Tuesday, October 9, 2012

Oppa Gagnam Style

වෙන්න තියන දේ යකාටවත් නවත්තන්න බෑ කිව්වා වගේ ඉතින් මැච් එකටත් ඒ තියරියම ඒ ආකාරයෙන්ම බලපාන වෙලාවේ,අපි නම් කප් එක දිනන්න ෆුල් සපෝර්ට් එක දුන්නා ඕන්..වස් කවි,සෙත් කවි, බයිලා < බයිලාව මෙතැන >දන්න සූත්තර ඔක්කොම කිව්වත් වැඩක් වුනේ නෑනේ..හැමදාම ශ්‍රී ලංකාව අනුශුරයෝ.ඕක පල්ලෙකැලේ තිබුනානම්..ඒත් එච්චර තමා..කමක් නෑ මම ගෙස් කරපු ලකුණු 138 නම් තක්කෙටම හරි ඈ(බුකියේ යාලුවෝ නම් දන්නවා)..
ඊළඟ එකේවත් බලමුකෝ එහෙනම්.....

                     මේ කියන්න යන්නේ එදා කොළඹ අවට පරිසරයේ තිබුන අවපීඩනය,සුළඟේවේගය,දෝලනය,නරඹන්නන්ගේ ප්‍රතිචාර,විනිසුරු තීරණ වගේ දේ ගැන නම් නෙමේ..ටී 20යත් එක්කම ආපු ඇත්තටම ආපු නෙමේ ප්‍රසිද්ධ වුන නැටුමක් ගැන දොඩවන්න :)



  ඒ  තමා 29 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ තිබුන සුපිරි අට වටයේ කොදෙව්වන් හා ශ්‍රී ලංකාව අතර තරඟයේ ක්‍රිස් ගේල් අතින් කරලියට ආ"ගග්නම්"කියන නැටුම..ගේල් ගේ ගොතපු කොන්ඩෙත් එක්ක මේ නැටුම අපේ භාෂාවෙන් කිව්වොත් නැඟලම ගියා කිව්වොත් මම හිතන්නේ හරි..ඒත් එදා නම් කොදෙව්වෝ පැරදුනා.ඒ වගේම අපේ ජීවන් කොලුවත් මේ ඩාන්ස් එකම දැම්ම ඩ්වේන් බ්‍රාවෝ ගෙ විකට් එක ගත්ත වෙලාවේ.ඇත්තටම  ඒක අමුතු ජවයක් දුන්නා මැච් එකට(කට්ටිය කතා වෙන හැටියට)..තව එකක් මේ ඩාන්ස් අස්සේ වෙලාවට මැච් එක ඉවර කලේ නෑ කියල ලංකාවට දඩේකුත් කන්න වුනා ඈ..ආරංචි විදිහට ඒ කොදෙව්වෝ හිතා මතා කරපු එකක්ලු...නමුත් එදා රාත්‍රියේ ගේල් ගේ නැටුම නිසා වුනේ තව පොඩ්ඩෙන් පොලෝසියේ ලගින්න වෙන සීන් එකක්,මොකෝ ඒ නැටුමට වශී වෙලා සුදු ජාතික කාන්තාවෝ තුන් දෙනෙක්*********හරි හරි දැන් නැටුමට යන්කො.






මේක ඇත්තටම කොරියානු නර්තන විලාසයකට අනුව යමින් දෑතේ බාහු දෙපසට නටවමින් හා එක් අතක් උඩ එක අතක් මීට මොළවා තබමින් කරන නර්තනයක්..මෙහි නිර්මාතෘ කොරියානු රැප් ගායක"සයි"ලෙස සැලකේ.එම නර්තන විලාසය සමඟම ඔහුගේ වීඩියෝ පටය ලෝකයේ වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ පට අතරට එකතු වී හමාර වන්නේ "යු ටියුබ්"ඔස්සේ පමණක් මිලියන 320ක් පසු කරය.එමෙන්ම යු ටියුබ අඩවිය කියනායුරින් එය අන්තර් ජාල ඉතිහාසයේ වැඩිම කැමැත්තක් තිබු වීඩියෝ ගීතයයි.එමෙන්ම බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම ගීත 10 අතරට ද මෙම වීඩියෝ ගීතය ඇතුලත්ව ඇති අතර එය බ්‍රිතාන්‍යයෙන් පිටස්තර ගායකයෙකුට එකී අවස්ථාව හිමිවූ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකේ.


       "සයි"නම් ගායකයා නිර්මාණ ඉදිරිපත් කිරීමට ගත්තේ පසු ගිය ජුලි මාසයේ සිටය.මාස දෙක තුනක් යන්නට මත්තෙන් මෙකි නර්තනය සමඟ ඔහු ජනප්‍රිය තරුවක් බවට පත්ව තිබෙන අතර එම නිසාම ඔහුට ලොව ප්‍රකට ප්‍රසංග සඳහාද ආරාධනා ලැබෙමින් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.එමෙන්ම ලොව ප්‍රකට දැන්වීම් සමාගම්ද ඉල්ලුම් කරන අතර ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් සමඟ ද දැන්වීමක් කිරීමට දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇත.

