Sunday, July 6, 2014

හීන අමුණන යාළුවෝ


                                කාලෙන් කාලෙට වෙනස් වෙවී යන මිනිස්සු අස්සේ තාමත් ෆිට් එකේ මචන් කියන්න පුළුවන් යාලුවෝ සෙට් එකක් මටත් ඉන්නව තාම.කැම්පස් ජර මර අස්සේ හම්බවෙච්චි නිවාඩුවේ ස්ටාර්ස්ලා බලලා හූල්ලලා කාල බීල පැදුරට ගිහින් ඇලවෙන්න බැරිකම හින්දම නෙමේ ලඟදි කට්ටියත් එක්ක කොහේ හරි කරක් ගහන්න යන මානසිකත්වය හමුවේ හුදෙකලා වෙන්න බැරි හින්ද අවුරුද්දට එක පාරක් හරි දකින්න වලි කන ඉස්කෝලේ කාලේ යාලුවෝ ගැන පොඩ්ඩක් ලියල දාන්න හිතුනා උඩින් පල්ලෙන් හරි.

                         කැම්පස් හීන,බෙන්ස් හීන,මිල්ල හොයන හීන ඉස් මුදුනේ නොතිබ්බට තාමත් මතක් කර කර හිනාවෙන්න පුළුවන් අතීතයක් යන්තමට හරි ඉතුරු වෙලා තියෙන්නේ හිටපු යාලුවොන්ගෙන් කියන්න මං නම් දෙපාරක් හිතන්නේ නෑ ආයේ.පොඩි ඉස්කෝලේ ගිය කාලේ හිටපු යාළුවො ශිෂ්‍යත්වෙන් හැලුනම අනිත් උන් ලොකු ඉස්කෝල වල ගියාම හැදිච්චි අලුත් යාළුවො තාමත් බඩේ බත් වගේ වැදි බණ හරි කියා කියා හරි,රෑ තිස්සේ මිස් කෝල් ගගහ හරි,ෆේස් බුකියේ එයාල ලස්සනටම ඉන්න මං කැතටම ඉන්න ෆොටෝස් අනංමනං ටැග් කර කර ජීවිත දහමට පෝස්ට් දදා හරි දෙයියනේ කියල මාරම විදිහට එදා වගේ තාම ඉන්නවා දුකේ බෑ.


                                ඉතින් ඩොක්ටර් වෙන්න හිටපු සමස්ත පහේ පංතියේ දරුවෙක් වගේ ඒලෙවල් වලට ආවම ජිවිතේ සංකීර්ණ කරගන්න බැරි හින්දම නෙමේ වැල්ලේ වැලලෙන්න බැරි හින්ද පුළුවන් පාදෙකින් ගොඩයන්න කුඩා මොළේ යංතං වැඩ කරපු හින්ද යන්තමට නොදන්න සබ්ජෙක්ට් දන්න විදිහට තෝරගත්තෙ යාලුවෝ කරන හින්දම තමා.ඒත් ස්වභාවික ගතිය වෙනස් උන්නෑ මොකද මට නම් ඉගෙනගන්න වගක් වත් තිබුන්නෑ ඕන්.ඉගෙන ගත්ත නම් ඉගෙන ගත්තේ කරන්න දෙයක් නැති හින්දමයි අම්මපා.මොකද  මීටර් වලටත් එහා කෙල පැමිනිච්චි යාළුවො සෙට් එක එක්ක ඉන්නකොට(මට තාම මතක නෑ ඒම එවුං J)මොළේ මලකඩ කඩලා උන්ගේ නම්බුව බේරන්න ක්ලාස් ගිහින් හොඳ ළමයෙක් විදිහට හැදිච්ච මාරම අතීතයකුයි අළු ගහල ශේෂ වෙච්ච් වර්තමානෙකුයි හෙට ගැන හිතන්න පුළුවන් හයියකුයි තියෙන්නේ උන් හින්දමයි,ඉතින් ඒක කියල කෑ ගහන්න මට කාගෙවත් අවසර පත්‍රිකා ඕනෙද බං J.

