Saturday, January 26, 2013

හැරී බැලුවෙමි



              දෙදහස් දහතුනක් වූ ජනේරුවද මා සිතු ලෙසම ජය පරාජයන් අතර දෝලනය වී හමාර වන්නට කල් මරණා කල සරසවි බිම් පෙතෙහි තවත් අපූරු අත්දැකීම් කිහිපයකටමුහුණ දුන්නා යයි කීම මා සිතනා පතනා ලෙස නම් නිවැරදිය.දේශන ශාලා දෙසට සති දෙකක් වැනි කාලයක පස් නොපෑගු මා ඇතුළු අපගේ පිරිවර නේවාසිකාගාර සාදයට සුදානම් වුයේ මහත්වූ උනන්දුව හා කැපවීම මධ්‍යයේ බව කීම අතිශෝක්තියක් නොවන්නේ එය දැක බලා විඳගත් සහෝදර කැලගෙන් ලැබුනාවූ ප්‍රසංශා සාක්ෂි කොට ගෙනය.එකී දිනයට පෙර අපට මහ රාත්‍රියේ ලැබුනාවූ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ ජල පහරන් වලට පෙරලා පහර ගැසීමට  ලැබුණු අවස්ථාව නම් මල් හතමය..පහුවදා එය හතියකට නොපෙරලුනේ වාසනාවකට දෝ කීමට නම් මා හට දැනුමක් නොමැත්තේ කරාමයකින් අත සේදු කලද වැලදෙන්නාවූ  සෙම්ප්‍රතිෂාව නිසාය.එකී දවස අපගේ සාද දිනයදවීමෙන් උපරිම විනෝදාස්වාදයක් ලබා ගැන්මට අපට මෙන්ම සහභාගී වූ සියල්ලන්ටමද ලැබුනායයි කීම සාධාරණය.විශේෂ අවස්ථාවක් ලෙස මටද රැගුමක් ඉදිරිපත් කිරීමට ලැබුනේ සරම් කොටයක් ගසා ගෙන වීම සිංහාවලෝවකනයේදී අදද මට පුදුම සහගතය.
  
                    එකී දිනට පසුදාම දෙමාපියන් සිහිවීමෙන් නිවස බලා පැමිණියද එය වැස්සත් සමඟ සේදී ගියේ ලෙඩ රෝගද සමඟය.දොස්තර මහතා දැක බලා ගැනීමෙන් අනතුරුව ලද බෙහෙත් වට්ටෝරුව මතින් නැවත සරසවිය කරා මා නික්ම ආ මා,සතියක් ගතවූ තැන අපගේ සරසවි දිවියේ පළමු වර්ෂ පුර්ණය නිමිත්තෙන් අලුයම පිබිදී අප සෑදු කිරිබත අපගේ එකමුතුව තවත් ශක්තිමත් කළේ ඉදිරි තෙවර්ෂයට අඩිතාලම දමමිනි.වර්ෂයක කාලයක් තුල අප කලාවූ දායකත්වයන් නැවුම් අත්දැකීම් මෙන්ම කටුක ඒවාද වීම අපගේ මතකයන් තුල අදද රැදී පවතින්නේමය.උපසංස්කෘතිය විටෙක විහිළුවක් වුවද බොහෝ විට එයින් ලැබූ පන්නරය මා සිතනා ලෙස ප්‍රයෝජනවත් වන්නේ අපගේ කනිෂ්ට සහෝදරත්වය සරසවිය ස්පර්ශ කලායින් පසුවමය.එයටද තවත් මාස හතරක් හෝ පහක් ගාමක බලවේගය ලෙස අපට තිබෙන්නාවූ වැඩ කොටස තවත් රසවත් වන්නේ එළඹෙන නවම් මහේ නමෝ විත්තියෙන් යන්නාවූ පළමු චාරිකාව කරන කොට ගෙනය.එය ගැහැණු ළමයින්ට විශේෂ වන තවත් කාරණාවක් වන්නේ දුක් විඳ ඇන්දාවූ සාය හට සමු දී කකුල් දෙකකට බැසීමේ වරම ලැබීම හේතුවෙනි.

