Thursday, September 13, 2012

ආදී පිටසක්වලයෝ

මේ පසුගිය ලිපියේ ඉතිරි කොටසයි..

පසුගිය ලිපිය මෙතනින් කියවන්න



                1938 දී පුරා විද්යාඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei) විසින් සිනෝ ටිබෙට් දේශ සීමාවේ පිහිටි බයියන් කාරාඋලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල් ගුහා කිහිපයක් සොයා ගත්තේය.ඇතැම් ගල් ගුහා තුල නොයෙක් සිතුවම්ද දක්නට ලැබිණි.මෙම සිතුවම් අතර හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ජීවින් මෙන්ම තරු,චන්ද්‍රයා,හා සූර්යයා සම්බන්ධ වන සිතුවම්ද විය.මෙහි වඩාත් වැදගත් වූවේ විශාල හිස් කබලක් සහිතව කුඩා ඇටසැකිලි හමුවීමය.

එම ගුහා තුලින්ම සොයාගත් ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සූම් උම් නුයි එහි සඳහන් කරුණු පරිවර්තනය කිරීමට සමත් වීමේ ප්‍රතිපලයක් වශයෙන් මිට අවුරුදු 12000ට පෙර යම් ජීවි කණ්ඩායමක් ඔවුනගේ යානයේ වූ දෝෂයක් නිසා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තෙවැනි ග්‍රහලොවට ගොඩ බැස්ස බවය.එකී යානය අලුත්වැඩියා කල නොහැකි වූ බැවින් අසල කඳුවල ජීවත් වූ ග්‍රෝත්‍රික කණ්ඩායම් සමඟ මිත්‍ර වීමට මෙම ජීවින් උත්සහ කොට තිබේ.නමුත් මෙම ජීවින් තුලින් දිස්වූ,"මානව නොවන"ස්වරුපය නිසා මොවුන්ව ග්‍රෝත්‍රිකයන් විසින් මරා දමා ඇත.වසර 12000 ට පෙර සිදුවූ මෙම සිදුවීම සත්‍ය නම් පිටසක්වලයන් මෙහි පැමිණෙන්නට ඇත්තේ කෙනත් ආනොල්ඩ් ඔවුන්ව මුලින්ම දක්නටත් පෙරය.වඩා විමසිල්ලෙන් බැලූ කල ආදීතම සාහිත්‍ය අංග මෙයට සාක්ෂි දරයි.


       ඉන්දියාවේ පුරාවතක් වන රාමායනයේ රාවන රජුට දඬුමොණරය නම් ගුවන් යානයක් පැවැතීය.මේ පිලිබඳ විද්‍යාඥයින් කල පරීක්ෂණ වලදී පෙනී ගියේ ඒ සඳහා විද්‍යුත් මෝටර් පවා යොදාගෙන ඇති බවය.එසේම ඒවා අහසේ ගමන් කිරීමට පමණක් නොව සඳේ පැවති යුද්ධයකට පවා යොදා ගෙන ඇති බවද සඳහන් වේ.සඳේ යුධ වදින්නේ කවුරු සමඟද? මෙය ශ්‍රී ලංකාව තුලින් හමුවන එක් සාක්ෂියකි.

ඉපැරණි චීන ඉතිහාසයෙන්ද ස්වර්ගයේ සිට මකරුන් පිට නැගී පැමිණෙන,ගිනිදැල් ලෙස හුස්ම පිට කරන,දිගුකල් ජිවත් වන පාලකයන් පිළිබඳව සඳහන් වේ.ටිබෙටයේ"කන්තුව"නම් ග්‍රන්ථයක් ඇති අතර එහි එක්තරා පරිච්ජෙදයක පුනර්භවය මඟින් ජීවියෙකු නැවත නැවත උපදින්නේ පෘථිවිය මතම නොවන බව සඳහන් කරයි.ටිබෙට් රජවරුන්ගේ ආරම්භය ඇතිවන්නේ 17 වන සියවසේ වන අතර සුප්‍රකට පළමු රජවරු හත් දෙනා තරුවලින් පැමිණි බවත් මරණයෙන් පසු නැවත ඔවුන් තරු කරා ගිය බවත් ටිබෙටයේ ප්‍රසිද්ධය.

