Thursday, July 24, 2014

කොන්ඩගල නැග්ගෙමු

කැම්පස් එකත් වහපු එකේ මොනව හරි කර කර ඉන්න ඕනේ පිස්සු ගතියක් තාම ඔලු ගෙඩියේ තියන හින්දම අන්තිමට වැටිච්චි මහපොළ දෙකේ ශේෂයෙන් ආයෙමත් සැරයක් ගියපු තැනක නොදැකපු දේවල් හොයාගෙන අඳුරන ආගන්තුක මුණු ටිකක් එක්ක මාත් ගියා පොඩි ට්‍රිප් එකක්..
              රිකිල්ලගස්කඩ ඉඳන් හේවාහැට බස් එකකට නැඟල ටවුන් එකෙන් බැහැල දෙල්තොට බස් එකක් එනකං පයින් ගෑටුවේ තේ යායවල් වලින් එන සීතලම සීතල හුලඟයි,පොඩි පොඩි දිය ඇලි වල වතුරයි ඇඟට ගන්න ඕනේ හින්දා.නුවරඑලිය වගේ මන්දාරම් ගතියක් වගේම එක පාරට එන පොද වැස්ස හින්ද කකුල් මනින කූඩැල්ලෝ කෝටු කෑලි වලින් ගලව ගලව තමා යන්න උනෙත්.දෙල්තොට බස් එකේ නැඟල ලූල්කඳුර දිය ඇල්ල ළඟින් බැහැල කෙටි පාරකින් අපි කොන්ඩගල අසිරිය බලන්න හිතාගෙන පැයක් විතර ඒ කන්ද බඩ ගෑවා.කියන්න බැරි වුනානේ අපි එතන දේවාලෙට පඬුරකුත් දැම්මා ආරක්ෂාවට :)

 ලූල්කඳුර 




    
                                                                                                                       ෂෝට් කට් හොය හොයා මහන්සි ඇර ඇර ගස් ගල් වල ෆොටෝ ගගහ ගෙනිච්ච කොමඩු,කෙහෙල්,ස්ප්‍රයිට්,කඩල,බත්,එකවගේම බිස්කට් එකත් ඉවර උනේ කොහොමද කියල මටනං තාමත් හිතාගන්න බෑ ඕන්.

\






                         පොඩි කණගාටුවකට තිබුනේ මේ ට්‍රිප් එකට අපිට ගයිඩ් කෙනෙක්ගේ උදව්ව නොලැබිච්ච එක මොකද ජේමිස් ටේලර් ගේ නිවසේ නටඹුන්,පාවිච්චි කරපු ලිඳ හා ආසනය දකිද්දී ඒ ඉතිහාසය රූප රාමුවකට පමණක් සිමා වෙලා ගිය හින්ද..ඒ වගේම පළවෙනි තේ පැළෙත් අපිට බලාගන්න පුළුවන් උනා.කඳු පන්ති ගණනාවක්,තේ යායවල් නරඹමින් ගල් ආසනයේ වාඩි වෙලා දුම් පයිප්පයක් අදින ජේමිස් ටේලර්ව අපිට මැවී පෙනුනා.

සිතියමක් 

මෙන්න අපි ආවා කොන්ඩගලට 




ටේලර් ගේ නිවසේ නටඹුන් 


සිහිවටන 


ටේලර් භාවිතා කල ලිඳ 


පළවෙනි තේ ගස 

ටේලර් භාවිතා කල ගල් ආසනය 


අපේ නඩය(දෙන්නෙක් මිසින්)


      දැනගත්ත විදිහට(අන්තර්ජාලයෙන්)ජේමිස් ටේලර්(1935/03/29) 1867 දි ලංකාවට ඇවිත් පදිංචි වෙන්නේ“ලුල්කොන්ඩෙරා” කියන තේ වත්තේ.අපි ලූල් කඳුර කියලා කියන්නෙත් ඒකටමයි.ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ ලංකාවට එන්නේ අවුරුදු 18දී.ඉතින් ලංකාවේම හිටපු හින්ද තම පවුලේ අයට යැව්ව ලිපියක මේ ප්‍රදේශය ගැන මෙන්න මෙහෙම ලියවෙලා තියනවා.“ස්වාභාවික සෞන්දර්ය ගැන නම් මා වුවමනාවටත් වඩා ලියනවා යැයි ඔබට සිතෙන්නට පුළුවන්.එය ඔබේ දෙඇසින්ම දැකිය හැකි නම් මා මේ තරම් ලියන්නේ ඇයි දැයි ඔබට තේරුම් ගත හැකි වනු ඇත”.ප්‍රදේශයේ සුන්දර බව හින්දම ටේලර් ලංකාවෙන් පිට වෙලා තියෙන්නේ එකම එක වතාවයි ලු.ඒත් ඉන්දියාවේ ඩා ජිලින් කියන ප්‍රදේශයෙන් තේ වගාව ගැන අධ්‍යයනය කරන්න.ටේලර් තේ වගාව උදෙසා සිදු කල සේවයට බ්‍රිතාන්‍ය වැවිලි කරුවන්ගෙන් තෑගි භෝගත් ලැබිලා තියනවලු.’තේ වගාවේ පුරෝගාමියා”කියන අන්වර්ථ නාමයෙනුත් ඔහු පුද ලැබුවා.
ඉතිහාසයේ තේ වගාව ගැන හොයල  බැලුවොත්,


