Sunday, April 6, 2014

මං හිරවෙච්චි හැටි


                                                                                                                                                                      චාටර්ඩ් එක්සෑම් හින්ද කැම්පස් එකට හිරවෙච්ච හිරවෙල්ල මේ මොහොතෙත් ඉහින් කනින් හැලෙන දාඩියෙන් මට ගෙදර මතක් කරනවා..මාසයක් ගෙවුනේ නිකම් අවුරුද්දක් ගියා වගේ..නිතර නිතර වද දුන්න වතුර ප්‍රශ්නෙටත් වෝර්ඩ්න්ට කියල යන්තං සතියකට ඇතුලේ හොස්ටල් එකකට පැනගත්තට හෙට අනිද්දට මෙහෙනුත් යන්න වෙනවා..ඒ අස්සේ මැච් එකත් මොකද වෙන්නේ කියල යන එන ගමන් කැන්ටින් එකට ඇහැ දැම්මට හිතට හරි නෑ බලන්නැතුව මුල ඉදලා.ඒෂියන් කප් එකට පස්සේ ටී ටුවෙන්ටි එකේ ෆයිනල් එකත් සෙට් වෙනකොටඅදත් එහෙට නම් වහිනවා.කොහෙවත් නැති අපි ඒකෙන් තෙමෙනවා කියන්නේ මං,පල්ලෙහා ෆ්ලෝ එකේ තියෙන ටීවී එක හදාගන්න කාපු කට්ටත් එක්ක.ඒත් වැඩේ හරි ගියේ නෑ..


             ඒ අස්සේ තවත් ප්‍රශ්නයක් වෙච්ච රිලා වර්ගයෙන්  දවල් ආපු රිලා තඩියෙක් යාළුවෙක්ගේ පර්ස් එකක් උස්සන් ගියා..හැබැයි ඌ බුද්ධිමත්ව අයිඩින්ටි කාර්ඩ් එකයි ඒ ටී එම් කාර්ඩ් එකයි අතහැරියේ අපිට තියෙන වටිනාම දේවල් ඒවා කියල හිතාගෙනද මන්ද...ඒ අද..මේ දවස් වල මුළු කැම්පස් එකටම ලොකුම ලොකු අපල කාලයක් ලබල වගේ.කට්ටිය ගහගන්නවා,ගුටිකනවා,ඒවා කමක්නෑ කියමුකෝ අහිංසක අපෙ මල්ලි කෙනෙක් මෙහෙ තියෙන පොකුණක ගිලිලා නැති උනා.හරියටම අදට සතියයි ඒත් මේ වෙලාවටමයි.ඒ කාලකන්ණි දවස මතක වෙද්දීත් ඇඟ පත පණ නැතුව යනව වගේ දැනෙන්නේ එදා අපි ඉස්පිරිතාලෙට දිව්ව විදිහෙ ඉඳල.ඔක්කොම එකතු වෙලා ප්‍රාර්ථනා කරාට වැඩක් උනේ නෑ..අපි ඉස්සරහම ඒ මල්ලිව සුදු රෙද්දකින් වහන කොට මොකටද අපි ඉන්නේ කියල මතක් වෙච්චි වාර අනන්තයි.ඕක තමා ජිවිතේ එහෙමයි හිත හදාගත්තේ ගොඩක් අය..අනිත් දවසේ කැම්පස් එකට අවසන් ගෞරව දක්වන්න හතර දෙනෙක්ගේ කර උඩින් ආපු මල්ලි,බදාදා සදහටම මේ ලෝකෙන් යන්න ගියා.ඒ අපිට හොඳ පාඩමක් කියල දීලා.තරුණ කමයි විනෝදයයි හැමවෙලාවෙම හොඳට හිටින්නෑ.වරදින වෙලාවලුත් තියෙනවා එහෙම කිව්වේ එදා අවසාන දවසේ හාමුදුරුවෝ නමක්.ඒක ඇත්ත.


                                 ඇතිවේවි නැතිවෙන වතුර මැද දෙමළ එක්සෑම් එකකුත් අපි ලිව්වා..මං ලිව්ව හොඳම එක්සෑම් එක කියල මට කියන්න පුළුවන් බය නැතුව,මොකද මායි මගේ රූමයි හිටියේ පුටු හතකට මෙහායින්.අපි කොපි කරා කියලා හිතන්න එපා මොකෝ තනි කර ෆොටෝ කොපියක්ම උනා..හේ හේ...ඉතින් ඔහොම ගෙව්ව සරසවි ජිවිතේ අතහැරලා අද හෙට ගෙදර යන්න තාමත් මං ට්‍රයි කරනවා..

(වැඩකට නැති දෙයක්ද මන්දා,කට්ටිය කියනවනේ ලියන්නෙම නෑ කියල ඉඩක් ලැබුන ගමන් ලියල දැම්මා)

2 comments:

  1. තව කොච්චර කල් හිර වෙලා ඉන්න තියෙනවාද ?

    ReplyDelete
  2. එදා ඒ සහෝදරයා නැති වෙච්චි මුස්පේන්තු වෙලාවනම් කවදාවත්ම අමතක කරන්න බැරි වෙයි....

    හ්ම්ම්..හ්ම්... මම දැක්කා දවස් දෙක තුනක්ම අපේ ෆැකල්ටියේ කැන්ටිම පැත්තේ කැරකෙනවා

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music