පහු ගිය අවුරුදු දෙකේ වෙච්ච ඒවා පස්සේ පෝස්ට් කරන්නම් කියලා හිතල රූවා
ගෑටුව තව ගමනක් ගැන කියල දාන්නම්කො හෙමීට. මේ අවුරුද්ද තමා රුවාගේ අන්තිම ලාස්ට්
ෆයිනල් ඇකඩමික් ඉයර් එක කැම්පස් එකේ. යන්තම් රිසර්ච් රිපෝර්ට් දීල දාලා මගේ අතිජාත මිත්තරයා කැන්වසා එක්ක තවත් සඟයෙක්ගේ (කොලියගේ) ගෙදර යන්න ගියා පහුගිය තිස් වෙනිදා.
ඉතින් වෙනද වගේම උදේම නැගිට්ට හින්ද අනුරාධපුරෙන් ඇඹිලිපිටිය යන බස් එකේ මිස්
කරගෙන රූවා මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා කැකිරාවෙන් හරි බස් එක අල්ලගමු කියල කැන්වසා
කියපු හින්දම මිහින්තලේ පැත්තට හැරිලා ඉද්දි අපේ ස්පෝර්ට්ස් සර් කැම්පස් එකේ බස් එක
නවත්තපි එල්ලේ ටීම් ඒකත් එක්ක සබරේ යන්න යද්දි. ගමනේ කතාව කිව්වට පස්සේ
මරදන්කඩවෙලින් බහින්නම් කියල අපිත් ඒ බස් එකේම නැඟල බැහැල ආයේ බදුල්ල බස් එකක
කැකිරාවට ගිහින් බහිද්දී හරියටම අටහමාරයි කියහන්කෝ වෙලාව. අහල පහලින් ඇඹිලිපිටියෙ
බස් එක එන්නේ අටයි හතලිස්පහට කියල දැනගත්ත හින්ද කන්නත් කඩෙන් අරන් බස් එක කොහොම
හරි අල්ලගත්ත යන්තං පොරකාලා නැඟල. පොර කෑවට සීට් ඕනේ තරම් බස් එකේ. රුපියල් නවසිය
හතලිස් දෙකයි ටිකට් දෙකට ඈ.පැය හතක් අටක් වක්‍ර පෘෂ්ට තල පෘෂ්ට වෙනකල් ඉඳගෙන යනව
කියන්නෙ සෙල්ලමක් එහෙම නෙමේ ඕන් කියල දැනගත්තෙත් එදා මං.
කොහොම හරි දඹුල්ල, කුරුණෑගල, කෑගල්ල, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ,
පැල්මඩුල්ල වගේ යන්තං මතකෙට එන ටවුන් පහු කරගෙන හතර වගේ වෙනකොට අපි දෙන්න
ඇඹිලිපිටියට සේන්දු වෙද්දී කොලියා ඇවිත් හිටිය ටවුන් එකට. පුරුද්දට වගේ ටොයිලට් යන
ලෙඩක් තියන හින්ද දෙන්නම ගියා ඇඹිලිපිටියේ පොදු මෙව්වා එකට. ෂා නියමටම පිරිසිදු
මන් දැක්ක හොඳම පොදු මෙව්වා එක තිබ්බේ එහෙ කියල කියන්න පුළුවන්. ඒකට මගේ හද පිරි
ස්තුතිය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ඕන් කිව්වා. ගමන ඉවරම නෑ ගමට තියන ලාස්ට් බස්
එකේ තවත් පැයක් විතර නින්දකුත් එක්ක අපි කොලියගේ ගෙදරට ආව පහ පහමාර වෙද්දී. රඹුටන්
සීසන් හින්ද වත්තේ තිබ්බ ගහේ පිරිච්ච රඹුටන් දහයක් පහලවක් විතර ලොටලා පොඩි වොෂ්
එකක් දාලා රෑට කාලා අපි නිදාගත්තා මහන්සියට.