Monday, December 31, 2012

කෑම්ප් කාලේ

   
   ඔන්න පහුගිය අවුරුද්දේ අපිත් ගොඩවුනානේ ආමි කෑම්ප් එකකට.ඇත්තටම මම නම් ගියේ එයා(ර්)ෆෝස් එකකට.හරියටම කිව්වොත් දියතලාව ගුවන් හමුදා පුහුණු පාසල.එහෙ හිටපු නිලධාරීන් ඇතුළු ගොඩක් අය නම් අදටත් මතකයි.සමහරු නම් බුකියේදීත් මුණ ගැහෙනවා.වැඩි දෙයක් කියන්න යන්නේ නෑ කෑම්ප් ජිවිතේ සම්බන්ධව මොකද ගොඩක් අය ඒ ගැන දන්නවා.සමහරු මේ දැනුත් ඒ අත්දැකීම ලබනවනේ.පොඩි වෙනසකටත් එක්ක 2013ලබන්න කලියෙන් ඔන්න පාඩමක් කියල දෙන්නම්කො මම ඉගෙන ගත්ත ඒ නුහුරු කෑම්ප් වචන ටික ගැන.නැත්තන් අන්ඩර දෙමළ වෙයි මේක කියෙව්වට පස්සේ  :)

(ෆොටෝසුත් බලන්නකෝ)






   මෙහෙමයි,මුලින්ම අපි කණ්ඩායම් වලට බෙදුවා මොකද එක කොල්ලෙක් නෑ කෙල්ලෝම 754ක්..ඒ ගැන කට්ටිය නම් දුක් වුනා ඈ සෑහෙන්න :)ඒ කණ්ඩායමකට කිව්වේ ස්කොද්‍රන් එකක් කියලා.ඉතින් මම 3 ස්කොද්‍රන්.ඒකත් ආය ෆ්ලයිට් වලට බෙදුනා.මම 3ෆ්ලයිට් ඒ කරලත් නිකම් හිටියේ නෑ.ඒක ආයේ සෙක්ෂන් වලට බෙදුනා ඉතින් මම 1 සෙක්ෂන්.

       අපි නැවතුන තැනට කිව්වේ බිලට් එක කියලා.තට්ටු ඇඳ උඩ හෝ යට ඉන්න කෙනා බඩි.ඇඳ යට තියනවා අපේ අවශ්‍යම දේවල් දාගන්න පෙට්ටියක්.අන්න ඒක ට්‍රන්ක් බොක්ස් එක.බිලට් එකෙත් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න ලැබුනා.ඒ කියන්නේ මදුරු දැල දාන හැටි,ට්‍රන්ක් එකේ බඩු තියන පිළිවෙල,ඇඳ  හදන්නේ කොහොමද,අපි දාන සෙරෙප්පු දෙක පවා කොහොමද පිළිවෙලට තියන්නේ,මේ හැම දේම.


( පොඩි SIQ පාරක් දාලා මම ගත්ත ෆොටෝ එකක්).






          ඒ වගේම අපි කෑම කන තැන.ඒකට කිව්වේ මෙස් එක කියල.ප්ලේට් එකේ  ක්‍රෙස්ට් එක උතුරට තියාගෙන තමා කන්න ඕනේ.ආ....එතකොට අත නමා ගෙන ප්ලේට් එකේ පහලින් මේසේ උඩ තියාගෙන අනිත් අතින් තමා කන්නේ.කෑම කනකොට කතා බෑ(ඒක සාමාන්‍ය සිරිතක්නේ).පුටුව කොහොමද තියන්නේ,ඒකේ වාඩි වෙන්නේ කොහොමද මේ හැමදේමත් අපිට දැන ගන්න ලැබුනා.




