Saturday, December 22, 2012

පන්හිඳ නිතරම ලිව්වා ඔබ ගැන..............




                           උඹට මතකද අපේ පොඩි කාලේ ? නෑ වෙන්න බෑ.උඹටයි  මටයි අපේ බාල කාලේ ගැන මතකයක් නෑ මොකද උඹ මට හම්බ වුනේ අහම්බෙන් මීට අවුරුදු එකකට දෙකකට වඩා වැඩි නොවෙච්ච කාලෙක.මතකද අපි සින්දු ලිව්වා හරියට ජාත්‍යන්තර තරඟයකින් සිංගප්පූරු චාරිකාවක් දිනන්න වගේ.මුණු පොතේ ස්ටේටස් දදා රන්ඩු වුනා හරියට පොඩි එවුන් වගේ.

      මතකද ඉස්සෙල්ලම අපේ ගෙදර ආව දවස.මම ආවා නුවරට.පොඩ්ඩක් කට්ට කන්න වුනා නේද?රූවා ඉතින් කිව්වොත් පැයකට ප්‍රමාදව තමා ටයිම් හදන්නේ ..ලැප් එකත් උස්සන් මරාගෙන කන්න වගේ හිටිය නේද මාව? හික්ස් :)වැඩි දෙයක් කතා කරන්න වුනේ නෑනේ මගේ උරහිසේම නින්ද ගියානේ ඔයාට.ඒක මාර නින්දක් මචන්..ගෙදර ඇවිදින් පහු වෙනිදා අපි කැලේක බඩ ගෑවා නේද?.ගස් වල ගල් වල නැගල සින්දු කිව්වා.මම නම් කට වත් හෙලෙව්වේ නෑනේද?මගේ වොයිස් අහලා නයි මුගටි අවුස්සන්න ඕනේ වුනේ නෑ මට ඒකයි.


            තවත් දවසක කන්දක් නැඟල උන හදා ගෙන පල්ලම් බැහැලා රෑ ගෙදර ඇවිත් එකම ඇදේ නිදාගන්නේ නැතුව මම පොඩි කාමරේට ගියා මතකද?ඒ උඹට නින්ද යන්නේ නැති වෙයි කියල මගේ කැස්සටයි දෙඩවිල්ලටයි.මගේ උරහිස අද නම් රිදෙනවා බන්.උඹේ බෑග් එක උස්සන් කන්ද නැග්ගට නෙමේ මම හිතන්නේ.පහු වෙනිදා උදේ කිව්වට උදේම නැතුව උඹේ ලෙඩට  ගත්ත බෙහෙත් ටිකත් මට දීලා මාරු වුනානේ.ඔක්කොම බිව්වා මචන් මම.ඒත් මට තිබුනේ වෙන ලෙඩක්.ඉස්පිරිතාලෙත් හිටිය නේ.මම ඉස්සල්ලම මැසේජ් එකත් දැම්මේ උඹට
 " මචන් මම හොස්පිට්ල් කියල"..ඒත් එදා උඹ ?
දන්නවද මම ඒ ට්‍රිප් එකට සල්ලි හොයා ගත්තේ මහපොළ අරන් කියලා?

      දවසක් අනුරාධපුරේ ඇවිත් ශ්‍රී මහා බෝධියට භාර වුනා නේද අපි.සෙමෙස්ටරේ ගොඩ යන්න කියලා.භාරේ ඔප්පු කරන්න ඕනේ විදිහ අපි අහගෙන හිටියෙවත් නෑනේ.මට නම් මතක පහන් හතක් විතරයි ඔන්න..

                                            ඒත් අද?.............කොහේදෝ නැති අවුලක පැටලිලා වගේ අපි .උඹ මට කරන චෝදනා ඇත්තටම උඹට ඔප්පු කරන්න වත් බෑනේ ද?මම උඹ ගැන කියල තියෙන්නත් උඹට ආදරේ කරන එක්කෙනෙක්ට දෙන්නෙක්ට ඒ උඹේ තිබුන වැරදි හදවන්න.නැතුව උඹට කවුරුත් නැති කරන්න නෙමේ මචන්.මම මෙහෙම කිව්වට උඹ නම් කිව්වෙම ..............ඒවා වැඩක් නෑ.

                     උඹ අන්තිමට ආව දවසේ යන්න මොකක්දෝ වගේ කිව්වා නේද?මඟ දිගට මට මැසේජ් කළා.මම කිව්වා බැහැල වරෙන් කියල.මම ඔතල දුන්න පාන් නේද එදා රෑට කෑවේ.පෝය නිසා කඩත් ඇරලා නැතුව,ශික්..මට ඒ ගැන ගානක් තිබුනේ නෑ බන්.නැත්තම් තව පාන් කෑල්ලක් හරි ඔතන්න තිබුනා.
     උඹත් මාව බලන්න ආව කොළඹ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකට.කන්න බොන්න අරන් දුන්න මට .අන්තිම දවසේ මට තෑග්ගකුත් ගෙනත් දුන්න නේද?තාමත් ඒ දේවල් මට මතකයි බන්..නුවර වැවේ වතුර  තියනකම්,ඉසුරුමුණියේ පඩි පෙල් ගෙවෙනකම්,මට මතක් වෙයි උඹව.

