Tuesday, July 24, 2012

රස්තියාදුවේ අරියාදුව












 ඊයේ යාන්තම් කුකුළට කලින් නැගිට්ටේ මල්ලිට උදේ පාන්දර අම්මා කෑ ගහනවා  පාඩම් කරන්න කියලා.මොකෝ පොරට එග්සෑම්..චෙක් කරලා බලද්දී මූනේ ඉඳං පොරවගෙන "හරි හරි "කිය කිය තාම  නිදි ,කලින්ම මමයි නැගිටලා තියෙන්නේ අයියෝ !!!!තාම පහමාරයි :(පොතේ හැටියට  මට නම් පාඩම් කරන්න කියන්නේ නෑ ගෙදර කට්ටිය,මට හිතුනොත් ඕන වෙලාවක වයින් තිබ්බ වගේ ලෝකේ පෙරලුනත් "ස්ටඩිස්",ඒත් වැරදිලාවත් එහෙම කවුරු හරි කිව්වොත් නම් එදා දවසට මගේ ඩික්ෂනරියේ "බුක්ස්"කියන වචනෙවත් නෑ :):)උපදේසෙට කැමැත්තක් නෑ වැඩිය .ඒ මයෙ හැටි.
 
                  උදේම නැගිටලා ඉතින් අපි රට අල්ලන්න යෑ...හය වෙනකම් කැරකි කැරකි ඉන්න කොට මතක් වුනේ,මාස හයේ කැම්පස් චාරිකාව..දාන්න ඕනේ එස් එම් එස් බැච් එකටම ..යන්තම් මගේ වගේ හැදුව මැසේජ් එකක් වැදගත් නම්බර් වලට යැව්ව,කට්ටිය නම් කිව්වේ "පට්ටයි "කියලා.අනේ ඕක ටෙම්ප්ලට් එකක් :)අනික මට එස් එම් එස් ෆ්‍රී ..වැඩිය කියන්න හොඳ නෑ ඉන්බොක්ස් ෆුල් වෙයි බැනුම් අහලා දැන්..
"අදට අපි මාස හයක් වෙලාද බං ,එහෙනම් සුදු කොඩියක් දාලා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පල කරමු"ඕන් ආව රෙප්ලයි එක ඉස්සෙල්ලම :) :) 
       ටී වී බලන්නත් පුරුද්දක් නැති එකේ අහමු සින්දුවක් ..අහුවුනේ නිවුස් වලට.ආහ ඉසෙඩ් ඉස්කොර් දාල ලු..අද නම් ෆෝන් එක බිසී මයි .ඇහුව ඉස්සෙල්ලම රෑන්ක් එක 7තිබූන යාලුවගෙන්"18වෙලා රුෂෝ",තව එකෙක් "දෙසීයෙන් එහා ගිහින් බං ","ඉන්ජිනියර් වැට උඩ"ඕන් ඔහොමයි ප්‍රතිචාර..අනේ අම්මපා අධ්‍යාපනේට ගිය කලක්.ආර්ට් වලින් ලංකාවෙන්ම පලවෙනියත් දෙවෙනියා වෙලාලු ..ඊයේ ප්‍රතිපාදන එකේ මහ තැනටත් හොඳ වැඩක් වුනා කියලයි ආරංචිය..සාදු සාදු .කොමසාරිස් තැනත් තාම අරක මේක එකතු කර කර බෙද බෙද ඉන්නවා.තාම බැරි වුනා හදාගන්න,කැල් එකේ බැට්‍රි නෑ මං හිතන්නේ..ඕක අපිට දුන්න නම්  හදල දෙනවනේ.මොකද අපිටත් නිවාඩුනේ.
   කන්නන්ගර මහත්තය හිටියනම් දෙපාරක් මැරෙනව හිතේ අමාරුවට..
ඉන්දියාවේ 13 වෙනි ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහත්තය  පත් වුනේ පෙරේදා.ආරංචි විදිහට ඊයේ ඉඳං ලොකු තැනත් ලියුම් ලියනවලු ව්‍යාකරණ ගලප ගලප සුබ පතන්න .තවත් කෙනෙක් දෙල්කඳ පොලේලු ..බඩු ටිකකුත් ගත්තලු,අනේ මේ වට්ටක්ක,පතෝල අරන් ඕව කයි කියල ද හිතන්නේ?උන්දැලා ගේ ඩ්‍රයිවර්ලත් කන්නේ ෆ්‍රයිඩ් රයිස්,බිරියානි.(අපහාසෙකට නෙමේ ).ඒ විතරක්ද පොඩි එවුන් පේන්න බෑ,වඩා ගෙන හොල්ලනව සල්ලඩේ වගේ.ලොකු තැන් වලින් වැඩක් කරගන්න දැන් යන්න ඕනේ ළමයි වඩාගෙන ප්‍රසිද්ධ තැනකට ,එතකොට පොඩි එකා දෙත හැකි නේ කාරණාව කියනකං..මොනවද අප්පා මේ බයිලා ? 
