Saturday, July 28, 2012

රුවා ගිය ඔලිම්පික්


 (සාහිත්‍ය ධරයන් නොකියෙව්ව මැනවි)                     


               බෝට්ටු,කේබල් කාර්,ට්‍රැම් කාර්,දුම් කෝච්චි,වායු බැලුන්,බයිසිකල් වලින් ඔලිම්පික් පන්දම  උස්සගෙන දුවනවා කියන එකත් ලේසි නෑ බං.අව්ව,වැස්ස කියල වෙනසක් නෑ මුළු බ්‍රිතාන්‍ය  පුරාම දිව්වා..මොහොතක් නෑ විවේකයක්.කඩ පිලක නැවතිලා තැඹිලි ගෙඩියක් බොන්නවත් නෑ.මේ මිනිස්සු ඇවිත් ෆොටෝ ගන්නවා.
"වට් ඊස් දිස් ස්ටුපිඩ් තින්ග්ස් "
මම සුද්දෙක්ගෙන් ඇහුවා."යූ ෆූල් "ඔච්චරයි තේරුනේ උසේන් බෝල්ට් 9.69 ට මීටර් 100දිව්වා වගේ ඉංගිරිසි  හෝඩියම මනුස්සය දෙසා බෑවා...
"ඕකේ ඕකේ ටටා"කියාගෙන දුවනකොට ලන්ඩන් ඇසේ"කට්ටිය කෑ ගහනවා යටිගිරියෙන් ,උඩ බලාගෙන ගිහින් තව පොඩ්ඩෙන් "වින්ඩ්සෝර් කාර්සල්"එකේ ගලක ඔලුව වදිනවා ඇත්තමයි ...හික්ස්
ඕන් ඔහොම ලේවිෂ් හෑම්,කිංග්ස්ටන් එහෙමත් පහු වුනා..මිනිස්සු හරිම උද්යෝගයෙන් සුබ පතනවා.ලේන්සුත් වනනවා..මට මතක් වුනා මේක අරන් ලංකාවේ කහවත්ත පැත්තේ ගියා නම් කොහොමද කියලා.මොකෝ  ඇලුමිනියම් වුනත් ගිනි සිළුවේ ගාලා තියෙන්නේ රත්තරන්නේ..මගෙත් අවසානෙ තමා ඉතින්.දන්නවනේ අපේ සමහර අයියලා;)
හප්පා ..බකිංහැම් මාලිගාවට යන්න ඉස්සල්ල මූණ හෝද ගත්ත තේම්ස් ගඟෙන්.රැජින දැක්කොත් පන්නනවා නුවරටම.ඒ විතරක්ද මේ ලෝකේ මම ආසම සුන්දරම  හිනාව තියන කෙනා..හෑ කව්ද ඒ?කේට් කුමරිය :)දැන් නම් ආදිපාදවරියක් ..දැක්කොත් හරි නෑනේ කැත පාටට..කොලු ගැටයෙක් වෙලා හිටියනම් විලියම් කුමරුට හුළනුත් නෑ..හික්ස් 
    රාජකීය  සුභාශිංසන මැද්දේ ඊයේ රෑ බෙකම් (ඩේවිඩ් බෙකම්-පාපන්දු)අයියට දුන්නා ගිනි සිළුව.එයා නම් ගියෙ බෝට්ටුවකින්.ඒකේ හිටිය අක්කටත් මෙයා ලයින් එක:)මේ මේ බෙගම් අයියේ ඔය ප්ලේ කරපු මැච් ඔක්කොම මමයි බැලුවේ හරිද?නොම්බර 7ටී ෂර්ට් එකක් හොයන්න මම නුවර පීරුවා දවසක :) :)
මගේ වැඩේ හරි.දැන් ඉතින් සමාරම්භක උත්සවේ.බලන්න ආසනයකුත් වෙන්කරලා.ඒකෙ තිබුනේ "ගෙස්ට් රිසව්ඩ් "..හ්ම් වෙල් වෙල්"
ග්‍රවුන්ඩ් එකේ පහලම අග්ගිස්සේ හිටපු නිසා නියමට ඔක්කොම පේනවා..වෙලාවකට ලයිට් එලියට ඇස් නිලංකාරව යනවා.මට ඉතින් මතක් වෙන්නෙම කෙහෙල්මල්..ඇඳුම් පැළදුම් ,ආලෝකකරණය,මිනිස් ශ්‍රමය,පුහුණු කිරීම්..අයියෝ කොටින්ම සමුච්චිත පිරිවැය ගානක් වගේ..ගල් අඟුරු වැඩ පොළවල්,නැටුම්,සින්දු,ඇස් දෙක පුරවලා..කන් දෙක අගුලු දාලා .ගොඩක් වෙලා උඩ බලාගෙන ඉඳල බෙල්ලත් උලුක්‌ වෙලා  ආව්.මේ අතරේ තිබුනා හොස්පිටල් ඇඳන් තියන ඉවෙන්ට් එකක්.මට ටක් ගාලා කැම්පස් එක පැත්තේ තියන ඉස්පිරිතාලේ මතක් වුනා..ඒ ඇඳන් ටික ලංකාවට දුන්නනම් එක මනුස්සයෙක්ගෙ හරි පණ කෙන්ද රැකෙනවා සහතිකයි..මේ අය නම් ඒ වල බල්ටි ගහනවා..ඒ පොරවන සී ට් එකෙත් මාර තාක්‍ෂණේ..අපෝ අද මේකේ ලස්සන බලන්න වෙන්නේ නෑ..ඔලුවට එන්නෙම විකාර තමා..ගත්ත කෝල් එකක් ගෙදරට."අම්මේ ඔලිම්පික් හයිලයිට්ස් කීයටද"..."හෙට උදේ 8.30ට පුතේ"හ්ම් බැලුව බිග් බෙන් එකෙන් වෙලාව තාම 9යි..වෙලා මදි වෙයි යන්න..නෙට් එකෙන් බලනවා..