        එමෙන්ම පුරාතන ඊජිප්තුවේ කතා ග්‍රන්ථයක් වූ "ටෙප් සෙෆි"වල සඳහන් වන්නේ අහසේ දෙවිවරු පැමිණ පොළොවේ මඩ හා ජලයෙන් භුමිය මැවූ බවයි.මෙම දෙවියන් වාතයේ එහා මෙහා ගමන් කලේ පියාඹන බෝට්ටුවලය.මොවුන් නීති හදමින් සමාජය උසස් කරමින් "පාරෝස්"රජ පෙළපත ආරම්භ කළේය.

පැරණි බැබ්ලෝනියානු හා සුමෙයිරියානු ලේඛනවල පුරාතන මිනිසා කොතෙක් නම් ආගන්තුකයන්ගේ බලපෑම් වලට ලක්විද යන්න සඳහන් කරයි.මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ 12 වන ග්‍රහලොවෙනි.සුමේරියන්වරු මෙය "නිබිරු"ග්‍රහ ලොව ලෙසත් බැබ්ලෝනියන්වරු මෙය"මඩාක්"ග්‍රහලොව ලෙසත් හැඳින්වූහ.නමුදු ඉරත් හඳත් ග්‍රහලෝක දෙකක් ලෙස සැලකුවේ නම් ග්‍රහලෝක 12 සම්පුර්ණ වීමට 10 වන ග්‍රහලොවක් පැවැතිය යුතු බව "සේචාරියන් සිට්චෙන්"(ලෝකයේ සුමේරියන් භාෂාව කියවිය හැකි 200ට අඩු පිරිසෙන් එක් පඬිවරයෙකි) "The Earth Chronides" නම් ග්‍රන්ථයෙන් එම 10වන ග්‍රහලොව සෞරග්‍රහ මණ්ඩලයට පැමිණ ඇත්තේ මිට වසර බිලියන 4 ට පෙදී බවත් සඳහන් කරයි.
   
       සුමේරියන් වරු සකසන ලද  සෞරග්‍රහ  මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලට නම් කොට තිබූ සිතියමක් කැනීම් වලදී හමුවී ඇත.වසර 3600 ට වරක් පෘථිවියට ආසන්න වන 10 වන ග්‍රහ ලොවක් පිළිබඳව එහි සඳහන් වේ.වත්මන් විද්‍යාඥයින් නව දුරේක්ෂ භාවිත කල නෙප්චුන්,ප්ලුටෝ වැනි ග්‍රහයන් සොයා ගනිද්දී ඊට වසර 6000 ට පෙර සිටි සුමේරියන්වරු ග්‍රහයන් දස දෙනෙකුත්,ග්‍රාහක වලල්ලකුත් පැහැදිලිව සටහන් කර තිබීම විස්මයජනක වේ.

චිනයෙන් හා බුරුමයෙන් කැනීම් වලින් හමුවූ මැටි පිළිම,පිටසක්වළ ජීවින් හා පෘථිවි වාසීන් අතර සබැදියාව පෙන්වන එක් සාධකයකි.එසේ සොයා ගත් මැටි පිළිම වර්තමාන අභ්‍යවකාශගාමින් ඇඟලන අභ්‍යාවකාශ ඇඳුම් වලට සමාන හැඩයකින් නිර්මාණය කර තිබිණි.කාල නිර්ණයන්ට අනුව වසර සිය ගණනක් ඈතට දිව යන මෙම පිළිම අදටද අභිරහසක්ව පවතී.

          ශ්‍රී ලංකාවේ අනුරාධපුර රන්මසු උයනේ එක්තරා ගල් සිතියමක් මෙකී විශ්වය පිලිබඳ ආකෘතියක් සපයන බව ද එයට සමාන සිතියමක් මිසරයේ ද පවතින බවද විද්‍යාඥයන් මතයක් පල කරයි.මෙය පිටසක්වළ ජීවින් සමඟ සම්බන්ධ විය හැකි යතුරක් හා දොරටුවක් විය හැකි බවටද මතයක් පවතී.



