Friday, June 29, 2012

අපි රජරට වැඩ්ඩෝ

 සංසාරේ ඩිග්රි වන්දනාවේ තවත් එක ප්‍රැක්ටිකල් වැඩක් විදිහට පොසොන් පෝය අපේ කැම්පස් එකට ගොඩක් වැදගත්.මේකයි පයින් යන දුර තියෙන්නේ මිහින්තලේට.ඒත් ඕනේ නෑ.කැම්පස් එකේ ඉඳලා බෙල්ල පොඩ්ඩක් ඉස්සුවත් පිළිම වහන්සේ වැඩ හිඳිනවා පේනව අපුරුවට.තවත් කිව්වොත් පැය භාගයයි පුජා නගරෙටත්..


        ඉතින් ඔය අපේ කැම්පස් එකේ වටපිටාව ගැන කියාගෙන මේ කියන්න අර අදින්නේ මොකටද අප්පේ?මෙහෙමයි විස්තරේ,අපේ *** අවුරුද්දේ කලමනාකරණ,සමාජ විද්‍යා හා ව්‍ය වහරික  විද්‍යා කියන පීට තුනේ(හැබැයි කැම්පස් එකේ මුළු පීටපහයි කෘෂි විද්‍යාපීටයයි ,වෛද්‍ය පීටයයි තියෙන්නේ ) ,සහෝදරත්වයෙන් ඒ වගේම ශ්‍රී ලංකා  රජරට විශ්ව විද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් මෙදා පාර කරපු පොසොන් වැඩසටහන ගැන ඔයාලට කියන්නයි ආරම්භයක් ගන්නේ ..ආ තව එකක්  අපි පීට පහම දන්සල් නම් දුන්නෙ එකට හොඳේ ... :)
ඒ දවස් ටිකේ නම් ෆේස් බුක් එකේ ,යු ටියුබයේ රජරට පොසොන් හොඳට ප්‍රසිද්ධ වුනා නෙව :)

හැමදාම වගේ අයියල අක්කල ගේ අවවාද ,උපදෙස් මැද්දේ ලෙක්චර් තියන දවසට හැන්දෑ වරුවේත්,සති අන්තේ මුළු දවසමත් අපි ඔක්කොම එක පොදියට  ඒ වගේම ලෙන්ගතු  සහෝදරත්වයෙන්  කටයුතු කිරීමේ ප්‍රතිපලයක්  විදිහටයි   මෙදා  මේ විදිහට පොසොන් මිහින්තලේ දී හැඩ වුනේ ..
   
     පින්තුර බලන ගමන් ඒ පින්තුරේ ඇතුලේ යටගියාව ගැන ඔයාලත් පොඩ්ඩක් හිතල බලන්න,උණ බට කැපුන හැටි,අන්තිම හරියෙදි කුඩු කැඩුන හැටි,ටියුබ් කෑලි වද දුන් හැටි,පාප්ප නා ගත්ත හැටි,ඒ කරලා අයියලාගෙන් අහගත්ත හැටි :),සව් කොළ ඉරුණු හැටි,කතුරත්  එක්ක කට ඇද කරන් රැලි කැපුව හැටි,කම්බි ඇණ ගත්ත හැටි,"චික් "කිය කිය කැඩුණු කුඩු හැදුව හැටි ,වෙසක් එකේදී නම් කොල්ලෝ ඩෙස්ක් එකක් කඩා ගෙනත් වැටුනනේ කූඩු එල්ලන්න ගිහින් :),කුඩු ටික පත්තු වෙනකම් ෆොටෝ ගත්ත  හැටි,හොරෙන් දන්සල් වැන්ද හැටි තව තියනවා ඕනේ නෑ එක්කෝ :)

               මමත් මේ වෙසක් මතකයෙන් පොසොන් මතකය ගැන කිව්වට අවාසනාවට මටත් කැම්පස් එකේ ඉන්න වුනේ නම් නෑ ක්‍රීඩා නිසා ,නමුත් දුකක් නෑ අපි  දිනලා මොරා ස්පිරිට් ස්පෝර්ට්ස් චැනල් එකේ ,අපේ කට්ටිය ස්වාධීනේ අටපට්ටමේ )
    ෆොටෝ ටික දුන්න අයටයි,අපේ අය වෙනුවෙන් අයියලටයි අක්කිලාටයි වගේම සම පීට සහෝදරයන්ටත් අපගේ බැති බර ස්තුතිය !!!
අපගේ කිව්වට මම විතරයි ගෙදර ,කට්ටිය කැම්පස් එකේ මගෙ හිතේ..


