Sunday, July 21, 2013

ආදර කතාවක පටලැවිල්ල

      පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන කියන්න හිතුනා..මේක කියවලා මොකක්ද හිතෙන්නේ කියන්නකෝ..ඇත්තටම මේක ලිපියක්.



සුදු අම්මෙ,
ඇයි කෝල් එකක් වත් නැත්තෙ.මැසේජ් එකක් වත්...????????????
                  අපෝ අපෝ මං ආයේ කියන්නේ නෑ ඕවා .ඔයා මේ කොළෙත් ඉරල දායි තරහ ගිහින්..මේ දවස් වල කැම්පස් එකේ එක්සෑම් වලට වැඩ සුදු.එහෙ මෙහෙ යනවා,එසයිමන්ට් හදනවා,ග්‍රවුන්ඩ් යන්නත් ඕනේ හවසට..මොනා කලත් ඔයාගේ ගුඩ් මොර්නින්ග් මැසේජ් එක නැති දවසට මට තියන ලොකුම වැඩේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක බලන එක..සමහර දවසට බැටරි ලෝ වෙනවා අන්ලොක් කරලම..වයිබ්‍රේට් වෙනවා වගෙත් දැනෙනවා සාක්කුවේ..හ්ම් ඒත් නෑනේ මොනවත්...ඔයාට වැඩ ඇති නේද?කාලකන්නිය වගේ මම ඔයාට වද දෙනවා උදේ ඉඳන් රෑ වෙනකං.ලෙක්චර් හෝල් එකේදිත් මං ඔයාට මැසේජ් එකක් දානවනේ මෙලෝ රහක් නෑ කියල මේ ලෙක්චර්..ඔයා නම් කියන්නේ බැජ් ටොප් වෙන්න කියලා..ඒක බැරි වුනත් සුදු අම්මෙ මං කලින් ලිව්ව විභාගේ පාස් ඔන්න..

                                මතකද ඔයා අපේ කැම්පස් පැත්තේ මං එක්කන් ආවා හරිම රස්නෙයි නේද?පව් ඔයා..රතු වෙලා හිටියේ..කැන්ටින් කෑම කන්න බෑ කියලා පිටින් කෑම කෑවා නේද?ඔව් අම්මෙ..ඒවා අපි කන්නෙත් බොහොම අමාරුවෙන්..මට සමාවෙන්න ඔයාට කට්ට කැව්වට..ඔයා ආව නැති එක හොඳයි කැම්පස්..මං ඒකට ගොඩක් කැමතියි.කොහේ ගියත් අන්තිමට ජොබ් එකක් නෙ කරන්නේ..සමහරවිට අඩු පඩියකට.බය වෙන්න එපා මට පුළුවන් ඔයා බලාගන්න.මං කැමති නෑ ඔයා ඉස්සරහ බර වචන දාලා ඔයාට පොර වෙන්න..ඒකයි සිංහලෙන්ම කතා කලේ..ඔයාට ගොඩයෙක් වගේ පෙනුනට කමක් නෑනේ..අනිත් අය ඉස්සරහ ඔයාව අඩු ගානට දාන්නේ නෑ කවදාවත්.මතකද බර්ත්ඩේ එකට මට කැව්ව කේක් කෑල්ල..තාම මතකයි අප්පා ඒකෙ රහ...කී දවසක් ක්ලාස් එක ළඟ මං එනකං බලාගෙන හිටියද?දවසක් වැස්සෙ හොඳටම තෙමිලා..ආදරෙන් කතා කරන්න බැරි වෙන්න ඇති අම්මෙ..ඒ මට පුරුදු නැති නිසා වෙන්න ඇති..ඒත් මං මැසේජ් කලානේ අනේ.ඔයත් එහෙමයි..මතකද මගෙ ළඟ සීයේ කාඩ් සීයක් තිබුනා.දහදාහක් පුදුම වෙන්න එපා ඊට වඩා මං වියදම් කරලා තියනවා වෙන වැඩ වලට.ඒ කිව්වේ වෙන අයට..


             මතකද ඔයා වෙනස් වෙන්න පටන් ගත්ත දවස..මට නම් දිනෙත් මතකයි.ඒත් කියන්නේ නෑ ඔන්න.හැම එකක්ම හරහට වුණා නේද එදයින් පස්සේ.නිකං නපුරු හීනයක් වගේ.කෝල් එකක් ගන්න මං කොච්චර වලි කෑවද?බැනුම් ඇහුවා සත්තු වත්තම මතක් කලා නේද?කමක් නෑ අම්මෙ..කොහොම දාල යන්නද ඔයාව..අද දවසින් හරි යයි නෙ කියල හිත හදා ගත්තා..ඒත් ඔයාට ඒ අතීත ජිවිතේ වද දෙන්න ගත්තා එයා කරපු වැඩත් එක්ක.මට කරන්න දෙයක් නැති වුණා..ඔයා වෙනුවෙන් එයා ළඟ ඇඩුව.බොරු කිව්ව..ඔයාව ඕනේ නම් දෙන්නම් කිව්ව මං..ඒත් එයා කැමති වුනේ ඔයාගෙන් පලි ගන්න.ඒකයි මට ඔයාව එපා කියල ඔයාට හිමින් සැරේ වද දුන්නේ..ඔයා කියල තියනවා එයාට ඔයා ගොඩක් ආදරේ කරලත් තියනව කියල..මට ඕනේ වුනේ එයාට වඩා හොඳින් ඔයාව බලාගන්න..කොහෙද ඉතින් මම ලැජ්ජා කාරයා වුනානේ අප්පා ආදරෙන් කතා කරන්න වත්..ශික්..මෝඩයා මං 