ආදී පිටසක්වලයන් මෙහි පැමිණ විස්මිත නිමවුම් සිදු කලාද?

1969 වසරේදී පල වූ වොන් ඩනිකන් නම් ග්‍රන්ථ කතුවරයා "Chaiots Of Gods" නම් කෘතිය තුලින් ඊජිප්තුවේ පිරමිඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් නම් පාෂාණ,ඇමරිකාවේ මේසා පර්වතය,ඊස්ටන් ගල් ප්‍රතිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වල ජීවින් සමඟ සම්බන්ධතා පැවැත්වීමට සාක්ෂි දරන බව පවසයි.

පිරමිඩ

     තවමත් අභිරහසක්ව පවතින ඊජිප්තු පිරමිඩ තැනීමේ අරමුණ තවමත් පැහැදිලි නැත.ඊජිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මෙකී පිරමිඩ හුදෙක් මියගිය රජුන්ගේ සොහොන් කොත් හෝ ස්මාරක ලෙස සැලකීම දුෂ්කරය.තාක්ෂණය එතරම් නොදියුණු යුගයක මෙකී නිර්මාණයන්ට ආභාෂය ලැබුනේ කෙසේද?මේවාට පිටසක්වලින් උදවු ලැබුණිද?

පිරමිඩ ගවේෂකයන් ඉදිරිපත් කර ඇති විවිධ මත අතරින් ප්‍රධාන මතයක් වන්නේ අක්ෂාංශ හා දේශාංශ පිලිබඳ මතයය.පිරමිඩ පෘථිවියේ උතුරු අක්ෂාංශ 30ට ඉතාමත් ආසන්නවද එනම් නිරක්ශයත් උතුරු ධ්‍රැවයත් අතර දුර 1/3 වන ස්ථානයේ පිහිටන බවත් එකී අක්ෂාංශ දේශාංශ කැපී යන්නේ පෘථිවියේ ඉතාමත් වියලි කර්කශ බිම් තීරු වලින් බවත් පෙන්වා දෙයි.මනුෂ්‍ය වාසයට නොසුදුසු මෙවන් වාසස්ථාන ඊජිප්තු වැසියන් සොයා ගත්තේ කෙසේද?

           පිරමිඩයක එක් එක් පැත්තේ දිග රියන් වලින් ගණනය කල විට අවුරුද්දක දින ගණනට සමාන බවත්,විශාලම පිරමීඩයේ උස බිලියනයෙන් ගුණ කල විට එම දුර සුර්යයාට සමාන බවද ඇතැම් ලේඛකයන් පෙන්වා දෙයි.

 වර්ෂ 1864දී චාර්ල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ජාතික තාරක විද්‍යාඥයා "විස්මිත පිරමිඩයන්හි අපේ උරුමය"නම් ග්‍රන්ථයේ පිරමිඩ තැනීමේ එකක ක්‍රමය පිලිබඳ සාකච්ජා කරයි.ඔහු මෙම ඒකකය "පිරමිඩ අඟල්"ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්‍රිතාන්‍ය මෙට්‍රික් ඒකක ක්‍රමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ ඉතා නිවැරදි මිණිත ක්‍රමයක් ඊජිප්තු වැසියන්ට ලැබුනේ කෙසේද?