අනේ මිස්ටර් බීන්(රෝවන් ඇට්කින්සන්)ඕගන් ගහනවා පේනවා ඈතින්.කුඹියෙක් ගානට පේන නිසා ජයන්ට් ස්ක්‍රීන් එක පැත්තට ඔලුව දැම්මා.එකම කී එකක් ගගහ ඉඳලාහීනෙන් රේස් එකකුත් දින්නා පෙන්නුවා..ඔලුවේ කෙස් ඔක්කොම සුදු වෙලා තිබුනට තාම ඉස්සර ඇක්ටිං තාමත් ඇඟේ...
සතුටට අත්පුඩි ගැහුවා ඇතිවෙනකම්.
                         නින්දකුත් ගිහින් ඇහැරෙන කොට රටවල් වල කොඩි ගෙනියනවා පේනවා බොඳ වෙලා වගේ..වතුරත් නෑ ඇස් තෙමන්න.අල්ලපු සීට් එකේ අන්කල් ගෙන් දන්න ඉංගිරිසි දාල ඉල්ලුව බොන්න දෙයක්.මනුස්සයත් රවලා බලලා දුන්න සුදු පාට වතුර බෝතලයක්.දෙපාරක් නෑ බැලුවේ හලා ගත්තා මූණට.අම්මෝ මේ වයින් නේ..ග්‍රීසිය යනවා දැන්නං හොඳට පේනවා.(සෑම ඔලිම්පික් උළෙලකම ප්‍රථමයෙන් යන්නේ පළමු උළෙල තිබු රට එනම් ග්‍රීසිය  වන අතර දෙවැනියට ගමන් කරන්නේ සත්කාරක රටයි අද නම් බ්‍රිතාන්‍යයි)..
සුද්දා ඉංග්‍රීසියෙන්ම හිනා වෙනවා මං දිහා බලලා..හෙ මාත් මොනවත් අමුත්තක් නැතුව හිටියා."අපි වැලි මිරිකලා වතුර ගත්ත ජාතියක් සුද්දෝ"
දැන් ටිකක් ශේප් ඇහැ..ඔක්කොම නම් මතක නෑ ,රටවල් අතරින් පතර මතකයි එක එක හේතු වලට..(මෙය අපහාසයක් නොවේ)ඇෆ්ගනිස්ථානය  යනවා නිකම් ලංගම බස් එකක් වගේ මොකෝ ක්‍රීඩකයෝ පොඩ්ඩයි,බෙලරුසය පේන්නේ පාත්තයෝ වගේ අමුතු සුදු කිට් එකට...අපොයි මට නුවර පෙරහැර මතක් වුනා කැමරුනය දැකල.එක ඇඳුමට දෙන්නෙක් දාත හැකි..ෂහ් මාර ලස්සනයි කුක් අයිලන්ඩ්ස්ල.ඔටුනු දාගෙන අමුතු සැහැල්ලුවක් දැනෙනවා දැක්කම විශේෂයෙන් අක්කලව..
ජර්මනියත් යනවා කිසි ගේමක් නෑ වගේ.කොඩිය අරන් යන කෙනා ගැන පොඩ්ඩක් දැන ගත්ත,ඒත් නම මතක නෑ ,එයාගේ සීයයි,තාත්තයි,සහෝදරයෝ දෙන්නයි ඔක්කොමලා ඔලිම්පික් පදක්කම් ගත්ත අය..නියමයි නියමයි..
   ඔන්න පීජි වෝටර් පෝලෝ ගහන්න තමා ප්‍රසිද්ධ..කොරියා ජුඩෝ.බොක්සිං..ඈ ????ලිබියාව..කොඩියේ පාට පාට ..ඉස්සර තිබුනේ කොළ පාට පසු බිම විතරයි නේ..ප්‍රශ්නයක්?
පුහ් ...මොන්ගෝලියාව..කොඩිය ගෙනියන කෙනා හරියට ටුටන් කාමන් රජතුමා වගේ.නෝ කතා නෝ හිනා .
මේ ලෝකෙන්ම මම ආසම ක්‍රීඩා ඇඳුම තියෙන රට "බ්ලැක් කැප්ස්"ඒ මොකවත් නෙමේ නවසීලන්තය ...කළු පාට නම් මාර මැචින් ආහ..
