පෘථිවිය හැරුණු විට වෙනත් ග්‍රහලෝකයක,උපග්‍රහයෙකු මත නැතහොත් ග්‍රහකයක හෝ අභ්‍යවකාශයේ ඇති දුවිලි අංශුවක හෝ කිසියම් ජීවයක් පවතී නම් එය "පිටසක්වළ ජිවය"ලෙස හඳුන්වයි.මොවුන් අප මෙන්ම මහා ජීවින්ම වීම අවශ්‍ය නොවන අතර අභ්‍යවකාශයේ පවතින දුවිලි අංශුවක් මත ඇතිවන ක්ෂුද්‍ර ජීවින් වුවද
පිටසක්වළ ජිවය ලෙස හැඳින්විය හැකිය.
ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් ජීවයට දායක විය හැකි මහා අණු තැනිය හැක්කේ අප දන්නා මුල ද්‍රව්‍ය වලින් පහකට පමණි.එනම් කාබන්,නයිට්‍රජන්,සිලිකන්,බෝරෝන් හා පොස්පරස්ය.අනෙක් මුලද්‍රව්‍ය අයනික බන්ධන තැනීමට වැඩි නැඹුරුවක් දක්වන ලෝහ හෝ රසායනිකව අක්‍රීය වායු හෝ මුලද්‍රව්‍ය හෝ වේ.
පෘථිවියේ ජිවය කාබන් මත
ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් ගොඩ නැඟුනද පිටසක්වළ ජිවයක් එකී මුල ද්‍රව්‍ය පහෙන් හැකිදැයි විමසා බලමු.
සහ සංයුජ ඉලෙක්ට්‍රොන තුනක් පැවතීම නිසා
ඉලෙක්ට්‍රොන ඌනතාවයක් පවතින බෝරෝන් මුලද්‍රව්‍යයට තැනිය හැක්කේ සීමිත බන්ධන ගණනක් පමණි.එසේම එවැනි සංයෝගවල ස්ථායිතාවය හා ස්වභාවය පිලිබඳ ගැටළු රාශියක් ඇත.නයිට්‍රජන් හි අණුවේ බන්ධන
ස්ථායිතාවය ඉතා වැඩි බැවින් තැනෙන කුඩා දාමයක් වුවද පහසුවෙන් වියෝජනය වී නයිට්‍රජන් වායුව සැදීමට වැඩි නැඹුරුවක් දක්වයි.පොස්පරස් වල සහ සංයුජ බන්ධනද අඩු
ස්ථායිතාවයක් දක්වයි.මේ හේතු නිසා කාබන් ආකාරයේ සංයෝග තැනීමට බෝරෝන්,නයිට්‍රජන් සහ පොස්පරස් යන මුලද්‍රව්‍යවලට අපහසු බවත් ඒ අනුව පිටසක්වළ ජිවය එම මුලද්‍රව්‍ය තුන මත රඳා නොපවතින බවත් සිතිය හැක.
එහෙත් ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයට අයත් බැවින් සිලිකන් මුලද්‍රව්‍ය කාබන් වෙනුවට හොඳ ආදේශකයක් විය හැකිය.එහෙත් ප්‍රමාණයෙන් විශාල වීම නිසා සිලිකන් බන්ධන තැනීම, කාබන් බන්ධන තැනීම තරම් පහසු නොවන අතර ස්ථායිභාවයද අඩුය.කෙසේ වුවද විද්‍යා ප්‍රබන්ධ රචකයන්ට අනුව සිලිකන් හා ඔක්සිජන් එකතුව තනන මෙතිල් සිලිකෝන වැනි අණුපිටසක්වළ ජීවය සඳහා හොඳ අත්තිවාරමක් විය හැකිය.
