Friday, September 7, 2012

ත්‍රාසය ,භීතිය කුතුහලය මැද ගෙවුණු රැයක්


අද තරම් බට්ටෙක් පෑගුන කාලයක් මටද මතක නැත.

                      උදෑසනම ඩිඇක්ටිවේට් කල බුකිය ඇක්ටිව් කරනවා සමඟම හිරුවාගේ රැහැනට අසු වී කරන්නට සිදුවූයේ චැට් ය.පෙර දින දැනගත් පරිද්දෙන් අද ඈගේ එකම  නැගණියගේ උපන්දිනයයි.මූ මාගෙන් ගෙනයන්නට දේවල් විමසීමත් සමඟ කීවේ ,

"නගාට නම්  කියන්න එපා බං, අද එයා බලන්න යනවා මං .මට ඕනේ එයා "සර්ප්‍රයිස්  කරන්න" කියාය..


මෙම පොස්ට්ටුව කියවන ගමන් ඔබ මේ වදන නිතර මුමුනන්නකෝ"සර්ප්‍රයිස්"...හ්ම් ;D


     කාලයාගේ ඇවෑමෙන් බෝධි පූජාවක් සඳහා කවරදාක්වත් නොමැති වූ උනන්දුව මැද ජංගම දුරකතනයද ක්‍රියා විරහිත කල ගෙතුලෙහි දමා පියමැන්නේ පන්සලටය.නැවත පැමිණි විගස අසන්නට ලැබුනේ විස්ස විද්දියාල හෙට දින ආරම්භ කරන බවක්ය..ෆෝනය තිබූ ස්ථානය මතක් කර ,සොයා ගත් කල මට පෙනුනේ තරුය,වූවේ රත්ය..විස්ස විද්දියාල ආරංචියක් තිබුනද ආචාර්ය මණ්ඩල අර්බුදයෙහි නිමාවක් නොතිබුන නමුදු හිරුවාගේ මිස් කෝල් ඇලර්ට්ස් සහ මැසේජස් හමුවේ තක් බීරි වූ මා  හතර දෙසට කලේ කෝල්ය.මේකා හවස හත හමාර වන විටද හිටියේ කඩුගන්නාවේය.
දැන් පුතේ කාපන් දෙල්..



"රූවා උඹලගේ ගෙවල් පැත්තට එන බස් වල ටයිම් කොහොමද"

"මචං අටයි කාල බැරි උනොත් දහයයි කාල තමා "

දන්නා ලෙසටම මේකාට අටයි කාලේ කෙසේ වත් පැමිණිය නොහැක,මක්ද ඔය ටික කියන කලද අට හමාර ද වීදි බැස අවසානය.
හිතෙනා ලෙසට මූ දැන් වැව රවුමේ විය යුතුය.පහු ගිය දවස් වල පොඩි පොඩි හොල්මන් කතා වාර්තා වන්නේද මේකා ඉන්නා ස්ථානයේය.නමුදු මේ වන තෙක් මා එය නොකීවේ,කිවූ විගස අනිවා මේකා බයට පනින්නේ  දළඳා හාමුදුරුවන් අබියස ඇත්තාවූ වැවටය.



මට මතක් වුනේ නුවරට ඉතා ආසන්න යාලුවෙකුගේ නිවසය..

"මචං මේකයි කේස් එක........................"

පොරද වෙලාව කලාව නොබලා හැකි හැම පැත්තකින් ම උපකාර කලාය.ඒ පිළිබද ස්තූති කල යුත්තේ ඈගේ මුළු පවුලටමය.එමෙන්ම සහෝදර යාළුවද මතක් කල යුතුමය.

ලොකුම සෙල්ලම,මාගේ අතින් බලන කල නින්දය.මෙකී දවස් වල සුළු වුවද අසනීපයකින් පීඩා විඳින මා හට බෙහෙත් බී විගස නින්ද යන්නේ සැණයෙනි.මූට කෝල් කරන්නත් බැරිය මක්ද ෆෝනයේ බැටරිය බැස ගිය විට මීටත් වඩා තත්වය වන්නේ දරුණුය.


   එවිටම උගේ මලයා කෝල් කර අක්කාගේ තොරතුරු හුවමාරු කරමින් කැඩුවේ මගේ නින්දය.එය මහත් උපකාරයක් වූවේ බෙහෙත් නොබී මා රැක ගන්නා පියවි ඇසේ ශක්තිමත් බවටය.අනික වෙනදා රෑට බෙහෙත් වලින් මා බොන්නේ නිදි පෙත්ත පමණය:):)එමෙන්ම මෙකී මෙහෙයුමේදී සහෝදර නැගණියද,අයියාද මතක් කල යුතුමය.

     ගමනාන්තය කෙල පැමිණි මූ ත්‍රිවිලයක නැඟ "මචං කොළ පාට වීල් එකක් නම්බරේ..."මට ඇත්තටම ඇහුනේ හැත්තෑ දෙක පමණි.තව වරක් මූගෙන් නම්බරේ ඇහුවානම් අනිවා කියන්නේ වෙන මඟුලකි.එවිට රියදුරා මූව නම් උස්සනවා සිකුරුය.මක්ද මූ එච්චර බර නැත.හුළඟින් ආරක්ෂා වෙනු වස් තඩි බෑගයක් කරෙහි අටවාගෙන ද ඇත :)

 තිතටම ටයිම් බලා දොර ඇරී විගස දැක්කේ මේකාය.හිරවෙන හුස්ම අමාරුවෙන් වුවද වැටුන බව දැනෙන්නේ දැන්ය.අම්මා තේ හදන තෙක් මේකා සිද්දිය විස්තර කරන අතර මට නම් ඉඳගෙන නින්ද යමින් තිබිණි.