ඔන්‍න‍ බංගලාදේශය..ශීක් හෂිනා මැතිනියත් අසුනෙන් නැගිටලාම සුබ පතනවා..බංගලාදේශය හොකී සූරයෝ නෙව..මළල ක්‍රීඩා,වොලිබෝල්(පිරිමි)පදක්කම් දිනපු රටක් පෝලන්තය ..ඔන්න කහ කුරුල්ලෝ සෙට් එකක් ඒ සෙනගලය..ලංකාව දිහා බලලා දියුණු වුන රට ඊළඟට.ඒ සිංගප්පුරුව බර ඉසිලීම,මේස පන්දුවේ සූරයෝ..දකුණු අප්‍රිකාව කොඩිය ගෙනියන කෙනා දැකල පුරුදුයි ..ඇහැ සූම් කරලම බැලුව..අම්මට සිරි "ක්‍රස්ත්‍රෝ සෙමෙන්යා"මෙයා නම් දුවනවා නෙමේ විදිනවා වගේ.මහන්සියක් පේන්නේ නෑ කොහොමටවත් (කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න සෙවීම සඳහා පරීක්ෂණයකට භාජනය වූ ක්‍රීඩිකාවක් මැය)..ඕස්ට්‍රේලියාව පිහිනුම් නම් ඔන්‍න‍ කට්ටිය කෝ ලිසබෙත් ලින්ටන් (මම ආසම පිහිනුම් ශුරිය)?? 
ආනේ මෙසී අයියා (ලයනල් මෙසී -ආජන්ටිනා ,පාපන්දු)උඩ පනිනවා අපි දැකල ..විල් යූ කම් ටු කොවෙන්ට්‍රි ස්ටේඩ්යම් ?"යා යා (කොවෙන්ට්‍රි වල/වෙම්බ්ලි/ඕල්ඩ් ට්‍රැෆර්ඩ්/නොර්ත් ග්‍රීන් විච් ඇරීනා යන ක්‍රීඩාංගන පාපන්දු සඳහා වෙන් කර ඇත ) 
වඩිග පටුන මතක් වුනා ඉන්දියාව දැකලා.."විරිදවාල් කාඩේ සහබ් කෝ?" "නහී නහී යාර්" (ඉන්දියා -පිහිනුම්)
හවායින් කුකීස් රට..හොන් කොන් රට.."ඕපන් යුවර් බෑග්ස් ප්ලීස්"?හහා..හිනාවෙනකොටම පිලිපීනේ කොඩිය ගෙනියන ඇන්ටි රවනවා..අම්මෝ නිකං "බිග් මමී "ෆිල්ම් එක වගේ..ශේප් එකේ කට වහ ගත්තා නැත්තම් කවපෙත්තක් එවනවා මුණටම...තාම නෑනේ ලංකාව..ඊළඟට ස්විට්සර්ලන්තය "ෆෙඩරර් කෝ"??(රොජර් ෆෙඩරර් -ටෙනිස්)පෙනුනේ නම් නෑ,"වෙම්බ්ලිඩන්"එන්නම්කෝ.කොඩිය ගෙනියන කෙනා දකිද්දී මට නම් කෙනෙක් මතක් වුනා..ඒවා අනවශ්‍යයි :)යන්තම් සාරියක් පේනවා අම්මෝ !!!නැග්ගා සීට් එකේ උඩටම ..නිලූක අයියා ජයවේවා (නිලූක කරුණාරත්න -බැඩ්මින්ටන්)කවද හරි මාත් එනවා කොඩිය ගෙනියන්න හොඳේ..කට්ටියටම ජයවේවා.ලේසි නෑ පදක්කමක් ගන්න අඩු ගානේ PR(පෞද්ගලික දක්ෂතා) හරි හදාගන්නකෝ..
අනේ බෝල්ට් අයියා (උසේන් බෝල්ට් -100,200මීටර්)රට ඉතින් ජැමයිකා.ඉස්සර ශුරයා අසාපා පවෙල් යනවා කිසි කතාවක් නැතුව..දිවීම් ඉසව් නම් ඕන් රට.එයාලා කන්නේ අර්තාපල් හොඳේ..  
      මගේ නම් ක්‍රීඩාව පැත්තෙන් හිත පතුලෙ තියන රට ඉතින් ඇමරිකාව තමා.පොඩි කාලේ ඉඳං ආසාවත් එහෙ යන්න මේ ක්‍රීඩා නිසා.මම කතාවට කියන්නේ කැනඩාවට ගිහින් නයගරා ඇල්ලට පනිනවා කියල මොකෝ වැටෙන්නේ ඇමරිකාවටනේ..(ඇමරිකාව හා කැනඩාව වෙන් වන්නේ නයගරා ඇල්ලෙනි).මේරියන් ජෝන්ස් නෑනේද?හා මේ ඉන්නේ මම ආසම බාස්කට් බෝල් ටීම් එක..අනේ ටයිසන් ගේ (100මීටර්), මයිකල් පෙල්ප්ස් (පිහිනුම්),රෙබෙකා සෝනි (පිහිනුම්) අක්කිගෙ හිනාව නම් ෂෝයි..අප්පෝ මේ කට්ටිය කිව්වොත් හෙට තමා ලංකාවට යන්න වෙන්නේ :) 
අප්පට සිරි තාම පුටුවෙ උඩ හිටගෙන ,පොලීසියෙන් වට වෙලා හතර පැත්තෙන්.."ඇරස්ට් හර්"..දුන්න අත් දෙක මාංචු දාන්න එතකොට අම්මි උදේ තේ එක දෙනවා බොන්න..
                  අයියෝ..හීනයක්නේ බොල :(


