Thursday, July 14, 2016

ඇඹිලිපිටියේ ටුවර් එක

පහු ගිය අවුරුදු දෙකේ වෙච්ච ඒවා පස්සේ පෝස්ට් කරන්නම් කියලා හිතල රූවා ගෑටුව තව ගමනක් ගැන කියල දාන්නම්කො හෙමීට. මේ අවුරුද්ද තමා රුවාගේ අන්තිම ලාස්ට් ෆයිනල් ඇකඩමික් ඉයර් එක කැම්පස් එකේ. යන්තම් රිසර්ච් රිපෝර්ට් දීල දාලා මගේ අතිජාත මිත්තරයා කැන්වසා එක්ක තවත් සඟයෙක්ගේ (කොලියගේ) ගෙදර යන්න ගියා පහුගිය තිස් වෙනිදා. ඉතින් වෙනද වගේම උදේම නැගිට්ට හින්ද අනුරාධපුරෙන් ඇඹිලිපිටිය යන බස් එකේ මිස් කරගෙන රූවා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කැකිරාවෙන් හරි බස් එක අල්ලගමු කියල කැන්වසා කියපු හින්දම මිහින්තලේ පැත්තට හැරිලා ඉද්දි අපේ ස්පෝර්ට්ස් සර් කැම්පස් එකේ බස් එක නවත්තපි එල්ලේ ටීම් ඒකත් එක්ක සබරේ යන්න යද්දි. ගමනේ කතාව කිව්වට පස්සේ මරදන්කඩවෙලින් බහින්නම් කියල අපිත් ඒ බස් එකේම නැඟල බැහැල ආයේ බදුල්ල බස් එකක කැකිරාවට ගිහින් බහිද්දී හරියටම අටහමාරයි කියහන්කෝ වෙලාව. අහල පහලින් ඇඹිලිපිටියෙ බස් එක එන්නේ අටයි හතලිස්පහට කියල දැනගත්ත හින්ද කන්නත් කඩෙන් අරන් බස් එක කොහොම හරි අල්ලගත්ත යන්තං පොරකාලා නැඟල. පොර කෑවට සීට් ඕනේ තරම් බස් එකේ. රුපියල් නවසිය හතලිස් දෙකයි ටිකට් දෙකට ඈ.පැය හතක් අටක් වක්‍ර පෘෂ්ට තල පෘෂ්ට වෙනකල් ඉඳගෙන යනව කියන්නෙ සෙල්ලමක් එහෙම නෙමේ ඕන් කියල දැනගත්තෙත් එදා මං.

කොහොම හරි දඹුල්ල, කුරුණෑගල, කෑගල්ල, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, පැල්මඩුල්ල වගේ යන්තං මතකෙට එන ටවුන් පහු කරගෙන හතර වගේ වෙනකොට අපි දෙන්න ඇඹිලිපිටියට සේන්දු වෙද්දී කොලියා ඇවිත් හිටිය ටවුන් එකට. පුරුද්දට වගේ ටොයිලට් යන ලෙඩක් තියන හින්ද දෙන්නම ගියා ඇඹිලිපිටියේ පොදු මෙව්වා එකට. ෂා නියමටම පිරිසිදු මන් දැක්ක හොඳම පොදු මෙව්වා එක තිබ්බේ එහෙ කියල කියන්න පුළුවන්. ඒකට මගේ හද පිරි ස්තුතිය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ඕන් කිව්වා. ගමන ඉවරම නෑ ගමට තියන ලාස්ට් බස් එකේ තවත් පැයක් විතර නින්දකුත් එක්ක අපි කොලියගේ ගෙදරට ආව පහ පහමාර වෙද්දී. රඹුටන් සීසන් හින්ද වත්තේ තිබ්බ ගහේ පිරිච්ච රඹුටන් දහයක් පහලවක් විතර ලොටලා පොඩි වොෂ් එකක් දාලා රෑට කාලා අපි නිදාගත්තා මහන්සියට.