                                   මට වැඩ ඉවර වෙන්නෙ රෑට රත්තරනේ..ඒ වෙලාවට ඔයා ගෙදර අයත් එක්ක.මං දවල්ට ලෙක්චර්.ඔයාට නිදහස් වෙලාව.කතා කරන්න ඕනේ නිසාම මං ලෙක්චර් යන්නෙ නෑ සමහර දාට..හවසට ග්‍රවුන්ඩ් එකේ.මං කතා කරද්දී ඔයාට ඇහෙන්නේ නෑ.මේ කොල්ලෝ කෑ ගහනවා..දන්නවද මං තමා රෑට ඉක්මනට ඇඳට පනින්නේ.ඒ අපේ සෙට් එක පාඩං කරන ටයිම් එක..ඔයාට මැසේජ් එකක් දැම්ම වෙලාවේ ඉඳන් මට නින්ද යයි කියල ඇහැ ළඟයි ෆෝන් එක තියන්නේ.ඒ ස්ක්‍රීන් එලියට මට නැඟිටින්න.වයිබ්‍රේට් දාන්න බෑ වෙලාවකට ෆෝන් එක බිමටම වැටෙනවා.ඒ වෙලාවත් අපරාදෙනේ..ටෝන් දාන්න බෑ කට්ටිය නිදිනේ පව් උදේ ඉඳන් මැරෙනවනේ..සමහරු මල් කඩනවා උදේ පාන්දර වෙන කල්.මොනා කරන්නද ඔයා ගෙදර ඉන්නේ.අනික මොනවා දොඩවන්නද ඔච්චර එහෙමයි හිත හදාගන්නේ ගොඩක් වෙලාවට..අනික ඔයාගේ ෆෝන් වෙයිටින් යන්නෙත් නෑ මට මොකටද සැකයක්????


        ඒත් මම හැමදාම අඬනව උදේට ඇස් අරින්න අමාරුයි.ඒක දන්නේ මගෙ කොට්ටේ විතරයි.එයාට කතා කරන්න පුළුවන්නම් ඔයාට බනියි..ඒ නිසා එයාට කතා කරන්න බැරි එකත් හොඳයි..

                                ඔයා කොහේ හරි ගියාම මං කොච්චර වද වෙනවද?කොහෙද ඉන්නේ කියල අහනවා දහ පාරක් වත්.බලනකොට එකම තැන ඉන්නේ ඔයා..තරහ යන එක සාධාරණයි නේ ඔයාට..මං ඔයාට භාර වෙලත් තියනව කරදරයක් වෙන්න එපා කියලා..ඒත් කොහේ හරි වරදිනවා හැම දාම ඒ මගෙ කරුමේ වෙන්න ඇති..මට තව විඳවන්න ඇති..

               ඔයාට ඒ ජිවිතේ ඕනෙද??මං සතුටෙන් භාර දෙනවා එයා කැමති නම්..ඒත් ආයේ ආයේ වරද්ද ගන්න එපා..මං නැති වෙයි එතකොට.ඔයා මට අකමැති නම් හොඳම දේ වෙන කෙනෙක් හොයා ගන්න එක..එතකොට ප්‍රශ්න අඩුවෙයි මොකද මාත් ගොඩක් වෙලාවට ඒ ගැනම ප්‍රශ්න අහනවා ඔයාව හෙම්බත් වෙනව ඇති නේද?ඒවා අහන්නේ නැතුව මට ඔයා ඉස්සරහ බොරුවට රඟ පාන්න වුවමනා වුනේ නෑ ආදරේ පෙන්නලා.මං වැරදි කරලා ඇත්තේ කලාතුරකින් ඒත් චුටිම දේකින්..ඔයාගේ වැරැද්දේ බරපතලකම ඔයාට තේරෙන්නේ නෑ..පස්සේ හරි තේරෙයි..මං කියන්නේ නෑ ආයේ ඔයා මං විඳවනවා වගේ විඳවන්න ඕනේ කියලා.ඒකයි මං ඔයා ගැන නොහිතා ඉන්නේ.ඒ මං අද දවසත් විදෙව්වොත් ඒ දවස ඔයාට පස්සේ කාලෙක විඳවන්න තියනවා නම් මොකක් හරි එකකට දවස් ගානක්,ඒක එක දවසකින් හරි වැඩි කරන්න ඕනේ නෑ මට..මේ දුක ඔයාට දරන්න බැරි වෙයිද දෙයියනේ..ඔයා හරි ලාමකයි ඒත් මට පොඩ්ඩකට වඩා චුට්ටක් සැර වැඩියි..ඔයාගේ බර්ත්ඩේ ටී ෂර්ට් එක දැන් මකුළු දැල් බැඳිලා ..ඒක දෙන්නවත් පිනක් නෑ.ඔයා කොහෙද මං කොහෙද???
                                      කැම්පස් එකේ කොකු එහෙ මෙහෙ යනකොට ඔයා හිටියනම් කියල මතක් වෙනවා..යාලුවොත් එයාලගේ කට්ටිය ගැන මතක් කරනවා..හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි ලුනේ එහෙම කියල අපි අහක බලන් යනවා.ඒ ඇත්තට නෙමේ ඉරිසියාවට පැහැදිලිවම:)

