Tuesday, October 2, 2012

හයයි හතරයි සුපර් ඕවරයයි


මෙහි එන නම් ගම් මනංකල්පිතයි..
ස්ථානය:පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
වෙලාව:ප.ව.3.00
ප්‍රධාන චරිත:රූවා / හිරුවා

හිරුවා:මචං අපි අර බෑන්ඩ් එකක් ළඟම ඉමුකෝ..අනේ අනේ ප්ලීස්

රූවා:බෑන්ඩ්..?මේක ස්පොර්ට් මීට් එකක් ඇ බං(වටපිට බලා තත්වය අවබෝධ කරගනිමින්).ආ.. හරි හරි ඒකට බෑන්ඩ් එක නෙමේ කියන්නේ ගොනෝ "මෝලන්"නැත්තන් "පපරේ"කියලා..

 (මැච් එක ආරම්භය)

හිරුවා:මචං අර ලනුවක් දාලා තියෙන්නේ මොකක්ද?මැච් එක ඉවර වෙලා කඹ අදින්නද?



රූවා :මොකා..අප්පෝ මේකා..ඒ ලණුවට උඩින් ගැහුවොත් හයයි..බිමින් ගියොත් හතරයි..අපි කෑ ගහන්න ඕනෙ අපේ වුන් ගැහුවොත් තමා.නැත්තන් අනිත් පැත්තට කෑ ගහලා අපිට සලකයි දෙකේ දෙකේ පොලු වලින් ඕකේ

හිරුවා:මොකක්ද බං මේ හැට්‍රික් කියන්නේ..සුපර් ඕවර්..වයිඩ්.නෝ බෝල්..පවර් ප්ලේ.

රූවා:අම්මප මෙච්චර වර්ඩ්ස් කොහෙන්ද මුට..ජයන්ට් ස්ක්‍රීන් එක ලෙසටම නේ හා හා :) :)
මෙහෙමයි මතන්.හැට්‍රික් කියන්නේ එකවර බෝල් තුනකින් විකට් තුනක් ගත්තොත්.මාලිංග,වාස්,වගේ කට්ටිය නම් ඕකට හෙන ප්‍රසිද්ධයි.මාලිංග එක සැරයක් දකුණු අෆ්රිකාවට බෝල් හතරෙන් විකට් හතරක් ගත්තා..ඒකට නම් නමක් නෑ තාම මයේ හිතේ.පුළුවන් නම් දාහන් නමක් බොරුවට රිහානා පස්සේ යන එකේ :D
එතකොට සුපර් ඕවර් කියන්නේ ටී 20 මැච් එකක රටවල් දෙකේම ස්කෝර් ලෙවල් වුනොත් දෙපැත්තටම දෙන ඕවරේ.බෝල්ස් හයට වැඩිම ලකුණු ගත්ත ටීම් එක තමා දිනන්නේ..හැබැයි ෆර්ස්ට් බැට්ස්මන්ලා දෙන්නම අවුට් උනොත් ආයේ ඒ ටීම් එකට බැටින් චාන්ස් නෑ.

       වයිඩ් කියන්නේ අම්පයර් අත් දෙක දෙපැත්තට දාලා පෙන්වන එක.තේරුම ඒ බෝලේ බැට්මන්ට බැට් කරන්න බැරි එකක් කියන එක.එතකොට ඒ බෝලේ කැන්සල්.ඒ වගේම  බෝලර් ට වැඩියෙන් එක බෝලයක් යවන්න වෙනවා.එතකොට ඒ ඕවරේට බෝල්ස් හතයි.

          නෝ බෝලුත් එහෙමයි.අම්පයර් පෙන්නන්නේ එක අතක් දාලා.ඒ ඉරෙන් ඉස්සරහ සිට පන්දු යැවීමයි.හැබැයි අලුත් නීතියට(ෆ්‍රී හිට්)අනුව ඒ බෝලේ කැන්සල් වෙනවට අමතරව ලැබෙන ඊළඟ බෝලෙට විකට් පොලු කැඩුනත්,කැච් එකක් ගියත් අවුට් නෑ හැබැයි රන් අවුට් නම් වලංගු වෙනවා පුතේ:)

       පවර් ප්ලේ කියන්නේ ග්‍රවුන්ඩ් එකේ යාර තිහට  එහායින් ෆීල්ඩර්ස්ලා දෙන්නෙක් තියන එක..එතකොට ඇතුලේ කීයද බං?

