පහු ගිය දවස් ටිකේම විභාගේ නිසා නොමරුනා විතරයි අපි.එහෙම කිව්වට ලොකු බරක් ඔලුවේ දාගෙන රෑ නිදි වැරුවේ නම් නෑ මම නම් කීයටවත්.මොකද පාඩම් කරන දේ ඔලුවට තඹ දොයිතුවක් වැටෙන්නෑ රෑට.
අපේ යාලුවෝ කට්ටිය නම් ඔන්න රෑත් ටච් එකේමයි පොත්,ටියුට්,ෂොට් නෝට් එක්ක.ඒ තමා මම හිතන දකින සැබෑ කැපවීම.මොකද මදුරුවෝ තලාගෙන,රස්නේ දරාගෙන,නින්ද කියන දේ අමතක කරලා,කට්ටියත් එක්ක පාඩම් සාකච්ජා කරල,දන්න දේ කියා දීලා නොදන්න ඒවා අහගෙන,ගෙවල් වල මිනිස්සු ටික ටිකකට අමතක කරන් අපි ඇද්ද ඒ මාසේ,අලුත්ම අත්දැකීමක් වුනේ කැම්පස් එකේ කුලුදුලේම ලිව්ව විභාගේ නිසා කියල කියන එක මම හිතන්නේ හරියට හරි.
ඒ අස්සට අපේම සහෝදරියකගේ මළ ගෙදරකුත් යෙදුනත් ඔක්කොම බැලන්ස් කලේ හිතේ හයියටයි අක්කල අයියලගෙයි උපදෙස් වලටයි පින් සිද්ධ වෙන්න කියලයි මම හිතන්නේ.බාල්දි උදලු ඒ අස්සට නොවැටුනාමත් නෙවෙයි ඉතින් :)
ඔන්න මුලින්ම එක්සැම් ලියන්න යද්දී මාර අවුල්.නමයට තියන විභාගෙට පහේ ඉඳන් එලාම් තියන්,දඩි බිඩියේ දත කට මූන හෝදන්,අයිඩි එක විසි පාරක් විතර චෙක් කරන්,කන්නාඩි ළඟ හැඩ වෙලා,කැන්ටිමේ දෙන රුපියල් විසි පහේ දිවිය බෝජනේ වලඳලා,හෝල් එකට ලං වෙනකොට ඉතින් වෙලාව හරි.මාසෙම ඔය ටයිම් ටේබල් එක තමා විටින් විට ඇවිත් අපේ ජීවිත රන් කලේ.
බෝරින් සබ්ජෙක්ට් කියලා ජාතියක් තිබුනේ නැත්තේ ඔක්කොම එක වගේ බොරින් නිසාද කියලා මම නම් කියන්න දන්නැති වුනාට ඔරලෝසුවේ කට්ටටත් වෙලාවකට බැන බැන අමුනපු කොළ ආයේ ආයේ ගලව ගලව අමුණලා පිස්සුත් නොනැටුවාම නෙමේ.
බෝරින් සබ්ජෙක්ට් කියලා ජාතියක් තිබුනේ නැත්තේ ඔක්කොම එක වගේ බොරින් නිසාද කියලා මම නම් කියන්න දන්නැති වුනාට ඔරලෝසුවේ කට්ටටත් වෙලාවකට බැන බැන අමුනපු කොළ ආයේ ආයේ ගලව ගලව අමුණලා පිස්සුත් නොනැටුවාම නෙමේ.
ඔය අස්සට වැස්සකුත් ඇවිත් ආශීර්වාදෙකටද මන්දා ඔලු ගෙඩි ටික හෝදලා දැම්මා දවස් දෙකක් තුනක්ම.කැම්පස් එක අස්සේ පාරවල් ගැන කියන්න දෙයක් නෑනේ.තාර බිඳක් වැටිලා නෑ අවුරුදු ගානකට.කානු වලත් වතුර පිරුණම මහ කනදරාව පරාදයි.අපේ වෙලාවට කාටවත් අතුරු ආන්තරාවක් නම් වුනේ නෑ ඕන්..
ප්‍රයිවට් කැම්පස් ගැන කතා කරන යුගේක ඉතුරු වෙලා තියන ටික බලාගත්තොත් නරකක් වෙන එකකුත් නෑ මයේ හිතේ.ඒවත් තිබුනත් මගේ විරුද්ධත්වයක් නැත්තේ තවත් එකෙක් හරි ඉගෙන ගන්න නිසා මිසක් සල්ලි කියන දේ ආයුධයක් කර ගන්නවට නම් නෙමේ අම්මපා.
