Monday, June 25, 2012

හන්තානට ගිය සඳ

කාලයක් තිස්සේ ප්ලෑන් කරලා අන්තිම මොහොතෙත් ගොඩාක් බාධා මැද්දෙ 23 වෙනිදා පාන්දරම යාලුවෝ කට්ටියටම නුවරට එන්න කියලා අපිත් ගියා හන්තානේ.වැඩිය නෑ රුපියල් 19 යි නුවර ඉඳං :)
මහා ලොකුවට ගියාට කිසි කෙනෙක් ගිහින් නෑ කලින් ඔය පැත්තෙ, 
ඉතින් මෙහෙමයි ගමන...
කුඩල්ලෝ  කකුල් දිගේ පියවර මනිද්දි බුව ගැවිලා ඇගේ හැම තැන පලු දානකොට හැරිලා යන්න මයි හිතුනේ ..ඒ අස්සේ යාලුවෙක්ට හොඳටම උණ..මොනවා උනත් වැඩේ අතහැරියේ නම් නෑ.භාග දුරක් ගිහින් තේ ගස් අස්සේ වාඩි වුණා පොඩි විවෙකයකට ..මෙගා පෙප්සි බෝතලයයි ක්‍රීම් ක්‍රැකර් පැකට් 2 කුයි ඇති වුණා පොඩි බඩගින්නට ..ආයෙත් ගමන පටන් ගත්තා..මුදුන පේනකොට හඳ තාම පායලා නැතත් පුදුම ලස්සනයි



කැමරා කාචයට අහු වෙන්නැති ලස්සනක් තියෙනවා ගිහින්ම බලන්න ඕනෙ අප්පා...කන්දේ මුදුනටම ගිහින් සෙන්කඩ ගල බැලුවම මේන් මෙහෙමයි පෙනුම..
 
"හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්"...
හන්තානේ සුන්දරත්වය ඔය විදිහට විඳ ගෙන හෙමින් හෙමින් බැස්සා පහලට..මගේ නම් දාගෙන ආව සෙරෙප්පු දෙක නෙමේ යනකොට හන්තානේ කාපට් එකට අඩි දෙකම ගැලවුනානේ :) 
  දවල් වෙලා නිසා බඩගිනියි වගේ කට්ටියටම බත් 4 යි නඩේ 8 යි , පුළුවන් විදිහට කටෙන් දෙකෙන් ලන්ච් එක ෂේප් කර ගත්තා...
හ්ම්... ගමන ඉවරයි තාම දවස ඉවරත් නෑ.."යමු උඩවත්තේ කැලේ"
ඒ අපේ මල්ලි කෙනෙක් ගේ අදහස..එයත් ගිහින් තියෙන්නෙ එක පාරයි ."හ්ම් යමු"..හිරි පොඳ වැස්සක් ඇඟම වෙලා ගනිද්දි ට්‍රිනිටි එකේ උඩපාරේ නැග්‍ගා උඩවත්තට ..


පාරවල් ගොඩක් තිබුනත් අපි බයිසිකල් ට්‍රැක් එකයි තෝර ගත්තේ,මොකෝ අපේ නඩේ ගුරා ඒ කියන්නේ අපේ මල්ලියා දන්න පාර..එයා දන්නා හැම දේම අපිට කියලා දුන්නා ..පුදුම මතකයක් දැනට අවුරුදු 6 කට කලිනුයි ඇවිත් තියෙන්නේ එයත්..


ජර්මන් විහාරය,පුස් වැල,සෙන්කන්ද ලෙන,නා වනය ,සේනානායක ආරණ්‍ය තව එකී මෙකී නොකී ඒවා ගොඩයි...මේ ඒ මතකයි :)




ට්‍රිප් එක ඔහොමයි ඉවර වුනේ..මට කියන්න ඕනෙ උඩවත්ත කැලේ රක්ෂිතයටත් මඟ පෙන්වන්නෝ හිටියනම් තවත් අපිට විස්තර දැනගන්න තිබුනා සැහෙන්න..
ඒ වගේම ගමන මඟ හැරුණු යාළුවොත් හිටිය නොවැ,,ඉතින් ආයෙ දවසක යමුකෝ ඉවරනේ කතාව :)
ආව යාළුවන්ටත් ගොඩක් ස්තුතියි හොඳේ :)

දවසම හරිත පරිසරයක ගැවසිලා හවස් ජාමේ ගෙදරට ගොඩ උනාම මෙන්න හොඳටම මටත් උණ .
ඕව නම් මොනාද ඩොක්ටර්ලා ඉන්නවනේ :)

20 comments:

  1. හන්තානට යන්නත් පින් කරලා තියෙන්න ඕනී....

    ReplyDelete
    Replies
    1. ඔයාලත් යන්නකෝ බලන්න ඉතින් :)

      Delete
  2. "ඒ අස්සේ යාලුවෙක්ට හොඳටම උණ..." ඔක්කොම යාලුවෝ ටික ඉක්මනට සනිඉප වෙන්නකෝ...

    ReplyDelete
    Replies
    1. දැන් නම් බෙහෙත් බිලා ටිකක් හොඳයි :)

      Delete
  3. hodama case eka wesse hanthane yana eka,,,

    ReplyDelete
  4. මීදුම, කුඩල්ලෝ,එහෙම රජ කරන නිසාද ? :)

    ReplyDelete
  5. සතියේ දවස් හතේම නුවර ගිහින් තියන මම තාම ඔය තැන් 2 කටම ගිහින් නෑ........:D
    මම PGTDK

    ReplyDelete
  6. ඔන්‍න‍ අපි කිව්වා හොඳේ බලන්න වටිනවා ඒ තැන් නම් :)

    ReplyDelete
  7. අහ අපිත් ගියා හන්තානේ....මටත් උන හැදිලා හිටියේ එදා... ඔයාගේ යාළුවෙකුටත් උන තිබ්බා කිව්වා නේ?? :)හික්ස්.. හොදයි හොදයි..:)

    ReplyDelete
    Replies
    1. හේ හේ , උඩම ෆොටෝ එකේ සුදු ඉරි තියෙන කළු කැප් එකක් දාගෙන ඉන්න ළමයට තමා උණ හැදිලා තියෙන්නේ... හෆෝයි :(

      Delete
    2. @ හිරු_අද නම් එයා නෑ අනේ :(

      Delete
  8. ආ ඇත්තද? UK ගියේ නැද්ද? යාළුවා කිව්වට ඒ මගේ හොඳම යාළුවා :) කැම්පස් පටන් ගත්තත් දෙන්නටම දොස්තර අන්කල් යන්න එපා කිව්වා.ඔයාට කොහොමද?

    ReplyDelete
    Replies
    1. අහ්... ඔයාලා හන්තානේ කන්ද නැගලා උතුවන් කන්දත් නගින්නද (UK)නගින්නද හදන්නේ? හී හී :ඩි
      මට එහෙම දොස්තර අන්කල් කැම්පස් යන්න එපා කිව්වනම් දිගටම ගෙදර තමා ඉන්නේ...

      Delete
  9. uk කියන්නේ උඩවත්තේ කැලේට යාලු :) දොස්තර අන්කල් ට පින්සිද්ධ වෙන්න තව දවස් දෙකක් හිටිය හැකි..

    ReplyDelete
  10. apita horen hanthane giya neda?

    ReplyDelete
  11. කැම්පස් එකේ 1st year batch trip එකට යන්නේ හන්තානේ නෙමේද ?

    ReplyDelete
  12. තාම ගියේ නෑනේ ඉතින් ..එකයි කලින්ම ගියේ පාර හදන්න :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music