        එමෙන්ම පිරමිඩ ගවේෂකයන් විශ්වාස කරන්නාවූ තවත් මතයකි පිරමිඩ තුල ඇති පහත මාලයට බසින ආලින්දයේ ධ්‍රැව තාරකාව ඉලක්ක කර පැවතී ය යන්නයි.එකල ග්‍රහ තාරක හා මිනිසා අතර දැඩි සම්බන්ධයක් පවතින්නට ඇතැයි තවෙකෙකුගේ මතයයි.ඒ අනුව ගීසා හි විශාලම පිරමිඩ 3ක් වන කුෆු,කෆරේ හා මෙන්කචුරේ යන පිරමිඩ තාරකා රාශියේ එක පෙලට ඇති ප්‍රධාන තරු තුන නිරුපනය කරන බවත් ඇතැමුන්ගේ මතය වී ඇත.පිරමිඩ සැකසීමට පිටසක්වළ ජීවින් බලපෑවේද යන්න සැක කරන ඇතැම් ගවේෂකයන් එකී විශේෂ ස්ථාන වල පිරමීඩ තැනීම දුර්ලභ අවස්ථාවක් යැයි පෙන්වා දෙයි.ධ්‍රැව තාරකාව සම්බන්ධ සිදුවීම සිදුවීම අහඹු සිද්ධියක් බවට ඔවුන් තර්ක කරන්නේ පිරමිඩ තනන අවස්ථාවේ පෘථිවි අක්ෂය ධ්‍රැව තාරකාව කෙරෙහි යොමු නොවී පැවති බවද,නියමිත ආනතියෙන් යුත් ආලින්දය තැනීමට එය හේතු සාධක නොවූ බවත් පවසමිනි.විවිධ ගොඩනැඟිලි වල උස,වට ප්‍රමාණය,ආදී කරුණු වලදී විවිධ සංඛ්‍යාවන් වැදගත්වීම අහඹු සිදුවීමක් බව මාටින් ගාඩ්නර් "Fase Fallacies"නම් ග්‍රන්ථයෙන් දක්වා ඇත.ඕනෑම ගොඩනැඟිල්ලක ඕනෑම ඒකක ක්‍රමයක් භාවිත කරමින් මිනුම් ලබා ගතහොත් ඒවා අතර විවිධ සම්බන්ධකම් පවතින බවද ඔහු පෙන්වා දෙයි.

නිල් පොත් ව්‍යාපෘතිය

        හඳුනා නොගත් පියාඹන වස්තූන් පිලිබඳ පිළිගත් හා බහුල සිදුවීම් ඇති ව්‍යාපෘතිය මෙයයි.1947 ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 1969 දෙසැම්බර් 17 අවසන් කරන බව ඇමරිකාවේ ගුවන් හමුදාවේ ලේකම් ප්‍රකාශ කර ඇත.මේ කාලය තුල සිදුවීම් 12618 ක් අඩංගු වූ අතර එයින් 701ක් පැහැදිලිවම හඳුනාගත නොහැකි සිදුවීම් ලෙස නිර්වචනය කෙරිණි.මෙහි සයින් හා ග්ර්ජ් ව්‍යාපෘති වල සිදුවීම්ද ඇතුලත්ය.නිල් පොත් ව්‍යාපෘතියේ අවසානයත් සමඟ ගුවන් හමුදාව විසින් අදාළ සිදුවීම් පරික්ෂා කිරීම් හා විශ්ලේෂණයන් නැවතුන අතර ඒ සම්බන්ධව පනවා තිබූ නොයෙක් සම්බාධකද ඉහිල් කෙරුණි.මෙම ව්‍යාපෘතියේ සියළු ලිපි ලේඛන වොෂින්ටනයේ රාජ්‍ය ලේඛනාගාරයේ හමුදා අංශයේ පවතින අතර එම ව්‍යාපෘතියෙන් පසු නැවත එවැනි ව්‍යාපෘතියක් කිරීමට වර්තමානයේ උත්සහ නොකරනුයේ අධික වියදම නිසාමය.නමුත් විශ්ව විද්‍යාල කිහිපයක් හා විද්‍යා සංගම් දැඩි උනන්දුවෙන් පසු වෙන අතර මීට අමතරව පුද්ගලික සංවිධාන හා සංගම්ද "හඳුනානොගත් පියාඹන වස්තු"පිලිබඳ කටයුතු කරයි.