එකී පළමු වර්ෂයේ විශේෂ අවස්ථා මෙසේය.














24 comments:

  1. හ්ම්ම් හ්ම්ම්...අපිටත් ඇවිදින් අවුරුද්දට ටිකක් වැඩියි දැන්නම්! මේ රූ ත් ඉතිං අපේ එකෙක් නොවැ! :)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්..අපේ පැරා ලා සෙට් එකනේ ඔයාලා :)

      Delete
  2. hoda athdekeem godai jeewithe kawadawath amathaka nowana

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා :)සමහරුන්ට නොලැබෙන

      Delete
  3. අපුරු මතකයක් අද ඉදිරිපත් කොට ඇත්තේ.. මේ දවස්වලත් වැස්ස නිසා එළි පහලියට නොයාම ඉන්ටෝනැ.. නැත්තං ලෙඩ වෙපි... ගත නොවේ සිත.

    ReplyDelete
    Replies
    1. අද නම් පැහැදිලි කාලගුණයක් තියනවා.. :)

      Delete
  4. නියමයි නේ.. පසු කාලීනව සිහිපත් කරන්න පුළුවන් සුන්දර මතක සැමරුම්..! ටැප් එක ඇල්ලුවත් හෙම්බිරිස්සාව..?? මෙන්න මේක බලන්න. මගේ ලිපියක් නම් නෙවෙයි. http://saragelokaya.blogspot.com/2013/01/blog-post.html
    "hithru" හිත් රූ - හිතෘ කියන්නේ ගුවන් තොටුපලක් නේද.. :D :D

    ReplyDelete
    Replies
    1. හොඳයි බලමුකෝ..හිතෘ කියන්නේ ගුවන් තොටුපලක් වුනාට මම ඒ අදහසින් නෙමේ මේකට දැම්මේ...හිතුවක්කාර රූ කෙටි කරලා ,,තව හේතුවක් තියනවා හැබැයි ඒක දැන් වැඩක් නෑ:)
      ස්තුතියි යාලු

      Delete
  5. හ්ම්ම්ම්...නිහැඬියාවකින් පස්සේ කැම්පස් ජීවිතේ ගැන ලියලා වගෙයි...හොඳයි හොඳයි....
    අපිත් මේ තත්ත්වේම තමා...1st year ඉවරයි......:D

    ReplyDelete
    Replies
    1. හේ හේ පොරොන්දු ඉෂ්ට කරන්න එපෑ :)
      අපිට තව මාස 3 යි ඔන්න

      Delete
  6. මේ කේක් ගෙඩියෙ තඩි මකුළුවෙක් ගහලා මොකද ? කැතයිනේ :(

    ReplyDelete
    Replies
    1. ඒ චෙරි අත්ත අනේ :)
      ඒ වගේද රහ

      Delete
  7. කැළණියෙ කැළණියෙ.. (ෆොටෝ වලින් තමා අල්ලාගත්තෙ.ෆැකල්ටිය නං හොයාගන්න බැරි වුණා..P)කමක් නෑ ඉස්සරහට බ්ලොග් එක කියවන කොට හොයාගන්න පුළුවන් වෙයි.අපි ඉතින් රහස් පරීක්ෂකයොනේ....
    හැබැයි තව දෙයක් හොයාගත්තා,ඒ තමයි පළවෙනි අවුරුද්දෙම කටිට්ය විශ්වවිද්‍යාල අනන්‍යතාව පෙන්නුම් කරල තියෙනව කියල,නමවෙනි ෆොටෝ එකෙන් හොයාගත්තේ..)))P
    මේ එක්කම සුබ පතනවා එහෙනම් වැඩදායක දෙවැනි වසරකට..!