    මට ඕනේ වුනේ හැම ජීවිතේම බේරන්න.නැතුව ජීවිත අවුල් කරන්න නෙමේ.මට එතනයි වැරදුනේ මචෝ.උඹේ හර්ද සාක්ෂියෙන් අහල බලපන්,උඹ අපිට මොකද කලේ කියලා.අපි උඹට මොකද කලේ කියලා.උඹ උඹගේ යාළුවො ආයෙත් අරන් ගියා.කමක් නෑ.එයාලව ආදරෙන් රැක ගන්න බලපන්,ඉඩ තියන වෙලාවට උන්ගේ සැප දුක අහපන්.හිතට පොඩ්ඩක් උණු වෙන්න ඉඩ දීපන්,ඒක කියන දේට පොඩ්ඩක් ඇහුම් කන් දියන්.විභාගේ ගොඩ දාගෙන උඩ මළුවේ ගිහින් භාරේ ඔප්පු කරහන්.

                   උඹ මට මොනව කලත් මම උඹට වයිර කරන්නේ නෑ.උඹට එහෙම කරන්න පුළුවන් මොකද මම උඹේ තවත් එක යාලුවෙක් විතරක් නිසා.එහෙම කියල අනවශ්‍ය විදිහට මට බලපෑම් කරන්නත් එපා.මොකද මස් කන බල්ලට වඩා කටු කන බල්ලා සැරයිලු නේ.සතුරන්ව හොයාගෙන උන්ගෙන් මොකක්ද ඇත්ත කියල දැනගෙන මොලෙන් හිටහන්.සමහරවිට මාත් ඒ ගානට උඹ වට්ටලා ඇති.හිතපන් අපිට ඔක්කොම සතුටු කරන්නත් බෑ.ඉන්න ඔක්කොම අපිව සතුටු කරන්නෙත් නෑ කියලා.ඒ නිසා අපි ගැන හොයන්න එපා .මම සම්පුර්ණයෙන් වැරද්දක් කරලා නෑ නොකරපු දේකට මෙච්චර ඉවසලත් නෑ.

                                                                          ඉතින් මචන් උඹ මේක කියවන එකක් නෑ මම දන්නවා.හිත නිවුන දවසක මේක දැක්කොත් කියවලා පලයන්.ජීවිතේ මට වඩා හොඳින් ගෙවහන්..උඹ විතරක් මේවට වග කියන්න වෙන එකට මං නම් කැමති නෑ ටිකක් වත්.මේ සමාජෙම මහ ජරාවක් මචන්.අපිට අපි  විතරයි.
       මම මේ කරලා කිව්වත් නෙමේ.අනේ කරුණාකරලා එහෙම නම් හිතන්න එපා.ඉතින්.......
                                            ආයුබෝවන් !!!!!!!!!!



15 comments:

  1. හ්ම්ම්... ලොකු අවුලක් වගේ... ඔහොම තමයි....අපේ ජීවිතේට හුගක් ලග කෙනෙක් අපි ගැන වැරදියට හිතල අපෙන් ඈත් වුනාම කියන්න බැරි දුකක් හිතට එනවා තමයි. ඒ දේ එයා තේරුම් ගත්ත දාට ප්‍රශ්නය නිරාකරණය වේවි..... කාලයට ඉඩ දෙන්න..... හැමදේම හරියාවි.....

    ReplyDelete
  2. හුඟක් උන් ඔහොම තමයි බං .... මොනවා කරන්නද ..... හැම එකාටම ලොකු වෙන්නේ පස්සේ එන අඟලුනේ බං ...... ඔවු ඉතින් ඒක කණට වඩා ලස්සනයිලුනේ ...
    අපිව එපා එක පාරයි නම් අපිට දහස් පාරක් එපා කියලා හිතපන් ,,,, මොන තරං කාලයක් එකට හිටියත් එකට කෑවත් , එක පැදුරේ නිදාගත්තත් ‍, තේරුමක් නෑ බං සමහර උන්ගෙන් පලක් ප්‍රයොජනයක් නෑ ... එහෙම උන්ගෙන් ඇති වැඩක් නෑ .උඹ මේ කියන්නෙත් එහෙම එකෙක් , බොහෝ වෙලාවට එකියක් ගැන වෙන්න ඇති ....
    පොඩි තැනක් වැරදුනාව ඇති අපේ උන්ට , ජීවිත කාලෙම උන්ට කඹුරපුවා අමතක වෙන්න ...... කාලකන්නි කියන්නේ ආයේ කාලමකන්නි ........
    මම වැඩිය අවවාද දෙන එකෙක් නෙවෙිය බං ..... ආතල් එකේ පැත්තකට වෙලා ඉන්න එකෙක් .එහෙම ඉන්නේ , හැම දේම විහිලුවට ගන්න නිසා නෙවෙයි , මම සිරියස් අරන් කියන දේවල් මොකෙකුටවත් තේරුං ගන්න බැරි නිසා .....
    මටත් මෙහෙම්මම අද්දැකීමක් තියෙන නිසායි කිව්වේ . මෙහෙම උනගේ රෙදි ගලවන්න ඔනේ ගෝල් ෆේස් එකේ තියලා බං ඒනිසා මං නං කැමති හරි නම ලියලම පොස්ට් එක දැම්ම නම් ....

