Showing posts with label නොදන්න දේ. Show all posts
Showing posts with label නොදන්න දේ. Show all posts

Monday, February 17, 2014

ආදරණිය වකුගඩුව

         කාලෙකට පස්සේ වැඩ ගොඩක්  අස්සේ පොඩි දෙයක් ගැන කියන්න හිතුණා මොකද මටත් මේක ටිකක් වැදගත්.හේතුව ටැප් එකෙන් කටට සම්ප්‍රදායේ කෙනෙක් නිසාදෝ මන්ද..ලිපිය කියෙව්වොත් තේරෙයි මේ අප:බ්‍රන්සේ.



වකුගඩු?
                                                        ඉස්සර ඕලෙවල් කාලේ පාට පාටින් ඇන්ද විද්‍යාව පොතේ වද දුන්න තවත් එක අභ්‍යන්තර අවයවයක්..එහෙම කියල බෑනේ දැන් නේද?..ඉතින් ඔන්න අහුලගත්ත කරුණු කාරනා ප්‍රකාරව,සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට වකුගඩු දෙකක් තියනවලු.රුධිරය පිට වෙන ඇතුල් වෙන නාලත් තියනවලු.ඒවාට කියන්නේ ධමනි,ශිරා කියලලු..අපේ කට්ටිය දෙයක් තහවුරු කරගන්නත් ශිරාවටමද කියල අහනවනේ.ඒක නෙමේ මේ ඈ :)

Wednesday, January 15, 2014

හෙතෙම ඒ වී සුරවිරයන් නම් විය

     අලංකාරගේ වික්ටර් සුරවීර මහත්මයා නොහොත් ඒ.වී.සුරවීර මහත්මයා පිලිබඳ මෑත කාලයේ මට අසන්නට ලැබුනේ දේශීය කළමනාකරණය නම් විෂය අධ්‍යනයේදීය.ඒ මොහොතේ පටන් ඊයේ (01/14)මහරගම ගොඩිගමුව යහම්පත් මාවතේ පිහිටි සිය නිවසේ අභාවප්‍රාප්ත වෙන තෙක්ම(83 වැනි වියෙහි)ඔහු පිලිබඳ අධ්‍යනයක් මා සිදු කර නොමැති වුවද ඔහු පිලිබඳ අද අළුයම සෙවූ චරිතාපදාන තුල වැදගත් යයි සිතූ කරුණු කිහිපයක් පන්හිඳට මුසු කිරීමට කැමැත්තෙමි..


Monday, June 3, 2013

BLACK METAL





             අහල තියනවද BLACK METAL ගැන?අර යටි ගිරියෙන් කෑ ගහන(Shriek),උස් හඬින් මොර දෙන(Scream),දත් විලිස්සා ගොරවන(Snarl)ගායනා තියන්නේ.මේ කියන සංගීතයේ අමිහිරි,බිය මුසු,තර්ජනාත්මක,අශුභ ගිටාර් වාදනත් ඇතුලත් වෙනවා.ගීත ආකෘතිය ස්ථායි -අන්තරා ක්‍රමයෙන් පිට පනින්නක්.උල් සහිත සත්ව හිස් පැළඳ කරන උසුළු විසුළු,ව්‍යාජ කුරුස ගත කිරීම්,සමඟ මධ්‍යතන ආයුධ භාවිතය,කණ්ඩායම් සාමාජිකයන් එකිනෙකා සතුන්ගේ ලේ වලින් ගසා ගැනීම මෙහිදී දකින්න පුළුවන්.කළු සුදු පැහැයෙන් ශරීරය සරසා ගැනීම් අතරට ව්‍යාජ හෝ ඇතැම් විට සැබෑ ලේ මුසු කරගන්නා මොවුන් වේදිකාව මත යුධ සේනාංකයන් පරිද්දෙන් පෙනී සිටි. BLACK METAL ගායක Gaahl නම් කියන්නේ තම ශයිලියෙන් කිසි විටෙකත් ප්‍රේක්ෂකයා වෙත ළඟා වීමට අදහස් නොකරන බවත් එය පැහැදිලිවම ස්වකිය තෘප්තිය  සඳහා පමණක් යොදාගන්නා දෙයක් පමණක් බවත්ය.
                          



Thursday, July 26, 2012

බයිබල් පුරාණය



වදනක් සොයන විට මා දන්නෙම            නොමැතී

ශබ්ද කෝෂයත් පෙනෙනා ඉමක                  නැතී
ඇති පොත් රාක්කය පෙරලන විටෙක             කිපී
වැටුනා බයිබලය නම් වූ පොතක්                නොකී

Friday, July 20, 2012

අධිකරණ මරණ පර්යේෂණ වල සාක්ෂි ලබා ගන්නා අයුරු

               විභාගයේ උණුසුම නැති වීමත් සමඟ මාගේ පොත්  ටික වර්තමානයේ  ආගිය අතක් නොමැත.ඒවා සොයන්නට දැන් ප්‍රමාණවත් කාලයක්  නොමැති වන්නේ පරණ පුස්තකාලයක් මාගේ හිස මතට කඩා වැටීමයි..එකල්හි නෙත ගැටුණු පොතක පිට කවරයෙන් ඇතිවූ තිගැස්ම අඩුවී යනු වස් එය මෙසේ අමුණන්නට සිත් විය.. :)

මෙම ලිපිය වෛද්‍ය නීති පර්යේෂණ අනුව මරණ පර්යේෂණ හෙළි කර ගන්නා ආකාරය පිළිබඳවයි. 


Sunday, July 1, 2012

ශ්රෙක්

...මේ දවස් ටිකේ මගේ වැඩේ අහල පහල පොඩිවුන් ටික අල්ලාගෙන කාටුන් බලන එක ,මොකෝ අසනීපේ අඩුවක් නෑ තාම :(
ඒ හින්දම එකම පස්, හය වතාවක් වත් බලනවා ආසාවට :) :)


Play background music