Monday, September 24, 2012

මොකක්ද මේ රොස්වෙල් සිදුවීම


අදත් කෙලින්ම කතාවට :)

රොස්වෙල් සිදුවීම හඳුන්වන්නේ පිටසක්වළ සිදුවීම් අතර මව් සිදුවීම ලෙසය.මෙය මෙතරම් සැලකිල්ලට භාජනය වන්නේ ඒම සිදුවීම සමඟ නිකුත් වූ වීඩියෝ පටයක් ද මාධ්‍ය හරහා නිකුත් වූ නිසාමය.එය සත්‍ය යක් නම් මෙම වීඩියෝ පටය මානව ඉතිහාසයේ ප්‍රථම වරට "පිටසක්වළ ජීවියෙකු"කැමරා කර ඇත යනුවෙන් කිව හැකිය.90දශකයේ වඩාත්ම අවධානයට ලක්වූ පුවත ලෙස මෙම සිදුවීම හැඳින්විය හැකි අතර එහි ඉතිහාසය මෙසේය.

                   දිනය 1947.07.08 වනදාය.කෙනත් ආනොල්ඩ් ගේ සිදුවීම(පෙර ලිපියක සඳහන් කර ඇත)සිදුවී මාසයක්වත් නොසපිරුනු දිනක රොස්වෙල් නම් ප්‍රාන්තයට විශාල පිපිරුම් හඬක් සහිතව යමක් කඩා වැටි ඇත.මෙකි තත්වය දැන ගත් වහා ගුවන් හමුදා මුලස්ථානයෙන් ප්‍රදේශය පරීක්ෂා කල අතර ප්‍රදේශයට විශේෂ රැකවල් යෙදිණි.මෙම අභිරහස් පිපිරුමෙන් ඔවුන් සොයා ගත්තේ ලෝහ කැබලි විශාල ප්‍රමාණයකි.මෙම ලෝහ වල විශේෂත්වය වනුයේ ඒවා ඉතා තුනී වීමත් බරෙන් ඉතා අඩු වීමත්ය.ඒ අතර අමුතු අක්ෂර සහිත ලෝහ කැබැල්ලක්ද සොයා ගැනුණි.ඒම අක්ෂර පෘථිවිය තුල භාවිත නොවන අක්ෂර බවට තහවුරු විය.එමෙන්ම සුන්බුන් අතර දැවී ගිය මල සිරුරුද සොයා ගැනීම ඔවුනට හැකි විය.මේ අනුව මෙය පිටසක්වළ යානයක් බවත් සිරුරු එහි නියමුවන්ගේ බවත් මුලදී ප්‍රකාශ විය.ව්‍යිද්‍යා වරුන් මෙම සිරුරු පරික්ෂා කිරීමේදී එක් නියමුවෙකු ඒ වන විටද මිය ගොස් නොතිබුන බව පසුව නිකුත් වූ වීඩියෝ පටයේ වෛද්‍යවරයෙකු  ජීවී සිරුර පරීක්ෂා කිරීමේදී එම ජීවියාගේ අතෙහි සජීවී භාවයෙන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.



         මෙම සිදුවීම පිලිබඳ එම දිනයේම "Daily Records"පුවත්පත "රොස්වෙල් හමුදා බලකාය පියාඹන පීරිසියක් අල්ලා ගෙන තිබේ"යනුවෙන් වාර්තා කල අතර පසුදින(1947.07.09) බ්‍රිග්‍රේඩියර් රොජර් රෑම් විසින්"රොස්වෙල් පියාඹන පීරිසි කතාව ගොතන ලද එකක්"ලෙස"NewYork Times"පුවත්පතට කියා සිටියේය.