හිරුවා:හයයි.

රූවා:(බෙල්ලේ වැල දා ගැනීමට ලනුවක් හොයමින්).අම්මේ යකෝ..ටීම්එකේ ඉන්නෙ එකොලොස් දෙනයි..එතකොට කීයද?

හිරුවා:එකොළහයි.

රූවා:අපොයි එකොළහෙන් දෙකක් ගියාම එකොළහයිද බොල?

හිරුවා:ඇයි බං අර කළු කිට් දාලා ඉන්න දෙන්නා?

රූවා:උන් අම්පයර්ස්ලනේ දෙයියනේ :/

හිරුවා:අන්න මචං රන් අවුට්ලු ඒ මොකක්ද?

රූවා:හිටපන් චියර් කරනකල්..(හුරේ) ඒ කියන්නේ බැට්ස්මන්ලා දෙන්නගෙන් කෙනෙක්ට දුවපු ලකුණ සම්පුර්ණ කරගන්න බැරි වීම.ඒක සාමාන්‍යයෙන් තෙවන විනිසුරු (තර්ඩ් අම්පයර්)තමා තීරණය කරන්නේ පුන රූපණ බලලා(විශේෂ කැමරා ආශ්‍රයෙන්)මොකද සමහර වෙලාවට ග්‍රවුන්ඩ් අම්පයර්ට පියවි ඇහෙන් ගෙස් කරන්න අමාරු අවස්ථා තියනවා.දුවන පැත්තේ ඇඳලා තියන ඉර පාස් කලේ නැත්තන් අවුට් වෙනවා.සමහර වෙලාවට බැට්මන් බඩ ගාගෙන ඉර පාස් කරනවා.එතකොට ඉරට උඩින්  බැට් එක ඉස්සුනොත් ඒත් වෙන්නේ අවුට් වෙන එකමයි.

හිරුවා :අම්මෝ උඹ දන්න දේවල්..මොනවද බං ක්‍රිකට් ෂොට්?නම් ටිකක් කියහන්කෝ.

රූවා:(යකෝ මන් දන්නෙත් නෑ..ඒත් දෙක වෙන්න බෑනේ මේකට)ළඟදීම ආවේ දිල්ස් කූප්..,ස්වීප් ෂොට්,ලෙග් ග්ලාන්ස්,ස්ට්‍රෙයිට් ෂොට් වගේ එක එක නම් තියනවා.ඒ වගේම ෆිල්ඩින් ක්‍රම,ෆීල්ඩින් පොසිෂන්ස්,විසිකිරීමේ ක්‍රම,බෝලින්,ඩිසිප්ලින්ස් වගේ තව ගොඩාක් දේවල් ක්‍රිකට් වල  තියනවා.

හිරුවා:එතකොට දෝලනය කියන්නේ මොකක්ද?

රූවා:ඕක මචං සයන්ස් එක්ක යන්නේ.ස්පීඩ් දාන බෝලයක් පාවෙන කොට,ඒකට අහු වෙන හුළං දෙපැත්තට බෙදෙන අවස්ථාවේ එක පැත්තකට අයිති හුළං අනිත් පැත්තට වඩා කලින් හෝ පසුව හැරයාම තමා දෝලනය කියන්නේ.ප්‍රමාදය වන පැත්ත ගොඩාක් දුරට පන්දුවේ දිලිසෙන,සිනිදු පැත්ත වීම තමා තියරිය.ඉන් ස්වින්ග් අවුට් ස්වින්ග් කියලා දෝලන වර්ග දෙකකුත් තියනවා.

