අප්පා ඒ කාලේ මතක් වෙනකොටත් වැඩිපුරම දුකයි,පොඩ්ඩක් සතුටුයි.මොකද පාන්දරම නැඟිටලා පොතුයි බතුයි බැඳ ගෙන,අම්මටත් දඩි බිදී ගාලා වැඳලා හඳත් එක්කම යනවා ක්ලාස්..අඩ නින්දෙම ටිකට් එක අරගෙන ෂීට් එකේ මුල්ලකට හේත්තු වුනාම මාළිඟාව පහු වෙනකන් නින්ද යනවා.
"නැගිටපන් "ඒ අපේ යාළුවෙක්.අමාරුවෙන් ඇහැ අරගෙන ටියුට් එකත් අන්කල්ගෙන් අරන් ,කාඩ් එකත් පෙන්නලා මාක් කරගෙන බංකු කෑල්ලේ ඉඳ ගත්තම ආයෙත් නින්ද යනවා යනවාමයි.
සර් එනකොට කොහොම හරි නැඟිටලා ඉන්න ඕනේ නැත්තම් ලඟට ඇවිත් මයික් එක දෙනවා,නැත්තම් මේ ජාතිය අවදියෙන් ඉන්න ඕනේ වෙලාවයි කියලා ඔළුව අතගානවා:)ප්‍රස්ථාර ,ගණන්,මහ බැංකු වාර්තා අස්සේ සංවර්ධනය පැත්තේ යනකොට මුලික අවශ්‍යතා මතක් වෙනවා ඉබේටම..ආපෝ තවම 11ට වත් නෑ.ඔරලෝසුවටත් බැන බැන වට පිට බලනකොට ඈතින් වැවේ වතුර පේනවා කොළ පාටට අනිත් පැත්තෙන් අස්ගිරියේ බුදු පිළිමේ.බලන්න ආසයි...ඒ අස්සේ කොහොම කොහොම හරි සර් ටියුට් එක ඉවර කරලා ඕන්...අපි දන්නෙත් නෑ.
ඊළඟට ප්‍රශ්න වටය ..මයික් එකත් අරන් එනවා සර් ඉස්සරහටම.සර් දිහා බලාගෙනම හිටියම ටිකක් ශේප්,හැබැයි බිම බැලුවොත් නම් ඉවරයි නම්බුව .(ඕවා ට්‍රික්ස්:P)මොකද මයික් එකට උත්තර දෙන්න ගියාම දන්නා දෙමලෙත් වරදිනවා ඒක සාමාන්‍යයි ..සරලයි පුදුමයි වගේ..කටහඬේ සැර අඩුවෙලා ගියාට සර්නම් දැන් ක්ලාස් එකට ආවා වගේ රඟපානවා,ලියනවා,විහිලු කරනවා.ළමයි චිට් යවනවා කවි ලියලා.සරුත් හොඳ කවි කාරයෙක් ..උත්තර දෙනවා ඉක්මනට.ඔන්න තව එකක්..මේවා යවන්නේ උත්තර අහන්නම නෙමේ ,පොඩ්ඩක් විවේක ගන්න..සර් ඒක දන්නවා මොකද වෙලාවකට එකම ප්‍රශ්නෙනේ අහල තියෙන්නේ ..
"පැයක් තියනවා කාලා ඉක්මනට එන්න".ළමයි දුවනවා සර්වත් යට කරගෙන,පේන්නෙත් නෑ සර්රුත් අපේ පිරිමි ළමයි ගේ ගානමයි කියලයි හිතන්නේ ඊටත් පොඩියි වගේ ..
සර් ගේ වචනෙන්ම කිව්වොත් කෙසඟ සිරුරු :)
අත හෝදන්න ගියොත් වෙලා යනවා මොකද බහින්න වෙනවා යට තට්ටුවටම."ඌරන්ට මොන සෞඛ්‍යයද ?"
කනවා බත් ඔක්කොම එක කොලේකට දාගෙන,සමහරවිට අයිතිකාරයට බත් කටවල් එකයි හෝ දෙකයි නැත්තම් උදේ ගෙදරින් කාපු බත් එකනේ කියල හිත හදාගන්න වෙනවා...
ඊට පස්සේ ඉතින් කතා,සාකච්ජා.ඕපදුප,කෙටියෙන්ම කෙල්ලෝ නාට්‍ය වල රිපීට් එක..කොල්ලෝ මැච් වල හයිලයිට් එක..
