විද්‍යාඥයින් වෙනත් තරු වටා පිහිටි ග්‍රහලෝක සෙවීමේදී වඩා උනන්දුව දක්වන්නේ අපගේ සුර්යයාට සමාන තාරකා කෙරෙහිය.මෙයට හේතුව අපගේ සූර්යයා සතුව ග්‍රහලෝක නවයක් තිබීමයි.එබැවින් විද්‍යාඥයින් සුර්යයාට සමාන තාරකා වල ග්‍රහලෝක සෙවීමේ කාර්යයේ යෙදී සිටියි...එවැනි ව්‍යාපෘති කිහිපයක් පහත වේ.
51 පෙගසස්
1995 වසරේදී ප්‍රථමයෙන් අපගේ සුර්යයාට සමාන වූ තවත් තාරකාවක් වන 51 පෙගසස් තාරකාව වටා ග්‍රහලොවක් සොයා ගන්නා ලදී.මෙම සොයා ගැනීම සිදු කරන ලද්දේ ජිනීවා නිරීක්ෂණාගාරයේ මයිකල් සහ ඩිඩියාර් කුලසීස් යන විද්‍යාඥයන් දෙපල විසිනි.මෙම ග්‍රහලොව අපගේ බ්‍රහස්පති ග්‍රහයාගේ ස්කන්ධය මෙන් 0.45 ගුණයකි.මෙම ග්‍රහලොව 51 පෙගසස් තාරකාවේ සිට තාරකා විද්‍යා ඒකක 0.051 ක් ඈතින් පිහිටා ඇත.
මෙම ග්‍රහලොව අදාල තරුව වටේ වටයක් යාමට ගත වන්නේ පෘථිවි දින 4.23 ක් පමණකි.සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට මෙම ග්‍රහලොවේ පැවැත්ම තහවුරු කිරීම තාරකා විද්‍යාවේ විශාල පෙරළියක් සිදු කල සොයා ගැනීමක් විය.
16 සිග්නී B
සුර්යයාට බොහෝ සෙයින් සමානකම් දක්වන 16 සිග්නී නමැති තාරකාව වටා ගමන් ගන්නා ග්‍රහලොවක් සොයා ගැනීමට සමත් වුයේ ටෙස් අස් විශ්ව විද්‍යාලයට අනුබද්ධ මැක්ඩොනල්ඩ්ස් නිරීක්ෂණාගාරයේ බිල් කොචරන් සහ ආටී හේට්ස්ය.මෙම ග්‍රහ ලොව 16 සිග්නී B තාරකාවේ සිට තාරකා විද්‍යා ඒකක 1.7 ක ස්කන්ධයක් ඇති මෙම ග්‍රහලොවේ පරිභ්‍රමණ කාලය පෘථිවි දින 802 ක් වේ.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 72කින් පිහිටා ඇති මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටියේ නම් අඟහරුත් බ්‍රහස්පතිත් අතර පිහිටනු ඇත.
සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට තවත් ග්‍රහලෝක ,පෘථිවිය පුරාම විවිධ නිරික්ෂණාගාරයන් තුලදී සොයා ගනු ලැබිණ.හාවඩ් ස්මිත් සංනියන් විශ්ව විද්‍යාලයේ රොබට් නොයාස්ගේ ප්‍රධානත්වයෙන් නව දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්ම සොයා ගන්නා ලද එවැනි ග්‍රහලෝක කිහිපයකි.
කොමා බෙරනිස් රාශියේ HD 114762 තාරකාව
මෙම තාරකාව වටා ගමන් ගන්නා,බ්‍රහස්පති ග්‍රහයා මෙන් 11.6 ගුණයක ස්කන්ධයක් ඇති ග්‍රහලොවක් සොයා ගෙන ඇත.මේ ග්‍රහලොවට වසරක් ගත වීමට යන කාලය පෘථිවි දින 83.9කි.මෙම ග්‍රහලොවට අදාල තරුවේ සිට ඇති දුර තාරකා විද්‍යා ඒකක 0.36 කී.බුධ ග්‍රහලොව පිහිටන්නේ අපගේ සුර්යයාගේ සිට නක්ෂත්‍ර විද්‍යා ඒකක 0.39ක් ඈතිනි.මෙම ග්‍රහලොව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටියේ නම් මෙය බුධ ග්‍රහයාටත් වඩා සුර්යයාට ආසන්නයේ පිහිටනු ඇත.මෙම ග්‍රහලොවෙහි පිහිටීම පෘථිවියේ සිට ආලෝක වර්ෂ 90කි.
මෙම ග්‍රහලොව පිලිබඳව විද්වතුන් අතර විවිධ මත තිබේ.මෙය සතු අධික ස්කන්ධය නිසාත් මෙවැනි ස්කන්ධයක් තරුවට ආසන්නයේ පැවතීම නිසාත් මෙය ග්‍රහලොවක් දැයි පිළිගැනීමට විද්‍යාඥයන් මදි කමක් දක්වයි.බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ මෙය වාමන තරුවක් බවය.70වර්ජිනිස් තරුව වටාද මෙවැනිම ආකාරයේ ග්‍රහලොවක පැවැත්ම තහවුරු කොට තිබේ.