මෙන්න වීඩියෝව 




මෙන්න ලිරික්ස් :)

ඉංග්‍රීසි භාෂාවෙන් 


Oppa is Gangnam style
Gangnam style
A girl who is warm and humanle during the day
A classy girl who know how to enjoy the freedom of a cup of coffee
A girl whose heart gets hotter when night comes
A girl with that kind of twist
I’m a guy
A guy who is as warm as you during the day
A guy who one-shots his coffee before it even cools down
A guy whose heart bursts when night comes
That kind of guy
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Now let’s go until the end
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style
Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh
A girl who looks quiet but plays when she plays
A girl who puts her hair down when the right time comes
A girl who covers herself but is more sexy than a girl who bares it all
A sensable girl like that
I’m a guy
A guy who seems calm but plays when he plays
A guy who goes completely crazy when the right time comes
A guy who has bulging ideas rather than muscles
That kind of guy
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Now let’s go until the end
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style
Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh
On top of the running man is the flying man, baby baby
I’m a man who knows a thing or two
On top of the running man is the flying man, baby baby
I’m a man who knows a thing or two
You know what I’m saying
Oppa is Gangnam style
Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh


කොරියානු භාෂාවෙන්(දිව පිලිබඳ වග නොකියමි) 

 

Oppan gang-namseutayil
Kang-namseutayil
Naje-neun ttasaroun inkanjeo-gin yeoja
Keopi hanjanye yeoyureuraneun pumkyeok i-nneun yeoja
Bami omyeon shimjangi tteugeowojineun yeoja
Keureon banjeon i-nneun yeoja
Naneun sana-i
Naje-neun neomankeum ttasaroun geureon sana-i
Keopi shikgido jeone wonsyas ttaerineun sana-i
Bami omyeon shimjangi teojyeobeorineun sana-i
Keureon sana-i
Areumdawo sarangseureowo
Keurae neo hey keurae baro neo hey
Areumdawo sarangseureowo
Keurae neo hey keurae baro neo hey
Chigeumbu-teo kal dekkaji kabol-kka
Oppan gang-namseutayil
Kang-namseutayil
Oppan gang-namseutayil
Kang-namseutayil
Oppan gang-namseutayil
Eh- sexy lady
Oppan gang-namseutayil
Eh- sexy lady
O-oo-o
Jeongsu-khae boijiman nol ttaen noneun yeoja
Ittaeda shipeumyeon mukkeot-deon meori puneun yeoja
Karyeot-jiman wen-manhan nochulboda yahan yeoja
Keureon gamkakjeo-gin yeoja
Naneun sana-i
Jeomjanha boijiman nol ttaen noneun sana-i
Ttae-ga dwehmyeon wahnjeon michyeobeorineun sana-i
Keunyukboda sasangi ul-tungbul-tung-han sana-i
Keureon sana-i
Areumdawo sarangseureowo
Keurae neo hey keurae baro neo hey
Areumdawo sarangseureowo
Keurae neo hey keurae baro neo hey
Chigeumbu-teo kal dekkaji kabol-kka
Oppan gang-namseutayil
Kang-namseutayil
Oppan gang-namseutayil
Kang-namseutayil
Oppan gang-namseutayil
Eh- sexy lady
Oppan gang-namseutayil
Eh- sexy lady
O-oo-o
Ttwiineun nom keu wiie naneun nom
Baby baby
Naneun mwol jom aneun nom
Ttwiineun nom keu wiie naneun nom
Baby baby
Naneun mwol jom aneun nom
You know what i’m saying
Oppan gang-namseutayil
Eh- sexy lady
Oppan gang-namseutayil
Eh- sexy lady
Oppan gang-namseutayil







38 comments:

  1. ඕඕ...මරු මරු ඈ...මමත් අද ගග්නම් ගැන හටියට දැනගත්තලු ඈ...මරු මරු...මැච් එක පරදිනවා කියලා මම උඹට කල්තියාම කිව්වනේ...ලොල්...ඇහුවෙ නෑනේ...දැන් උඹේ කන කපන් හරිද...උඹ මාත් එකක් ඔට්ටුවක් දැම්මනේ..:P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඈ :) ඔව් මම මේ කන කපන ගමන් ගග්නම් නටනවා..කන එවන්නම් පාර්සල් කරලා :)
      උඹේ කට තමා කට

      Delete
  2. හිකිස්.....මාත් මේ ලගදි ඔය වීඩියෝ බැලුවා... :)

    ReplyDelete
    Replies
    1. නැටුවා කියලත් ආරංචියි අපිට :)

      Delete
  3. හි හි.. ඒ පාර කොරියන් ස්ටයිල් ඩාන්ස්.. මම හිතුවා ඔය ලෙඩේ දැං හොද වෙලා ඇති කියලා... මාස දෙක තුනක් වෙනවානේ සින්දුව රිලීස් වෙලා... හි හි...

