පියාඹන පීරිසි හා පිටසක්වල ජීවින් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් උදෙසාය.
ඇත්තටම පියාඹන පීරිසි කියන්නේ මොනවද?
සාමාන්‍ය ව්‍යවහාරයේ පියාඹන පීරිසි ලෙස හැඳින්වෙන වස්තූන් සඳහා එම නම ලැබී ඇත්තේ "කෙනෙත් ආර්නෝල්ඩ්"නම් ගුවන් නියමුවා ඒ සඳහා යොදා ගත් වචනය නිසාය.ඒ පිලිබඳව පසුවට ලිවීමට සිතමි.ඇත්තෙන්ම මේවා වර්තමානයේදී හඳුන්වන්නේ "හඳුනා නොගත් පියාඹන වස්තූන්" (Unidentified Flying Object) ලෙසය.මෙවැනි යානා සැබැවින්ම පවතිනවාද? පෘථිවියේ නිර්මාණය වූ යානා නොවේ නම් ඒවා පැමිණෙන්නේ කවර තැනකින්ද?
මෙම විෂයය පිලිබඳ විවිධ රටවල්,ආයතන විසින් නොයෙක් පර්යේෂණ සිදු කොට ඇති අතර ඇමරිකාව සිදු කල ව්‍යාපෘති තුනක් ඉතා වැදගත් වේ.
- සයින් ව්‍යාපෘතිය
- ග්රජ් ව්‍යාපෘතිය
- නිල් පොත් ව්‍යාපෘතිය
නිල්පොත් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක වූ නෝත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හයිනෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් මෙලෙස නිර්වචනය කරයි.
"සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් ,ආලෝකයක්,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාසර වස්තුවකි"
ඇමරිකාවේ සැන්ටන් ෆ්‍රයිමන් රේමන්,ඊ.ෆ්ලවර් හා බ්‍රිතාන්‍යයේ නේමන් ඔලිවර්,ජෙනී රැන්ඩල් යානා පිරිස පුර්ණ කාලීනව හඳුනා නොගත් පියාඹන වස්තු පිලිබඳ පරීක්ෂණ වල යෙදේ.ඔවුන්ගේ පරීක්ෂණ අනුව පෘථිවියේ සාමාන්‍ය සිදුවීමක් නොවන සිදුවීම් 50,000ක් පමණ වාර්තා කර ඇත.මෙසේ වසර ගණනාවක් තිස්සේ රැස් කල වාර්තා සියුම් නිරීක්ෂණයේදී මේ අද්භූත පියාඹන වස්තූන්ට පොදු වූ කරුනු කිහිපයක් ඉදිරිපත් කරයි.
එනම් මෙවැනි වස්තූන් හෙවත් යානා පීරිසියක,සුරුට්ටුවක හෝ බිත්තරයක හැඩයෙන් යුක්තය.මේවා බොහෝ විට දීප්තිය විහිදන හිසක් සහිත වන අතර ගමනේ යෙදෙන විට පෘථිවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන සංඥා එලි නිකුත් කරයි.ඒවායේ වේගය ශබ්දයේ වේගය ඉක්මවන ගුවන් යානා (උදා:සුපර් සොනික් යානා)වලටත් වඩා වැඩි නමුත් ශබ්දයේ වේගය ඉක්මවිමේදී සාමාන්‍ය වශයෙන් නිකුත් වන ශබ්දය තබා යානයක් මගින් නිකුත් වන ශබ්දය වත් නොඇසේ.මේවා ක්ෂණිකවම ගමන් කරන දිශාව වෙනස් කරයි.ගුවන් යානයකට මෙසේ ගමන් කරන දිශාව පහසුවෙන් වෙනස් කල නොහැකි වන්නේ ගුරුත්වය නිසාය.ක්ෂණිකවම දිශා වෙනස් කරන බැවින් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බල රේඛා කැපෙන විට නිදහස් වන ශක්තියෙන් මෙවැනි යානා එයට අවශ්‍ය ශක්තිය උත්පාදනය කර ගන්නවා ඇතැයි යන සැකය හඳුනා නොගත් පියාඹන වස්තු විශේෂඥයන් අතර වේ.