නමුදු කාබන් අණු පැවති ලෙසටම ජීවයක් බිහි නොවන බව දැන ගත යුතුය.ජීවය සඳහා අකාබනික අණුද බහුලව ප්‍රයෝජනවත් වේ.මේ අතර වැදගත්ම අකාබනික සංයෝගය වන්නේ "ජලයයි".ජලය යනු සියලුම ජීවි සෛලයන්ගේ බහුලම සංයෝගයකි.බොහෝ පෝෂ්‍ය පදාර්ථ
සෛලය තුළට ඇතුලත් වීමට නම් ජලයේ දිය විය යුතුය.එසේම ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියා සිදුවීමට නම් ජලීය මාධ්‍යයක් අවශ්‍ය වේ.එසේම බොහෝ මහ අණුක සංයෝග ඒවායේ හැඩයන් පවත්වා ගන්නේ ජලයට ස්තූති වන්නටය.
මෙවැනි අත්‍යවශ්‍ය කාර්යයන් ජීවි දේහ තුල ඇති වීමට ජලය සතු විශේෂිත ගුණාංග උපකාරී වේ.
- ජල අණුව සුළු වශයෙන් ධ්‍රැවීකරණය වී පවතී.මේ නිසා ජල අණුවකට තවත් අණු සමඟ පහසුවෙන් අන්තර් අණුක ආකර්ෂණ බල තැනිය හැකිය.මේවා ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන වේ.
- ජලයට ඇත්තේ ඉහල තාපාන්කයකි.ඒ නිසාම ජලය විශාල උෂ්ණත්ව පරාසයක් තුල ද්‍රව වශයෙන් පවතී.සාමාන්‍ය කාමර උෂ්නත්වයේත් සෛල තුල ජීව ක්‍රියා සිදුවන ප්‍රශස්ත උෂ්ණත්ව වලදීත් ජලය ද්‍රව වශයෙන් පැවතීම මේ අනුව ජීව ක්‍රියා සිදුවන මාධ්‍ය වශයෙන් වැදගත් වේ.
- වෙනත් ද්‍රව මිදුන විට සංකෝචනය වේ.නමුදු ජලය අයිස් වන විට ප්‍රසාරණය වේ.එවිට ඝනත්වය අඩු වන බැවින් එය ජලයේ පාවේ.
- ජලයට විශාල තාප ධාරිතාවයක්ද ,විශාල වාෂ්පීකරණ ගුප්ත තාපයක්ද,විශාල විලයනයේ ගුප්ත තාපයක්ද ඇත.
මෙකි කරුණු අනුව පෙනී යන්නේ ජීවය ආරම්භයට මෙන්ම පැවැත්මටද ජලය අත්‍යවශ්‍ය සාධකයක් බවයි.ජීවයේ ආරම්භය පිලිබඳ විද්‍යාඥයින්ට ප්‍රථම බොහෝ පඬි වරුන් අදහස් ඉදිරිපත් කර ඇත.මේ අනුව ආදීතම තොරතුරු හමුවන්නේ "මිසපොතෙමියා"වෙනි.සුමර් ප්‍රදේශයෙන් හමුවූ ලේඛන අනුව ජලජ විශ්වයක් ගැනද,දෙවිවරු ජලයෙන් ජීවින් බිහිකළ බවද කියවේ.එසේම බැබ්ලෝනියා වැසියන් ආදී කල්පික සාගර පිලිබඳව විශ්වාසය තබා තිබේ."පොළොව,වනාන්තර පාළුව හිස්ව අන්ධකාරයෙන් යුතු විය.දෙවියන්ගේ ආත්මය ජල මතුපිට හැසිරෙමින් සිටියේය".ඔවුනගේ පැරණි ග්‍රන්ථ වල එසේ සඳහන්ය.
භාරතීය හින්දු සාහිත්‍යයන්හී කියවෙන්නේ පළමුව ජලයත් ජලයෙන් ආත්මයත් බිහිවූ බවය.ආදී ග්‍රීක යුගයේදී විසු දාර්ශනිකයෙකු වූ තේල්ස් ද සියලු දෙයකම ආරම්භය ජලය බව පවසා ඇත.එසේම ග්‍රීසියේ විසු සේනොපනිස් ද වරෙක පැවසුවේ:
"අප සියලු දෙනා ජලයෙන් උපන් බවයි
අම්මෝ රුවෝ විද්‍යා පන්තියට ගියා වගේ.ඔයානම් උගන්වන්න හොඳ කෙනෙක් වගේ. පුංචි ටීචර් කියල කොල්ලෝ එයි පස්සෙන්ම
ReplyDeleteඅම්මෝ මම එහෙනම් ගුරුවරියක් වෙන්නෙම නෑ.. :D
Deleteස්තූතියි ඔබට :)
අප්පචෝ... මෙයා කොරන වැඩ...
