Friday, July 13, 2012

ඔලිම්පික් උණ



   මට නම් පොඩි කාලේ ඉඳන්ම ස්පෝර්ට්ස් ගැන පුදුම උණක් තමා තිබුනේ ,මෙලෝ දෙයක් දන්නැති වුනත් ඔලිම්පික්,කොමන් වෙල්ත්,සාග්,ඒෂියන් ගේම්ස්,වගේ තියෙන කාලෙට මාව නැගිට්ටවනවා නම්  බොරු ටී වි එක ලඟින් .
ඇත්තට ක්‍රීඩා කරන අයගේ ගෙවල් වල අයටවත් නැතුව ඇති ඒ තරම් උනන්දුවක් :)
කිව්වට මොකද 2006 ඉඳලා ක්‍රීඩකයන් තිබ්බ වාර්තා ඔක්කොම මං ළඟ අදටත්  තියනවා ,හැබැයි අහන්න එපා පාඩම් කරපු පොත් දැන් කොහෙද කියලනම් හොඳේ :) 

ක්‍රීඩා ගැන කියද්දී පොඩි සිද්ධියක් මතක් වුනා,අහන්නකො විස්තරේ ..වුනේ පහේ ශිෂ්‍යත්ව කාලේ දි 
දවසක් හවසක  කොච්චර පාඩම් කලත් මතක හිටින්නැති පොඩි එවුන්ගේ මාර සුත්තරේ ඒ කියන්නේ  "චක්කරේ "පාඩම් කර කර ඉන්න වෙලාවක පාරේ මල්ලිලා ,අයියල ගහනව ක්‍රිකට්..ඔන්‍න‍ ඉතින් බවුන්සර් පන්දුවකට මිඩෝන් ප්‍රදේශයට එල්ල කරපු පහරක් හේතුවෙන් පන්දුව වැටුන පල්ලෙහා වත්තට .පේන විදිහට එය දැවී යාමක්  .පාරේ ක්‍රිකට් හරි ඉන්ට්‍රස්ටින්,පොලිස් වහනයක් දැක්කොත් ඔක්කොම තාප්පෙන් පැනල පාත් වෙනව නිකම් එස් ටී එෆ් වගේ ,එහා ගෙදර ජනේල්ලෙට බොලේ වැදුනොත් අහගන්නවා අම්බානක සිංහලෙන් නම් බැරියැ ෆුල් ඉන්ග්ලිෂ්  මොකෝ අන්කල් ක්‍රිස්තියන් :)මෙවන් කූර :)සමාජය මැද්දේ අපේ අයගේ ක්‍රිකට් නම් ඉන්ටර්නැෂනල් ඒවා වගේ නෙමේ.රූල්ස් එමටයි .පාරෙන් පල්ලෙහා උඩින් ගියොත්  අවුට්,බිමින් ගියොත් ඔට්ටු නෑ,වහලේ ,ජනෙල් වල වැදුනොත් අවුට්,බෝලේ  නැති වුනොත් ඔක්කොම හොයන්නත් ඕනේ .ලාස්ට් මෑන්ට චාන්සුත් නෑ.
          ඉතින් කට්ටියම වත්ත පෙරලනවා වගේ දැක්කා හතර වරක් හය වගේ යනකොට,බැලුව වට පිට..හ්ම් අම්මිත් නෑ වගේ,පැන්න නේද කැලෑ වෙලා තිබුන වත්තට පස් වරක්ට ඕන කුදයක් කියල.අයියලවත් ගියේ නෑ කටු ඇනෙයි කියල ,මදෑ ඇති බෝලයක් නෑ උත්සහය අසාර්ථකයි ,ඒත් කකුල ඉදිමෙනවා බලාගෙන ඉද්දි අපොයි කාල නේද වත්තේ නයා ..රෑ ජාමේ හු කිය කිය යන ඇම්බියුලන්ස් එකකින් දැක්කුව මහ ඉස්පිරිතාලෙට ,එදා ඇම්බියුලන්ස් එකේ ගිය සින්දුවට නම් මම අදත් බයයි සත්තයි ,ඒ "මිනි කිංකිණි හඬ පරදා"යමන් රාගේ අඬහැරේ වගේ...විෂ උඩු දුවන කොට ඉන්න බෑ ,ඉතින් කෑ ගහනව,දැන් කොහෙද අහනවා ,එතකො‍ට ඇහෙනවා
"තව දුර වැඩි වේ -ගව්වෙන් ගව්වේ" කියල ඒ අපේ අම්මි  නම් නෙමේ විජය කුමාරතුංග මහත්තයා..
වල් පල් අස්සේ 2012 ඔලිම්පික් ගැනත් පොඩ්ඩක් අහගන්න .