බර්මියුඩා ත්‍රිකෝණය


               පිටසක්වළ ජීවින් පිලිබඳ නොයෙක් කට කතා පැතිර ගිය එමෙන්ම අහස් යානා,නැව් ආදිය අතුරුදහන් කරන්නාවූ ස්ථානයකි.හිටි හැටියේ අතුරුදහන් වන මෙම යානා වෙනත් පිටසක්වළ ලොවක් කරා ගෙන යන බවට මතයක් ඇත.නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ එහි ඇති පාරිසරික වෙනස්කම්ය.මෙහි ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් පවතින නිසා සියළු සන්නිවේදන කටයුතු ඇනහිට කුණාටු තත්වයන්හිදී මෙම යානා විනාශ වන බවටද මතයක් පවතී."Into The Bermuda Triangle"නම් කෘතියෙහි නව මුද්‍රණයේ "ජයාන් ක්වාසර්"පවසන්නේ මීතේන් හයිද්‍රෙඩ්වල බලපෑමක් මත මෙකී විනාශයන් සිදුවෙන බවය.

බර්මියුඩා ත්‍රිකෝණයට මීතේන් හයිද්‍රෙඩ්වල බලපෑම වන්නේ කෙසේද?පෘථිවි පෘෂ්ටයේ පැලීම් පිළිබඳව අපි අසා ඇත.එවන් පැලීම් බර්මියුඩා ත්‍රිකෝණය අයත් ප්‍රදේශයේද පවතින අතර මෙකි සංයෝගය පෘථිවි පෘෂ්ටය මතට පැමිණේ.මේ නිසාම ජලයේ ඝනත්වය වෙනස් වේ.ඝනත්වය අඩු වේනම් අනතුරට පත් වන නැව් සියල්ල සෙමින්  ගිලි යායුතුය.නමුත්බොහෝ විට වාර්තා වන්නේ ක්ෂණික අතුරුදහන් වීම්ය.එමෙන්ම ගුවන් යානා සඳහාද මෙකී නියමය ගැලපෙන්නේ නැති අතර මීතේන් හයිද්‍රෙඩ් එකතු වීම නිසා පෘථිවි පෘෂ්ටය හරහා සිදුවන කාන්දුවීම් හා පැලීම් බහුල නොවන අතර එවන්නක් සිදුවන්නේද අවුරුදු 400 ට වතාවක් බව භූ විද්‍යාඥ මතයයි.



ඊළඟ ලිපිය:
මොකක්ද මේ රොස්වෙල් සිදුවීම ...?  

31 comments:

  1. කටට කෙල උනන topic එකක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් :) මේ පැත්තට ආවට ස්තූතියි ඔබට :)

      Delete
  2. පට්ටයි කියන්නෙ ආයේ පට්ටම පට්ට...ඔන්න ඉක්මනට රොස්වෙල් සීන් එක ගැනත් ලියන්ඩ,

    ReplyDelete
    Replies
    1. අනිවා ලියන්නම් මල්ලෝ...ස්තූතියි රෑම කියෙව්වට :)

      Delete
  3. එල ඈ!ලංකාවේ අනුරාධපුරේ රන්මසු උයනෙත් ඔය පිටිසක්වලට සම්බන්ධ මොනවාද තියනවලු නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා..වැඩි විස්තරයක් තාම නම් හොයන්න බැරිවුණා .පස්සේ ලියන්නම්.ස්තූතියි ඔබටත්:)

      Delete
  4. nice ru,,,roswell tv series ekath balanna...

    ReplyDelete
  5. thanx bro..I'll try to find that :)

    ReplyDelete
  6. amuthu wistharayak. bt interesting... thuwakkara panhinda aththatama hithuwakkarai ne?

    ReplyDelete
    Replies
    1. ඇත්ත..හිතුවක්කාර කම යොදවන්නේ හොඳ,වැදගත් දේකටයි යාළු.ස්තූතියි ඔබට :)

      Delete
  7. නියම මාතෘකාව හරි ආසාවෙන් කියෙව්වා. කරුණු රැසක් දැනගත්තා.

    ReplyDelete
  8. මාත් කාලයක් මේ සම්බන්ධව හෙව්වා.ඒ කාලේ මගේ පිස්සුව වෙලා තිබ්බේ මේක.කිසි අවුලක් නෑ නියම ලිපිය.