47 මහා වලසා(47 UMa)
මෙම තරුව අපගේ සුර්යයාට බොහෝ සෙයින් සමානය.මෙම තරුවේ ස්කන්ධය සුර්යයා මෙන් 1.1ගුණයක් වන අතර මෙම තරුව වටා පිහිටන ග්‍රහලොව බ්‍රහස්පති ග්‍රහයාගේ මෙන් 2.4 ගුණයකි.සාමාන්‍ය ග්‍රහලොවක ඉලිප්සීය කක්ෂය මෙන් නොව මෙහි කක්ෂය වෘත්තාකාරය.මෙම තරුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටියේ නම් ග්‍රාහක වළල්ලේ ස්ථාන ගත වනු ඇත.එසේම මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම සහෝදරයා වනු ඇත.මෙම ග්‍රහලොවට අදාල තරුව වටා වටයක් යාමට පෘථිවි දින 1098ක් ගතවේ.
70 වර්ජිනිස්
මෙම තාරකාව අපගේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 59 ක් ඈතින් පිහිටා ඇත.මෙම තරුවට අපගේ සුර්යයාගේ ස්කන්ධය මෙන්0.95 ගුණයක ස්කන්ධයක් ඇත.මෙම තරුව වටා සොයා ගෙන ඇති ග්‍රහලොවට බ්‍රහස්පති ග්‍රහයා මෙන් 6.8 ක ස්කන්ධයක් හිමිය.මෙම ග්‍රහලොවට අදාල තරුව වටේ වටයක් යාමට පෘථිවි දින 116.6 ක් ගතවේ.
Rho Cancuri
මෙම තාරකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 44ක් ඈතින් පිහිටා ඇත.මෙම තරුව අපගේ සුර්යයාගේ ස්කන්ධය මෙන් 0.85ක ස්කන්ධයක් හිමිය.බ්‍රහස්පතිගේ ස්කන්ධය මෙන් 0.93 ක ස්කන්ධයක් හිමි මෙම තරුවේ ග්‍රහලොවෙහි පරිභ්‍රමණ කාලය පෘථිවි දින 14.64කි.
52 Cancuri 2002
තරුව වටා ග්‍රහලෝක දෙකකින් යුත් ග්‍රහ පද්ධතියක් සොයා ගැනීමට විද්‍යාඥයින් 1996 වසරේදී සමත් වුයේය.මේ පද්ධතියෙන්ම තවත් අලුත් ග්‍රහලොවක් සොයා ගත් කැලිෆෝර්නියාවේ කානගි ග්‍රහලෝක සෙවීමේ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් එය නම් කලේ 52 Cancuri 2002 නමිනි.අදාල තරුවේ සිට තාරකා විද්‍යා ඒකක 5.5 ක් ඈතින් පිහිටි මෙය අපගේ බ්‍රහස්පතිගේ සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටීමට සමානය.අදාල තරුව වටා යාමට පෘථිවි වසර 13 ක් ගත වන මෙම ග්‍රහලොව පද්ධතියේ අනෙක් තරු වලට වඩා දුරින් පිහිටයි.කලින් සොයා ගෙන තිබු ග්‍රහලෝක පිහිටන්නේ තරුවේ සිට තාරකා විද්‍යා ඒකක 3.5 ත් 5 ත් අතර මේවා නම් කොට තිබුනේ 52 Cancuri b සහ 52 Cancuri c ලෙසිනි.
HD 168443
අප සුර්යයාට බොහෝ සෙයින් සමාන වූ HD 168443 නම් තරුව වටාද ග්‍රහලොවක් සොයා ගෙන තිබේ.මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 123ක් ඈතින් පිහිටා ඇත.බ්‍රහස්පති ග්‍රහයා මෙන් 17 ත් 40 ත් අතර ස්කන්ධයක් පිහිටි මෙම ග්‍රහලොව සොයා ගෙන ඇත්තේ කැලිෆෝර්නියාවේ කානගි ග්‍රහලෝක සෙවීමේ මධ්‍යස්ථානයෙනි.