ඉතිහාසය 
  • ක්‍රි.පු 776 (පුරාතන ) 
  • 1892 (නූතන) .නිර්මාතෘ "පියරේ ඩි කුබර්ටින් "
  • 1982 ග්‍රීසියේ ඇතෑන්ස්හි ප්‍රථම තරගාවලිය.
  • 1900 ප්‍රංශයේ පැරිස්
  • 1904 ඇමරිකාවේ ශාන්ත ලුවිස් 
  • 1908 බ්‍රිතානයේ ලන්ඩන් 
  • 1912 ස්වීඩනයේ ස්ටොක් හෝම්
  • 1916 ජර්මනියේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පළමු ලෝක යුද්ධය නිසා නොපැවැත්විණි .
  • 1920 බෙල්ජියමේ ඇන්ට්වර්ප්
  • 1924 ප්‍රංශයේ පැරිස්
  • 1928 නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම්
  • 1932 ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්
  • 1936 ජර්මනියේ බර්ලින් 
  • 1940ජපානයේ ටෝකියෝ වල පැවැත්වීමට නියමිතව තිබූ නමුත් දෙවන ලෝක යුද්ධය නිසා නොපැවැත්විණි .
  • 1944  බ්‍රිතානයේ ලන්ඩන් 
  • 1948  බ්‍රිතානයේ ලන්ඩන් 
  • 1952 ෆින්ලන්තයේ හෙල්සින්කි 
                 :
                 :
                 :
                 :
                 :
                 :

ක්‍රීඩාංගනය 


  • ආරම්භය ජුලි 17 .ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනය 
  • පිහිටා ඇත්තේ stafford marshgate මාවතේය.
  • ගෘහ නිර්මාණ කටයුතු 2007 නොවැම්බර් ආරම්භ විය .භාර ආයතනය "පොපියුලස්‌ "
  • ප්‍රේක්ෂක ධාරිතාව 80,000 කි.උළෙලින් පසුව 60,000 දක්වා අඩු  කිරීමට නියමිතය.
  • පියස්ස සදහා ටොන් 2500 කා වානේ භාවිතා කර ඇත.
  • ක්‍රීඩාංගනය නිර්මාණයට වානේ ටොන් 10,000 හා කොන්ක්‍රීට් කියුබික් මීටර් ක් යොදා ගෙන ඇත.

ගිනි සිළුව 

  • ලෝහය "ඇලුමිනියම්"
  • පැහැය "රන් "
  • උස සෙ.මි 80
  • බර ග්‍රෑම්  800
  • කුඩා රවුම් 8,000 .එයින් ජන කොටස් 8,000 පමණ සංකේතවත් කරයි.
  • නිර්මාණකරුවන් "එඩ්වර්ඩ් බාබර්" හා "ජයි ඔස්ගර්බ්"

පදක්කම් 

  • සකසා ඇති පදක්කම් ගණන 4700කි. ලෝහය "රෝයල් මින්ට්"වන අතර 
  • නිර්මාණකරු වන්නේ  "ඩේවිඩ් වැට්කින්ස්"ය.
  • පදක්කමක බර 375-400 g කි. ඝනකම 7 mm

ජනප්‍රිය ඉසවු  හා ලෝක වාර්තා(පිරිමි)

ඉසව්ව
ජාතිය
ක්‍රීඩක නාමය
වර්ෂය
වාර්තාව
මීටර් 100
ජැමයිකා
උසේන් බෝල්ට්
2008
තත් 9.69
මීටර් 200
  “
තත් 19.30
මීටර් 400
ඇමරිකා
මයිකල් ජොන්සන්
1996
තත් 43.49
මීටර් 800
නොර්වේ
වෙබ්ජෝරින් රොඩල්
1996
මිනි 1 තත් 42.58
මීටර් 1500

නෝආ නජෙනි
2000
මිනි 3 තත් 32.07
මීටර් 5,000
ඉතියෝපියා
කෙනෙනිසා බෙකලේ
2008
මිනි 12 තත් 57.82
මීටර් 10,000
පැ 2 මිනි 6 තත් 32
මැරතන්
කෙන්යා
සැමුවෙල් වැන්ජිරු
2008
පැය 2 මිනි 6 තත් 2
මීටර් 110 කඩුලු
චීන
ලිවූ ෂිංග්
2004
තත් 12.91
මීටර් 400 කඩුලු
ඇමරිකා
කෙවින් යොන්ග්
1992
තත් 46.78
මීටර් 4*100 රිලේ
ජැමයිකා

2008
තත් 37.10
මීටර් 4*400 රිලේ
ඇමරිකා

2008
මිනි 2 තත් 55.39
කි.මීටර 20 ඇවිදීම
පෝලන්ත
රොබර්ට් කොර්සේනිඔස්කි
2000
පැය1මිනි18 තත් 59
උස පැනීම
ඇමරිකා
චාර්ල්ස් ඔස්ටින්
1996
මීටර් 2.39
දුර පැනීම
ඇමරිකා
බොබ් බිමන්
1968
මීටර් 8.90
රිටි පැනීම
ඕස්ට්‍රේලියා
ස්ටීවන් හුකර්
2008
මීටර් 5.96
කවපෙත්ත
ලිතුවේනියා
වර්ජිලිජුස් ඇලෙක්නා
2004
මීටර් 69.89 

