Thursday, July 12, 2012

විභාගේ


මේ දවස් වල පොඩි එවුන්ට පහේ,
හරියට බැට් කරගන්න බැරි ආණ්ඩුවේ උ /පෙ,
එස් එම් එස් වලින් පැරදුන ස්ටාර් කෙනෙක් වන් වූ  වාසිටි සෙමෙ  :)


ඇඩ්මිෂන් කඩදහියත් බොහොම පරිස්සමට අරන් ආවට ,ටයිම් ටේබල්  එකත් පාට පාටින් ඩිසයින් කරලා බිත්තියේ පුරා අලව ගත්තට පාඩම් කරන්න හිතෙන්නෙම නෑ ඕන්.ඉතින් සයිබර් යානාවකට  MBගහගෙන යක්කු ගස් නගින වෙලාවේ (ඇත්තටම උන් බහින වෙලාවේ -2.46AM)පන්හිඳෙන් වැඩක් ගන්න හිතුනා මට .

මේ විභාගය සම්බන්ධව මං දන්න දේවල් ටිකක් ..
විභාගයට තියෙන්නම ඕන දෙයක් නේ මතකය ..මොකක්ද අප්පේ ඒ?
මෙහෙමයි අර්ථ ගැන්වීම 
"ජිවියෙකු තුල තොරතුරු ගබඩා කිරීම ,රඳවා ගැනීම හා නැවත එය එලි දැක්වීමයි  "
අපේ මතකය කොටස් දෙකකින් යුක්ත වන අතර නම් වශයෙන් දිගු කාලින හා කෙටි කාලින ලෙස ගත හැකියි..අංක හා වචන ලෙස අපි මතක තබා ගන්නේ වම් මොළයේ ශක්තියෙනුයි.මොළයට ශක්තිය ගබඩා කරන්න පුළුවන් වර්ණ හා සිතුවම් විදිහටයි.යම් පුද්ගලයෙකු ,යම් ද්‍රව්‍යක්  අංක හා වචන වලට සාපේක්ෂව මතක තියාගන්න පුළුවන් ඒ නිසාමයි,ඔය කතාව නිසාමයි   විභාග කෙටි සටහන්  රුක් සටහන්,ප්‍රස්ථාර,පින්තුර විදිහට හදන්න කියන්නේ.මතකයට හේතු වන්නෙ මොළයේ ප්‍රෝටිනයි .ඒවා ක්ෂය වනවිට මතකයද නැතිවී යයි.එබැවින් නිරන්තර සිහිකිරීම වැදගත් වේ ,නමුත් අපේ ප්‍රයෝගිකව සමහර කාරණා සිහිකිරිමකින් තොරව අපේ මතකයේ රැදේ .එයට හේතුව එම සිදුවීම මොළයේ න්‍යෂ්ටියටම ගමන් කර තිබීමයි .එහිදී මොළයේ  ශෛලයක් වෙනස් වීම ද සිදුවේ .සාමාන්‍යයෙන් මොළයට ප්‍රධාන කාර්යයන් හයක් ඉටු කල හැක .එනම් ,
                                                           අධ්‍යයන කටයුතු 
                                                           කලා කටයුතු 
                                                           ප්‍රායෝගික කටයුතු 
                                                           සදාචාරාත්මක කටයුතු 
                                                           හැගීම් පාලනය 
                                                           සමාජ  සම්බන්ධතා කටයුතු වශයෙනි.
යමෙකු මෙම කාර්යන්ගෙන් එකක් හෝ දිගු කාලීන ව නොකරන්නේ නම් එම කලාපය වර්ධනය වීමක් කිසි සේත් අපේක්ෂා කල නොහැකිය. එය ඛේදජනකය.එය බරපතල වන්නේ ඔය කියන මොළෙනුත් අපි වැඩ ගන්නේ 50%ක් පමණක් නිසාය .
      
      ඒ මතකය ගැන..විභාගයක් තියනකොට නින්ද අපිට අමතක වෙනවනේ.මොකද නින්ද හා විභාගය කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්.මට නම් අනුලෝම වීමේ උච්චතම අවස්ථාව .වෙනදා නොයන නින්දක් ඇස් වටේ ට කැරකෙනවා ඒ දවස් වලට ..විභාගය නිසා නිදි වැරීම නොකළ යුත්තක්.එය බුද්ධි මට්ටම හීන වීමට බලපානවා.
       කෙටි සටහනුත් වැදගත්.මගේ නම් සමහර ඒවා සර්ගේම නෝට් එකේ ෆොන්ට් සයිස් වෙනස් කලා වගේ ..එහෙම නම් කරන්න එපා ,කාලය අපතේ යාමක් වෙන්නේ.අවශ්‍ය කරුණු හැකි තාක් රූප සටහන් සහිතව.ඒ කියල හැම එකටම රූප සටහන් දාන්න යන්නත් එපා ,එහෙම කරන්න බැරි විෂයනුත් තියනවනේ..මොළෙන් ඉන්න (ටොක්ක : ඇනෝලට)
       මම නම් විභාග ශාලාවේ දී බෙදන ඉස්සල්ලම කොළේ විෂයත් එක්ක බැඳිලා තියන වචන ටික ලියා ගන්නවා,
උදාහරණෙකට ආර්ථික විද්‍යාව නම් සේවා වියුක්තිය,ආර්ථික වර්ධනය,ජනගහනය,දළ ජාතික නිෂ්පාදනය ,සංවර්ධනය මේ වගේ වචන.එතකොට උත්තර ලියන කොට ඉබේම මතක් වෙනවා.
මම නම් පාඩම් කරන්නේ ඇවිද ඇවිද ඒ විතරක් නෙමේ බෝර්ඩ් එකේ ලිය ලිය කියව කියව ..ඒ ක්‍රමේ හරියන්නේ නැත්තම් කාට හරි තමන් දන්න දේ කියල දෙන්නකෝ ගුරු මුෂ්ටි නැතුව ..