    ReplyDelete
    Replies
    1. හී හී..නැතුව උඩරට විතරක් නටලා බෑනේ අක්කෝ...සින්දුව රිලීස් වෙලා කල් ගියාට අපි නම් දැනගත්තේ මැච් බලලා.. :)

      Delete
  4. අම්මො රුවා ලියල තියනදේවල්. හොඳා හොදා අපේ ඔය කාලේ දැන් පහුවෙලානේ.දැන් රුවාලගේ කාලෙ. අපි ඒව බලම්න් සතුටුවෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ අන්කල් ඔයත් හිතන තරම් වයසක නෑනේ..හී හී අපි කරන ඒවාට තරහ යන්නැති එකයි පුදුමේ:)
      බොහොම ස්තූතියි අංකල්

      Delete
    2. අන්කල්...??? සීයා බං සීයා..... හි හි

      Delete
    3. අඩේ ඇත්තමද?හික්ස් හිරුවා අංකල් කියන නිසා පැටලුනා..අනික හිරුවටත් දැන් සෑහෙන වයසක් නිසා සීයා කියන එකේ අවුලකුත් නෑ :)

      Delete
    4. කොහොම කිව්වත් මගෙන් නැ කිසිම අවුලක්...@ දෙන්නටම...

      Delete
    5. අංකල් මට දැන් මේවා එපා වෙලා :(බොහොම පින් ඉන්නවට..ඇත්ත ජයගයි පහුවෙලා හරි

      Delete
    6. සියලු දේ අමතක කර දාන්න..පෙර මිත්‍රත්වය ඇතිකරගන්න...

      Delete
    7. ඒ මිත්‍රත්වය දැන් කැඩී බිඳී ගොස් ඇත අංකල් ,,ඒ අනාවබෝධයෙන් හා අවිශ්වාසයෙන් :(
      කාලයට දෙමු විසදන්න මේක...
      බොහොම ස්තූතියි ඔබට :)

      Delete
  5. දැන් කවුරු ඇවිදින්නෙත් මේ විදිහටලු ඈ!!!! :D

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේදිත් මෙහෙම ගියොත් සලකයි අපිට නම්:)

      Delete
  6. ඒක තමා දවසකටවත් නැටුම...

    ReplyDelete
    Replies
    1. ඕක විතරයි අපිට ඉතුරු වුනේ..ස්තූතියි යාළු :)

      Delete
  7. Replies
    1. ඇයි අප්සට් දෝ: හී හී :)

      Delete
  8. ඒ ඇත්තටම අර කනේ සීන් එක මාත් දන්නවලු ඈ.. :P (උයා හදිස්සි උනා වැඩියි රූවෝ )
    ඔය නැටුම නම් අම්මප එදා මට එපාම උනා ... :/ :/ :/
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ අක්කෝ මෙයාලා මාගේ කන කපන්නමයි පැරදුනේ :(
      මම ඒ නැටුම එදා බැලුවේ නෑ..මොකටද නිකං ටීවී කුඩු කරන්නේ :)
      ඔබටත් එසේම වේවා !!!!!!!!!!!!

      Delete
  9. මේක නම් මරු නැටුම. :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාළු..නැඟලම යනවා...:)
      ස්තූතියි ආවට

      Delete
  10. මටත් සෑහෙන්න ප්‍රෂ්නයක් වෙලා තිබ්බෙ මේ ගග්නම් ගැන දැනගන්න ඔනවෙලා හිටියෙ.. ඇත්තටම අද විකියක් අස්සට රින්ගල හොයාගන්න හිතා හිටියේ රූ ඒක ලේසි කරලා...

    තැන්කිව් හොඳේ.. මන් ගනේ මෙකට පරසතු මලක් තෑගි දෙනවා.. කොණ්ඩේ ගහගන්න... දත් මැදල මූණ කට හෝදගෙන එහෙම කන ගාවින්ම ගහගන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොඳේ//පරසතු මල ඔන්ලයින් එවන්න ..හැබැයි ඒක කනයි තියෙන්නේ..අනික් කන ඔට්ටුවකට කපුවා ළඟදී හී හී ..
      මම කොහොමත් දත් මැදලා මුණ හෝදන් ඉන්නේ :)

      Delete
  11. මාත් මේ දවස් වල මේ අඩවුව තමා අල්ලන්නේ...
    එල ඈ...

    ReplyDelete
    Replies
    1. බලාගෙන ස්ටෙප් පැටලෙයි...
      ස්තූතියි හොඳේ :)

      Delete
  12. :) හොඳයි හොඳයි :)

    ReplyDelete
  13. මොකෝ උඩ අර උඹේ කට වහල?

    ReplyDelete
    Replies
    1. ඒ උඹව බය කරන්න ..කෝ බය වෙයන් :)

      Delete
  14. ඔන්න ක්‍රිකට් නිසා ඩාන්ස් එකක් ගැනත් දැන ගත්ත.. ඒකත් මරු..බලන්ඩ ඕන ට්‍රයි කරලා..:)

    ReplyDelete
    Replies
    1. හැබැයි පරිස්සමෙන් හොඳේ..පොලව ඇදවෙන්න බලයි :)

      Delete
  15. Replies
    1. ටුවෙන්ටියෙන් අපිට ඔච්චරයි හම්බවුනේ :)

      Delete
  16. සුපිරි ඩාන්ස් එක ඒකනම් :D

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music