Saturday, October 20, 2012

මුළු හිතින් පින් නුඹට




කුසට අහරක් නොගෙන
දින ගණන් වුව ඉන්න
හිතේ සතුටක් නැතිද 


මුළු හදින් හිනැහෙන්න
වස් කවිය ඇසෙන ඉම
සෙත් කවිය මුමුණන්න
සිය ගණන් වැට කඩොලු
සම සිතින් ඉවසන්න
හිඳුණු ඒ උණු කඳුළු
යලි යලිත් උනවන්න
වරදක්ම පටවනා විට
ඒ හිතද නොතලන්න 
දුවගේ චරිතය ඉක්ම
පුතුගේ චරිතය දුන්න 
ලෙඩ ඇඳේ දුක් විඳින තාත්තේ 
මුළු හිතින්  පින් උඹට 







24 comments:

  1. හ්ම්.................................දැනෙනවා...

    ReplyDelete
  2. බ්ලොග් වල ලියවෙන්නේ අපි වගේ අයට නිකම්ම නිකම් හිතෙන හිස් සංකල්ප විතරක් නෙවෙයිලු රූ... ඒ නිසා මගේ හිතට ආවා ප්‍රශ්ණයක්... ඇයි රූ මෙහෙම දෙයක් ලිව්වේ?

    අපූරු කවියක්... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඒකට හිස් හේතුවක් තියනවා..ඒක පෙනෙන කවියට වඩා වෙනස් ..සමහරවිට ඔබට තේරෙන්නේ නැති වේවි..
      උඩින් බලනවනම් තාත්ති තමා මේ හැමදේම දරා ගන්න ශක්තිය දුන්නේ

      Delete
  3. ළමයින්ගේ ලෝකේ පලවෙනි Super Hero තාත්ත කියල කියනවනේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම ඇත්ත යාළු :)
      ස්තූතියි ඔබට

      Delete
  4. තද දුකක් දැනුනාමත් හොඳ සංකල්ප බිහිවෙනවා....

    ReplyDelete
    Replies
    1. මේ දුකම නෙමේ අංකල් කලකිරීමකුත් තියනවා
      බොහොම ස්තූතියි තේරුම් ගත්තට

      Delete
  5. මුලු හිතින් පින් නුබට තාත්තේ............

    ReplyDelete
  6. හ්ම්ම් ලස්සනයි ඒ වගේම හදවතටම දැනුනා.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරි :)
      ගොඩක් දවසකින් වගේ ඈ

      Delete
  7. හ්ම්ම්..තේරුම් කීපයක් ම හිතට ආවා. මගේ "ටිකිරි මොලේ" ට කවි මීටර් වෙනවා අඩුයි කොහොමත්.. :) ඒත් මං මේක පැහැදිලි කරන්න කියලා කියන්නේ නෑ.
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත යටි අර්ථය සමහරවිට උඩු අර්ථයට හාත් පසින් වෙනස් යාළු:)
      කෙටියෙන් තාත්තා තමා මගේ හයිය

      Delete
  8. Replies
    1. තාත්තා මතක් වුනා වැඩියෙන් බං..අසනීපෙන් ඉන්නේ :(

      Delete
  9. ගැහැණු ළමයෙක්ගේ පළවෙනි boy frend තාත්තලු නේ.තාත්තගේ ආදරේට ගොඩක් සමීපයි ගැහැණු ළමයි..ලස්සන අදහසක් Ru.
    bt දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත රන්දු..තාත්තා දුවලට අම්ම පුතාලට ලුනේ:)

      Delete
  10. ඇසේ කදුල සඟවාගෙන තමයි මේ මම ලියන්නේ.පිය සෙනෙහස අහිමි මට මේ පද ටික මගේ ආතීතයට මාව ගෙන ගියා.
    ලෙඩ ඇදේ සිට ඔහුත් අවසාන මොහොතේත් අපි ගැන සිතමින් අපි හැර ගිය බව අපි දන්නවා.ඔබට පිං කමක් නැද්ද මේ ටික මම ගත්තට
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා යාළු,,ජිවිතේ කියන්නේ සැප වගේම දුකත් දරා ගන්න වෙන අත්දැකීමක්..මට පින් එපා යාළු.. ඔබට‍ ස්තුතියි කියෙව්වට

      Delete
  11. ඔයාගේ තාත්තාට ඉක්මන් සුව පතමි!

    ReplyDelete
    Replies
    1. දැන් නම් ටිකක් හොඳයි ,,ස්තුතියි ඔබට

      Delete
  12. කඳුළු වැටෙන අකුරු ටිකක්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා කියනවට වඩා ලියපු

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music