හිරුවා:මචං අපිට වගේ ක්‍රිකට් ටීම් වලටත් නික් නේම්ස් තියනවද?

රූවා:නැතුව නැතුව.

  • ලංකාවට -ද ලයන්ස්
  • ඕස්ට්‍රේලියා-බැගී ග්‍රීන්ස්
  • නිව් සීලන්ඩ්-ද බ්ලැක් කැප්ස්
  • වෙස්ට් ඉන්දීස්-ද වින්ඩිස්
  • ඉන්දියාව-මෙන් ඉන් බ්ලූ
  • පකිස්තාන්-මෙන් ඉන් ග්‍රීන්
රූවා:හිරුවා උඹ දන්නවද සපොටර්සලටත්(දිරි ගන්වන්නන්ටත්)නම් තියනවා.

හිරුවා:ෂාහ් මරුනේ කියපන්කො ඉතින්

රූවා:

  • ලංකාවේ අයට-ද අප්පුහාමි
  • ඕස්ට්‍රේලියා-ද ෆැනටික්ස්
  • එංගලන්තය-ද බාර්මි ආමි
  • නිව් සීලන්ඩ්-ද බ්‍රේජ් බ්‍රිගේඩ්
  • ඉන්දියා-ද ස්වාමි ආමි

හිරුවා:නියමයි නේ..තව දන්න ඒවා කියපන්කො ආසයි අහන්න

රූවා:ආසද?මැච් එක ඉවරයි යමං දැන් :/

106 comments:

  1. ඇත්තටම හිරුවා එක්ක ගිහින් මැච් බලන්ට වෙලාවක් තිබුනද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ අප්පා..රිපීට් එක බැලුවේ මම :D

      Delete
    2. මරු මරු... ආය මැච් බලන්න යනකොට කතා කරලම අඬගහගෙන යන්න එයාව... (දැං හිරුවා මේක දැකලා මගේ බෙල්ල කයිද දන්නෑ...)

      Delete
    3. අතුරු ප්‍රතිපල වලට වග කියනු නොලැබේ :)

      Delete
    4. හී හී :)

      Delete
  2. හූ ඈ...ලෙසටම හූ...මාර කිරිකට් පාඩමක් ඈ...මමවත් දන්නෑ අප්පා මේවා...අද නම් ඉගෙන ගත්තා වගේ ඈ...එලකිරි (Y)

    ReplyDelete
    Replies
    1. අහ එහෙමදෝ ..තව දවසක උගන්වන්නම්කො මම දන්න ස්පෝර්ට්ස් ගැන ..ස්තූතියි හසිත..අනාවැකි කියන හැටිත් කියන්නම් පස්සේ :D

      Delete
    2. හෑ....ස්පොර්ට් පාඩමක් මටද? O.o lol ඈ...

      Delete
    3. අනිවා ඈ...අනාවැකි කියන එක නම් සිරාවටම අහගන්න ඕනේ O.o (රෑවාගේ සාස්සරේ O.o)

      Delete
    4. පඬුරු එහෙම ලෑස්ති කරගෙන කියහන් එහෙනං :D

      Delete
    5. හුටා...ගුරු පඬුරු දුන්නට උඹ ගුරු මුෂ්ටි තියාගෙන කියලා දුන්නොත් වැඩක් නැහැ ඕයි...!!!

      Delete
    6. පිස්සුද බං..මම එහෙම නෑ,,ගානට ගණන් කරලා ගෙනෙන්

      Delete
    7. හෑ...ගනන් කරලා ගේන්න ඕනේ කොස් ඇටද? O.o

      Delete
    8. නෑ පොලොස් ඇට....

      Delete
    9. හෑ..... පොලොස් ඇට O.o ඒවා කොහෙද තියෙන්නේ...

      Delete
    10. පොලොස් ගහේ..නිව් යෝර්ක් වලනෑ මයේ හිතේ

      Delete
    11. O.o පොලොසුත් එපා.. කොසුත් එපා..උඹම ඕවා කාපියෝ....