මේ වන විට මෙවැනි වස්තු පිලිබඳ ව විවිධ ආයතන හා සංවිධාන මගින් රැස් කරන ලද තොරතුරු වලට අනුව හඳුනා නොගත් වස්තූන් පිලිබඳ වාර්තා කල පිරිස සංඛ්‍යාත්මක වශයෙන් මිලියන ගණනකි.නමුත් එසේ ලැබෙන්නාවූ වාර්තා වලින් 90% ක් පමණ අසත්‍ය බවට ඔප්පු වී හමාරය.එදිනෙදා බහුලව දක්නට නොලැබෙන ප්‍රචාරක ගුවන් යානා,සිවිල් හා යුධ ගුවන් යානා,විශාල බැලුන්,සරුංගල් ආදී කෘත්‍රිම නිමවුම්,පීරිසියක හැඩති වලාකුළු,සංචාරක කුරුල්ලන්,වල්ගාතරු,උල්කාපාත ආදී ස්වාභාවික සිදුවීම් මෙන්ම සිකුරු ග්‍රහලොවද අද්භූත වස්තූන් ලෙස ඇතැම් විට වරදවා වටහාගෙන ඇත.මෙම සමහර සිදුවීම් පුද්ගල මානසික මට්ටම් මත ගොඩනැඟුණ මනෝ විකාර ලෙසින්ද,ඇතැම් ඒවා ප්‍රසිද්ධිය හා මුදල් ඉපයීමේ වංචනික චේතනාවෙන් නිමවුන ජායාරූප හා සිදුවීම් ද මේ අතර නොමැත්තේ නොවේ.නමුත් තවමත් වටහාගත නොහැකි සිදුවීම් 10%-20%අතර ප්‍රමාණයක් තිබෙන බව ද අමතක නොකල යුතුය.
මෙම විෂයය සම්බන්ධව විශේෂඥයන් හඳුනා නොගත් පියාඹන වස්තු ඒවා දර්ශනය වූ ආකාරය අනුව සමීප හා දුරස්ථ ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි.
සමීප සිදුවීම් ලෙස අර්ථ දක්වා ඇත්තේ සමීපව දර්ශනය වී අතුරුදහන් ස්වල්ප කාලය ඇතුලත අමුතු ආකාරයේ ජීවින් දර්ශනය කරමින් ඔවුන් හා කතා බහ කරමින් සිට,යානා පිටත් වූ පසුව පරීක්ෂණ වලට බඳුන් කල හැකි සේ පොලොව මත පිළිස්සුම්,ආවාට,විකිරණ වැනි සාධක ඉතිරි කරන සිදුවීම්ය.එසේම පිටසක්වල ජීවින් විසින් කරන ලද පැහැර ගැනීම් හා ඔවුන් විසින් පෘථිවි වැසියන් භාජනය කරන ලද නොයෙක් පර්යේෂණ ඇතුලත් සිදුවීම්ද අයත්ය.
දුරස්ථ සිදුවීම් ලෙස පැහැදිලි හැඩයක් නොමැතිව දිස්වන ආලෝකයන් හා පැහැදිලි හැඩයක් සහිතව දිස්වන ආලෝකයන්ය.මෙවැනි සිදුවීම් රේඩාර්,වීඩියෝ පට හා කැමරා මගින් ග්‍රහණය කර ගත හැකිවේ.
කොහෙන්ද මේ පියාඹන පීරිසි එන්නේ?