මේ පිළිබඳව අවුරුදු 65ට පසුව CIAවිශේෂ නියෝජිතයෙකු මෙකී රහස හෙළි කලේ රොස්වෙල් හි කඩා වැටුණු යානය UFO(හඳුනානොගත් පියාසර වස්තුවක්)ලෙසද ඇමරිකාව මෙම සිදුවීම වසන් කිරීමට හා එකී ප්‍රදේශයේ සුන්බුන් පරික්ෂා කිරීමට "AREA 51"ලෙස නම් කර පර්යේෂණාගාරයක්ද ස්ථාපනය කර ඇති බවත්ය.ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ මියගිය සිරුරු පිළිබඳව හා ඒවාට කුමක් වීද යන්න පිලිබඳ තොරතුරු සෙවීමට උත්සහ ගන්නා පුවත් පත් ඇමරිකාවට මහත් හිසරදයක් වී ඇති බවත්ය.එමෙන්ම මෙකී මල සිරුරු ගෙන යාමට 51 ප්‍රදේශයට පසුකාලීනව ද පිටසක්වළ යානා පැමිණ ඇති බවත් එහිදී තමන් සතු තාක්ෂණය පෘථිවි වැසියන්ට දීමට ඔවුන් කැමැත්තෙන් සිටි බවත්ය.එහි තාක්ෂණ හුවමාරු ප්‍රථිපලයක් ලෙස ඇමරිකාව නිපදවූ F22,B2යානා බිහිවු බවත් එය එසේ නොවන්නට මෙවන් යානා නිපදවීමට 2050 වත් ගත වනු ඇතැයි ද ඔහු කියා සිටියි.



             තවද රොස්වෙල් සිදුවීම පිලිබඳ "The Roswell Report - Case Closed"නම් ග්‍රන්ථයේ කතෘ ජේමිස් මැක් අන්ද්රු ප්‍රකාශ කරන්නේ මෙය ජනතාව මුලා කල සිදුවීමක් බවය.ඔහු ඇමරිකා රජයේ වාර්තා කරුවෙකු ලෙසද කටයුතු කොට තිබේ.ඔහුට අනුව කඩා වැටුණු යානය ලෙස මිනිසුන් රැවටී ඇත්තේ "මෝගෝ"ව්‍යාපෘතිය යටතේ ඉහල අක්ෂාංශ වල පියා සර කල බැලුනයකටය.මෙම බැලුනය වයිට් සෑන්ඩ් ගුවන් කඳවුරෙන් ඉහල නැඟ අදාල දිනයේදී රොස්වෙල් කාන්තාරයට කඩා වැටි ඇත.පිටසක්වළ ජීවින් සම්බන්ධව ඔහු පවසන්නේ එය තවත් ව්‍යාපෘතියක ප්‍රථිපලයක් බවය.වඩා ඉහලක සිට පැරෂුට් මඟින් බැසීම අත්හදා බැලීමට නියමිත එම ව්‍යාපෘතියේ දී ඒ සඳහා ව්‍යාජ මිනිස් අනු රූ යොදා ගත් බවත්ය.නමුත් මෙහි ඇති ප්‍රශ්නය නම් මේවා එකම කාන්තාර භූමියකදී එකම වේලාවක හෝ ඊට ආසන්න වේලාවක අසාර්ථක වන්නේ කෙලෙසින්ද යන්නයි.

                මෙකි සිදුවීමේ වඩාත්ම වැදගත් සාක්ෂිය වන්නේ 1995 වසරේදී J.Stanleyහා Jack Bannetනම් වාර්තාකරුවන් මාධ්‍යයට නිකුත් කල වීඩියෝ පටයයි.මෙම වීඩියෝ පටයෙන් හෙළි වන වැදගත් සාක්ෂි දෙකක් ඇත.එනම්,
  1. ජීවින් පිලිබඳ පර්යේෂණය කල විශේෂඥයන්ගෙන් එක් අයෙකුගේ කෝට් බෑයේ තිබු අනන්‍යතා අංකය 
  2. පර්යේෂණාගාරයේ බිත්තියේ තිබු දින දර්ශණය

මෙම වීඩියෝව පිලිබඳ ඇමරිකාව දැඩි අපහසුතාවයට පත්වූ බවක්ද වාර්තා වෙයි.