      Delete
    12. දැනුත් මේ කනවා..උඹව කන්නත් බෑ මම වෙජි ටේරියන් නේ..ලොල්

      Delete
  3. මචං රූවා...බ්ලොග් එකේ Time හදපං...Time Change වෙලා තියෙන්නේ, Time Zone එක හදපියෝ...ජය වේවා..!!! උඹලා මේ කොච්චර පොස්ට් ලිව්වත් වැඩක් නැහැ බොල...අපේ සිංහ පැටවු ටික, හැමදාම වගේ..මේ පාරත් ෆයිනල් ඇවිල්ලා..මැච් එක විකුනවනවා... O.o

    ReplyDelete
    Replies
    1. මට ටයිම් ගානක් ගියේ නෑ බං..බලපන් අපි දිනුවේ නැත්තන් මේන් මගේ කන..උඹේ අනාවැකිය ගැන කාටවත් කියන්න එපා අහුවෙන එකෙන් කන්න වෙයි :D

      Delete
    2. හෑ...ශරීර අවයව උගසට තියන්න එපා බොල...වාහන පාට්ස් වාගේ ඕවා පංචිකාවත්තෙවත් ගන්න නැහැ...O.o ටයිම් හදපියෝ...මේක දැන් උදේ, දවල්,රෑ හොයන්න බෑ..:P හෑ..මම අනාවැකි කියන්නෙ නැහැ...වස් කවි විතරයි O.o කොහොම උනත් හැමදාම වෙච්ච දේම තමයි ඈ...ෆයිනල් විකුනනවා O.o එදාට මැච් බැලිල්ල එපා කරනවා O.o :P

      Delete
    3. එදාට මම උඹට වස් කවි පොතක් ලියනවා

      Delete
    4. හෑ...මලු ඈ....එදාම මම වෙනුවෙන් පොතක් ලියවුනා කියලා හිත හදාගන්නවා ඈ...ලෙසටම හූ....

      Delete
    5. කොළ පොතක් ගැන මං කිව්වේ..හු ඈ

      Delete
    6. කොල පොතක් කිව්වෙ...පුස් කොළද O.o හූ ඈ...:D

      Delete
    7. පුස් කාපු එකක් තමා ..ලෙසටම ඩබල් හු

      Delete
    8. හෑ....මේ පුස් කාපුවා ලියන්න ගිහින් පස් කන්න උනොත් අපි නෑ ඔන්න :D

      Delete
    9. පස් තමා කන්න වෙන්නේ උඹේ අනාවැකිය හරි ගියොත් පුතේ :(

      Delete
  4. මෙයාල මැච් එක බලලා නෑ..

    විහිලුවට ලිව්වට මේකෙ නොදන්න එවා තිබ්බා....
    මේ කියල තියෙන ෂොට් එහෙම ඇත්ත එව්ව නේ.. අර අහින්සක (නිදාගත්තහම ) කෙල්ලව ඇන්දුවෙ නෑ නේ

    ReplyDelete
    Replies
    1. දවසක් ගිහින් බලන්නකෝ..අලුත් අත්දැකීමක් වෙයි..නෑ නෑ මම එයාව ඇන්දුවේ නෑ..මොකද මම අහින්සකයනේ :D

      Delete
  5. අනේ පලයන් බං යන්න.මම දන්නවා ඒක පපරේ තමා කියල.

    උඹව සිරාවට මරන්න හිතෙන්නෙම නෑ බොල මට.'හැට්‍රික්'?? මොකද්ද බං අදමයි මෙහෙම එකක් ඇහුවේ..උඹ ඔය කියන මෙලෝ එකක් මම එදා ඇහුවේ නෑනේ යකෝ..ඇයි මට මේ තරම් දුක් දෙන්නේ?? :/

    කවුද රිහානා පස්සේ යන්නේ ආ?? :/ එයා මගෙ අක්කනේ බොල.අක්කා පස්සේ නංගි ගියාම මොකෝ වෙන්නේ?? :/

    එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..මට දැන් හිනාව පිරි තරහක් එනවා එර්ර්ර්ර්ර්ර්ර්ර්....මොනා කරන්නද ඉතින් යාළුවො හදාගත්තනම් විඳවපන් මොකාද එකෝ කිව්වලු..ශික් :/

    මට හිතුනා උඹ මෙහෙම පෝස්ට් එකක් ලියයි කියල.හැබැයි මේ තරම් ඉක්මන්වෙයි කියල හිතුවේ නම් නෑ..
    ගොඩක් දේවල් ඉගෙනගත්තා රූවා..
    ගොඩක් තැන්ක්ස් මචි..

