සංසාරේ පුරුද්දට
පෙර කරපු කරුමෙකට
හමුවුනා දයාබර
ලබැඳි වූ සොඳුරු සිත
එදා මං ...........
නොතබන්න කිසි අඩුව
වුනා මං සෙවනැල්ල
කලා කැප ජීවිතය
මතකද?..........
දුනිමි අවවාද බෝ වුව
එබෙන්නට රුදු ලෝකයා දෙස
පටලවාගෙන එයම අද නුඹ
කිම පැටෙව්වේ නොකල වරදක
අද මට..........
ලෝකයා පවසාවි මඟ හැර
කරාපන් ඒ අඳුරු මතකය
කෙසේ යම්දෝ පාරවා නෙත
හයිය නැත මේ දුබල යටි හිත
කාලය.........
පතක බත අනනා විටෙක වුව
මෙමෝතේ නුඹ බඩගින්නෙමද තව
කියයි හනිකට හමුවෙයන් නුඹ
පයට පෙර හිත වේය ඉස්සර
නමුදු ..........
පෙනේ හැමදා නුඹේ සැහැල්ලුව
සියලු කටයුතු මට හෑල්ලුව
යදම් හුණු වන විට රේල්ලුව
නවතීවි ගොස් දුර පීල්ලුව
කවදා හෝ.........
අටෝප පුහු ඇඟිල්ලෙන් ඇන
පාරවයි නුඹේ හීන ඔක්කොම
පලිගන්න බෑ තැනදී වැරදුන
පිලිගනිමි පෙර ලෙසම හමුවුන
සැ.යු : මෙය මනඃකල්පිත සිදුවීමකි :)
creative,,,seemz like smthing smthing,,, :)
ReplyDeletehe he..never bro..justtttttttttttt :)
Deleteලෝකයක් ඉදිරියේ
ReplyDeleteතනිකමක් නොදැනුනේ
සිටි නිසා නොවේද
ලංවී හඩන සිතට...
.
.
හිතක ඇති දැඩිකම
මනින්නේ ලගින් සිටි උන්
පැත්තකට කර පොඩිකර නම්
.
.
තව කෙනෙක් හදන්නට
යන හැටි කියන්නට
ආසනම් ඔයතරමට
.
.
අසරණව උන් අය
දැන් ඇත හිත හදාගෙන
ඇවිලෙන ගිනි ගොඩට
ලග තිබු දේ සුන් වී ඇත...
නොකියමි කර උදවු උපකාර
Deleteසිතක් නැත දොඩවන්න අවවාද
රළු සිතක් ඇත තව නුඹම හට
ආයුෂක් නෑ තේරේවි ලඟදිම
නොපතමියි නොම වන්න කරදර
නමුදු දැනෙනව අමුත්තක් අද
මනු සතා මැද සිවි සතුන් ඇත
කරන් තරණය හිසට දී ඉඩ
ලස්සනයි ඈ!අත්දැකීමක්ද......?
ReplyDeleteඅපෝ නෑ අයියා :) ස්තුතියි :)
ReplyDeleteහරිම ලස්සනයි...නියමයි යාළු...
ReplyDeleteගොඩක් ස්තුතියි යාළු :)
ReplyDeleteමට මේකට කියන්න දෙයක් නැත. :/
ReplyDeleteවෙල් වෙල් :) :)
ReplyDeleteඔන්න අපිත් ජොයින් වුනා
ReplyDeletehttp://www.emb-zone.blogspot.com
ස්තූතියි යාළු :)
ReplyDelete"යදම් හුණු වන විට රේල්ලුව
ReplyDeleteනවතීවි ගොස් දුර පීල්ලුව....."????? අනිත් ටික නම් තේරේ. මේක මොකක්ද ? ම්ම්ම් ඔක්කොම තේරුනොත් අගයකුත් නෑනේ.. නේද :)
අයියා රේල් පිලී රත් වෙන කොට කෝච්චිය පිල්ලක නවතීවි කියලයි කිව්වේ..යටි අර්ථය කවදාහෝ සත්‍ය වැටහී අපිව හොයන් එන්න වෙයි කියන එක :) තේරුම් ගන්න ගත් උත්සාහය අගෙයි :)
ReplyDeleteපැහැදිලි කලාට ස්තුතියි. අගේ ඇති නිර්මාණයක් :)
Deleteස්තූතියි යාළු :)
ReplyDeleteමිතුදමේ නාමයෙන් උපන් උදාර සිතිවිල්ලක්.....
ReplyDeleteපණ වුනත් දෙනවා ආය දෙකක් නෑ කතා අංකල්:)
Deleteතේරුම් ගත්ත එකම වටි ලියපු දෙය
ස්තූතියි ඔබට