                                                        ගමන් මහන්සියටම නෙමේ කැන්වසාගේ පුරුද්ද හින්ද නමය වගේ වෙනකල් නිදාගෙන නාලා කාලා අපි ගියා රඹුටන් වෙරළු කඩාගෙන ගමේ දොළක් බලන්න. දොළේ බාගයක් විතර නගිද්දී පොඩි වැස්සකුත් ආව ආශීර්වාදෙට වගේ අපිව තෙම්මන්න. අපි ගලක් යටට වෙලා වැස්ස පායනකල් ගෙනිච්ච ගෙඩි ජාති  ඒවා මේවා  කෑවා ඒ වෙලාවේ. පෑව්වට පස්සේ ගස් වල එල්ලිලා වතුරේ තෙමිලා හොර මල් උඩ දදා දවල් කාලේ  එහෙම්ම ගෙවල දැම්ම දොළටම. හවස  අම්මා රොටි හදල තිබ්බ හින්ද මාමා බෑව පැණි එක්ක ඒවා කකා ප්ලේන්ටි බිබී හවස් වෙලා පහළ දොලකට බැහැල ගොඩපර ගාලා නාගත්තා. ගොඩපර හොඳයිලු හිස්සොරි වලට ඈ.

ගොඩපර






                    අනිත් දවසේ ප්ලෑන් එක උනේ උදේම ඇඹිලිපිටියට ගිහින් චන්ද්‍රිකා වැව බලන එක. ඉතින් අම්මා දුන්න තම්බපු කඩල පාර්සලෙත් අරගෙන ඇඹිලිපිටියට ගිහින් බෙලිඅත්තේ බස් එකක රුපියල් දොළහේ දුරක් ගිහින් වැවේ සොරොව්ව ළඟම බැහැගත්ත තුන් දෙනාම. ඇඹිලිපිටිය කියද්දී ලිඩර්ෂිප් කෑම්ප් එකේදි ෆිට් වෙච්ච මනියා ඉන්නෙත් මෙහෙමනේ කියල මතක් වෙද්දී පොරට කෝල් එකක් ගත්ත. ඌ කොළඹ ගිහින් එන ගමන් කියල එතකල් ගෙදර ගිහින් කාල බීලා ඉන්න කිව්ව හින්ද ආයේ බස් එකක නැඟල ටවුන් එක පැත්තට ඇවිත් කියාපු විදිහට මොකක්ද හන්දියකට වෙලා ඉද්දි මනියගේ මල්ලි ඇවිත් පාර කිව්ව ගෙදර යන්න. ගිහින් ඉතින් මනිය එනකල් කාලා බීලා අම්මා දුන්න උක් ගසුත් කකා ටීවී බල බල දෙක වෙනකල් විතර ඉඳල මනිය ආවට පස්සේ පොරත් එක්කම ගියා වැවේ පිටවාන පැත්තට. පිටවාන තියෙන්නෙ ගෙදරට කිට්ටුවමයි. ෆොටෝ ගගහා ඉද්දි රිලවෙකුත් පන්නගෙන ආව ඈ. ගෙනාපු කඩල ටිකත් එතනදී තමා හිස් කරේ.

සොරොව්ව





පිටවාන


            ඊළඟ දවස නම් කොහෙවත් යන්නැතුව ගෙදරට වෙලා රඹුටන් කකා තිබ්බ අලිපේර,අන්නාසි,ජම්බෝල.වෙරළු,වරකා කකා දවසම වත්තේ ඇවිදලා කොලියගේ අයියා නිවාඩුවට  ආවට පස්සේ ඊළඟ දවසේ සිංහරාජේ යන්න ප්ලෑන් කරගත්තා.

වත්ත වටේ ඇවිදලා අහුලගත්ත දේවල්..

කුරුඳු




කිතුලේ යන මාමවත් රාමු කරා 

එනසල් 


නියඟලා



සිංහරාජේ ටුවර් එක...
  1. මෙතැනදී තමා බ්රේක් ෆස්ට් ගත්තේ 


වල්ල පට්ටා




වැටිච්ච මී වදයක්


කටු කිතුල්



අපිට ඔරවපු රිලා මෑන්




ඔන්න ඔහොමයි අපේ ටුවර් එක ක්ලෝස් උනේ ඈ..

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music