    ජයෙන් ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. මේක මම උඹව අපහසුතාවයට ලක් කරන්න නම් ලිව්වේ නෑ මචෝ..එහෙම උනානම් සොලී :(

      Delete
    2. එහෙම උනාද ඈ..?? නෑනේ :/

      Delete
    3. ආ එහෙනං තව නාවන්නම් ;)

      Delete
    4. හා..මොනාගෙන්ද සුදු හඳුන්?? :)

      Delete
    5. නෑ,,,,,,,,කිතුල් ඇට වලින් >>>>>>>>>>>> ඩිශුම්

      Delete
    6. දිගටම තියාගන්න :/

      Delete
    7. හිරුවට හූ............

      Delete
    8. පව් අංකල්..මට කොයි වගේ රිටන් එකක් ලැබේදෝ@බියෙන්

      Delete
    9. හිරුවෝ අර මැද තියන කණු වලට මොකක්ද කියන්නේ.....(රහසින්)

      Delete
    10. ඈ ඇත්තට මොකක්ද හිරුවෝ..ඒ

      Delete
    11. අංකල් හූ කිව්වා නෙ එහෙනම් :(

      Delete
  6. රුවෝ මේකනම් නියමයි.නම දාන්න තිබුණේ හිරුවා ටී20 බැලුවා වාගෙයි කියලා.සිරාවටම මේ පොස්ට් එක නැගලා යනවා.මංඥං වෙලා තියන ඔලු වලට මේවගේ දේවල් වලින් සැහැල්ලුවක් දැනෙනවා.සැබැ වෙනසක්.ජය සතුට ඔබට

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මනම් ඕකේ රසයක් නැති වෙනවා අන්කල්..මාත් මේ ජෝක් එකට ලිව්වේ ..ස්තූතියි ඔබට

      Delete
    2. මූට ඔහොම ටයිට්ල් එකක් දාන්න තරම් මොලයක් නෑ අන්කල්.. :)

      Delete
    3. මොළයක් නම් නෑ තමයි,,මොකද මට මොළ දෙකක් තියනවනේ ..
      මොළ ගැන කියන්න එපා මට මල :/

      Delete
    4. බුවඃ හඃ හා..එහෙනම් මොළ මොල මොළ මොල හූ......................:)

      Delete
    5. මට අකුරු දෙකේ කෑමක් මතක් වෙනවා ලෙසටම..කියන්නද....ල,,ල ,,ල

      Delete
    6. අනේ රුවෝ මේ කොළඹ හිටිය කෙල්ල බලෙන් අරන් ගිහින් කන්නත් දීල මදැ ගහපු කාඩ් එක...අන්න හිරුව ලනුවක් හොයනවා එල්ලෙන්න.

      Delete
    7. කොළඹ අය මොනාද දන්නේ කැන්ඩියන්ස්ලා තරම්..අනික ලැබූ නෙමේ අර වචනේ :)
      දන්නවනම් ග්‍රවුන්ඩ් එකේ ලනුවම දෙනවා එල්ලෙන්න'

      Delete
    8. අනේ එර්ර්ර් :/

      Delete
  7. හිකිස්‌ :D :D :D හයියෝ... මගේ කට දෙපැත්තම රිදෙනෝ හිනා වෙලාම.. මරු පොස්ට් එක රූවෝ... ඔන්න මං පනුච්චිත් සුට්ටක් ඉතාල කිරිකට් ගැන දැනගත්තලු ඈ... :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ඈ එච්චර ඉන්ට්‍රස්ටින්ද හිරුවා නෑව එක..පවු අක්කෝ..තව කොච්චර තියනවද අප්පා කිරිකට් ගැන ඉගෙන ගන්න ..තැන්කු වේවා