      විභාගයක් තියෙද්දී තමන්ගේ ආගම සිහි කිරීමත්  වැදගත්,හැබැයි මැදුම් පිළිවෙතින් .මොකෝ සමහරු තියන යන්තර සූත්තර ඔක්කොම එල්ල ගන්නවා සමහරු පන්සලකට ,පල්ලියකට පස් පාගන්නේ නෑ නේ .
විභාගෙට ගෙනියන ඒවත් වැදගත් හොඳේ ,නැත්තම් හිඟා කන්න වෙනවනේ අනිත් අයගෙන්,හැදුනුම් පත වගේ නම් ඉතින් හිඟා කන්න යෑ..
නොකා නොබී ඉන්නත් එපා ,විටමින් බී පෙත්තක් වත් බොන්න ,විහිළුවට නෙමේ.
පරණ පේපර් ටිකක් හෙම ලං කරගෙන දැන් ඉතින් පාඩම් කරමු............

මේ නරක ළමයෙක්ගෙ සිතුවිල්ලක් :) :)
    
    පාඩම් කරන්න බැරි දින 365ක් නිසාලු,ඉරිදාවල් 52යි එකේ නිවාඩු,රස්නේ දවස් 30යි ,නිදා ගැනීම් වෛද්‍ය උපදෙස් මත දිනකට පැය 8 බැගින් එහිදී දවස් 130,ශරීර සෞඛයට සෙල්ලම් කිරීම දිනකට පැයයි එහිදී දවස් 30 යි ,කන්න ගියාම දිනකට පැය 1යි එහිදී දවස් 27 යි,කතා කිරීම පැයයි එහිදී දවස් 15යි,විභාග දින 35,ඉතිරි ඒවා අවුරුද්දට,වෙසක්,නත්තල් වලට දවස් 40 යි,ලෙඩ සදහා දවස් 3 යි,මඟුලක් ,මළ ගෙයක් වුනොත් දවස් 2 යි..
තව ඉතිරි එක දවසයි ඒකනේ බර්ත්ඩේ එක :) :)

13 comments:

  1. හී හී..ඇත්තටම කිව්වොත් නාඩියා විභාගයක් ලං උනාම මුලින්ම කරන්නේ ලෙක්චර්ස් ගිය එකෙක් හොයා ගෙන නෝට්ස් ටික ෆොටෝ කොපි ගහන එක!ඊට පස්සේ නයිට් දෙක තුනක් ඇදලා මොනවා හරි ලියල එනවා....ආවට පස්සේ මොකුත් මතක නෑ!

    ReplyDelete
    Replies
    1. :) කොහොමත් අපි ඉගෙන ගන්න ගොඩක් දේ ප්‍රායෝගික නෑ..ඒ නිසා අමතක කිරීම වටියි :)

      Delete
  2. අපූරුවට කරුණු ටික කියලා..හ්ම්ම්..හ්ම්ම්..
    විභාගෙත් සාර්ථකව කරගන්නකො හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. මගේ රස්තියාදු භාෂාව :) ස්තුතියි ඔයාටත් විභාගේ ඉහළින් ගොඩ යන්න සුබ පතනවා :)

      Delete
  3. වාව්...ඇත්ත කතාව... මමත් මේ බ'ඩේ එක දවසේවත් පාඩම් කරන්නම් කියල තමයි ඉන්නේ,... හේ හේ ,එක්ස්-ඈම් මතක වෙනකොටනම් ඇඩෙනවා... :'(

    ReplyDelete
  4. ඇඩෙනවා තනි ඇහැට :)

    ReplyDelete
  5. හිතුවක්කාරිගේ පන්හිද නම් නැගල යයි වගේ.......
    මොකද දවසකට පැය 2 ක් 3 ක් කැපකරලා හිතේ තියෙන් ලොකු ලොකු වල් පල් ටික හින්සීරැවෙම මේකට වක්කරලා නින්දට යන කොට විභාගේ ගැන හාන්කවිස්සියක් නැතුව ඉන්නවා
    එහෙම නොවේ නේද.......
    ලස්සනයි ලස්සනයි කරගෙන යන්න හිතේ තියෙන පන්හිද මේ වගේ අපිටත් දැනෙන්න කරගෙන යන්න

    (වල් පල් කිව්වට තරහ නෑ නේද)

    ReplyDelete
  6. නෑ අයියෙ තරහ නෑ,මම මේව ලියන්නෙ රෑ 12 ට 1ට නේ..ස්තුතියි ගොඩක් ඔයාට :)

    ReplyDelete
  7. mekai othana tiyana awula lankawe vibahaga kramayen goda naganne rassawalata ona karana vurthikayan bihi kireema pamanai.

    ReplyDelete
  8. ඒකත් කරන්නේ බාගේටනේ යාළු... :(

    ReplyDelete
  9. meka kiyewwata passe mata mage awula theruna,,,thnx,,,,mage mole protien nethuwa athi

    ReplyDelete
    Replies
    1. අම්මෝ පරිප්පු වත් කන්න එහෙනම් :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music