 

















18 comments:

  1. Adaraneeya Nangiye,malliye oyala api hemoma anith Faculty wala sahodarayoth ekka ekata ekathu wela lengathu wela RAJARATA uni eka wedak widihata karata aragena,hithata aragena apia hadapu me atapattam Stupaya(Chaitya)Atapattama progrm eke dakiddi heguna e sathuta meheme wachenekin dehakin kiyann behe.eka hadawathatama thattu karala ahanna oni.
    ithin me aiyala Akkila,nangila,mallila, api hemoma ekata ekathu wela karapu me nirmanaye hema punchi atapattam kuduwakinma,hema una bata kellakinna kiyanne,penwanne kisidaka nobidena ape SAhodarathwaye bedeema noveda...?
    ithin me Blog eka create kala Ru Nangiye oyata thawath lassana lassana weda karanna heki wenna kiyala mama eka sithin oyata suba pathanawa,
    me oyalagema adara Wallu Aiya.

    ReplyDelete
  2. හප්පේ ශෝක ප්‍රකාශයක් වගේ වල්ලු අයියේ :) ගොඩක් ස්තුතියි කමෙන්ටුවට

    ReplyDelete
  3. niyamai hmm..lassana kuudu tika!!

    ReplyDelete
  4. මම අතගැහුවේ නැති වැඩ කොහොමත් ලස්සනයි හිරු :)

    ReplyDelete
  5. හෙ හේ ස්තුතියි ,,කවුද මේ කොනන් හැ? :)

    ReplyDelete
  6. සුපිරියි හොදේ... දැක්කම ආසා හිතෙනවා...සම්ප්‍රදායෙන් මිදුණු අලුත් නිර්මාණයක්!!!

    ReplyDelete
  7. වැව් බැඳී රාජ්‍යයේ නව ආරේ සංකල්ප :) ස්තුතියි බැලුවට :)

    ReplyDelete
  8. matath mage fisrt year eka mathak una nangi.... oyata thawa godaaak athdekim lebei campus ekedi,

    ReplyDelete
  9. :) අපිටත් තව මාස හයක් තියනවනේ අයියා බලමු කෝ :)

    ReplyDelete
  10. ගොඩ දවසකින් මේ පැත්තේ අවේ .......
    අටපට්ටම් කුඩු ටික එකතු වුනාම මාරම ලස්සනයිනේ ..........

    ReplyDelete
  11. ඒක තමා අපිත් මේ බැලුවේ ගොඩක් දවසකින් අවේ නැත්තේ මොකෝ කියලා..අටපට්ටම් දෙදහක් දවස් පහෙන් හැදුවා අපි :)ස්තුතියි යාළු :)

    ReplyDelete
    Replies
    1. meka hadanna mahansi wuna heti danne apine............ස්තුතියි යාළු

      Delete
  12. හිතුවක්කාර කූඩු ටික :)

    ReplyDelete
  13. නියම වැඩක්නේ. අපේ කැම්පස් එකේ නම් අපිට කවදාවත් සිංහල අලුත් අවුරුද්දවත්, වෙසක් එකවත් සමරන්න වෙන්නේ නැහැ. විභාගේ සෙට් කරලා තියෙන්නේම ඒ කාලවල් අල්ලලා :(

    ReplyDelete
  14. ඉතින් කොහොමද පුර්ණ මිනිසෙක් හදන්නේ ??????????
    මේවා රජ ඇඟවල්..හික්ස්

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music