Monday, February 17, 2014

ආදරණිය වකුගඩුව

         කාලෙකට පස්සේ වැඩ ගොඩක්  අස්සේ පොඩි දෙයක් ගැන කියන්න හිතුණා මොකද මටත් මේක ටිකක් වැදගත්.හේතුව ටැප් එකෙන් කටට සම්ප්‍රදායේ කෙනෙක් නිසාදෝ මන්ද..ලිපිය කියෙව්වොත් තේරෙයි මේ අප:බ්‍රන්සේ.



වකුගඩු?
                                                        ඉස්සර ඕලෙවල් කාලේ පාට පාටින් ඇන්ද විද්‍යාව පොතේ වද දුන්න තවත් එක අභ්‍යන්තර අවයවයක්..එහෙම කියල බෑනේ දැන් නේද?..ඉතින් ඔන්න අහුලගත්ත කරුණු කාරනා ප්‍රකාරව,සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට වකුගඩු දෙකක් තියනවලු.රුධිරය පිට වෙන ඇතුල් වෙන නාලත් තියනවලු.ඒවාට කියන්නේ ධමනි,ශිරා කියලලු..අපේ කට්ටිය දෙයක් තහවුරු කරගන්නත් ශිරාවටමද කියල අහනවනේ.ඒක නෙමේ මේ ඈ :)


           ඉතින් වකුගඩු වලින් පෙරෙන මුත්‍රා යුරිටරි කියන නාල වලින් මුත්‍රාශයේ තාවකාලිකව ගබඩා කරගෙන මුත්‍රා මාර්ගය හරහ වරින් වර තමා පිට කරන්නේ.ටිකක් සංකීර්ණ වැඩක්.

                                                             ඔන්න ඔය කියන වකුගඩුව හැදිලා තියෙන්නේ වෘක්කානු ගොඩක එකතුවකින්.එකක් 10-14c.mවගේ බර 150gවගේ.මේවා වලින් මුත්‍රා විතරක් නෙමේ නයිට්‍රජනිය බහිශ්‍රාවිය අයින් කරන එක,ශරීරයේ ජල කළමනාකරණය,සියලුම අම්ල භෂ්ම පාලනය,සියලු ලවණ හා අයන පාලනය,එරිත්‍රෝපොයිටින් හෝමෝනය නිෂ්පාදනය,විටමින් Dවලට ඕනේ හෝමෝන නිෂ්පාදනය වගේ වැඩ ගොඩක් කරනවා.

                         වකුගඩු අක්‍රීය නැත්තම් අකර්මන්‍ය වුනොත් ශරීරයේ ජලය එකතු ඉදිමීම,නයිට්‍රජනිය අපද්‍රව්‍ය එකතු වීම,කැක්කුම්,ඔක්කාරය,කෑම අරුචිය,නින්ද නොයෑම,ඇඟ කැසීම වගේ  රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.


     ලවණ වෙනස් වීම නිසා විශේෂයෙන් පොටෑසියම් වැඩි වෙලා හර්දය අක්‍රීය වෙන්න උනත් පුළුවන්.ඒ වගේම P.Hඅගය අඩුවෙලා ආම්ලිකතාව වැඩිවෙන්නත්,කාලයක් යද්දී රුධිරාණු මට්ටම පහල ගිහින් ඇමීනියා තත්වයක් ඇතිවෙන්නත් පුළුවන්.කැල්සියම් හා විටමින් Dඅඩුවීම නිසා අස්ථි පද්ධතියටත් බලපාන්න පුළුවන්.

වකුගඩු අකර්මන්‍ය වීම කොටස් දෙකයි.


  • කෙටිකාලීන වකුගඩු ආබාධ :

                රුධිර පීඩනය අඩු වීම,දින ගණනක් නිරාහාරව සිටීම,ජලය පානය නොකිරීම වගේ හේතු නිසා කෙටි කාලෙකින් මෙකි වකුගඩු ආබාධ හැදෙන්න පුළුවන්.

