ව පැවතීමය.

මෙන්න සින්දුව 

                                     උපතින් කල්ලෙකු වීම හේතුවෙන් මාලේ විවිධාකාර තාඩන පීඩන වලට ලක් විය,උදාහරණ ලෙස "ස්මයිල් ජැමයිකා"නම් වූ සංගීත ප්‍රසංගයකදී අධිරාජ්‍ය මූලික ඝාතන ප්‍රයත්නයක් ද වරෙක ගංජා ජාවාරම් කාරයෙකු ලෙස සමාජ වරෙන්තුවක්ද මාලේලැබුවේය.පුදුමය...මෙකලදීම කල්ලාගේ වේදනාව හා පීඩනය පිලිබඳ "Survival"ඇල්බමය නිකුත් කිරීමට ඔහුට හැකිවිය.

                                                                   70 දශකය අග භාගය වන විට මුළු ලොවම කිරුළු පැළඳ සිටි මාලේ සහ වේල්ර්ස් සංගීත කණ්ඩායම වෙත 80 දශකය රැගෙන ආවේ අභාග්‍ය සම්පන්න ඛේදවාචකයකි.එනම් ගංජාවලට දැඩි ලෙස  ඇබ්බැහි වීමත් යුරෝපීය   සංචාරයකදී පාදයෙහි සිදුවූ තුවාල වීමක් හේතුවෙන් 1980සැප්තැම්බර් 21දින රෝහල් ගත වීමට මෙකි අසහය කලාකරුවාට සිදුවිය.ඒ වන විටද එම තුවාලය පිළිකාවක් බවට පෙරලී අක්මාව,පෙනහැල්ල,හා උදරය මෙන්ම මොළය දක්වා ව්‍යාප්ත වී තිබිණ.1981 මැයි මස සිය අවසන් ගීත ගායනය සාන්ත පීටර්ස්බර්ග් හිදී ඉදිරිපත් කල 36 හැවිරිදි රෙගී ගායකයා නොහොත් රස්තියාදු කාර ගංජා කාරයා 1981මැයි මස 11දින ඇමරිකාවේ ෆ්ලොරීඩාවේ දී කළු ජාතිය අවදි කරමින් සදහටම මෙලොව හැරදා දෙනෙත් පියා ගත්තේය.

   
මෙකී ලිපිය අවසානයේදී කිව යුතු කාරණය නම් බොබ් මාලේ යනු හුදෙක් විලාසිතා අයිතමයක් නොවන බවද ඔහුගේ මානව හිතවාදී දර්ශනය පිලිබඳ ක්ෂුද්‍ර හෝ අවබෝධයක් නොමැතිව ඇතැමුන් ජැමයිකානු සම්භවයක් ඇත්තවුන් බවට පත්වීම කැපී පෙනීම සැබවින්ම හාස්‍යයට හේතු වීමත්ය.


11 comments:

  1. මේ පුද්ගලයා මෙහෙම කෙනෙක් විදිහට කලින් කියවල ම නෑ. ස්තුති යි ඔබට.

    ReplyDelete
  2. අපේ අයගේ ඉතිං මාලේ කරේ චේ පපුවේ තමයි! මාලේ ගෙන් ගත්තේ සුරුට්ටුවයි ගංජා ගැන ටිකයි විතරයි!

    ReplyDelete
  3. අපේ මිනිස්සු මාලේ ගෙන් උස්ස ගත්තේ රස්ති පෙනුම විතරයි.. ඊට වඩා යමක් කරපු කෙනෙක් කියලා දන්නේ කීයෙන් කී දෙනාද?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලංකාවේ මිනිස්සු හිතං ඉන්නේ බොබ් මාලේ කියන්නේ පහළ ශ්‍රේණියේ සංගීතඥයෙක් කියා...නමුත් එය සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්....ඔහු කටුක වූ යථාර්ථයක් සරල ක්‍රමයකින් සමාජගත කරන්නට යත්න දැරූ අපූරු දාර්ශනිකයෙක්....ඔබේ දැක්ම නිවැරදියි....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අපේ උන් කොහෙන් කගෙන් හරි ගන්නෙ වරදි දෙයක්මයි ..බොබ් මාලේ ගේ බාහිර ස්වරුපය පමණක් ගැනිම සත්‍ය වශයෙන්ම විහිලුවකි ...

    ReplyDelete
  8. ගොඩක් දේ ඉගෙන ගත්තා.. ස්තුතියි

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music