                              1815 වෙනකල් සුද්දට මහනුවර රාජධානිය අල්ලගන්න බැරි වෙච්චි කාරනා අස්සේ ඝණ වනාන්තර,අධික බෑවුම් සහිත ප්‍රපාත හේතු උනා කියලයි සමාජ අධ්‍යයනයට මං ඉගෙන ගෙන තියෙන්නේ.කෝපි වගාව විනාශ උන හින්ද විකල්ප භෝගයක් විදිහට මහනුවර තමා මුලින්ම තේ වගා කරලා තියෙන්නේ.මේ තේ වලට කියල තියෙන්නෙත්“මැදරට තේ”කියලා.අග නුවරට සාපේක්ෂව පහත් බිම් නිමනයක පිහිටි නිල්ලඹ,පුස්සැල්ලාව,ගම්පොළ හා අපි ගිය හේවාහැට තමා තේ මධ්‍යස්ථාන වෙලා තියෙන්නේ.මේ භුමි වල කඳු එච්චර උස නැති වීමත්(උන්නතාංශය මීටර 650-1300),සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයත් ජලය ගලායන ලොම් පසත් මේ ප්‍රදේශ තෝරා ගන්න හේතු වෙලා තියනවා.නිරිත දිග මෝසමත් වගාවට ප්‍රධානව බලපානවා.පස සෝදා යාම වැලැක්වීමට කානු කැපීම,ගල් වැටි දැමීමත් කරන්න ඕනේ.තේ වැවෙන භුමියේ උස ප්‍රමාණයට සාපේක්ෂව තේ වල කහට සැර සමානුපාතික නොවූවත් මහනුවර ප්‍රදේශයේ තේ රසාලිප්ත බවයි විශ්වාසය.උසින් අඩු තේ වතු සැර කහට රසයකින් යුක්ත ප්‍රමාණයෙන් විශාල තේ කොළ නිපදවන අතර උස් බිම් වල තේ වතු සියුම් ප්‍රනීත රසයක් ලබා දෙන කුඩා ප්‍රමාණයේ තේ කොළ නිෂ්පාදනය කරනවා.ඒ වගේම BOP(Broken Orange Pekos), BOPF(Broken Orange Pekos Fanning),CTC වගේ ප්‍රභේද තේ වල දකින්න පුළුවන්.තඹ පැහැති වර්ණයේ කහටක් මහනුවර තේ වල දකින්න පුළුවන්.ඒ වගේම තේ කර්මාන්ත වලට විදුලිය සපයන්නේ ටර්බයින හරහා.එයට ජල රෝදයක් උපකාර වන අතර ජලය සපයා ගෙන ඇත්තේ වතුකරේම දිය ඇලි වලින් වීම ද කැපී පෙනෙන සිදුවීමක්.




                                         තේ පිලිබඳ කෞතුකාගාරයක් මහනුවර මහ රෝහලට යාබදව හන්තාන උඩුවෙල මාර්ගයේ කිලෝමීටර 5ක් දුරින් පිහිටා තියෙන අතර “හන්තාන තේ කෞතුකාගාරය”නමින් නම් කරලයි තියෙන්නේ.


                 සඳුදා සිට සෙනසුරාදා දින දක්වා උදෑසන 8:15 සිට සවස 04:15 දක්වා විවෘතව තියෙනවා.2001/12/01 තේ මණ්ඩලය හා වැවිලි කරුවන්ගේ සංගමය එක්වී මෙය පිහිටුවා ඇත්තේ ක්ලිෆර්ඩ් රත්වත්තේ(එකල තේ වතු සංගමයේ සභාපති)හා ධර්මසිරි මඩුගල්ලේ යන මහත්වරුන්ගේ නොමඳ වූ උත්සාහයෙන්.මෙම කෞතුකාගාරයෙන් 1880 යුගයට අයිති තේ වේලන යන්ත්‍ර,තේ වල දුවිලි අරින යන්ත්‍ර දැක බලාගන්න පුළුවන්.මඩවල උල්පත නාලන්දා වතු යායෙන් හමුවූ  තේ වේලන යන්ත්‍රය මෙහි විශේෂ තැනක් ගන්නේ එය ලංකාවේ ප්‍රථම තේ වේලන යන්ත්‍රය නිසා.ඒ වගේම පලවෙනි ඩීසල් එන්ජිම,පරණ හොට් බල්බ් එන්ජිම වගේ ඒවත් දකින්න පුළුවන් වෙලා තියෙන්නේ ක්ලිෆර්ඩ් රත්වත්තේ, ධර්මසිරි මඩුගල්ලේ මහත්තුරු හින්දමයි.මොකද මේ යන්ත්‍ර සොයා ගැනීමේදී අධික මල බැඳීම හා දිරා පත් වීම් ඉවත් කිරීම සඳහා ‘නාරායන පිල්ලේ’නම් ද්‍රවිඩ ජාතිකයෙකු යොදා ගැනීම හේතුවෙන්.වැඩි විස්තරයක් අරන් එන්නම්කෝ ගිහින්ම J

1 comment:

  1. ඇවිද්ද පය දහස් නෙමෙයි කෝටියක් වටිනවා කයන්නයි තිබුණේ. චාරිකා විස්තර හා සේයා බැලුව මාත් ගමන ගියා වගේ.

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music