HD 209458
HD 209458 නම් වූ තරුවක් වටා ගමන් ගන්නා ග්‍රහලොවක පිහිටීම මුලින්ම තහවුරු කලේ ටෙනිසිස් ස්ටේට් විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු ග්‍රේරි හෙන්රි විසිනි.ඒ එම තරුවේ අක්වක් චලිතය නිරික්ෂනයෙනි.මෙම සොයා ගැනීමට සමගාමිව කැලිෆෝර්නියා ලකී නිරීක්ෂණාගාරයේ ස්ටීව් වෝගට් ඇතුළු පිරිසක් විසින්ද මෙම තරුවේ අක්-වක් චලිතය නිරීක්ෂණය කර ඇත.එබැවින් මෙම ග්‍රහලොව සොයා ගැනීමේ මහඟු කාර්යයට දෙපිරිසක් වෙන වෙනම කටයුතු කර ඇත.තවද මෙම තරුව වටේ ගමන් ගන්නා ග්‍රහලොව හේතුවෙන් එම තරුව පෘථිවියට නොපෙනී ගිය අවස්ථාවක් තාරකා විද්‍යාඥයන් විසින් වාර්තා කොට තිබේ.මෙවැනි අවස්ථා"සංක්‍රාන්ති"ලෙස හඳුන්වන අතර සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට වෙනත් ග්‍රහ මණ්ඩලයක් තුලින් මෙවැනි අවස්ථාවක් නිරීක්ෂණය කල ප්‍රථම අවස්ථාව මෙය වේ.
HD 177830b
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 192ක් ඈතින් පිහිටන බ්‍රහස්පති මෙන් 1.28 ක ස්කන්ධයක් හිමි මෙම තරුව වටා භ්‍රමණය වන බව සොයා ගෙන ඇත.මෙම ග්‍රහලොවට උපග්‍රහයෙක් ද කැලිෆෝර්නියා කානගි ග්‍රහ ලෝක සෙවීමේ මධ්‍යස්ථානයේදී සොයා ගෙන ඇති අතර එහි ද්‍රව ජලය ඇති බවට විද්‍යාඥයන් සැක පහළ කොට ඇත.
HD 222582b
අක්වේරියස් පිහිටන මෙම තරුව වටාද ගමන් ගන්නා ග්‍රහ ලොවක් සහ උපග්‍රහයෙක් සොයා ගැනීමට කැලිෆෝර්නියාවේ කානගි ග්‍රහ ලෝක සෙවීමේ මධ්‍යස්ථානය සමත්ව තිබේ.මෙම ග්‍රහ පද්ධතිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 137ක් ඈතින් පිහිටයි.මෙම ග්‍රහයාගේ ඉලිප්සීය පථය නිසා ග්‍රහයා විටෙක තරුවට ආසන්නයෙන්ද විටෙක තරුවට දුරින්ද පිහිටයි.ආසන්නම පිහිටුමේදී තරුවත් ග්‍රහලොවත් අතර දුර තාරකා විද්‍යා ඒකක 0.39 ක් වන අතර දුරස්ථ පිහිටුමේදී එය 2.31 කි.
nice :)
ReplyDeleteThanx ayya :)
Deleteඇයි මේ එක පාරටම ග්‍රහලෝක මතක් වුනේ ....?
ReplyDeleteකොහොම වුනත් වටිනා පොස්ටුවක් ...
මට විභාගෙනේ මේ දවස් වල..පේන්නෙම තරු ..
Deleteස්තුතියි තරි
නියමයි අක්කි..අස්ට්‍රොලොජි ගැන නියම පොස්ට් ටිකක් ලියල තියෙනවා...තව ලියන්න..
ReplyDeleteඉඩ ලැබෙන විදිහට ලියන්නම්කො මල්ලි..විභාග වැඩ මේ දවස් වල
Deleteස්තුතියි ඔයාටත්
good work nangi
ReplyDeleteතැන්ක්ස් අයියා
Deleteමේක කියොනකොට මට තරුත් පෙනුනා...හරිම වටින තොරතුරු ටික. බොහොම කාලෙකින් නේද බ්ලොගට ගොඩවුනේ..... නියමයි.
ReplyDeleteඔව් අන්කල් ..විභාගේ අප්පා..එපා වෙනවා,,ඉඩ ලද සැනින් එනවා ඔන්න..ස්තුතියි අන්කල්
Deleteහොඳ විස්තර කිරීමක්.
ReplyDeleteස්තුතියි නිශාන් :)
Deleteපිස්සු හැදෙන සඳ!! සමහර තරු ගැන කියවන කොට තරු පෙනෙනවානේ. //බ්‍රහස්පති ග්‍රහයා මෙන් 17 ත් 40 ත් අතර ස්කන්ධයක්//!
ReplyDeleteහොඳ ලිපියක්.. විභාගෙන් ජය!!
මෙන්න බොලේ ආයෙත් වෙලාව වෙනස් වෙලා..දැන් රෑ 12.45 ලු. තාක්ෂනය අපට අරියාදු කරයි!!! :)
Deleteඔව් අප්පා ...හි හි
Deleteස්තුතියි ඔබේ වැඩ කටයුතුත් සාර්ථක වේවා!!!!!!!!
වැදගත් ලිපියක්නේ... හොද තොරතුරු ටිකක් දැන ගත්තා...... :)
ReplyDeleteඅපි නොදන්නා දේ කොච්චරක්ද යාලු..මෙහෙ ආවට ස්තුතියි ඔයාටත් :)
Deleteහ්ම්ම්ම්ම් විද්‍යාත්මක ලිපියක්
ReplyDeleteහ්ම් :)
Delete