(අපහාසයක් නොවේ.ජස්ට් අ ස්ටෝරි.ගන්න දෙයකුත් තියනවා )


මෙතනින් ගිහින් බලන්නකෝ








14 comments:

  1. full holman,,,fatta pata pata hina mata,,,aparade olympic opening eka mata miss welawage

    ReplyDelete
  2. ඒකනේ..මම නම් අර නින්ද ගිය ටිකත් දවල් බැලුව..නෙට් ඒකෙන හරි බලන්න මේ ඇත්තද කිව්වේ කියලා අයියා./ස්තුතියි :)

    ReplyDelete
  3. අත්තටම උනා නම් කොහොමද? මරු නේ .. එලස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු..ඇත්තටම උනා නම් ලංකාවට ගන්න එකක් නෑ මාව නම් :)

      Delete
  4. ආහ්: දැන් රූටත් හීන පේනවා නේ..හික්ස්! මොනාඋනත් නියමයි ආ...:)

    ReplyDelete
    Replies
    1. මට හීන පේන්නේ අද ඊයෙක නෙමේ යාලු..හික්ස් :)

      Delete
  5. එල එල ඈ!!!!මමනම් ආසම අර බින් මාම දුවන එකටයි...රැජිණි කෙල්ල ජේමිස් බණ්ඩා එක්ක හෙලිකොප්පරෙන් පනින සීන් එකටයි!
    මේ බැරිවෙලාවත් රූ ඔලිම්පික් ගියොත් පොඩ්ඩක් කියන්න ඈ!චියර් පාරක් දෙන්න අනිවා එනවා!

    ReplyDelete
  6. අපොයි රජ දඩුවම් ලැබෙයි අපහාස කරලා :)
    හරි 2020 යන්න ඉන්නේ ..සපෝර්ට් එකක් දෙන්නකෝ .හැබැයි පුටු උඩ නගින්න එපා !!!!!!!!!!

    ReplyDelete
  7. නියමම හීන නේ පේන්නේ :D

    ReplyDelete
  8. හිකිස්....අපරාදෙ හීන..

    ReplyDelete
  9. ඒ මරු අනේ... මොනා උනත් ෆෙඩරර් ඇන්ඩ් පෙල්ප්ස් මගේ ඈ... උයාට එයාල ගැන හීන බැලීම තහනම් ..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔය දෙන්නම තියාගන්නකෝ..මම බලනවා විතරයි හොඳේ :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music