Monday, June 3, 2013

BLACK METAL





             අහල තියනවද BLACK METAL ගැන?අර යටි ගිරියෙන් කෑ ගහන(Shriek),උස් හඬින් මොර දෙන(Scream),දත් විලිස්සා ගොරවන(Snarl)ගායනා තියන්නේ.මේ කියන සංගීතයේ අමිහිරි,බිය මුසු,තර්ජනාත්මක,අශුභ ගිටාර් වාදනත් ඇතුලත් වෙනවා.ගීත ආකෘතිය ස්ථායි -අන්තරා ක්‍රමයෙන් පිට පනින්නක්.උල් සහිත සත්ව හිස් පැළඳ කරන උසුළු විසුළු,ව්‍යාජ කුරුස ගත කිරීම්,සමඟ මධ්‍යතන ආයුධ භාවිතය,කණ්ඩායම් සාමාජිකයන් එකිනෙකා සතුන්ගේ ලේ වලින් ගසා ගැනීම මෙහිදී දකින්න පුළුවන්.කළු සුදු පැහැයෙන් ශරීරය සරසා ගැනීම් අතරට ව්‍යාජ හෝ ඇතැම් විට සැබෑ ලේ මුසු කරගන්නා මොවුන් වේදිකාව මත යුධ සේනාංකයන් පරිද්දෙන් පෙනී සිටි. BLACK METAL ගායක Gaahl නම් කියන්නේ තම ශයිලියෙන් කිසි විටෙකත් ප්‍රේක්ෂකයා වෙත ළඟා වීමට අදහස් නොකරන බවත් එය පැහැදිලිවම ස්වකිය තෘප්තිය  සඳහා පමණක් යොදාගන්නා දෙයක් පමණක් බවත්ය.
                          





                                                    BLACK METAL ශයිලිය ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහයන් සමඟ විරුද්ධ වන්නක්.ගීත රචනා වුනත් මානව වර්ගයට වෛර කරන(Misanthropic),ක්‍රිස්තියානි නොවන ආකල්පධාරී (AntiChristian)තේමාවලින් යුක්ත වේ .විෂාදය(Depression), නාස්තිවාදය(Nihilism),මරණය(Death),ආදී මාතෘකා එහිවේ.ඒ වගේම කාල (Season),ස්වභාවධර්මය,ජන පුරාණය,ජන කතන්දර,සිහින ලෝක,දර්ශනය වගේ දේවලුත් ඇතුලත් වෙනවා.නිෂ්පාදනයේදී මොවුන්ගේ සංගීතය නොවන අතර කියතක් පීර ගානවා වැනි හෝ ඌරෙකු කෑ ගහනවා වැනි කටෝර ගොරහැඬි කටහඬකින් යුක්ත වෙනවා.(Raspy Grunted Vocals).මෙයටත් වඩා මොවුන් සම්බන්ධව පැන නඟින  ප්‍රධානතම කරුණක් වන්නේ සමාජයට සිදුව ඇති හානිදායක තත්වය හේතුවෙන්  බරපතළ අපරාධකරුවන් පිරිසක් බවට පත් වීමයි.

                පල්ලි ගිනි තැබීම,මිනීමැරුම් ඇතුළු බරපතළ සමාජ විරෝධී ක්‍රියා රාශියක් මොවුන් අතින් සිදුවී තිබෙනවා.1992 සිට 1996 දක්වා නොර්වේහි ක්‍රිස්තියානි දේවස්ථාන සතු 50ට අධික සංඛ්‍යාවක් වූ දේපල ද්වේශ සහගත ලෙස විනාශ කිරීමේ වගකීම BLACK METAL සාමාජිකයන්ට පැවරී තිබෙනවා.හොඳම උදාහරණය වන්නේ නොර්වේහි "ෆෑන්ටොෆ්ට්"දේවස්ථානය ගිනි තැබීමයි.

                                      මෙටල් ශයිලියේ උප ශයිලීන්ට ද බ්ලැක් මෙටල් හි අමානුෂිකත්වය බලපා ඇත.ස්වීඩන "DeathMetal"ඉන් එකකි.යුරෝපයේ වානිජවාදී Death Metal කණ්ඩායම් සඳහා මරණ තර්ජන,නොර්විජියානු බ්ලැක් මෙටල් අනුගාමිකයන්ගේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණ දැනටමත් හෙළිවී තිබේ.පසුකාලීනව මතුවන Viking Black Metalඋප ශයිලියේ සන්තාපය(Sorrowful)මුසු කීබෝඩ් නාද රටා ද මේ සඳහා සාක්ෂි දරයි.හදිසි චිත්තකම්පනයක් සහිත (Shock Value)සංගීතයක් සෙවූ ජාතික සමාජීය බ්ලැක් මෙටල් කණ්ඩායම් ජර්මනියේ නාසි අදහස් ස්පර්ශ කොට ඇත.බ්ලැක් මෙටල් කාව්‍ය රචනා :
  • අදේවවාදය(Atheism) 
  • ප්‍රතිදේවවාදය(Antitheism)
  • මිසදිටුවාදය(Paganis)
  • සාතන් වන්දනාව(Satanism)කෙරෙහි අනුබල දක්වයි.