           ඒ වගේම අපි සරඹ කරපු තැන..හ්ම්ම්ම්..අයියෝ නම අමතකයි :( හැබැයි  ඒකේ දිග පළල නම් මතකයි අඩි 60ක් පළලයි අඩි180ක් දිගයි.එතැන තමා එයාර් ෆෝස් එකේ වැදගත්ම තැන.කෙළ ගහන්නේ නෑ,කොටින්ම වතුර බොන්නෙත් නෑ,ෆෝන් ගෙනියන්නෙත් නෑ.හැබැයි අපි ඉතින් හිච්චි එවුන් හින්ද වතුර බොන්න පුළුවන් වුනා ආ ඒ කෑන් එකට කියන්නේ ටි කෑන්  කියලා.
(පහළ බිලට් එකේ යාළුවෙක්ගෙන් සොරා ගත් ෆොටෝ එකක්)

(මොරාල් පිට අපේ කස්ටිය)

   අපි සරඹ කරලා අන්තිම දවසේ පෙරඩ් එකකුත් තිබුනා ඒක තමා එයාර් ෆෝස් එකේ රෑක තිබුන මුල්ම පෙරඩ් එක.කෝ දියතලාවේ කෙල්ලෝ ටික (754 ම )කොලර් උස්ස ගන්න :)


     තව හොඳ හොඳ සෙල්ලම් තිබුනා ඒඅස්සේ තිබුන ලෙක්චර් නං එදත් පට්ට බෝරින් වුනා.ග්‍රවුන්ඩ් යන එක නම් නියමයි.හැබැයි ඇවිත් හැමදාම සාරි අඳින එක තමා පොඩ්ඩක් අප්සට් ගියේ.ඒ වුනාට සතියක් යද්දී විනාඩි 5ටත් අපි සාරි ඇන්දා :)

     ඒ විතරක්ද එක එක සෙල්ලම් මන්කි ලැඩර්,කැට් වෝක්,ටාසන් රෝප්..පා ගමන.කඳු තරණය (අපි නම් ෆොක්ස් හිල් තමා ගියේ),විවාද,නැටුම් ගැයුම්,නාට්‍ය,චිත්‍රපටනැරඹීම්,බණ වැඩසටහන්,ක්‍රිකට් මැච්(මුලින්ම පන්දුවට පහර දීම හා පන්දු යැවීම රූවා ගෙනි),වොලි බෝල් මැච්,නෙට් බෝල් මැච්..මේ හැමදෙයක්ම වෙනද දකිනවට වඩා වෙනස් විදිහට අපිට දැක ගන්න,විද ගන්න ලැබුනා.











(අපේ SQN එක)



               ඉතින් බෑ බෑ  කියලා ආව අපි අන්තිමට අඬලා තමා ජුලි හත් වෙනිදා වෙන්වෙලා ගියේ.ඒ වුනාට එහෙදි හිටිය යාළුවො අදටත් ඉන්නවා  හිටියා වගේම ෆිට් එකෙන්.සමහරු ලෙක්චර් අස්සෙත් මැසේජ් කරනවා,රෑට රෑ වෙලා මිස් කෝල් එවනවා.බුකියෙන් චැට් කරනවා..

          ඉතින් මේ 3 ස්කොද්‍රන් එකේ කට්ටියට විශේෂයෙන්ම මම ලියපු කවියක් ඇත්තටම අච්චාරුවක්.පොඩ්ඩක් ඒ ගැන කියනවනම් අපි හිටියේ බිලට් දෙකක උඩ යට.මම හිටියේ උඩ බිලට් එකේ.ඉතින් පොඩි පොඩි වලි සතියක් දෙකක් යනකල්,ඒ නාන්න,තේ ගේන්න,කොන්ගෝ එක බෙදා ගන්න(මම තමා ඒකේ ලීඩර්)අන්තිම දවසේ අයිටම් හදන්න ඕවට මේවට..පස්සේ කට්ටිය ශේප් උනා.අන්තිමට අපේ බිලට් එකේ කට්ටිය රෑට රෑට අතුරුදහන් වෙන්නත් ගත්තා බැලින්නම් යට බිලට් එකට ගිහින් :)ඒ අස්සේ සමහරු බය වෙලා එක ඇදෙත් නිදා ගත්තලු (මම නෙමේ).බිලට් එක ඇතුලෙත් සමහරු කේස් දාගත්තලු(චන්දි ට ඇහුනේ නෑ මම හිතන්නේ)..සමහරු ඒ අස්සේ අත පයේ ගෙඩි දාගත්තලු (ඒ රිද්මිට නෙමේ).සින්දු කිව්වලු(ඒ නම් සමාධි ට).විවාද කරාලු (සුපුනි)..සමහරු ඒ කරලත් අත අරින්නේ නැතුව මගෙත් එක්ක කැම්පසුත් ආවලු(සාරි,මනි)..ඔක්කොටම ජය වේවා!!!

