පොරමඩුල්ල ජාතික පාසල
කඳු වළලු මැද
මෝදු වන සඳ
මිහිදුමට සුසුමක් හෙලා
ඇහැරවා නෙත
පාරවා අඳ සිත
සිප් කිරට අරුතක් තබා
නේක පල වැල
අල්ලවා කන වැල
දුබල මාවත හෙළි කළා
විහිදුවා කිතු ගොස
වැජඹේවී ලෝ කුස
යහ ගුණති මිනිසා හදා
කඳු රටේ පුංචි සරසවිය
නැතිද ආඩම්බර කතා
ඇසු විට මා නොකීවා ඕ
නිහඬ බව හොඳ යයි කියා
පොරමඩුල්ල ජාතික පාසල ????? මේක තියෙන්නේ පොර මඩුල්ලෙද ??? ඩී ...... මාත් පොඩි කාලෙ ගියපු ඉස්කෝලේ මතක් උනා මෙන්නමේ පද පේලිය දැක්කාම
ReplyDelete//කඳු වළලු මැද
මෝදු වන සඳ
මිහිදුමට සුසුමක් හෙලා//
මේකටම මෙහෙමත් ආවනම් කථාව සම්පූරනයිලු,,,
සීතලේ වෙව්ලමින් අවදිව
කහට උගුරින් දිව තෙමාගෙන
පියෙකුගේ උණුසුමට තුරුලුව
ඇවිද යමි මම
දකින තුරු ඔබ
කඳු වලලු මැද
මේක මම 2011 ලියපු එකක්..විභාගේ අස්සේ පොඩ්ඩක් වෙනසක් වෙන්න හිතුවා ..අදහස නම් හොඳයි වගේ පුබුදු :) ස්තුතියි ඔයාට
Deleteදිනෙල්කයා මොකෝ බං කරන්නේ ? කෝ උඹේ විලක්කුව ?
Deleteලොක විනාසේ වුනේ නැත්තං අළුත් පෝස්ට් එකක් දානවා .......... විභාග හින්දා ලියන්න වෙලාවක් ඇත්තේම නැතිවුනා බං
Delete++++++++++++++++සැරදේ පාසල් මවුනි ගරු +++++++++
ReplyDeleteසැමදා :)
Deleteස්තුතියි යාලු :)
oyage scholeda? nice :)
ReplyDeleteඔව් අයියා :)
Deleteපාසල් කාලය කාටවත් අමතක කරන්න බැ. එය සැම පුද්ගලයකුගේම සොදුරුතම මෙන්ම අදුරු මතකයන්ද එක් කරන කාල පරාසයක්.යහපත් දරුවාට තම පාසල යනු පසු කාලිනව දෙවොලක් වන්නේය. මේ ඔබට එවන් වු දෙවොලකි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
ඇත්ත අන්කල් :)
Deleteසමකය වටේ කැරකෙන්නම්කො
මේ ඔයා ගිය ඉස්කෝලේද... ලස්සන වටපිටාව. පද ටිකත් ලස්සනයි. ඔයා ඉතින් කොහොමත් කවිකාරි නේ. :)
ReplyDeleteඔව් යාලු..මම කවි කාරියක්ද මම දන්නේ නෑනේ :)
Deleteමට පොරමඩුල්ලේ යන්න බැරි වුනත් මට මගේම වගේ හැගෙන තැනක් තමයි පොරමඩුල්ල ජාතික පාසල කියන්නේ .........
ReplyDeleteඒ වගේම ලස්සන පද ටික ..........
තමන්ගේ ස්කොලේ වටින්නේ තමන්ටනේ යාලු :)
Deleteමම පොරමඩුල්ල ජාතික පාසල ගැන දන්නේ එය ලංකාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ පාසලක් විදිහටයි, ඒක හරිද ?
ReplyDeleteඇත්ත යාලු,ඒක තමා නුවරඑළි දිස්ත්‍රික්කේ එකම ක්‍රීඩා පාසැල,ඒවගේම ජාතික පාසලක් :)
Deleteලස්සනයි ඈ!හරිම ලස්සනයි!
ReplyDeleteස්තුතියි ඈ :)
Deleteලස්සන අදහසක්......
ReplyDeleteස්තුතියි රන්දු :)
Delete