Sunday, December 2, 2012

පොරමඩුල්ල ජාතික පාසල


කඳු වළලු මැද 
මෝදු වන සඳ 
මිහිදුමට සුසුමක් හෙලා

ඇහැරවා නෙත 
පාරවා අඳ සිත 
සිප් කිරට අරුතක් තබා

නේක පල වැල
 අල්ලවා කන වැල
දුබල මාවත හෙළි කළා 

විහිදුවා කිතු ගොස
වැජඹේවී ලෝ කුස
යහ ගුණති මිනිසා හදා

කඳු රටේ පුංචි සරසවිය
නැතිද ආඩම්බර කතා 

ඇසු විට මා  නොකීවා ඕ
නිහඬ බව හොඳ යයි කියා

20 comments:

  1. පොරමඩුල්ල ජාතික පාසල ????? මේක තියෙන්නේ පොර මඩුල්ලෙද ??? ඩී ...... මාත් පොඩි කාලෙ ගියපු ඉස්කෝලේ මතක් උනා මෙන්න‍මේ පද පේලිය දැක්කාම
    //කඳු වළලු මැද
    මෝදු වන සඳ
    මිහිදුමට සුසුමක් හෙලා//

    මේකටම මෙහෙමත් ආවනම් කථාව සම්පූරනයිලු,,,
    සීතලේ වෙව්ලමින් අවදිව
    කහට උගුරින් දිව තෙමාගෙන
    පියෙකු‍ගේ උණුසුමට තුරුලුව
    ඇවිද යමි මම
    දකින තුරු ඔබ
    කඳු වලලු මැද


    ReplyDelete
    Replies
    1. මේක මම 2011 ලියපු එකක්..විභාගේ අස්සේ පොඩ්ඩක් වෙනසක් වෙන්න හිතුවා ..අදහස නම් හොඳයි වගේ පුබුදු :) ස්තුතියි ඔයාට

      Delete
    2. දිනෙල්කයා මොකෝ බං කරන්නේ ? කෝ උඹේ විලක්කුව ?

      Delete
    3. ලොක විනාසේ වුනේ නැත්තං අළුත් පෝස්ට් එකක් දානවා .......... විභාග හින්දා ලියන්න වෙලාවක් ඇත්තේම නැතිවුනා බං

      Delete
  2. ++++++++++++++++සැරදේ පාසල් මවුනි ගරු +++++++++

    ReplyDelete
    Replies
    1. සැමදා :)
      ස්තුතියි යාලු :)

      Delete
  3. පාසල් කාලය කාටවත් අමතක කරන්න බැ. එය සැම පුද්ගලයකුගේම සොදුරුතම මෙන්ම අදුරු මතකයන්ද එක් කරන කාල පරාසයක්.යහපත් දරුවාට තම පාසල යනු පසු කාලිනව දෙවොලක් වන්නේය. මේ ඔබට එවන් වු දෙවොලකි.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඇත්ත අන්කල් :)
      සමකය වටේ කැරකෙන්නම්කො

      Delete
  4. මේ ඔයා ගිය ඉස්කෝලේද... ලස්සන වටපිටාව. පද ටිකත් ලස්සනයි. ඔයා ඉතින් කොහොමත් කවිකාරි නේ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු..මම කවි කාරියක්ද මම දන්නේ නෑනේ :)

      Delete
  5. මට පොරමඩුල්ලේ යන්න බැරි වුනත් මට මගේම වගේ හැගෙන තැනක් තමයි පොරමඩුල්ල ජාතික පාසල කියන්නේ .........
    ඒ වගේම ලස්සන පද ටික ..........

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ස්කොලේ වටින්නේ තමන්ටනේ යාලු :)

      Delete
  6. මම පොරමඩුල්ල ජාතික පාසල ගැන දන්නේ එය ලංකාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ පාසලක් විදිහටයි, ඒක හරිද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලු,ඒක තමා නුවරඑළි දිස්ත්‍රික්කේ එකම ක්‍රීඩා පාසැල,ඒවගේම ජාතික පාසලක් :)

      Delete
  7. ලස්සනයි ඈ!හරිම ලස්සනයි!

    ReplyDelete
  8. ලස්සන අදහසක්......

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music