      Delete
    2. අනිත් පාර යනකොට පනුවව හලල යන්න එපෝ

      Delete
    3. අනිවා මට එතකොට ගෘප් ක්ලාස් එකක් දාන්න පුළුවන් :D

      Delete
    4. බුදු අම්මෝ මම එන්නේ නැතෝ.. වැරදි ටීම් ඒකට චියර් කරලා රූවා ගහයි බැට් එකෙන්ම මට...
      නලින් අංකල් ටොකු කන්න ගොඩක් ලඟයි දැන් දැන් හොඳේ... :/

      Delete
    5. හේ හේ ..නෑ අම්මා ගහයි දන්නැති ඒවා කරන්න ගියා කියලා :)
      අනේ අක්කෝ පවු අංකල් හොඳේ.. :)

      Delete
    6. රූ.................. :/

      Delete
  8. Replies
    1. හිරුවා නෙමේ මමනේ පවු :/
      ආහ ...හැපී බර්ත්ඩේ අයියා :)

      Delete
    2. හික්ස්! තැන්කු ඈ!!!!
      හිරුවා - අඩන්නේ එපා දැන්.......ක්‍රිකට් බලන්නම්... :පි

      Delete
    3. ඔව් අයියා මේකා තාම අඬනවා:)

      Delete
  9. මේ පැත්තෙ සිරි නරඹපු 1st ටයිම්... හිරැවාට මඩ හික් හික්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයා මෙහෙට අලුත්..හිරුට මඩ ගැසීමටම මේක ලිව්වේ නම් නෑ..ඒත් වුනේ නම් ඒක තමා :)
      ආවට ඔයාටත් ස්තූතියි හොඳේ

      Delete
  10. හිරුවා ලංකාවෙ කෙල්ලෙක් නෙමේද ඈ.....?? :))

    ලෙසටම ලියලා... පට්ටයි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑනේ .පොර සුඩානේ :) :)
      ඔබටත් ඒවම ලැබේවා.
      ස්තූතියි යාළු

      Delete
    2. ඔව් උඹත් අප්රිකාවෙනේ :/

      Delete
  11. කෑගහල හූ ඈ ...... @ සිතමින් ( මාත් මැච් බලන්න ගියොත් මේ පරිප්පුවම තමයි . බ්ලොග් ලියන එකෙක් එක්ක යන්න නරකයි)

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද?????දැන් වත් පොඩ්ඩක් ඉගෙන ගන්න..හැමදේම දැනගත්තට වරදක් නෑනේ..ශරීරෙට හොඳයි:)
      ස්තූතියි යාළු

      Delete
  12. මන් මේ පැත්තේ ආපු පලවෙනි පාරද මන්දා.
    අනේ මන්දා එහෙන් හිරු මඩ ගහන්න බලන් ඉන්නේ මේ රුවාට.

    මේ රුවා කෙල්ලෙක්ද කොල්ලෙක්ද? (හිතමින්)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔය මෙහෙ කරක් ගහල තියනවා කලිනුත් :D
      ඔව් ඔව් එකයි දුන්නේ රිටන් එක කලින්ම..
      මම සාමන්‍යය කෙල්ලෝ කරන වැඩ කරනවා අඩුයි..වෙලාවකට කොල්ලෝ පරාදයි :D

      Delete
    2. ඕ...මම මඩ නොගසමි. :(

      Delete
  13. ෆයිනල් බලන්න යන්න අදහසක් එහෙම නැතුව ඇතිනේ හිරු එකකේ? කප් එක දෙනවා දැකලා අහයිද දන්නේ නෑ ' මොකද්ද බං ඒ පඩික්කමක් වගේ එකක් දෙන්නේ?' කියලා.