 කාන්තා ලෝක වාර්තා 

ඉසව්ව
ජාතිය
ක්‍රීඩක නාමය
වර්ෂය
වාර්තාව
මීටර් 100
ඇමරිකා
ෆොලෙලොරෙන්ස් ජොයිනර්
1988
තත් 10.62
මීටර් 200
තත් 21.34
මීටර් 400
ප්‍රංශ
මේරි ජෝශේ
1996
තත් 48.25
මීටර් 800
සෝවියට්
නඩෙන්සා ඔලිසරෙන්කෝ
1980
තත් 53.43
මීටර් 1500
රුමේනියා
පවුලා ඉවාන්
1988
මිනි 3 තත් 53.96
මීටර 5,000
රුමේනියා
ගෙබ්‍රිල්ලා සාබෝ
2000
මිනි 14 තත් 54.66
මීටර් 10,000
ඉතියෝපියා
තිරුනේෂ් ඩ්බාබා
2008
මිනි 29 තත් 54.66
මැරතන්
ජපන්
නවකෝ ටකහාෂි
2000
පැය2මිනි23 තත් 14
මීටර් 100 කඩුලු
ඇමරිකා
ජොආනා හයෙස්‌
2004
තත් 12.37
මීටර් 400 කඩුලු
ජැමයිකා
මේල න් වෝකර්
2008
තත් 50.64
4*100 රිලේ
ජර්මනි

1980
තත් 41.60
4*400 රිලේ
සෝවියට්

1988
මිනි 3 තත් 15.27
රිටි පැනීම
රුසියා
යෙලේනා ඉසින්බයේවා
2008
මීටර් 5.05
කවපෙත්ත
ජර්මනි
මාර්ටිනා හෙල්මන්
1988
මීටර් 72.30
යගුලිය
ජර්මනි
උල්ෆ් ටිම්මිමර්න්
1988
මීටර් 22.47


රටවල් 204 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500, රටවල් 189 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරිසාධන මට්ටම ඉක්මවා පැමිණෙන අතර රටවල් 15 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රට නියෝජනයට පැමිණෙයි.

කාලය දින 17

වියදම 
  •  පවුම් බිලියන 9,345
  • ඔලිම්පික් ප්‍රවේශ පත්‍ර මිලියන 8 කි ,පැරාලිම්පික් ප්‍රවේශ පත්‍ර මිලියන 1.5 කි.
ප්‍රථම වරට ඔලිම්පික් හා පැරාලිම්පික් සදහා එකම ලාංජනයක් ඉදිරිපත් කර ඇත .











15 comments:

  1. නියම පොස්ටුව යාළු!

    ReplyDelete
  2. ස්තුතියි යාළු :)

    ReplyDelete
  3. ඉතා ඉක්ක්මමනින් මේ හිතුවක්කරිය අපේ ක්‍රීඩා ඇමති ධූරයට පත් කරන්නට යෝජනා කරමි!පංකාදු පහයි ඈ!!! ;)

    ReplyDelete
  4. අපොයි නාඩි අයියේ ඕව නම් බෑ,කිව්වට ලොකුකම කියල හිතන්න එපා.. දැන් ඉන්න කෙනත් නෑදෑ කමට මහප්පා :) ස්තුතියි ආහ ...

    ReplyDelete
  5. නියමයි මටත් ඔය උණනම් වැඩියෙන්ම තියෙනවා...මලල ක්‍රීඩා පේන්න බෑ...මමත් මලල ක්‍රීඩිකාවක් නිසා..ක්‍රීඩා ජීවිතේ නතර කලත් පිට්ටනියක් දැක්කත් මට ඇති..

    හැබැයි මට වඩා ඔයා දියුණුයි..ගොඩක් දේවල් මතකෙ තියනවා...
    ලස්සන පෝස්ට් එකක් යාළු...

    ReplyDelete
    Replies
    1. ආ එහෙනම් මන් වගෙමයි ඔයා,හැබයි මම නම් ආසම බැඩ්මින්ටන් :)

      Delete
  6. ඇත්තටම ඔයාව නයෙක් කෑවද?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ..එලොව ගිහින් මෙලොව ආවා එදා:)

      Delete
    2. හෆෝයි!නයෙක් කිව්වම බයෙත් බෑ...

      Delete
  7. ලග ලග එන ඔලිම්පික් වල විස්තර දැනගන්න තැබූ වටිනා සටහනක් රූ...ලස්සනයි :)

    ReplyDelete
  8. හ්ම් මාත් බයම සතා :( ස්තුතියි යාළු :)

    ReplyDelete
  9. හ්ම්.. මටත් ඔය උණ නම් තියනවා..............

    ReplyDelete
  10. නයෙක් කාලා හවස් වෙනකම්ම ජීවත් වුණා මදැයි :D

    ReplyDelete
  11. එකනේ ..අවාසනාව තමා ..නැත්තං මේ මොකක් වත් නෑ..සාමයෙන් සැතපෙනවනේ :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music