හඳුනා නොගත් පියාඹන වස්තු කවර ස්ථානයක සිට එන්නේද?යන්න විශාල ගැටළුවකි.වෙනත් චක්‍රාවාටයක තරුවක් ආශ්‍රිත ජීවත් වන ජීවින් මෙවැනි යානයකින් එන්නේ නම් එම ගමන සඳහා විශාල කාලයක් ගතවේ.උදාහරණයක් ලෙස පෘථිවියේ සතු ලොකුම රොකට්ටුවෙන් ළඟම ඇති තරුව වන "ප්‍රොක්සිමා සෙන්චුරි"වෙත යාමට ගත වන කාලය අවුරුදු 185,000පමණ වේ.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි නම් ඒ සඳහා අවම වශයෙන් ගත වන්නේ අවුරුදු 4කි.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි කිසිවෙකු නොවන බව නවීන විද්‍යාවේ මතයයි.එහෙත් විටෙක ඇල්බට් අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා ප්‍රකාශ කලේ ස්කන්ධය හමුවේ ආලෝකය වක්‍ර ව පැමිණෙන්නක් බවය.එවිට විශ්වයේ ඈතින් පිහිටි තරුවකට ඇති සැබෑ දුර ,ආලෝකය ගමන් කරන දුරට වඩා කුඩා වේ.මෙලෙසින් ගත් කල පිටසක්වල ජීවින් ඔවුනගේ ග්‍රහලොවේ සිට පෘථිවියට පැමිණීම සඳහා ඇති කෙටිම දුර තෝරා ගන්නේ නම් ඔවුනට ගෙවා දැමීමට ඇති දුර හා කාලය අප හිතන තරම් විශාල නොවේ.
විවිධ ආගම් හා දර්ශනයන්ට අනුව සමහර කරුණු වලින් මෙවැනි ජීවින් සම්බන්ධ කරුණු විවාදයට ලක් කර ඇත.
බටහිර ලෝකයේ ප්‍රසිද්ධ හා සිත් ගන්නා සුළු මතයක් වන්නේ පිටසක්වල ජීවින් පෘථිවියේ සිටම පැමිණෙන බවය.අප ජිවත් වන්නේ දිග,පළල,හා උස යානා සාධක තුන මත යැපෙන්නාවූ ත්‍රිමාණ ලෝකයකය.මෙහි අපට "කාලය"යන සාධකය පාලනය කල නොහැකී නමුත් එසේ කල හැකි සිව් මාන,පංච මාන වැනි ලෝකද පැවතිය හැකිය.මෙම කරුණු පෙන්වමින් බහු මාන විශ්වයක පැවැත්ම පිලිබඳ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සාකච්ජා කළේය.මොහු පෙන්වා දෙන පරිදි මාන(dimension)වෙනස් ලෝක දෙකක් මත එක මත එක වෙලී පැවතිය හැකිය.එහෙත් එක් මානයක සිටින අයට අනෙක් මානයේ ඇති ලොව නොපෙනේ.නමුත් දියුණු තත්වයට පැමිණි ජීවි කොට්ඨාශයකට මේ මාන නම් බාධකය මැඩ ගෙන එක් ලොවකින් තවත් ලොවකට පිවිසීමට හැකිය.
බෞද්ධ සාහිතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බඹලොවට,දෙව්ලොවට වැඩිය බව සඳහන් වේ.බුදුරජාණන් වහන්සේ වැනි මානසික ශක්තියෙන් ඉහලම තලයකට පැමිණි අයෙකුට මෙම "මාන"නම් බාධකය ජය ගත හැක.
මරේ මරු හිතුවක්කාරියේ.... මම ආසම ආසයි මේ මාතෘකාවලට ... පෝස්ට් එකේ කරුනුත් මාර වටිනවා...
