Wednesday, June 20, 2012

සරසවි ජීවිතේ

ඉති න් මේ දවස් වල කැම්පස් ජීවිත ඔක්කොම අවුල් වෙලා, මොකෝ අපේ නැන්දලා මාමලා ආරක්ෂක හේතුවකට ද මොකටද ස්ට්‍රයික් එකක් කරගෙන යනවනේ දිගටම >>
පොත් ටිකත් කැම්පස් එකේ දාලා ආව නිසා පුදුම නිදහසක්...මුළු දවස තිස්සේ ෆේස්බුක් ,කාටුන් අනං මනං :)
    ඒත් ගෙදරම ඉන්නත් කම්මැලියි,ලේක්චර්ලා දුන්න වැඩත් නැත්තෙම නෑ....ළඟ කොළ කෑල්ලක් වත්නෑ, අනික කරන්නත් තේරෙන් නෑ මෙලෝ දෙයක්,ඒක එහෙම වෙන්න ඕනෙ කොහොමත් මොකෝ ලෙක්චර් හෝල් එකේ නෙමේ ග්‍රවුන්ඩ් එකේ හරි හොස්ටල් එකේ හරි නේ හිටියේ පහු ගිය දවස් වල..හිටිය කට්ටියත්  අන්දුන් කුන්දුන් වෙලා.ඉතින් මම :D
උදේ ඉඳං ෆේස් බුක් එකෙත් එක එක සෙල්ලම් ..ඉතින් මේ දවස් වල  බැච් එකේ ගෘප් එකේ අපේ අයගේ කටේ තියන සරසවි ටොප් චාර්ට් එකෙන් බිඳක් කියන්නම් මම..සමහරඒවාවල  අපේ සබ්ජෙක්ට් තියනවා කමක් නෑනේ .ඉතින් සරසවි ගැන ඔයාල දන්න කවිත් එවන්නකෝ අ
පිට බලන්න :) අනික ඒකවි වල ගැඹුරු යටගියාවකුත් තියනවා,එහෙම කවි ගැනත් පස්සේ ලියන්නම් 
  • කොමස් කරලා අපි හිතුවේ  
  • වැඩි පඩියට ජොබ් කරන්න
         මෙහෙම ගියොත් අපිට වෙන්නේ 
ගස් නැඟලා පොල් කඩන්න 


  • මහ ගොනෙක් වුණා මගේ එකම පුතා 
         සරසවියට ගොස් ඌ ගොනා වුණා
         නැති උනත් පුතේ ලොකු ලොකු රස්සා
         නුඹ ගෙදර වරෙන් ඩිග්‍රිය හැර දමා

  • සංසාරේ දුක නිවනා පිළිවෙල 
          සරසවිය නොවෙයි දැනගනින් නුඹ
          සරසවියට නුඹ ගියත් අද දින 
          මට සැකයි නුඹේ හෙට ගැන 

  • ලැබුවේ අවවාද නොහොබින ආරකය 
          දුදනන් නිසා විය සෙනසුරු මාරකය
          මං පෙර ගියේ වරදින් පිරි පාරකය
          ඒ ගිය මඟේ අවසානය පෝරකය 

ඔන්‍න‍ ඕවයි දැන් චාර්ට් එකේ තියෙන්නේ..පිටතින් බලලා හිනාගියාට ඇතුලතින් නම් කඳුලක්  එනවා.ඒක අද නොවෙන්න පුළුවන් ,නමුත් කවදහරි මේ නාස්ති වෙන කාලේ ගැන දුක් වෙන්න වෙයි.අපි ප්‍රාර්ථනා කරමු එහෙම නොවේවා කියලා.කොහොම වුනත් මේ විදිහට කාලේ නාස්ති කර කර ඉන් නැතුව පොල් කැඩුවත් කමක් නෑ කියලයි මගේ අදහස.මොකද පොලුත් සෑහෙන ගණන් ...
සියයට දෙකක් කියල අපිව තෝරා ගත්තට වෙලාවකට හිතෙනවා ඉතිරි අනු අටම ජොලියේ ඇති කියල එහෙමමත් නෑ පොඩ්ඩක් ඒ අය ගැන හොයල බැලුවොත්.සමහරු නම් යන්නේ කාර් වල එහෙමත් තියනවා..වාසනාවද අවාසනාවද දන්නෑ අපිට උරුම පුරුදු පෑනයි පොතයි වගකීම් ගොඩකුයි .
පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ඒ හැටි තේරුමක් නැතත් මගේ නම් විරුද්ධත්වයක් නැත්තේ මය.නමුත් අදාළ බලධාරීන් එය පෙරට දැමිය නොයුතුය,දුප්පතා වෙනුවෙන් හඬ නඟන්නට දැන් කවුරුත් නැත.ඉන්නවා නම් ඇත්තේ නඩු පොත් ඇතුලේය  නැත්තම් හිර ගෙයකය..
කහට කෝප්පයක් බිබී බ්ලොග් එක හදනකොට රේඩියෝවේ යනවා සරසවි අර්බුදය ගැන තවම එකගත්වයක් නෑ කියලා.අනිත් එක සීනි වල මිලත් ඉහළ ගියාලු රුපියල් නමයකින් ,තේ එක ඉස්මොල්ලේ ගියේ දැන්නම් පලවෙනි එකට නෙමේ 
කාලා බීලවත් ඉන්න වෙන්නේ නැති පාටයි ....දේශපාලනේ ගැන නෙමේ මම කියන්නේ ,ඔය පොඩ්ඩට තේ එකත් නිමිලා :)
                       ................පන්හිඳ හිතුවක්කාර මේ නිසාමය..............