                             කතාවට නම් කියන්නේ ක්ෂිතිජයට එහායින් ලෝකය බලන්නලු...(****)තමා..කම්පියුටර් 20කින් මොනවා බලන්නද මන්ද  ..හරියට වතුර ටික නෑ ,4දෙනෙක් දාන කාමරේක  10ක්,12ක් පටවලා.වැහිදාට රෙදි උස්සන් යන්න ඕනේ මොකෝ පාරවල් නෑ .
ඉසෙඩ් ස්කෝර් අවුල් නිසා කැම්පස් ප්‍රතිශතේ වැඩි කරන්නලු.යෝජනාව හොඳා..කෝ පහසුකම් ??මායිම් ගම්මාන වගේ තියෙයි ඕන් .මහපොලත් EPF,FTF,ගැලපිලා වගේ රුපියල් දෙදහයි මේ මාසේ ඉඳං .ඇතුලත්මුදලි මහත්තය හිටියනම් ...
දන්න විදිහට අධ්‍යාපනේට මිලියන දෙදහක් වෙන් කරන තැනට වෙන්කරලා තියෙන්නේ මිලියන දෙසිය හත්තෑ අටයි..ඒත් මුල්‍ය අරමුදලෙන් නන්ස්ටොප් ණය ගන්නවා..තාරුණ්‍යට හෙටක් හදනව වෙන්න ඇති ඉන්දියාවේ නළු බට්ටන් ගෙන්න ගෙන .දන්නවද?හෙට ඉපදෙන පොඩි එකාටත් ගෙවන්න ණයක් තියනවා ,ඉස්සර නම් අපි ඒවත් ගණන් හැදුවා.දැන් ප්‍රයෝජනයක් වෙන්නැති නිසා අමතක වෙලා ගිහින්.ගිණුම්කරණ පනත් වලත් කොච්චර අඩු පාඩු තියනවද ?උදාහරණ අනවශ්‍යයි.මොකද ඒක "ඔඩිට් "වලට පාඩුයි...
           අප්‍රායෝගික ප්‍රයත්නයක් සැබෑ ප්‍රායෝගිකත්වයක් තුල :( 
..........මොනා කරන්නද දෙවියන් පය නොගහන තැන මෝඩයෝ පිනුම් ගහනවා ලුනේ.........
   අදත් උදෙන්ම ඇහුවේ ඇඟත් හීතල වෙන නිවුස් එකක්,කටුවන පැත්තේ පුතෙක් ඒකගේ අම්මයි අප්පයි කපල කොටලා මරලා දාලලු ඉඩම් හත් ඉලවුවකට.ආරංචි විදිහට තාත්තව  ගහකත් එල්ලලා.යාන්තම් පොලෝසියට කොටු කරගන්න පුළුවන් වෙලා.තියපන් ඕකව උල ..
ආහ!!තව එකක්,කොහෙදෝ පැත්තක  සීයා මිනිබිරී ට අතවර කරල ,කිව්ව විදිහට ඒකිගේ අප්පත් පිට රටක ගොහින් කාසි හොයන්ට සීයලා ළඟ කෙලීව දාලා.සීයා පැත්තකට දාමුකෝ,තමාගේ ළමයම දුෂණය කරන අප්ප ලා ඉන්න කොට තුන් වතාවක් බුදුන් වැඩිය රටේ...මේ දවස් ටිකේම මේ වගේ නිවුස් නම් උදේම එකක් හරි කනට වැක් කෙරෙනවමයි කොහෙන්  හරි..අකුරැස්සේ,කහවත්ත ලංකා සිතියමෙත් ප්‍රසිද්ධ වෙලා අපරාධ වලටම..
අනේ අම්මපා මුන්ව මට්ටු කරන්න ගේන්න ඕනේ ප්‍රංශයේ ගිලටීනයක් (හොයල බලන්න,බැරි උනොත් කියන්න මං කියන්නම් ඒ ගැන)
                         ඔය අස්සේ ප්‍රේම පල හිලවු එහෙමත් හරියට.කෙල්ලනේ බලාගෙන ,දැන් පෙම්වතා එන්නේ රෝස මල්,චොකලට් අරන් නෙමේ මන්නයයි,තුවක්කුවයි අරගෙන තම පවුලටම සලකන්න..කොල්ලොත් පරිස්සමෙන් කෝකටත්.කෙල්ලොත් හිතන තරං ලේසි නෑ.ඔන්‍න‍ දෙපැත්තටම සාධාරණයක් කොලා..
කතන්දරේ වගේ ගොත ගෙන ගොත ගෙන යන්න පුළුවන් ,ඒත් මැච් එක,එදා පෝස්ට් එකේ කිව්ව විදිහට මැච් එක දින්නා ..කවුද?ඉන්දියාව :)අදවත් බලමු ලංකාවට ජයක් පෙනේද කියලා .අපේ තිසර කොලුවා වීරයා වෙයි වගේ ..හැබැයි මහේල නම්  උදේ  කිව්වේ හරියට හුළං කියලා :) :) :)