සමරු සටහන් තාම මගේ ළඟ තියනව හොඳේ.

(මේ කිහිපයකි)




මේ ඒ කවි අච්චාරුව.

බිලට්,මෙස් කියා අපි කොතනද යන්නේ
දැන හිටියෙම නෑ පලවෙනි දවස් හතේ 
පසුවී සතිය හුරු වූ විට හැම පැත්තේ
දුවලා මල් ගහක් අල්ලා හිට ගන්නේ 

සිටියේ එකෙක් SIQ තුන් වරුවේ
වලි කයි නිතර Angel ට රෑ තිස්සේ
රැක ගෙන ඇතත් ලකඹර ජයගෙන සද්දේ
ලෙක්චර් එකේ ඇස් අරුමයි යම යුද්ධේ 

එනකොට පිරිස් ගී කියමින් පා ගමනේ
හූ වක් ඇසෙයි නිතරම මා සිටි පැත්තේ
යනකොට සරෝජා බලනට හැම පිම්මේ
නැවතී වුනේ බය වෙන්නයි රෑ ජාමේ 

ඉරිදා හිදී නා ගන්නට මද්දහනේ
අහිමිව ගියා කඩනට මල් නිදි කොට්ටේ
බැස්සේ පිත්ත වනමින් ඒ තණපිටියේ
එක පන්දුවයි විසි වී හූ හඬ මැද්දේ

ඇත පාටියක් හැමදා ඉපදුනු කාගේ
කවුදෝ ටි ගෙනෙයි නිතරම කෑන් එකේ
වැනුවා කඩ්ඩ ඇතැමෙක් අපෙ ටීම් එකේ 
අතේ මලක් පිපුනා නේ අඩ අඳුරේ 

කොලොම්පුරේ ගී කියමින් සමාධි යේ
පැලුවා බෙරය මොරගා මහ රාත්‍රියේ 
හිටියේ එක නරි බෑනයි බිලට් එකේ
වන් දෙක කියයි මහ හයියෙන් පිට්ටනියේ

මතු වී අදහසක් නටනට ගිනි මැලයේ
අපෙ කට්ටියයි නොසැලී සටනට බැස්සේ
පැන ගිය කඳුල ජය ගෙන අවසන් මොහොතේ
නැටු නාඩගමක් කිසිදා නැත තුන් ලෝකේ

SB මහත්තයා ආවේ ඔය අතරේ
මටදී ලැපක් පැතුවා සුබ අනාගතේ
හින් හිනාවක් ආවිට කට මුල්ලේ
"බොල නැගිටපන්"බඩියා මට කෑ ගැසුවේ :)

SIQ=දවසක් ලෙඩ නිවාඩු,Angel=ඒ දවස් වල අපේ සින්දුව බ්‍රෝකන් ඒන්ජල්,කොලොම්පුරේ ගී=සමාධි කිව්ව සින්දුව,නරි බෑනා=අපේ කනී සහෝදරිය නරි බෑනා චරිතය කළා,මද්දහනේ නා ගන්නවා=ඉරිදට විතරයි දවල් වරුවේ නා ගන්න වෙන්නේ අනිත් දවස් වල වැඩ ඒත් මැච් නිසා ඒකත් නැති විය.අන්තිමට ගිනි මැලේ අයිටම් හදන්න ගිහින් පහල බිලට් එකත් එක්ක රන්ඩු වෙලා කට්ටිය අඩලා එයාල දින්නා..


පහල බිලට් එකේ කට්ටියටත්,දියතලාවේ 2011දෙවන කණ්ඩායමේ සිටි මුළු ස්කොද්‍රන් 8 ට මත්, බ්ලොග් කියවන ඔයාලටත්,
                                   සුබ නව වසරක් වේවා !!!!!!

සැ.යු :
(මේ සම්බන්ධව විවේචනද තිබිය හැක).



40 comments:

  1. හ්ම්ම්ම් අපූරු අවස්තාවක් නොවෑ නංගිලාට හම්බවෙලා තියෙන්නේ. අපිට වැදුනේ නැහැනේ ඔහොම චාන්ස්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. පින තමා කෝරලේ මහත්තයෝ :)

      Delete
  2. ආපහු හැම දේ ම මතක් වෙනවා රු!!!