    මං ගින්නට පැට්‍රෝල් දාන ජාතියේ එකෙක් නෙවෙයි ..... මේ කොමේන්ට් එක බලලා මගේ ගැන එහෙම හිතන්න එහෙම ඔට්ටු නෑ හරි ...

    ReplyDelete
  3. හ්ම්ම්.......අවුල නම් ටිකක් විතර තේරෙනවා....මම මොකුත් කියන්නේ නෑ! කාලය හැමදේම විසඳයි!

    ReplyDelete
  4. වරදක් නැත්නම් ඉවසන්න.. ඉවසල ඉවසල තව ඉවසන්න. දවසක පොර තේරුම් ගනිවි හරි වැරැද්ද. එදාට ඇවිත් සමාව ගනිවි

    ReplyDelete
  5. හ්ෆොයි රුවා ....
    තවමත් හිතනවා නේද ඒ ගැන ,අමතක කරලා දන්නා මචන්
    හැමදේම වෙන්නේ හොඳට කියනවනේ...
    රුවාට වරදින එකක් නෑ මන හිතන්නේ

    ReplyDelete
  6. මටත් තේරුණාද මංදා මේක....
    හ්ම්ම්ම්....හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතන්න බලන්න රූවා...දවසක ඔයාව වැරදියට තේරුම් ගත්ත අය ආපහු ඔයාව හරි විදියට දකින්න පටන්ගනියි...එදා වෙනකන් ඉවසන්න...

    ReplyDelete
  7. ම්...ම්.....රුවයි හිරුයි ආයිමත් හොඳම යාලුවෝ වගේ ඉන්නවා දකින්න මම නං ආසයි.එය එසේම වේවා කියා ප්‍රාර්ථනය කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ආහ් ........... මේක මේ එයා ගැනද ........ එහෙනං ඉතින් පවුල් ප්‍රශ්න වලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය මත මගේ පලවෙනි කොමෙන්ටුව ඉල්ලා අස්කරගන්නවා ......... පවුල්වල උන් තරහ වෙනවා යාළුවෙනවා ආයෙ තරහ වෙනවා ආයෙ යාළු වෙනවානේ .... එහෙම අවුල්වලට අපි හොට දැම්මාම වෙන්නේ යාළු වුනාට පස්සේ , තරහ වෙලා ඉන්න උඩගෙඩි දුන්නේ අපි කියලා අපි නරක මිනිස්සු වෙන එකනේ ........ ඒ නිසා ඉල්ලා අස්කරගත් වග මෙයින් ලිඛිතව දන්වමි

      Delete
  8. කාලය හැමදෙයක්ම විසඳාවි.

    ReplyDelete
  9. අනේ මන්දා පොස්ට් එක ලියලා තියන විදිහට හිතට තදින්ම දැනුනා,,

    ReplyDelete
  10. ohoma thamai samahara welawata samaharu apiwa waradiyata therum gannawa..

    Kaalaya ape godak prasna wisadanawa.

    Amaruwen hari oya mthakayangen ath wenna wena dekata hitha yomu karanna.

    Kalayath ekka hamadema hariyawi.
    Jayama wewa !!!

    ReplyDelete
  11. හිතපන් අපිට ඔක්කොම සතුටු කරන්නත් බෑ.ඉන්න ඔක්කොම අපිව සතුටු කරන්නෙත් නෑ කියලා

    ඒක අැත්ත රෑ

    ReplyDelete
  12. අදයි මෙහාට ආවෙ.. :)

    බැඳිම් වැඩිවෙන තරමට ඒවා ඈත් වෙද්දු දුකයි!! එහෙම කියලා අපිට බැධෙන්නෙ නැතුව ජීවත්වෙන්න පුලුවනෑ....

    කාලයට ඉඩ දෙන්න...

    ReplyDelete
  13. mn methanata podi wdida manda...

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music