Monday, July 30, 2012

අ(හිමි)නුඹ



සංසාරේ පුරුද්දට 
පෙර කරපු කරුමෙකට 
හමුවුනා දයාබර 
ලබැඳි වූ සොඳුරු සිත

එදා මං ...........



තබන්නට හිත සතුට
නොතබන්න කිසි අඩුව
වුනා මං සෙවනැල්ල 
කලා කැප ජීවිතය 

මතකද?..........

දුනිමි අවවාද  බෝ වුව
එබෙන්නට රුදු ලෝකයා දෙස 
පටලවාගෙන එයම අද නුඹ 
කිම පැටෙව්වේ  නොකල වරදක

අද මට..........

ලෝකයා පවසාවි මඟ හැර 
කරාපන් ඒ අඳුරු මතකය 
කෙසේ යම්දෝ පාරවා නෙත 
හයිය නැත මේ දුබල යටි හිත 

කාලය.........

පතක බත අනනා විටෙක වුව
මෙමෝතේ නුඹ බඩගින්නෙමද තව
කියයි හනිකට හමුවෙයන් නුඹ 
පයට පෙර හිත වේය ඉස්සර 

නමුදු ..........

පෙනේ හැමදා නුඹේ සැහැල්ලුව
සියලු කටයුතු මට හෑල්ලුව
යදම් හුණු වන  විට රේල්ලුව 
නවතීවි ගොස් දුර පීල්ලුව

කවදා හෝ.........

අටෝප පුහු ඇඟිල්ලෙන් ඇන
 පාරවයි නුඹේ හීන ඔක්කොම
පලිගන්න බෑ තැනදී වැරදුන
 පිලිගනිමි පෙර ලෙසම හමුවුන 












සැ.යු : මෙය මනඃකල්පිත සිදුවීමකි :)

18 comments:

  1. creative,,,seemz like smthing smthing,,, :)

    ReplyDelete
  2. ලෝකයක් ඉදිරියේ
    තනිකමක් නොදැනුනේ
    සිටි නිසා නොවේද
    ලංවී හඩන සිතට...
    .
    .
    හිතක ඇති දැඩිකම
    මනින්නේ ලගින් සිටි උන්
    පැත්තකට කර පොඩිකර නම්
    .
    .

    තව කෙනෙක් හදන්නට
    යන හැටි කියන්නට
    ආසනම් ඔයතරමට
    .
    .
    අසරණව උන් අය
    දැන් ඇත හිත හදාගෙන
    ඇවිලෙන ගිනි ගොඩට
    ලග තිබු දේ සුන් වී ඇත...

    ReplyDelete
    Replies
    1. නොකියමි කර උදවු උපකාර
      සිතක් නැත දොඩවන්න අවවාද
      රළු සිතක් ඇත තව නුඹම හට
      ආයුෂක් නෑ තේරේවි ලඟදිම

      නොපතමියි නොම වන්න කරදර
      නමුදු දැනෙනව අමුත්තක් අද
      මනු සතා මැද සිවි සතුන් ඇත
      කරන් තරණය හිසට දී ඉඩ

      Delete
  3. ලස්සනයි ඈ!අත්දැකීමක්ද......?

    ReplyDelete
  4. අපෝ නෑ අයියා :) ස්තුතියි :)

    ReplyDelete
  5. හරිම ලස්සනයි...නියමයි යාළු...

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි යාළු :)

    ReplyDelete
  7. මට මේකට කියන්න දෙයක් නැත. :/

    ReplyDelete
  8. වෙල් වෙල් :) :)

    ReplyDelete
  9. ඔන්න අපිත් ජොයින් වුනා

    http://www.emb-zone.blogspot.com

    ReplyDelete
  10. ස්තූතියි යාළු :)

    ReplyDelete
  11. "යදම් හුණු වන විට රේල්ලුව
    නවතීවි ගොස් දුර පීල්ලුව....."????? අනිත් ටික නම් තේරේ. මේක මොකක්ද ? ම්ම්ම් ඔක්කොම තේරුනොත් අගයකුත් නෑනේ.. නේද :)

    ReplyDelete
  12. අයියා රේල් පිලී රත් වෙන කොට කෝච්චිය පිල්ලක නවතීවි කියලයි කිව්වේ..යටි අර්ථය කවදාහෝ සත්‍ය වැටහී අපිව හොයන් එන්න වෙයි කියන එක :) තේරුම් ගන්න ගත් උත්සාහය අගෙයි :)

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කලාට ස්තුතියි. අගේ ඇති නිර්මාණයක් :)

      Delete
  13. ස්තූතියි යාළු :)

    ReplyDelete
  14. මිතුදමේ නාමයෙන් උපන් උදාර සිතිවිල්ලක්.....

    ReplyDelete
    Replies
    1. පණ වුනත් දෙනවා ආය දෙකක් නෑ කතා අංකල්:)
      තේරුම් ගත්ත එකම වටි ලියපු දෙය
      ස්තූතියි ඔබට

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music