    මේ වනවිට 89හැවිරිදි වියෙහි පසුවන CIAනියෝජිතයා පවසන්නේ"ඇමරිකාව දැන්වත් සත්‍ය එලි කල යුතුයි"කියාය.එමෙන්ම ඔහු තවදුරටත් කියා සිටින්නේ "එසේ නැත්තම් ඔවුන් කියාවි 89හැවිරිදි  මහල්ලෙකුගේ උමතු කතාවක් විතරයි කියලා. 89ක් වුණු මට සිද්ධ වුණේ මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි වුණු එක.කවදාහරි රජයටත් එසේම වෙයි.එදාට මේ අබිරහස හරි අපූරුවට විසඳෙයි” ඔහු පවසන්නේ සුසුම් අතරෙනි.


31 comments:

  1. මරු හිතුවක්කාරියේ... මම අහපු නැති දේවල් ටිකකුත් තිබ්බා මේ ලිපියේ.. ස්තුතියි දැනුවත් කිරීමට... :)
    නැවත පැමිණීම සතුටක් :) :)

    ReplyDelete
    Replies
    1. ඔයාට තමා ගොඩක්ම ස්තුතිය අක්කෝ..දැනුත් ඔයා නොහිටියානම් ඉවරයි,,ස්තූතියි ගොඩාක්

      Delete
  2. මහත් ආන්දොලනය තුඩු දුන් කතාවක වත්මන් තත්ත්වය හෙළිකීරීම හරිම වැදගත්. ආසාවෙන් කියෙව්වා මේ ලිපිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කියෙව්වට යාළු..දිගටම කියවන්න ඉදිරි ලිපි ටිකත් :)

      Delete
  3. maru akkiyo....SupPaaaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලෝ..ඔයා කියපු දේත් ලියන්නම්කෝ ඉක්මනට :)

      Delete
  4. area51 ekata horen pennanam hari

    ReplyDelete
    Replies
    1. අම්මෝ වෙඩි තියයිද දන්නේ නෑ :)

      Delete
  5. ඔය ඒරියා 51 වැඩ කරපු හමුදා නිලධාරියෙක් ඒ කලාපය ගැන ලියපු දිවුරුම් ප්‍රකාශයක් පහු ගිය දවස් වල ප්‍රසිද්දකරලා තියෙනවා දැක්කා. කවුරු මොන කතා කිව්වත් තවමත් ඒරියා 51 කියන්නේ තවමත් ඇමරිකාව ලෝකයාගෙන් වසන් කරගෙන ඉන්න ලොකු රහසක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ඔවුන්ගේ තාක්ෂණයට ආත්මාර්ථකාමීකම..ඇමරිකාවටම තමා ප්‍රබල පිටසක්වල ප්‍රහාරයක් එල්ල වෙන්නෙත් ළඟදීම

      Delete
  6. නියම විස්තරයක්. ඔය යානය වැටුනා කියන තැනට ඒ කිට්ටුව කාන්තාරබද ගමක හිටපු කෙනෙක් ගිහින් තියනවා රාත්‍රීයේ ඇසුණු ශබ්දය මොකක් ද බලන්න. එයා තමයි මුලින්ම දැකල තියන්නේ ඔය සිද්ධිය. ඒ අවස්ථාව වෙන විටත් යානයේ සමහර කොටස් වලින් දුම් දමමින් තිබුන ලු.අනෙක් කාරණය තමයි ඇති වූ උෂ්ණත්වය නිසා කාන්තාරයේ වැලි උණු වෙලා වීදුරු බවට පත් වෙලා තිබුනා කියන එක.
    පසුව හඳුනා නොගත් යානයක් කඩා වැටුනා කියලා පිලිගත්ත ඇමෙරිකාව පැය කිහිපයකට පස්සේ ආයෙත් නිවේදනයක් නිකුත් කරමින් කියල තියන්නේ කාලගුණ පරීක්ෂණ වලට යොදවපු වායු බැලුනයක් පුපුරා ගියා කියලයි. ඔය කියන ජීවියාව සුව කරලා ඇමෙරිකාව විසින් පසුව ඔහු ඔහුගේ ලෝකයේ අයට භාර දුන්න කියලත් කියනවා.
    අනෙක තමයි අදටත් aria 51 කලාපයට ඉහලින් චන්ද්‍රිකාවකට වත් කක්ෂ ගතවීම අවහිර කරලා තිබීම.