16 comments:

  1. සරසවි ටොප් චාර්ට් එක නම් හරිම ලස්සනයි... ඒ ලස්සන ඇතිවුනේ ටිකක් කටුක අත්දැකීම් සමූහයක් එකතුවෙලා කියලත් හිතෙනවා... මේ හැම දෙයක්ම අතරින් ලියවෙන හිතුවක්කාරිගේ පන්හිද ගැන ගොඩාක් සතුටුයි..!

    ReplyDelete
  2. සරසවි ජිව්තෙත් ගංගාවක් වගේ ඒකාකාරව යනකොට හැඩ නෑ,,නමුත් හැඩ වැඩි උනාමත් ප්‍රශ්නයක් නැත්තේම නෑ,,පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ගැන,,ස්තුතියි අපිත් එක්ක ඉන්නවට :)

    ReplyDelete
  3. aththatama lassanai... oya langa hengichcha loku samaja demumak thiyanawa kiyala mata hithenawa nangi... me jewithe hari katukai, oya thama campus jiwithe patangaththa wetharai, namuth me yatharthaya... saha oyage awabodaya gena aththatama pudumai

    ReplyDelete
  4. ඔයා හරි අයියේ මම තාම අලුත් සරසවියට,,ඔයා කියන විදිහට ලොකු දැනුමක් නැති උනාට පොත පත ,අත්දැකීම් අපිව සමාජයට හුරු කරනවා.මම සරල භාෂාව තෝරාගත්තේ ගැඹුර නැති කරන්නයි ,ස්තුතියි අයියා :)

    ReplyDelete
  5. හිතුවක්කාරීට හොද හිතුවක්කාර පන්හිදක් තියනවා වගේ.......
    තව තවත් හොද හොද බ්ලොග් පොස්ට් ලියන්න හැකි වේවා ....!
    මම PGTDK

    ReplyDelete
  6. ස්තුතියි කමෙන්ටුවට.ඒත් මට අඳුරගන්න බෑ යාළු,කමක් නෑ හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටලුනේ :)

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් ලියන්නේ නම් නැ. ඒ වුනාට කියවන්න මාර ආසයි ......
      අහ්........ අපි ඔය පස්සේ හිමිට අදුරගමුකෝ......
      ඉක්මනින් තවත් ලිපියක් බලාපොරොතු වෙනවා......
      ඔබට ජය...!
      මම PGTDK

      Delete
    2. මේ දවස් වල පොඩි පොඩි වැඩ යාළු..ලියමු හෙමීට

      Delete
  7. ෂෝයි හොදේ..:)

    ReplyDelete
  8. ස්තුතියි යාළු :) මම නම් ස්ට්‍රයික් වලට ආසයි :) :)

    ReplyDelete
  9. අප්පේ මටත් ගෙදරටම වෙලා ඉදලා ඇති වෙලා..අර job කේස් එකනම් අපිට එච්චර දැනෙන එකක් නෑ!හැබැයි වයස යන එක තමයි ප්‍රශ්නේ!

    ReplyDelete
  10. :) ekane naththam one ekak kiyala gedara inna thibuna :)

    ReplyDelete
  11. මේ සිංදු කියවද්දී හිනාවුණත් ඒවායෙන් කියවෙන්නේ ඇත්ත තමා මේ වෙන දේවල් එක්ක බලද්දී :(

    ReplyDelete
  12. ඒකමයි මටත් කියන්න ඕනෙ උනේ යාළු :)

    ReplyDelete
  13. හ්ම්ම්ම්.. කතාව ඇත්ත.:)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music