වෙලාව ඉවරයි,සර් එන්න කලින් බංකුවල ඉන්න ඕනේ,නැත්තම් අන්තිමට එන කෙනාට එක එක ශබ්ද දානවා ඉඳගෙන ඉන්න අය :)
තව ටියුට් එකක් ,ගත්ත ගමන් බලන්නේ කොළ ගාන මොකද සර් ටියුට් එක දවසින් ඉවර කරනවා සාමාන්‍යයෙන්..අපොයි තාම පිටු දෙකයි පැන්සලෙන් රවුමක් දානවා ලොකුවට..ගණන් හදන්න ගියාම වැඩිපුර තියෙන්නේ ටිපෙක්ස්.පොතේ විතරක්ද අතේ ,ඇඳුමේ හැම තැනම ..බස් එකේ යනකොට ඒක වාසියි මොකද ඉගෙනගන්න ළමයෙක් කියල බෑග් ඒක ගන්නවනේ ..වට පිටෙන් කළුවර වැටෙන කොට පෑනයි පොතයි තියාගෙන අනිත් ඔක්කොම බෑග් එකට දාගන්නවා..ළමයි ගන්න ප්‍රස්ථාර කොළ ..හැගීම කියන්න ඕනේ නෑනේ "මැරුවත් දැන් නම් බෑ සර් "
6කණිසම වදින කොට පිටි පස්සෙම කට්ටිය බංකුවෙන් බංකුව ඉස්සරහට යනවා.මට මේවා පේන්නේ මාත් ඉන්නේ අන්තිමටනේ :)
"බුද්ධිමතුන් බිහි වෙන්නේ පසු පස පේලි වලින්" නේ ඒකයි ....
ක්ලාස් එක අදට ඉවරයි ..
"බුද්ධිමතුන් බිහි වෙන්නේ පසු පස පේලි වලින්" නේ ඒකයි ....
ක්ලාස් එක අදට ඉවරයි ..
අපි හැමෝටම ටියුෂන් ක්ලාස් එක අමුතුම තාලයේ හරිම සුන්දර අත්දැකීමක්... මම නම හැම සතියකම අලුතින් ටියුට් එකක් ගන්න හරිම ආසයි, ඒ ඉගෙන ගන්න ඕනිම හින්දත් නෙමෙයි :) එතකොට පුළුවන්නේ කලින් සතියේ පාඩමේ අකුරක්වත් මතක නැතිවුනත් දවස නැවුම්ව පටන් ගන්න... හේ හේ :) මටනම් ටියුෂන් කියන්නේ බඩ පිරෙන්න හොදට කාලා සැප නින්දක් දාලා විහිලු කතා මල්ලට තව ඕපා දුප ටිකක් එකතු කරගන්න පුළුවන් වටිනා දවසක්!!!
ReplyDelete'හිතුවක්කාරි'ගේ බ්ලොග් එක කියවනකොට ඒ මතකය අලුත් වුණා...
ඔයත් අපි වගේමයි නේ, විශේෂයෙන් එපා වෙන පාඩමක් නම් ඉවර වෙනකල් ඉවසුම් නෑ..ඒ වුනාට අපේ භාෂාවෙන්ම කිව්වොත් කාපු කට්ටෙත් රහක් තියනවා..ස්තුතියි යාළු කමෙන්ට්ටුවට :)
ReplyDeletemama ayeth hithin kandy class ekata giya.... loke tharagakarima wibageta monawa hari getagahaganna... thanks oyata
ReplyDeleteමට තෑන්ක්ස් කරන්නේ ඇයි අයියා :) ඒ තරඟය අපේ ජිවිත උඩු යටිකුරු කලා
ReplyDeletehodakda une narakakda kiyalanam theren na... eth udu yatikuru una thama :)
Deleteහිතුවක්කාරීත් නුවර පැත්තේ වගේ මමත් clz ගියේ නුවර තමා හැබැයි ටිකක් දුර ඉදන් ...........
ReplyDeleteඅහම්බෙන් බ්ලොග් එක දැක්කේ ලස්සනට ලියල තියනවා
මටත් අතීතේ මතක් උනා........
මම PGTDK
මාත් ටිකක් දුරයි නුවරට..ස්තුතියි පන්හිද බැලුවට...මේකේ භාෂාව සරල කලේ අතීතය මතක කරන්නමයි :)
ReplyDeletesinghlis unanam math dan kiyawanawane.. Duka tama..
ReplyDeleteසාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නෑනේ යාළු,ඒකයි :(
ReplyDeleteඅපි බලමු ඒකටත් මොකක් හරි :)
wenada wagema kiyanna tyenne wede maru kiyala..(y)..mage yaaluta suba pathum..:)
Deleteගොඩක් ස්තුතියි යාළුවා :) වැදගත් දෙයක් ලියන්නම් ඉක්මනට..
Deleteapi balaporoththuwen enawa yalu
ReplyDeletethawa athitha mathakayan kawadi karagann
ReplyDeleteඅනිවාර්යෙන්ම ,අපි එක්ක ඉන්න,ඔයාලගේ අත්දැකීමුත් කියන්නකෝ :)
ReplyDeleteඔන්න අපි නම් තාමත් clz යනවා... ;)
ReplyDeletehe he:) apith ithin lectures yanawa malliyo :)
ReplyDeleteඉස්කෝලේ ගිය කාලේ, ක්ලාස් ගිය කාලේ මේ විදිහට මතක් කරන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මොනවා වුණත් සුන්දර මතයකන් :)
ReplyDeleteඅනිවාර්යයෙන් ..ඒ කාලේ ආයේ එන්නේ නෑ යාළු :(
ReplyDeleteGreat and that i have a dandy give: What Was The First Home Renovation Show house renovation
ReplyDelete