"දැන් ඉවරද බං ? "
යන්තං වත්තම් කරගෙන ඇඳට ගොඩ බැස්සද මේකා ලැප ඔන් කර පිස්සුම කෙලින අතර මා හීනයක් බලා ඇහැරෙන කලද මූ ඒ ආකාරයෙන්ම  ලැපේ පදිංචි වී ඇති බව කීවොත් ?????




සැ.යු :

යුතුකං හමුවේ සියළු සාධක අප හිතන තරං ස්ථාවර නොවන බව සලකපන් මචෝ.



භාෂාවේ යම් යම් අඩු පාඩු ඇති වුවද මේ මාගේ වැයික්කියයි.අනික සාහිත්‍ය දිනේ යෙදී ඇත්තේ ද හෙටය:D



පබිලිසිටිය බලා නොලී අතර මෙයින් මා කම්ප්ලෙසිටි වනු ඇත :D


29 comments:

  1. හපොයි... හොල්මන් කිවුවා... :O :O
    මරු කතාව හෑ.... :)

    ReplyDelete
  2. ප්‍රසිද්ධ ස්ථානයක් නිසා නම කිව්වේ නෑ අක්කෝ.ඔව් එහෙම කතාවක් තිබුනා :)
    ස්තූතියි හොඳේ කියෙව්වට

    ReplyDelete
  3. shit.. aparaadee.. holmanakata ahu wenna thibune...

    ReplyDelete
    Replies
    1. එහෙම වුනා නම් හොල්මනපවු බං :D

      Delete
  4. මාත් අහල තියෙනව ඒ හොල්මන ගැන...අර කස්ටිය අපේ පේපර් බලන්නෙත් නැති එක තමයි ලොකුම අවුල...

    ReplyDelete
    Replies
    1. මම ඊයෙත් ඒගැන බලලා බය වුනා,පේපර් බලනවා තියා අපිව ගන්නෙත් නෑ මල්ලි :(

      Delete
  5. හනේ හෆොයි හිරුවගේ කෙරුවාව.

    ReplyDelete
    Replies
    1. අපොයි කියලා වැඩක් නෑ :)ස්තූතියි ආවාට යාළු

      Delete
  6. හිකිස්.....හිරුවා නිසා රැවාට වූ හදිය.....

    ReplyDelete
    Replies
    1. හික්ස්..මොනා කරන්නද මේකා යාළුවනේ :)

      Delete
  7. 'මේකා හවස හතර හමාර වන විටද හිටියේ කඩුගන්නාවේය.' - වැරදිනේ බං.මම ඒ වෙලේ ගෙදර.... :)
    හ්ම්ම්..පිස්සුම කතාවක් තමා..මොනා උනත් උඹට තෑන්ක්ස් මචා :) :)
    මොකුත් ලියන්නේ නැහැ වැඩිය :)
    ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි හත හමාර හතර හමාර වෙලානේ..මාත් එතකොට පන්සලේ :)
      තෑන්ක්ස් එපෝ ...

      Delete
  8. දැං ඔන්න පාර්ශව කීපයකිංම අපිට හිරුවගේ ත්‍රාසජනක ගමන පිලිබද අදහසක් ගන්න පුළුවං උනා...
    (මං අදමද මන්දා ආවේ...)

    ReplyDelete
    Replies
    1. හ්ම් අද තමා ආවේ..ස්තූතියි යාළු :)
      හිරුවා විටෙක මාගේ මරුවා :) :)

      Delete
  9. Replies
    1. අද බම්ප් වෙන්නේ නැද්ද??????
      ස්තූතියි කමෙන්ට්ටුවට අයියා

      Delete
  10. අප්පට සිරි කොහේ ගියත් හිරුවගෙ කතාව.... නිකන් ජාතිකේ "දගර වලිග ලප වානර" අයි. ටී .එන්. එකේ "දුනු වලිගා වදුරු රජා" වගේ!! මොන චැනෙල් එක දැම්මත් එකම කතාව වෙනස් විදියකින්!!!


    ප.ලි. කෙසේ වෙතත් පට්ට පෝස්ට් එක ඈ.. හිරුව වාසනාවන්තයි!!

    ReplyDelete
    Replies
    1. ආ ප.ප.ප.ලි. මේකම මම එළකිරි.කොම් එකෙත් දැක්ක නෙව...

      Delete
    2. ඒ හිරුවාගේ කතාව තමා එළකිරි එකේ තිබුනේ,මේ රූ කියන හිරුවගේ කතාව..එයා කැපිටල් එකෙන් ලිව්ව එක මම සිම්පල් වලින් ලිව්වා..
      ස්තූතියි යාළු :)

      Delete
    3. හී හී :)

      Delete
  11. හොල්මන්ද පොල්කොළ කිව්වලු. මාරයි ඈ......ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
  12. ඒකනම් ඇත්ත :) :)
    හ්ම් ඔහොමම යන්.......
    ස්තූතියි ආවට ඔබට :)

    ReplyDelete
  13. හිරුවා කියපු කතාව නම් කලින්ම කියෙව්වා. ඒ ගැන නම් මොකුත් කියලා වැඩක් නෑ. ඒත් මේ පැත්තට ආවේ අදනේ. ඔන්න ඉතින් අපි මේකේත් පදිංචි උනා එහෙනම් ඈ :))

    ReplyDelete
    Replies
    1. හි හි ..ඔව් අප්පා කියල වැඩක් නෑ..දිගටම ඉන්නකෝ මෙහෙ :)
      ස්තූතියි යාළු

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music