  • කාලික වකුගඩු ආබාධ:

                             දරුවන්ගේ ඇස් වටා ,උදරය,මුහුණ ඉදිමීම(වෘක්කානු මඟින් අධිකව ප්‍රෝටීන් මුත්‍රා සමඟ පිටවීම නිසා)ඇති වෙන්න පුළුවන්.කලාතුරකින් AGN(Accute Glomennole Nephritis)කියන තත්වෙ ඇතිවෙන්නත් පුලුවන්.පාද වල හොරි වැනි තුවාල,බැක්ටීරියා ආසාදන,උගුරේ ආබාධ වගේ දේවලින් පස්සෙත් රෝගය  ඇතිවෙන්න පුළුවන්.බලාගෙනයි  මුත්‍රා ආසාදනත් හේතු වෙන්න පුළුවන්.


         වැඩිහිටියන් මේ රෝගයට ගොදුරු වෙන්නේ බහුලවම දියවැඩියාව හින්ද."මයික්‍රෝ ඇල්බියුටික්"පරීක්ෂාවකින් හරියටම හොයාගන්න පුළුවන්.(මාස 6න් 6ට හෝ වසරින් වසර පරික්ෂා කිරීම වැදගත්.මොකද ඇල්බියුමින් මුත්‍රා වලට නිකුත් වෙන ප්‍රමාණය අඩු වීම තුලින් වකුගඩු අකර්මන්‍ය වේගය අඩු කරගන්නත්,දියවැඩියාව ඇත්නම් ඇසේ ස්නායු පටක වලට වන බලපෑමත් නිසා).
        පොලිසිස්ටික් කිඩ්නිඩිසිස්..මේක නම් ප්‍රවේණිගත රෝගයක්.අවුරුදු 20 විතර ස්කෑන් පරීක්ෂණයකින් හොයාගන්න පුළුවන්..

විශේෂයෙන් මේ රජරට ඇත්තොන්ට.........


       ලෝක සෞඛ්‍ය සංවිධානය 2009 උතුරු මැද පැත්තේ කරපු පරීක්ෂණයකින් වකුගඩු රෝගයට ප්‍රධානම හේතු ලෙස කැඩ්මියම් හා ආසනික් බැර ලෝහ හඳුන්වා දෙනවා.කැඩ්මියම් ලෝහය වැඩිපුරම තියෙන්නේ නෙළුම් අලවල.දෙවෙනුවට  දුම්කොළ වල.ආයුර්වේද ඖෂධ වලට ගන්න"සත්සඳ"ශාකයේ "ඇරිස්ටලෝකිඩ්"කියන ඇසිඩ් බහුලව පැවතීම නිසා වකුගඩු රෝග වලට හේතු වෙනවා.ඒ වගේම,


1)Diazinen
2)Propanil
3)Paraquat
4)Chlorpyriphs
5)Carbaryl


       කියන පලිබෝධනාශක 5දැනට තහනම් වෙලා තියෙන්නෙත් රෝග කාරක නිසා .සුදුසු ප්‍රමාණයෙන් පලිබෝධනාශක නොයෙදීම,ආරක්‍ෂිත ඇඳුම්,පාවහන්,හිස් පළඳනා නොයෙදීම,හේතු වෙනවා රෝගයට.

       විශේෂයෙන් ආහාර හා ජලය නිසා ඇතිවෙන වකුගඩු රෝගයට සාමාන්‍ය වකුගඩු රෝගයට දෙන ඖෂධ හරියන්නෑ.හේතුව ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන ශ්‍රාවය වීම නිසා වකුගඩුවලට බලපෑම.
උතුරු මැද පළාත් රෝගයට නම්"එන්ලාෆ්‍රිල්"නම් ඖෂධය තමා නිර්දේශ වෙන්නේ...


  • පානිය ජලයේ 100% පිරිසිදු බව 
  • පෙරණ ලද ජලය
  • පරික්ෂා කිරීම් වලින් පසු අනුමත කල ජල මුලාශ්‍ර වලින් ලබාගන්නා ජලය
  • අධික උණුසුම් ප්‍රදේශ වල වැසියන්ට ජලය අධිකව පානය
  • කෘමිනාශක,පොහොර අනවශ්‍ය භාවිතය නතර කිරීම වැනි කරුණු වලින් ඔන්න ඔයාගේ වකුගඩුත් බේරගන්න පුළුවන්..




1 comment:

  1. අපිත් ඉතිං කෙලින්ම ටැප් එකෙන් තමයි! මෙහෙන් යද්දී අලුතින් දෙකක් දාගෙන තමයි යන්න වෙන්නේ!

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music