                                                                                                                    ඔය අස්සේ ඉස්කොලේදීම මල් සරා විද්ද අපෙ අසරණ යාලුවොන්ට  මං තරම් කැපවීම් කරපු වෙන එකෙක් ඉන්නවනම් මේ සක්වලේ ඉන්නවනම් ඒ කලාතුරකින් මං හිතන්නේ.දුක්ගන්නාරාල අයියගෙන් පස්සේ ඊළඟ පුරුක වශයෙන් සෑහෙන ප්‍රමාණයක් මාත් ඇද්දේ මංම ලියුං ලියල ඒවා අදාල බෘන්ග රාජයාගේ අතටම පත්කරන්න සිද්ධ වෙච්චි,උන් ක්ලාස් කට් කරනකොට ඒ නෝට් පාට පාටින් ලියන්න වෙච්ච්,ගෙවල්වලින් අහද්දී මුසාවාදාව සිල් පදේ අමතකම වෙච්චි වැලන්ටයින් සිද්ධි ඇරුනම මොනිටර් වෙලා අතුගාන්නැතුව බැනුම් අහල දනගැහුව,ඉංගිරිසි පීරියඩ් එකේ පී.ටී කියල එලියට පැන්න,ක්ලාස් ඉවර වෙලා ඇළ බන්ට් අස්සේ ඇවිදපු,කාගේ හරි ගෙදරක ගිහිං උගේ චරිතෙම මව් පාර්ශවය හමුවේ පාවල දුන්න,එකවුන්ට් ගානක් මේ සංසාරේ බැලන්ස් නොවිච්චි අතීතෙට ඇත්තටම මං තාමත් ආදරේ ඒ හින්ද.ඒ උනත් ගණ දෙයියො ටොක්කක් ඇනල විස්ස විද්දියාල පහළොවට ගංගාජලේ වගේ බෙදිලා ඉතුරු එවුන් ජොබ් කරද්දී,සමහරකුන් හොරෙන්ම පැනල යද්දී,මං නම් ලැප් එකයි කැම් එකයි එල්ලන් රිලවෙක් හරි ෆොටෝ ගගහ යන්තමට ලෙක්චර් යන පිඩිත පන්තියෙන් දුක් විඳින නිදහස් චරිතයකට පණ පොවනවා දැනුත්..ෆස්ට් ක්ලාස් ගහල හෙට වල කජ්ජ ගැහුවොත් මොන දෙයියන්ට කියන්නද කියලා අද ගැන විතරක් හිතන වෙලාවල් වගේම වගකීමක් ගත්ත භූත චරිතයක් වෙච්චි වෙලාවලුත් නැතිනොවුනාම නෙමේ අප්පා මටත්.ඉතින් කැම්පස් එකකට යන්තං රිංග ගත්තට නොදන්නා බිම් අඟලක වකුටු වෙලා ඉහින් කනින් දාඩිය හැලි හැලිනිදාගද්දී මටම කියල ෆිට් වෙච්චි අඩි 10/12හේ රූම් එකේ එවුන් ටිකත් මතක් කරන්නම ඕනේ.නැත්තං මං වසලා හමාරයිනේ.විභාගේ හෙට කියල එක රැයින් ගේම අදින,කන්න නැති උනාම නෙමේ ගොක් කොලේ දකින කල් බඩගින්න ඉවසං ඉන්න,ගහක් කොලක් මඟදී දැක්කොත් පංචාගෙම අමාසෙට දාගන්න,පෝයවල් අතාරින්නෙ නැතිව පන්සල් යන,මැරුවත් එකටම ඉන්න ෆිට්ම යාලුවෝ ටිකත් සිහි කරලා ඒවගේම කවදාවත් ඇහැට දැකල නැති සමහරවිට දකින්න වෙන්නෙත් නැති සයිබර් යාලුවෝ ටිකත් සිහිකරල බලු කපුටු දානයක් දුන්න වගේ ඔන්න මං ලිව්වා හික්ස් .දැන් ඉතින් කියපල්ලා...















1 comment:

  1. ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ අවේ
    ඔය යාළුවො ගොඩේ අපිත් ඇති නේද .....?

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music