ReplyDeleteඔව්ව තේරුනානම් අවුරුද්දක් තිස්සෙ මැත්ස් කරල කොමස්වලඉන් විභාගේ ලියනවනද අනේ... මට රසායන විද්‍යාව විකාරයි.. ඔව්ව මොකත හොයාගත්තද මන්දා
මම මේ කොමස් කරලත් ආසම සබ්ජෙක්ට් එකක් තමා කෙමිස්ට්‍රි ..මටනම් නියමයි අප්පා:)
Deleteඅම්මතසිලි... අපි ජලයෙන් ඉපදුනා නම් මට තියෙන ප්‍රශ්නේ... මෙච්චර ස්විමිං ක්ලාස් ගිහිල්ලත් මට තාම පීනන්න බැරි ඇයි වදේ....
ReplyDeleteමාරු පොස්ට් එක රූවෝ .. ජය වේවා!!!!
අයියෝ ඔයාටත් තියන ප්‍රශ්නෙ..ඔයා ඇත්තටම වතුරෙද බලන්න පීනුවේ? :D
Deleteස්තූතියි අක්කෝ ඔයාටත් :)
පණුච්චි ස්විමිං ක්ලාස් ගියාට වැඩක් තියෙනවද හැමදාම කලේ ඒකෙ දෙන ටියුට් පාඩම් කරන එක විතරයිනේ... ඉතින් කොහොමද පීනන්න පුරුදු වෙන්නේ...
Deleteඅයියෝ ඒකනේ..පනුච්චි අක්කෝ ප්‍රැක්ටිකල් වලට ඔය ගිහින්ම නෑ මට ටීච කිව්වා:)
Deleteපීනන්න ඉගෙන ගන්නේ මෙහෙම නේ. ටියුට් ටිකත් අරන් වතුරට පනින්න ඕනි. වතුරේ ඉඳල ටියුට් එකේ තියන විදිහට කරන්න ඕනි. එතකොට හරි. :D
Deleteමේක නම් නියම ලිපියක්.. මමත් කැමතිම විෂයක්!
ReplyDeleteමාත් අස නිසයි දිගටම මේ ගැන ලියන්නේ..ස්තූතියි යාළු :)
Deleteජලයෙන්?? උඹ ඉතින් කිව්වොත් බොරුවක්නේ..මොකුත් කියන්නේ නෑ මං ,, :)
ReplyDeleteඅහා ඇත්තට උඹ නම් ජලයෙන් නෙමේ ෂුවර් :)
Deleteඔව් මම ගින්දරෙන්......:)
Deleteඑහෙනං වතුර බාල්දියක් දාලා නිවනවා මං :)
Deleteඅඩේ මට ඒලෙවල් කාලේ මතක් උනා අප්පා...
ReplyDeleteඔය බන්ධන අනං මනං මගුල් තමා හීනෙනුත් දැක්කේ (ගෑල්ලමයිංට අමතරව)... :ඩී
මරු පෝස්ට් එක ආහ්...
අප්පෝ කියන කතා..මම හිතන්නේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න නැතුව ඇති :P
Deleteස්තූතියි යාළු :)
//මම මේ කොමස් කරලත් ආසම සබ්ජෙක්ට් එකක් තමා කෙමිස්ට්‍රි// මෙයා මට හපංනේ බලාගෙන ගියාම... මාත් ලේසිම විෂය ෆේල් වෙලා හැබැයි කෙමිස්ට්‍රි පාස්... තරියා නං බන්ධන හීනෙනුත් දැකලා...
ReplyDeleteමම හිතුවේ මට විතරයි පිස්සු කියලා :)
Deleteශෙහ්..... මෙයා දන්න දේවල් :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හී..මාත් තාම ඉගෙන ගන්නවා යාළු..ස්තූතියි මෙහෙ ආවට :)
Delete