   නිවාඩුවක් සෙට් වෙනකොටම ගෙදර පනිනවා ඒ ඔයා හම්බවෙන්න පුළුවන් වෙලාවක් දාගන්න..කොච්චර දේ තියනවද..ඔය කිව්වට ගොසිප් තමා වැඩියෙන්ම..දැන් මාස තුන හතරකින් දැක්කෙත් නෑ..මට නම් පොඩ්ඩක් අමතකයි ඔයාගේ රූපෙත්..බොරු බොරූ..

මේ මොනව කිව්වත් ඔයා දැන් මොකද කරන්නේ කියල වත් මං දන්නේ නෑ..දුක් වෙන්න එපා.ඕනේ දේකට වෙලාව එන්න ඕනෙලුනේ..මං ප්‍රාර්ථනා කරන්නේ ඔයා ආයේ එනකල් මොනවත් වෙන්න එපා කියලයි මට..හැබැයි ආයේ යනවනම් එන්නත් එපා.මොකද මං ගොඩක් සංවේදී මනුස්සයෙක්..ඔයා නැති වුණා කියල මැරෙන්න බෑ ඔයා ඉස්සර වගේ නෙමේ..මට දුක මං තාමත් ඔයා ගැන වද වෙනවා.ඒ ඔයාගේ වාසනාව මං හිතන්නේ.වචනෙකින් කිව්වෙ නැති වුනාට තේරෙයි මං කොච්චර හොඳද කියලා දවසක..එතකල් මං කාලකණ්නියා,නුගතා ඔයාගේ..

         සුදු අම්මෙ,ඔයාට ගොඩක් පින් මාව බලා ගත්තට..ඔයාට වරදින්නේ නෑ..පොඩ්ඩක් තරහ අඩු කරගන්න හොඳේ..ඒ තරහව අවශ්‍ය අයට පෙන්නන්න ඒත් අවශ්‍ය වෙලාවට.ඔයාගේ ලඟින් ඉන්න අයගේ හිත් කඩන්න එපා.ඒ අය ඉන්නේ ඔයාට ආදරේට මිසක් බයකට නෙමේ කියල මතක තියාගන්න..මං කියන්නේ බණ කියල හිතනවනම් අදත්..හ්ම් කමක් නෑ..මට වඩා හැම අතින්ම හොඳ ලස්සන කෙනෙක් හොයාගෙන මට කියන්න..මං ඉතින් කවුරු බැන්දත් වෙඩින් එකට එන්න එපැයි :)

       ඔයාට දුර ආදරේට ප්‍රශ්නයක් වුනානම්,මෙන්න මේ සින්දුව ඔයාට..තේරුම පොඩ්ඩක් හිතන්න..



                                                                                                      මිට, 
                                                                                                  ඔයාගේ සුදු තාත්තියා..

තවත් එක් කතාවක්...පලවෙනි පාරට ආදරේ ගැන.ලිව්වේ ඉතින් වැරදි ඇති ඔන්න..සමහරවිට මේ ඔයාගේ කතාව වෙන්න ඇති..

14 comments:

  1. මට නං මේ කතාවත් එක්ක ඉසව් ගනනාවක් පේන්න ගත්තා. ආදරේ කරන කාලෙට කොල්ලෝ කෙල්ලො මෙහෙම තමා කියලා සතුටත් දුකත් අතර තැනක හිත නතර කරගත්තා.

    ReplyDelete
    Replies
    1. එච්චර දුර යන්න එපා අංකල් අතරමං වෙයි..එහෙම දෙයක් නෙමේ වෙන්නත් පුළුවන්නේ :)

      Delete
  2. හප්පේ... ගිහින් තියන දුර.. ගොඩක් අයගේ කතාව මේක වෙන්න ඇති මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. මේක කල්පිතයක් අප්පා :P

      Delete
  3. Replies
    1. මොකද මේ කට්ටිය හ්ම් කියන්නේ :)

      Delete
  4. හ්ම්ම්ම් හ්ම්ම්ම්..........

    ReplyDelete
  5. එල එල ඇඃ...!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. බොහෝ දෙනෙකුට පොදු කතාවක් කියලා මටත් හිතුණා.

    ReplyDelete
  7. හ්ම්ම්ම්..... ඇත්තටම දුර ආදරේට ප්‍රශ්නයක්ද.........

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music