    ආව පලවෙනි වතාවද කොහේදෝ. එළ.. :)

    ReplyDelete
    Replies
    1. බකස් ඒක හැබැයි..ඒත් දැන් හිරුවට ගැහුව මඩ ඇති නිසා මොකුත් කියන්නේ නෑ :)
      ඔව් ඔයා මිට කලින් ඇවිත් නෑ මෙහෙ ස්තූතියි යාළු :)

      Delete
    2. මේ ඔක්කොම එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :/

      Delete
  14. හිරුවා ලංකාවේ විසූවෙක් නොවන බව පැහැදිලිය..
    ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි පිටරට කියන්නත් බෑ මොකද මැච් ඒ රටවල් වලත් තියනවනේ,,,සුඩානේ වගේ රටක් නම් මැච් වෙනවා :D
      ස්තූතියි තරියෝ :)

      Delete
  15. මරු මනුස්සයෙක් එක්ක මැච් එකක් බලන්න ගිහින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා ;D

      Delete
  16. එළ සිද්දිය..ඊළ්ඟ වර්ල්ඩ් කප් එකේ තර්ඩ් අම්පයර් ඇප්ලයි කරන්ඩ.අනිවා දෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලෝ..පොඩි අදහසක් තියනවා ක්‍රිකට් බෝර්ඩ් එකට පනින්න..ගසා කන වුන් එල්ලන්න ඕනී අප්පා..
      මම සලකා බලන්නං ඔයාගේ අදහසත් :) :)

      Delete
  17. දෙනාත් එක්ක මැච් එක බැලුවේ නැද්ද ආ ..........
    මම හිතුවේ අපි එක්ක ඔක්කොම කට්ටිය මැච් එක බැලුවා කියලනේ.........
    බලාගෙන ගියාම මේ දෙන්න වෙන මොනවදෝ නේ කරකර ඉදලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හේ හේ..කෝ ඔයාලා කෑ ගගහ හිටියනේ,අපිව දැක්කද මැච් එක ඉවර වෙනකල් :) :)
      කොහොම නමුත් ස්ප්‍රයිට් එකට තෑන්ක්ස් ආ :)

      Delete
    2. හී හී කොහේ කතා කරන්නද අර වගේ මරු මැච් එකක් බල බල. අපි පස්සේ වෙලාවක සෙට් වෙමුකෝ හරියට කතා බහ කරලා අදුරගන්න ආ ...............:)

      Delete
    3. හරි හරේ..ආයෙත් ස්ප්‍රයිට් ඕනී හොඳේ :)
      ස්තූතියි තරි:)

      Delete
  18. අලේ තෑන්ක් යූ සොමච් වේවා කිව්වා. මට ක්‍රිකට් ඩිප්ලෝමාවම එක දවසින් දුන්නට. :D දැන් මට දැනෙනවා මම ක්‍රිකට් වලින් බහුස්‍රැතයි කියලා. :D
    මම ත්‍රිතට් ගැන මේලෝකේ දෙයක් දානගෙන හිටියේ නෑ වගේ :D
    මම ගියානම් අහන්නේ ඔයිටත් අන්ත පුශ්න තමා :D
    එල නාට්‍යය ඈ :D
    අද තමා මෙහාට ආවේ. හිරු තමා පාර කිව්වේ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. crick(hons)ඔන්න ඩිග්රියක්ම...අපෝ තව කොච්චර දේවල් තියනවද යාළු..ඒවා PHD කරනකොට කියන්නම්කො :)
      ස්තුතියි හිරු නා ගත්ත හැටි බලන්න ආවට :)

      Delete
    2. ස්තුතියි අමා මා ගැන මතක් කලාට :)ඒක හොඳ ගුණයක්

      Delete
  19. හපොයි උදේ පාන්දර කඳුළු පනිනකම් හිනා උනා...

    මදෑ හිරුවා මරු මඩ පාරක් කාලා කියලා බලන්න ආවා... මං හිතුවා මෙහේ එකෙක් දෙන්නෙක් එල්ලිලා ඇති කියලා මේ වෙනකොට.... කොහෙද.. මුං තාම ලණු හොයනවානේ... හි හි..