ReplyDeleteහ්ම් මටත් යාලුවෙක් කිව්වා මේ ගැන ලියන්න කියලා..ස්තූතියි පනුච්චි අක්කෝ :)
Deleteඇඟ නලියන topic එකක්, කොච්චර හෙවුවත් ඉතින් හරි හමන් prof නෑනේ. ඇමරිකන් කාරය හංගන කතාවක් තම කියන්නේ. අනේ මන්ද මේවා හෙවුවට ලැබෙන දේකුත් නෑ. හැබැයි අර රුදාව වැඩිකමට හාර හාර හොයනවා... (y)
Deletemath aaaaaaaasama,,,danna 5k
ReplyDeleteඕන්න 5ක් :) :)
Deleteඔයාගේ තොරතුරුත් වටිනවා මේ විෂයට :)
කුරුමිට්ටෝ අපි කුරුමිට්ටෝ සින්දුව මතක් උනා ඈ! මමත් ආසම ටොපික් එකක්!එල ඈ!
ReplyDeleteහේ හේ..මාත් මේ සබ්ජෙක්ට් එකට ආසයි..කුරුමිට්ටෝ..ඔයාට නෙමේ :)
Deletegood work frnd!!!!
ReplyDeletekeep it up.....
thanx for da comment dr :) ;)
Deleteනොහිතපු ඉසව්වකට මේ ලිපිය මගින් මට පියමනින්න අවස්ථාව උදාවුණා.
ReplyDeleteමටත් මේක අලුත් විෂයක් යාළු..ස්තූතියි ගොඩක්ම
Deleteමම කැමතිම විදිහේ ලිපියක්!
ReplyDeleteනියමා....යි..
වෙනස් වෙනස් දේ ලියන එක හොඳයි!
ජය!
හි හි දන්නවනම් ලියන්නෙත් නෑ..(ජෝක්)
Deleteඔව් අප්පා නැත්තං කම්මැලියි වැඩේ මේ බ්ලොග් ලියන එක :p
FAttazzzzzzzz
ReplyDeleteThanx..mallo :)
Deleteඅනේ අම්මපා මම නම් පියාඹන පිරිසි දැකලා තියනවා...සත්තයි එව්වා අල්ලලත් තියනවා..දැනුත් පේන්න එව්වයි දෙක තුනක් තියනවා..ඉස්සර ඉදන්ම මම ඔය පීරිසි එහෙට මෙහෙට පා කරලා යවන්න මාර ආසයි.. අපේ අම්මා නම් ඒ කාලේ ඉදන්ම ඕකට යුද්ධ ප්‍රකාශ කලා...ඒත් මම සැලුනේ නෑ...අපි එහෙමයි...ඔයාට ඔය පියාඹන පිරිසි ගැන වැඩිදුර දැනගැනීමට අවශ්‍යනම් වහාම මාව අමතන්න....ඔයිකේ...
ReplyDeleteමේ ලුණුමිරිස් දාන පීරිසි නෙමේ,අයියෝ සල්ලි..මම ඔයාට මේ කමෙන්ට් එක දාලා අමතන්න තමා ඉන්නේ :) :)
Deleteස්තූතියි හොඳේ
අඩේ මං කැමතිම මාතෘකාවක්...
ReplyDeleteමේක මේ පෝස්ට් එකෙංම ඉවර වෙන්නැත්තං හොදා...
නෑ නෑ යාළු.ප්‍රතිචාර තිබුනත් නැතත් මේ ගැන ලියනවා මම
Deleteස්තූතියි යාළු :)
wede nam maruu...
ReplyDeletethanx ano mathan
Deleteඇත්තටම වටිනා ලිපියක්.හැබැයි එක එක අය කියන කතාවලට වඩා විශ්වාස කළ හැකි ඔප්පු කිරීමක් තියනවනම් නියමයි.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteස්තුතියි යාළු..ඔව් ඔප්පු කරන්න පුළුවන් සාධකත් තියනවා ඒ ගැන ඊළඟ ලිපිවලින් පැහැදිලි කරන්නම්කො :)
Delete"පියාබන පීරිසි " කියන්නේ ඉවරයක් නැතුව කතාකරන්න පුළුවන් මාතෘකාවක් ....
ReplyDeleteමේ වගේම ලිපි තවත් ලියන්න ...
ඇත්ත..ලියන්නම්කො ඉක්මනට..ස්තූතියි මෙහෙට ආවාට ඔබලාට :)
Delete