    ReplyDelete
    Replies
    1. මොන කැලනිද බොල .............. මේ රජරට විය යුතුයි ....
      තුන්වෙනි රෑපයේ ඇති කර්කශ වට පිටාවත් , හතරවෙනි රෑපේ ගල් කනු වලිනුත් , පස්වෙනි රෑපේ ආකරයේ වෙසක් කූඩු වල එලියෙන් පමනක් ආලෝකමත් වූ පාරවල් වලිනුත් ........
      හතවෙනි රෑපේ ඇති ගොඩේ ලුක් එකෙනුත්....
      ඒ බව පැහැදිලි වේ ................
      රහස් පරීක්ශක වෘතිය නොගැලපෙන බව හැ‍ඟෙයි ......... වහා වෙනත් වෘත්තියක් තෝරාගන්න .....
      තවද ,
      කේක් එක තබා ඇති මේසය කේක් එක තරම් ලස්සන නොවීම නිසාවෙන් මෙය ශාස්ත්‍ර පීඨය නොවන බවත් .......ඒ මත ඇති සැරසිලි අසම මිතික නිසාවෙන් මෙය ඉන්ජිනේරුහෝ භෞතික විද්‍යා පිඨ නොවන බවත් , ඒ නිසාවෙන් මෙය කළමනාකරණ පීඨය වීමේ වැඩි සම්භාවිතාවක් ඇත ...
      පලමු වසර අවසාන වී ඇති නිසා රුවා කැම්පස් ගියේ 2010 විභාගයෙන් විය යුතුය ....... උපන් වසර 1991 නැත්නම් 1990 විය යුතුය ....
      පසුගිය කාලයේ අනෝරා වැසි නිසාවෙන් වැඩිලෙස පීඩාවට පත්වුනේත් ලෙඩ විමට තරම් සීත කාලගුනයක් වූයේ ත් නුවර එලිය පැත්තේ නිසා රැවාගේ ගම එහි විය යුතුය
      ( සීරියස් ලෙස නොගනිත්වා ) :D :D

      Delete
    2. ඔය කියල තියෙන්නේ අපුරුවට ,,අනේ මගේ කට :/
      රජුන් හිටපු දේසෙට උඹ කියන කතා අප්පොයි..ඇවිදින්න යන්න කියාපු ප්ලේස් එක..ඔය ඉරිසියාව

      Delete
    3. @වර්ෂා--ඔන්න පුබුදු මලයා ගම කාලා :)

      Delete
    4. @දිනෙල්ක,
      ඔබතුමාට තරම් විචක්ෂණ බුද්ධියක් මට නැතත් අටවෙනි රූපයේ සිටිනා ස්ත්‍රියාවන් හැද සිටින ටි-සර්ටයේ කැළනි සරසවියේ නම සදහන් වී තිබේ.අවසන් නිගමනයට පැමිණියේ එලෙසය.අනෙකුත් නිගමන සිත් පොළඹවන සුලුය.රහස් පරීක්ෂන වෘත්තියෙහි නියැලෙන්නේ නම් ඔබට හොද අනාගතයක් තිබෙන බව පෙනී යයි.

      සීරියස් ලෙස නොගත්තෙමි..P


      @රූ,
      ගම නෙවෙයි ඔයෑගේ බ්ලොග් එකයි කාලා තියෙන්නෙ...P

      Delete
    5. අපෝ එයාට පුළුවන් එච්චර එකක් :D

      Delete
  8. මම නම් මුකුත් නොකියමි...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි එක අතකට යාලු :)

      Delete
  9. අර කේක් ගෙඩිය නම් ශෝක් ඈ......
    දෙවැනි වසරට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හි හී..ස්තූතියි යාලු :)

      Delete
  10. දෙවෙනි වසරේ අන්තිමටත් ලියවෙන මේ වගේ සටහනත් එක්ක බලලා තීරණය කරමු කොහොමද පළවෙනි හා දෙවෙනි අවුරුදුවලින් හොඳ මොකක්ද කියලා

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ අදහස :)ස්තුතියි ඔයාටත්

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music