    ReplyDelete
  3. රසවත් කාලයක් ගතකරලා වගේ....

    ReplyDelete
    Replies
    1. හ්ම් යාලුවෝ නිසා රසවත් වුනා :)

      Delete
  4. අපිත් ගියානේ! ඔච්චර සැප නම් නෑ! නිකවැරටියේ පොලෝසියේ පස්ටම කස්ටක් කෑවා! හැබැයි ඉතිං මදි නොකියන්න පිස්සු නම් කෙලියා!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හොඳම කෑම්ප් එකේ වීමත් අපේ භාග්‍යයක් නාඩි අයියා..කොතන ගියත් අපිට පිස්සු නේ :)

      Delete
  5. ගෑල්ලමයි විතරක් හිටපු එකනං ලොකු පාඩුවක්..
    කොල්ලොත් හිටියනං ඔයිට වඩා කේස් ගොඩක් යන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. පලවෙනි කණ්ඩායමේ කෙරුවාව තේරෙනවා නේද තරියෝ :)

      Delete
  6. හැ හැ හෑැැැැැැ

    ReplyDelete
  7. ඒකත් බලන් ගියාම සුන්දර අත්දැකීමක් නේ. වෙන මොනව නැතත් ඔහොම තැන් වලින් හොඳ යාළුවො ටිකක් නම් අනිවා සෙට් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා යාලු..ඒක වාසනාවක් :)

      Delete
  8. we also got full & full & FULL, maxa fun. but now we know It's not a real fun. It's waste of our country peoples money. If they use this money for develop our campas?????????????????????????????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. Yep..Sometimes You are correct..50% 50% :)
      Thank you for your idea..

      Delete
  9. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් :)

      Delete
  10. මෙවන් පුහුණුවක වටිනාකම දැනෙන්නේ එවන් දෙයක් ලද කෙනෙක් පමණයි. මේ උදෙසා විවිධ දේශපාලන මත තිබෙන්න හැකියි. ඒත් ඒ හැම කෙනෙකුගේම හදවත දන්නවා මේ පුහුණුව ජීවිතයට වටිනාකමක් එක් කළ බව. දුවණිය ඔබට වාසනාවන්ත හෙට දිනක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමබරයි අන්කල්..ඒක විඳලම බලන්න ඕනේ :)
      සුබ නව වසරක් ඔබටත් :)

      Delete
  11. අහ්හ්.... නියමයිනේ.....ඔයාගේ අත්දැකීම් අපිත් එක්කත් බෙදා ගත්තට තැන්කු ඈ.... :)

    ReplyDelete
    Replies
    1. කියෙව්වටත් එසේම තැන්කු ඈ:)

      Delete
  12. හ්ම්ම්... මේ පුහුණුව හොඳයි.. කැම්පස් සිලෙක්ට් වෙන්නේ නැති අයටත් මේ වගේ දෙයක් කරනවා නම්...

    ReplyDelete
    Replies
    1. එස් බි මාමාගෙන් අහන්න වෙනවා:)

      Delete
  13. එක අතකින් හොඳා. මොකද ජීවිතේම පොත් බදාගෙන හිටපු අයට ඒක සෑහෙන ආතල් එකක් වේවී.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඒත් කට්ටකුත් තිබුනා :)

      Delete
  14. ඔහොම යමු. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  15. හිකිස් එල ඈ...අහ් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  16. අපිටත් මේවා ලැබුණේ නැහැනේ :(

    ReplyDelete
  17. අපිට ඔහොම චාන්ස් ලැබුණේ නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. අපිටත් පිනකටද මන්ද :)

      Delete
  18. mathak una matath e camp kale ayeth...

    ReplyDelete
    Replies
    1. :)කියල වැඩක් නැතෝ

      Delete
  19. ඇත්තෙන්ම ඔය කාලෙ රසවත් නැද්ද? මම කියන්නෙ පස්සෙ ආපහු හැරිලා බලනකොට?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්ත ..මතකයන් ගොඩක් තියනවා :)

      Delete
  20. මොනා උනත් බූස්ස තමයි පට්ට කෑම්ප් ඒක

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music