හැබැයි උන්ට කැම්පස් එකක සැබෑ සාරේ ගන්න බැරි වෙයි කියන එකයි මගේ විස්වාසය.කට්ටක් කෑවේ නැත්තන් කැම්පස් ජිවිතේ රහක් නෑලුනේ.
අපි නම් ඒක පොඩ්ඩක් හරි ලබනවා.පොල් මිරිකලා ඉතුරු වෙන කුඩු වලින් හදන සම්බෝලෙත් රහ නැතුවම නෙමේ අපිට.මොකද ඒවා කාලා බඩ පදම් වුනාම කළු ගල් වුනත් දිරවනවා කියලයි යාලුවෝ නම් කියන්නේ.සහතික ඇත්ත අප්පා.වොෂ් රූම් බුක් කරන්න වලි කාලා,බත් පෝලිම් වල ඉඳලා,මීටින් වල ලැගලා බැනුම් අහලා ගෙවන ජිවිතේ හරේ නැතත් ලවේ හරි ඉතුරු වෙයිනෙ අපිට.
රැග් කියලා කියනවට වඩා ප්‍රෝග්‍රෑම් කියන එක දරුණුවට නොදී පොඩ්ඩක් හරි තිබූන නිසා අනිත් එකා ගැන හිතන්න,බය නැතුව ප්‍රශ්නෙකට මූන දෙන්න,කට්ට කන්න,පන්නරේ නොලැබුණාම නෙමේ.ඒත් සමහර දේවල් වලට නම් එකඟ වෙන්න බෑ අවංකවම.කෑම්ප් කේස් එකත් ලොකුවටම අපිට හරස් වුනත් කියන්න ඕනේ ඒ අපේ වුවමනාවට ගිය ගමනක් නෙමේ කියලා.ඇත්ත කතාව නම් ඒ ලියුම එද්දී මාත් වුනේ හොල්මන්.මේ සැරෙත් තියනව කියල ආරංචියි.පොඩි එවුන්ට අපිට දෙයක් කියන්න නැති වෙයිද මන්ද :)
කලාව,සරසවි සිසුවාගේ වගකීම්,ඇනයක්(බුට්)කන හැටි,සින්දුවක් අහන හැටි,මේ ඔක්කොම මේ මාසෙට ඉඩ තියන වෙලාවට අපිටලැබුනා.වීදීයත් ලොකු අත්දැකීමක් වුනාමට නම්.ඒ අපේම අයියල අක්කලගෙන්.ඔහොම මාසේ කවර් කරගත්ත අපිට කවුරු හරි මෙලෝ රහක් නැති පුද්ගලයෙක් බනිනව නම් මට අහන්න තියෙන්නේ;
අපි ආවේ අත උස්සලද නැත්තන් ඔයා ආවේ එහෙමද කියලයි :)
සැම දේකම හොද වගේම නරකත් තියනවා ........
ReplyDeleteජීවිතේ කියන්නේ මේවා විදින විදවන එක තමා ..... :)
ඇත්ත එතනයි ජිවිතේ තියෙන්නෙත් :)ඒ කටුවල රහ හැමෝටමත් නෑනේ
Deleteඑතකොට විභාගෙත් ඉවරයි නේ! :D අප්පේ මේ ටිකේ කැම්පස් එක ගැනනම් කියලා වැඩක් නෑ!හික්ස්! ඉරිදා ත් ලෙක්චර්ස් ගියා!
ReplyDelete(ඔන්න එහෙනම් ගිය සතියේ රූ වත් හම්බ උනාලු ඈ!)
යන්තම් එකක් ලියාගත්තා මාස නමයක් කට්ට කාලා :)
Deleteහ්ම් ඔයාලට එක්සැම් නෑනේ..නාඩි අයියත් හම්බුනා තමා දවස් දෙකක්ම:)
examznam loweth epa
ReplyDeleteමතක් වෙනකොටත් මැරෙන්න හිතෙනවා :(
Deleteලස්සනට ලියලා තියෙනවා අක්කේ.(අක්කා කියලා හොයාගත්තේ නායකත්ව පුහුණු කථාවෙන් :D :D )
ReplyDeleteහේ හේ :)ෆියුචර් ලීඩර්ස් ලා :)
Deleteහම්ම්... කැම්පස්.. අපේ නම් ඔක්කොටම හරි යන්න නංගි තමයි ගියේ.. ඒ ඇති මං හිතන්නේ පරම්පරාවකට... හි හි... ඒ දවස්වල ඒකා නිසා අපි වින්ද දුකක්...
