Sunday, August 5, 2012

සාර්ථක මිනිසා ??????


       


            ලෙඩ රෝග මැද්දේ ඔලිම්පික් වාර්තා සකසමින් ,අලුත් චාරිකාවකට සැලසුම් අදින අතර හමුවූ ලිපි ගොනුවක තිබූ සටහනක් ලියන්නට සිතුනේ කවුරු නොකීවද මම මෙය එකවරක් හෝ  කියවන නිසාමය.හේතුව මට වටිනුයේ පළමුව මා ය.එහෙයින් පළමු ආමන්ත්‍රණයත් කල යුත්තේ මටමය..
වැදගත් වේ නම් ඔබද කියවන්න :)


       මෙහි ඇතුලත් වන්නේ සාර්ථක මිනිසෙකු අනුගමනය කරන හා නොකරන පිළිවෙත්ය.
ඇතැම් අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි මුත් ඔබට පාලනය කල හැකි වේ යැයි සිතමි.

දන්නවද?


  • ලෝකයේ සාර්ථකතත්වයට පත්වූ බොහෝ දෙනාගේ විනෝදාංශය සිහින දැකීමය.සැලසුම් සැකසීමය.කියවීමය 
  • ලෝකයේ සාර්ථක වූවන් ජංගම දුරකථන භාවිත කරන්නේ නැත.අපිළිවෙලක් සහිත බොහෝ මිනිසුන්ගේ අත්වල විවිධ පැහැති,හැඩකාර ජංගම දුරකථන ඇත.ඔවුන් වැඩිම කාලයක් ගත කරන්නේ ඒවා සමඟය.
  • සාර්ථක මිනිසා කතා කරන්නේ අඩුවෙනි.වැඩියෙන් වැඩ කරයි.
  • ඔවුන් තේ,කෝපි,සලාද,වයින්,පලතුරු හා සංවේදී සංගීතයට ප්‍රියය.
  • වැඩියෙන් ඇවිදින්නට ප්‍රිය කරන්නේද ඔවුන්මය.
  • සාර්ථක මිනිසා තම බැංකු ගිණුමේ ඇති මුදල් වලට වඩා තම ආත්ම ශක්තියට ආදරය කරති.ගිණුම් හිස් වුවත් ඒවා පුරවන්නට හැකි බව ඔවුන් දනිති .
  • ඔවුන් වේලාසන එති.වේලාසන යති.බින්න බැස ඉන්නේ නැත.වල්පල් දොඩවන්නේ නැත.
  • වැරදි අඩුපාඩු ඉක්මනින් තේරුම් ගෙන හදා ගන්නා ඔවුන්,අඩුපාඩු සමඟ ජිවත් නොවෙති.
  • සාර්ථක මිනිසාගේ ප්‍රියතම ස්ථානය නිවස වන අතර කාලකන්ණියන්ගේ අප්‍රියතම ස්ථානය ද එයමය.
  • නිවාඩු දින වලට අකැමැති මිනිසා සාර්ථකය.
  • බොහෝ සාර්ථක මිනිසුන්ට ඔරලෝසු නැතත් වෙලාවට වැඩ කල හැකිය.
  • "මම එය කරන්නම් "කියා කියන්නන් සාර්ථක පුද්ගලයන් වන අතර "මම එය බලන්නම් "කියන්නෝ අසාර්ථකය.
  • ඔවුන් වටිනා කෙනා සොයා යන අතර අවශ්‍ය කෙනා ළඟට ගෙන්වා ගනිති.
  • සාර්ථක මිනිසාට රැය යනු නිදා ගන්නා වෙලාව නොවේ.
  • පරාජය විශ්වාස නොකරන ඔවුන් ජයග්‍රහණයද අවිශ්වාස නොකරති.



ඉතින් ඔබ කෙතරම් සාර්ථකද?




16 comments:

  1. හෙට දිනේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලාට සාර්ථකව එයට මුහුණ දීමට හැකි වේවා !!

    ReplyDelete
  2. ජයෙන් ජයම වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු ඔබටත් :)

      Delete
  3. සාර්ථක මිනිසාට රැය යනු නිදා ගන්නා වෙලාව නොවේ.!
    මේකනම් මටත් තියනවා!හැබැයි මම හිතුවේ ලෙඩක් කියල!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ එහෙනම් ඔයත් සාර්ථක පුද්ගලයෙක් වත්ද?

      Delete
  4. මේ අතරින් බොහෝ දෑ මා සතුය.ඔව්.මම සාර්ථකයි බොහෝ විට.! අපූරු ලිපියක් රූ! :)

    ReplyDelete
  5. ඇත්තට?එහෙනම් මගේ සුබ පැතුම් හොඳේ..ස්තුතියි ගොඩක් හිරු :)

    ReplyDelete
  6. හෆ්ෆේ, මේ ඇසුරෙන් මමත් වටහා ගත දෙයක් ඇත...එනම් සාර්ථක මිනිසෙක් වීමට බොහෝ දේ මට තව කල යුතු බවය.

    * සාර්ථක වීමට සිහින දැකිය යුතු බවත්, ඒ සදහා මගේ නින්ද දෙගුණ කල යුතු බවත්.
    * ලැප් එකට හුරු වී දැනටමත් මම ජංගම දුරකථන ඇත හැර ඇති බවත්.
    * වයින් වලට ප්‍රිය කරති.
    * බැංකු ගිණුම හිස් වුවත් ආත්ම ශක්තිය ගැන සැහීමකට පත් වෙමි.
    * කිසිදා මට සාර්ථක වීමට නොහැකිය, හේතුව නිවාඩු දිනවලට කැමති නිසාවෙනි.
    * මට ඉක්මනින් සාර්ථක විය හැක, හේතුව රැය යනු නිදාගන්නා වෙලාව නොවන නිසාවෙනි.

    හෆ්ෆේ...
    .
    .
    .
    එතකොට මම සාර්ථකද? අසාර්ථකද? හික්ස්...

    ReplyDelete
  7. සාර්ථක කෙසේ වෙතත් ළඟදීම පිස්සන් කොටුවකට අයදුම් කරන්න වෙයි වගේ :) අනේ අප්පොයි :)

    ReplyDelete
  8. සාර්ථකත්වයට වටින කරුණු ගොඩක්..!

    ReplyDelete
  9. ස්තූතියි යාළු :)

    ReplyDelete
  10. අන්තිමට ගහ ලොවෙත් නෑ :)

    ReplyDelete
  11. ළග තිබුණට අදනේ දැනගත්තේ මම කොයිවගේ ද කියලා ස්තූතියි :)

    ReplyDelete
  12. ඇත්තට ,,හ්ම් හ්ම් :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music