    ReplyDelete
    Replies
    1. මාත් ආසම දෙයක් ගැන තිබුන උනන්දුව වැඩි නිසාමයි ලිව්වේ..ස්තුත්යි යාළු:)

      Delete
  9. මරේ මරු හිතුවක්කාරියේ... පනුච්චිගේ මුල්ම සහ අවසන් නොවන එකම පිස්සුව මේක.. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. හේ හේ :) මම දන්නවනේ ඒගැන අක්කෝ :)ලියමු ලියමු :)

      Delete
  10. මේ මං ඔය කොච්චර ජෝක් කලත් මේ මාත් පට්ට ආස ෆීල්ඩ් එකක්. පොඩි කාලේ මම තාරකා විද්‍යා සංගමෙත් හිටියලුනේ...හැබැයි ඉතින් දැකලා තියෙන්නේ අදවෙනකම්ම ගෙදර තියන පීරිසි විතරයි...

    ReplyDelete
    Replies
    1. හිටියලුනේ..ඒ කියන්නේ ඔයාට ෂුවර් නෑ හිටිය කියලවත් :)බලමුකෝ පීරිසියක් හොයාගන්නවත් :)

      Delete
  11. Woooooowwwwwwwwww.....
    Nice Work sis,,,

    ReplyDelete
  12. පොඩිකාලෙ ඉදන් මටත් තිබ්බ පිට සක්වල පිස්සුව..... දැන්නම් හොඳවෙලා....
    බර්මියුඩා ත්‍රිකෝනය /, හීසා පිරමීඩ /, රුවන් වැලි සෑය , මිරිස වැටිය, ජේතවනා රාමය,, මේව ඔස්සේ පිට සක්වල ජීවය සම්බන්ධ දේවල් තියෙන්න පුළුවන් කියල මමත් විෂ්වාස කරනවා

    ReplyDelete
  13. මිනිසා උපතින්ම කුතුහලයෙන් පෙළෙනවා කියන්නේ මේ වගේ දේවලට වෙන්න ඇති..ඔය කියන දේවල් විද්‍යාත්මකව සමහර තැන් වල ඔප්පු වෙලා තියනවා,,,පස්සේ විස්තර දාන්නම්..ආවට ස්තූතියි මේ පැත්තේ:)

    ReplyDelete
  14. සිරාම සිරා ඈ....
    මගේ ආසම මාතෘකාවක්...
    ලෙසටම ලියලා තීනවා ආපහු නෑ එලම තමා..
    අනිත් එකත් ඉක්මනට දාන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොඳේ:)
      ලියන්නම් ලියන්නම් දාන්න ඔක්කොම පිටසක්වල ගැන

      Delete
  15. මම කොහොමත් කැමති සයිඩ් එකක් නිසා ලිපියට මම කැමතියි..
    මේ..වෙනසකටත් එක්ක සුරංගනා කතාවක් ලිව්වොත් මොකද?

    ReplyDelete
    Replies
    1. සුරංගනා කතා දන්නේ නෑ බං :/

      Delete
  16. කෝ මම මේකට දාපු කමෙන්ට් එක>? ස්පෑම් බලන්න

    ReplyDelete
    Replies
    1. ඒක ආගිය අතක් නෑ ..උඹ වගේමයි ඒවත්:)

      Delete
  17. _ බර්මියුඩාව හොල්ලමු ( සී අයි ඒ .... හෙලිදරව් කිරීම ) _ comming soon

    සම්ප්‍රදායික බර්මියුඩාව !!!! එය එලෙසම විය යුතුද ???

    වෙනසක්

    -_ ඩී -_

    ReplyDelete
    Replies
    1. හ්ම් බලමු හොල්ලන්න ඒකත් :)
      ස්තූතියි යාළු

      Delete
  18. මේක මම අද දැක්කේ නංගි, අනුරාධපුරේ දාගැබ් තුන හදන්න කරපු plan එක තමයි රන්මසු උයනේ තියෙන්නේ කියලා තම මම අහල තියෙන්නේ. මාත් ඔය තැනට ගිය සතියකට විතර කලින්. අනේ මන්දා කියලා හිතෙනවා දැක්කම... :/
    ඔයා මේවා හදන්න කාලය වැය කරන එක නම් අගය කල යුතුමයි. :) එල

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music