    නියමෙට ලියලා තියෙනවා... මමත් ඔය දන්නැති ඒවා දන්න විදියට කියලා දෙද්දි ඔය විදියම තමා.. හි හි.. කිරිකැටි ගැන නම් ඉතිං ටිකක් දන්නා.. නැත්තං ලංකාවේ ඉන්නේ කොහොමද... හි හි... හැබැයි අර ෆ්‍රී හිට් එකේදි ඊළඟ බෝලෙට විකට්, කැච් අවුට් නෑ කියලා ඔන්න අද තමා අල්ලගත්තේ.. දැං ඉතිං ඕක නොදන්න කෙනෙක් අහුවුනොත් චණ්ඩියා වගේ කියලා දෙන්න පුළුවන්... හි හි....

    ඔන්න මං ෆලෝ පාරකුත් දැම්මා......

    ReplyDelete
    Replies
    1. ලණු නෙමේ දැන් තේඩාවක්ම ගේන්න වෙනවා හිරු..
      මේ ක්‍රිකට් වල T20 සයිඩ් එක විතරයි ඔන්න..ටෙස්ට් මැච්,ඕවර් 50 මීට වෙනස් හොඳේ.හැබැයි ෆ්‍රී හිට් තියරිය වෙනස් වෙන්නේ නෑ,,
      ස්තුතියි මෙහෙ ආවට.ෆලෝ කරාටත් :)

      Delete
    2. හච්චෝ හිරු අක්කිත් ආසාවෙන් ඇවිත්ද මන්ද :(

      Delete
  20. ඇත්තම කියන්නම්කෝ. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. :D
    හිරුවට මේවා කියලා දුන්නාට පස්සේ මැච් එක බලන්න වෙලාවක් ඉතුරු වුණාද මන්දා.

    ReplyDelete
    Replies
    1. නෑ අනේ ඊළඟ දවසේ රිපීට් එක තමා බැලුවේ..හික්ස්
      ස්තූතියි කමෙන්ට්ටුවට :)

      Delete
  21. කොන්ඩේ වැවෙනකන් ඔය මොනවා කිව්වත් වැඩක් නෑ.මොනවා උනත් ඔය හිරුවාගෙන් නිව් සිලන්ඩ් වලට හෙනම අපලද කොහෙද!.උන්ට සුපර් ඕවරෙමයි සෙට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අපිට අපල..නැත්තං ඊට කලින් අපි දිනුම් :D
      පව් අපේ හිරුවා දැන් ඇති මඩ ඌට :)

      Delete
  22. හිකිස් පවු වැඩේ ඈ....පට්ට කතාව හැබැයි
    මේ තව එකක් මාලින්ග විකට් 4ක් ගත්ත එකට කියන්නේ ඩබල් හැට්‍රික් කියලා
    අර ලංකාවට චියර් කරන අයට කියන්නේ අප්පු හාමි නෙවෙයි අප්පු ආමි කියලා
    ඔයිකේ... :)

    ReplyDelete
    Replies
    1. අම්මා මෙයා දන්න දේවල්..දැනුවත් කලාට ස්තූතියි හොඳේ..මම අහල තියෙන්නේ ද අප්පුහාමි කියලා නේ :/
      ස්තූතියි ආයෙත් :)

      Delete
  23. මරු ඈ :D හොඳ යාළුවො ටිකක් වගේ.. ක්‍රිකට් ගැන ඩිග්රියක් වත් තියනවා ද..:))

    ReplyDelete
    Replies
    1. තාම නෑ ඒත් ගන්න අදහසක් තියනවා..ඒකනේ යාලුවෝ කියන්නේ යාළු :)
      ස්තූතියි ඔයාටත් :)

      Delete
  24. ewage ewun match ekata ekka yanna kalin poddak hithanna thibuna,,ha ha ha..anyway nice ah,,

    ReplyDelete
    Replies
    1. එවුන් කියන්න එපෝ :(
      ස්තූතියි අයියා:)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music