ReplyDeleteහේ හේ :)එකෙත් ගතියක් නැතුවම නෙමේ අක්කෝ
Deleteතාවම දිව ගාලා බලනවා විතරයි . රහ දැනෙන්න තව කල් යනවා ......... අම්මපා බං ඇත්තමයි
ReplyDeleteඅපිත් එහෙමයි බන් :)
Deleteස්තුතියි කිව්වා එහෙනම්
අවුරුදුගානක් කට්ට කාල ඉගෙනගෙන අවුට් වෙලා "රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට" යන්න තමයි වෙන්නෙ අදකාලෙ :(
ReplyDeleteඅපෝ එහෙම වුනොත් මම නම් හිඟා කනවා :)
Deleteඅපි මුහුණ දුන්නු ඒ අත්දකීම් කියවනකොටත් හිතට දැන්නෙන්නේ ලොකු සතුටක් සහෝ
ReplyDeleteඅමතක වෙච්ච දෙයකුත් මතක කරලම යන්නම් කෝ මේ පැත්තට ගොඩ වැදුණු එකේ ....
ඔන්න අපේ සුපර් සික්ස් එකේ පුංචි මුළුතැන්ගේ කැපිලි කෙටිලි පෙන්නන්න බැරි කොකියෙකුත් ඉන්නවලු,පිහියක් දක්කගමන්ම එයට ඒක ඕන වෙනවලුනෙ ...
හ්ම්ම් හ්ම්ම් අපේ සුන්දර මතක අකුරු කලට ස්තුති රුවා ....
දිගටම ලියමු එහෙනම්..
ජය ශ‍්‍රී!!!!!!
හා හා ඒවා රහස් හොඳේ :)
Deleteලියමු ලියමු..කෝ ඔය ලියන්නේ නැද්ද?
ස්තුතියි මචෝ :)
ම්ම්ම්ම්.අපිත් එකතු කරමින් පවතින මතක....සමහර තැන් අමිහිරියි වගේම සමහර තැන් අමතක කරන්න බැරි සුන්දර තැන්.....ලස්සනට ගොඩනගලා තියෙනවා අදහස් ටික...එළ රූවෝ...
ReplyDeleteඅපිත් තාම හිච්චි එවුන් නේ :)ස්තුතියි රන්ඳු
Deleteවිභාගේ ඉවරයි එතකොට.. :)
ReplyDeleteහ්ම් කරදරේ ඉවරයි :)
Deleteහෑපෝ...ලබන මාසේම ඔය මගුල් විභාගේ.....
ReplyDeleteඅපි බේරුනෝ :) හොඳට පාඩම් කරන්නෝ :)
Deleteඅපිට ලැබෙන අත්දැකීම් වලින් ජිවිතයට ලොකු පන්නරයක් ලැබෙනවා තමයි.....
ReplyDeleteහ්ම් ඇත්ත සමනලී :)
Deleteස්තුතියි ආවට මේ පැත්තේ
lassanai akkiyo:)
ReplyDeletedigatama liyanna.
Ok ok nago :) thanx
Deleteදැන්නම් කෙල්ලට ජිවිතේ දැනෙන්න පටන් අරං වගේ... ඔහොම යං ඒතකොට තමා ජීවිතය තේරුම් යන්නේ.
ReplyDeleteඅත්දැකීම් තමා ජිවිතේ අන්කල් :)
Deleteමම නම් කැම්පස් ගිහිල්ලා නෑ. ඒත් ඕක කනකොට කට්ට උනාට පස්සේ කාලෙක කියන්න තියෙන්නෙත් ඕක ගැන විතරයි කියලයි මට නම් පේන්නේ. මොක උනත් හොද අත්දැකීමක් නේ :) අමානුෂික එව්වා නැතුව රැග් එකක් කියලා එකකුත් තියෙන්න ඕනේ කැම්පස් වල
ReplyDelete