(සැ.යු :එක් විසි වියේ පසුවන මා පැවසූ කිසිදු වැකියක් පක්ෂ විපක්ෂ දේශපාලනයට අදාල නොවන බව සලකන්න )
බල්ලෙක් බිරුවාට කන්දක් පාත් නොවුනට ,කඳු පාත් වන්නේ බල්ලන් බිරුවාටම නොවෙති.

22 comments:

  1. බයේ බැහැ මෙව්වට කොමෙන්ට් කරන්න ගිහිල්ල බෙල්ල ගිලටින් වෙයිද කියල ! :)

    ReplyDelete
  2. පැත්ත ගියත් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ..පොඩ්ඩක් බයයි ඒත් :)

    ReplyDelete
  3. මැච් එක දිනුම්නේ
    එක් විසි වසරක ඔබට පුළුල් දැනුමක් තියෙනවා කියලා නම් වැටහෙනවා.
    ඔබට ජය

    ReplyDelete
    Replies
    1. මැච්එක දිනුම් හේ හේ :)
      පුළුල් දැනුමක් නැතත් දැනුමක් නම් තියනවා.නිහතමානිව පිලිගන්නවා යාළු ..ස්තුතියි :)

      Delete
  4. meke viyarana tika hadaganna maha pissuwak aparaade mage kaalaya

    ReplyDelete
    Replies
    1. මම රස්තියාදුවේ අරියාදුව කිව්ව එක ඔයාට තේරිලා නෑ වගේ ..රස්තියාදුවට මොන ව් ව්‍යාකරණද යාළු..
      කණගාටුයි කාලේ කෑවට..කමෙන්ටුවට ස්තුතියි :)

      Delete
  5. හි හි..මරු මරු.. :)

    ReplyDelete
  6. එල එල ඈ!හැබැයි ඊයේ අපිත් එක්ක ඇවිදින් රටටම ඇහෙන්න කෑ ගැහුවනම් තවත් එල! :)

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පා එන්නේ?? ස්තුතියි අයියා :)

      Delete
  7. අගෙයි අගෙයි

    ReplyDelete
  8. අපේ කරැමයක් ද මන්දා මේ හැමදේම වෙන්නේ කණපිටටමනේ නේද නංගා.........


    කට්ටියට සීරෑවට මාරැවට කොමෙන්ට් නම් කරලා තියෙන්නේ..........

    (හොදා හොදා කථාවත් ඇත්ත කියන විදිහත් හරි අපුරැයි එත් මේත් කියලා මමත් කියවන්න කියලා ගත්තේ අනේ නංගෝ ටිකක් දුරට යන කොට , කියවන එකත් පණ යන වැඩේනේ කියලා හිතුනේ........)

    ReplyDelete
    Replies
    1. අපෝ අයියා කියල කුමට ඒ ගැන :)

      Delete
  9. මරුවට ජීවීතේ ගලාගෙන යනවා වගේ :P

    ReplyDelete
  10. හ්ම්.. දැන් නම් මරු වෙත :) :)

    ReplyDelete
  11. මචං ru, මෙච්චරයි කියන්නේ මම.
    "ඔයා නම් මාරයි පැටියෝ"

    ReplyDelete
    Replies
    1. පැටියෝ :) :)
      ස්තූතියි යාළු කියෙව්වට.

      Delete
  12. Excellent Work akkiyo...

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music