23 comments:

  1. හ්ම්ම්ම්ම් ආසාවෙන් බැලුවා රූ ...තව විස්තර ලිව්ව නම් ඒත් කැමැත්තෙන් බලනවා..දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. මේ මම කියවපු ලිපියක තිබුන කරුණු..වෙනස් දෙයක් නිසයි බ්ලොග් එකට දැම්මේ,ස්තූතියි ඔබට :)

      Delete
  2. අහ් ......... ගොඩක් කාලෙකට පස්සේ නේද .....?
    මමත් ආසම මාතෘකාවක් තම මේක. මම නම් Black Metal වලට වඩා Gothic Rock , Hard Rock , Heavy Metal , Indie Rock , Glam Metal, NU Metal වලට ආසයි

    ReplyDelete
    Replies
    1. ඔව් තරි..මම නම් කොටින්ම මොනවත් දන්නේ නැතෝ

      Delete
  3. Patta ruwo..brutal death metal ganath liyahan..gaahl thama mage fav..e unata api thamath black metalma thama..thawa dsbm gana wadiyen dahan..ethakota nocturnal depression ganath dahan..bloga patta

    ReplyDelete
    Replies
    1. මේ කෙන්ජමද?අපරාධේ කාසි :)

      Delete
  4. mnwa qwath we love black metal.. Hail gaahl..ma fav vocalist..just fuckin luv his band gogoroth..aththatama qwoth love,romance wage themes walata wada ewa hndai..also i luv DEPRESSIVE SUICIDAL BLACK METAL,BRUTAL DEATH METAL,GRINDCORE,SCREAMCORE,DEATHCORE..
    Bloga patta ruwo..thawa wisthara illuwanam denawane..
    BTW HAIL NORVEY..
    බොක්කෙම fit එක කෙන්ජා

    ReplyDelete
    Replies
    1. උඹට තමා ලිව්වේ කෙන්ජෝ..කෝ ඉතින් සපෝට් නෑනේ කිව්වත් :(
      ස්තූතියි හොඳේ

      Delete
  5. මේ කට්ටිය ගැන දැනන් හිටියෙ නැහැනේ..ස්තූතියි තොරතුරුවලට!!

    ReplyDelete
    Replies
    1. මාත් කියවපු විස්තරයක් යාලු :)
      ස්තූති කරන්න ඕනේ මමනේ කියෙව්වට

      Delete
  6. බොහොම කාලෙක්න්නේ රූ. ලිපිය නම් ඉතාමත් අගෙයි. කවුරුත් අත නොතබපු පැත්තකට ඔබ යොමු වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අත තිබ්බොත් විනාසයක්නේ අංකල් මට..වැඩ වැඩ්යි අප්පා :)

      Delete
  7. අෆ්ෆට තිලි! මම නම් අකමැති දෙයක්!! විස්තර දැනන් උන්නෙ නෑ.. අදයි දැනගත්තෙ හරියටම.

    ReplyDelete
  8. මුන්ට පිප්ස්සුද ?

    ReplyDelete
    Replies
    1. මුන්ට ලූස් අප්පා :)

      Delete
  9. මම මේ දැන් දැක්ක දිවයින සයිට් එකේ ආටිකල් එකක්. මුලින්ම ලිව්වෙ කව්ද කියල දන්නේ නම් නෑ. හැබැයි පත්තරේ ලියල තිබ්බ විදිය නම් දැක්කම මල පනිනව. කෝකටත් මෙන්න ලින්ක් එක.
    http://www.divaina.com/2013/06/02/diyaga08.html

    මම සාමන්යයෙන් බ්ලොග් වල කමෙන්ට් කරන්නෙ නෑ නමුත් මේක දැකපු ගමන් කමෙන්ට් කරන්න හිතුන මොකද මමත් Metal බෑන්ඩ් එකක ප්ලේ කරන හින්ද. පෞද්ගලිකවම මම් Black Metal ස්න්ගීතයට වැඩි කැමත්තක් නෑ. මට දැනෙන හැටියට එහි එක්තරා ඒකාකාරී ගතියක් දැනෙන නිසා. කොහොමහරි බ්ලැක් මෙටල් මියුසික් වලින් සමාජයට හානියක් වෙනවා කියල මම පිලිගන්නෙ නෑ. නොර්වේ වල බරපතල සිද්ධීන් වෙලා තිබුනත් මුලු සන්ගීතයටම ඒ වෙනුවෙන් දොස් පැවරීම අනුමත කරන්න බෑ. මෙටල් සන්ගීතය සහ සන්ස්කෘතිය ගැන නොදන්න පුද්ගලයෙකුට එයට සම්බන්ධ දේවල් තරමක් අසාමාන්‍ය විදිහට දැනෙන්න පුලුවන්. නමුත් එයත් එක්තරා ආකාරයක සන්ගීතයක්.

    කට්ටිය Metal: A Headbanger's Journey සහ Global Metal මේ කියන documentaries ටිකත් බලන්න. Randy Blyth (of Lamb of God) විසින් රචිත මේ blog එකත් කියවල බලන්න randonesia.tumblr.com.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොපි කැට් පාරක් තමා යාළු..දැන් කවුරුත් පත්තර බලන්නේ නෑනේ නිකමටවත්.ඔයා දැනගත්ත එකයි පුදුමේ:)
      තොරතුරු වලට ස්තූතියි ඇනෝ යාලු..අපිව කියවන්න එන්න ආයෙත්

      Delete
    2. තරහ නැතුව පුලුවන් නම් මේ සින්දුවත් අහන්න. බ්ලැක් මෙටල් නම් නෙවෙයි :) හැබැයි සින්හල මෙටල් සින්දුවක්.

      http://www.youtube.com/watch?v=9_Fbu5bOQmI

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music