    දිග වැඩිද මන්දා.. ඉදිරි පෝස්ට් එකක් ගැන ඉඟියක් නොතිබුණු නිසා මතක් වුනු ටික එකතු කළා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දන්න දේ කියල දැනුවත් කලාට යාළු..තව ලිපියක් ඉක්මනට ලියන්නම්කො

      Delete
  7. මටත් පිටසක්වල උණක් තියනවනේ.. ඒ හින්දා මේ ලිපි ව්ලට පට්ට ලයික්...

    ReplyDelete
    Replies
    1. මටත් සේම් :) ස්තූතියි යාළු

      Delete
  8. මමත් ආසාවෙන් මේ ලිපිය කියෙව්වා
    මගේ නම් කුතුහලය මේ වගේ ලිපි නිසා ඇවිස්සෙනවා පිටසක්වල කතාව ඇත්ත නම් ෂෝක්,අපි වගේම තවත් ජීවින් මේ විශ්වයේ ඇති කියලයි මටත් හිතෙන්නේ.කවදාහරි මේවායේ ඇත්ත නැත්ත එලිවෙයිනේ බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් ආසයි වැඩිය කියවෙන්නැති දේ හොයන්න :)
      බලමුකෝ මෙහෙටත් එන්න බැරි නෑ

      Delete
  9. අඩේ දැන්නම් බයයි ඕයි!!!මම කුරුමිට්ටෝන්ට බයයි!!!!!

    ReplyDelete
    Replies
    1. ඕයි :/ හික්ස් ඇයි ඔය උස්සන් යයි කියලද ?

      Delete
  10. නියමා,,,,,,,,,,,,,,,,,යි.... :)
    කෝ මට සුරංගනා කතාවක්??
    ජය :)

    ReplyDelete
    Replies
    1. හරි හරි ලියන්නම්කො :) ස්තූතියි මතෝ :)

      Delete
  11. තව කථාවක් කියන්නකෝ !!!! තිත් දෙකයි ඩී
    මරු මරු !!

    -_ඩී-_

    ReplyDelete
    Replies
    1. හා කියන්නම්කො :)
      තිත් දෙකයි )
      ස්තූතියි යාළු

      Delete
  12. ආහා....
    පිටසක්වල ජීවීං පෘථුවිය ආක්‍රමණය කරයි කියලා මං දැනං හිටියා..
    ඒ වගේම මේකට රතු ඇස්කොට උදව් කරන විත්තියත් දැනං හිටියා..

    ReplyDelete
  13. රතු ඇස්කොට් :) අපරාදේ ඔයාටත් මධ්‍යයට කියලා තරුවක් දාගන්න තිබුනා :)
    කියෙව්වට ස්තූතියි :)

    ReplyDelete
  14. ඈ....ඒකත් එහෙමද ඈ...ෂික් අපරාදේ ඒ කාලෙ හිටියනම් අපේ මස්සිනාව බලා ගන්න තිබ්බා..

    ReplyDelete
  15. ඒකනේ අපරාදේ :)

    ReplyDelete
  16. මේක නම් කියවන්නම ඕන පෝස්ට් එකක්... ඒත් දැන් වෙලාවක් නෑ... ආයෙමත් ඇවිත් මුල ඉඳන්ම කියවන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුනොත් පසු ගිය ලිපිත් එක්කම කියවන්නකෝ :) ස්තූතියි මෙහෙට ආවට:)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music