Monday, April 1, 2013

මට හිතෙන හැටි




දේශන ශාලාවේ...

ඇතැම්හු,
කියන හැමදේම ලියති
ඇතැම්හු,
කඩදහියක්වත් නොගෙනෙති
ඇතැම්හු,
හිත් පුරා පෙම් සුව විඳිති
ඇතැම්හු,
කාල ඝටිකා පිරික්සති
අනිත් උන්,
කය තියා මනසින් නිදති


---------------------------------------------------------------------------------

හන්තාන වරම් නැති 
ආලයේ ලකුණ ලෙස 
කලක් මා රැවටුනා 
ගුලි නොකර මහවැලිය
බොහෝ කල් ගතවෙලා 
රජෙකි ඔබ මහදනට
යදිමි මා ජීවිතය 
සිඟන ගැහැණිය ලෙසට

---------------------------------------------------------------------------------

අවුරුද්ද,

දණ ගසා වඳිනවා 
දෙනවා කී රුපියලට
සූදු පොළ පිරෙනවා
කිසිම නැකතක් නැතුව 

24 comments:

  1. ඇඩෙනවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ඔබටත් ඒවම ලැබේවා :)

      Delete
  2. මම ඒකනේ ඔය ලෙක්චර්ස් යන්නේ නැත්තේ....

    ReplyDelete
    Replies
    1. මම දන්නවනේ ඒ ගැන :P

      Delete
  3. කවි තුනක් නේද... තුනම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ස්තූතියි යාළු..

      Delete
  4. බොහෝ කාලෙකට පස්සේ ඈ... මොකද දැන් කම්මැලි වෙලාද,

    ReplyDelete
    Replies
    1. නෑ අංකල් විභාගේ :(

      Delete
  5. ලස්සන පද ටිකකුත් අරන් කාලෙකට පස්සේ.. බ්ලොග් එකට අලුත් ඇඳුමකුත් අන්දලා වගේ. :)

    ReplyDelete
    Replies
    1. හැමවෙලේම දකින කොටත් හොඳ නෑනේ :)

      Delete
  6. මේ කණ්ඩායමට තමා මම අයිති වෙන්නේ "කය තියා මනසින් නිදති" :D

    ReplyDelete
  7. හොද වෙලාවට මම ඕකට නොගියේ

    ReplyDelete
  8. අපි නම් මුළු කාලය පුරාම ගේම් ගසමු

    ReplyDelete
  9. මං උදේ දාපු ඒවා කෝ....

    ReplyDelete
  10. Replies
    1. කියන්න බෑ එකනම් ඕන්:)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music