Friday, August 24, 2012

මේ එක්කෙනෙක් ග්‍රවුන්ඩ් ගිහින්

  පොඩි කාලේ ඉඳන් මම වහන්සේට තියන පිස්සුවක් තමා කිරිකට් පිස්සුව.නයි කාලත් තාම ලෙඩේ හොඳ වෙලා නෑනේ.දැන් දවස් දවස් පහකට කලින් එස්.එල්.පි.එල් ටිකට් විස්සක් හම්බ වුනා දවසට හතර ගානේ නොමිලේම,කොහොමද කියල නම් කියන්න බෑ හැබැයි ඕන්:) ඉතින් දැන් දවස් දෙකකට කලින් හවස් ජාමේ මෙලෝ රහක් නැති සිංහල චිත්තර පටියක් බල බල ඉද්දි යාළුවෙක් කෝල් කළා මැච් එක බලන්න එන්න කියලා.මාත් ඉතිං ඉබ්බා දියේ දැම්මා වගේ තමා.හෙමීට ගේත් පොඩ්ඩක් අස් පස් කරලා(ට්‍රික්ස්) බැස්ස වැඩේට මොකක්ද ඉතිං ගෙදරින් අවසර පත්තරේ එපැයි මොනා කරන්නත්.දැනටමත් සාමාජිකත්වය තියෙන්නේ ලාවට  :) :)


වැඩේ හරි ගියා කියමුකෝ මෙන්න අනිත් දෙන්නත් යන්න සුජානම.කාපන්කෝ දෙල්.හරි කමක් නෑ.ටිකට් මදි උනොත් ග්‍රාස් වත් ගන්නව කියල හිත හදාගෙන හතරට කිට්ටුව බස් එකක නැඟල බැහැල ග්‍රවුන්ඩ් යද්දී ඉනිමකුත් ඉවරයි..මොනා කරන්නත් කලින්  මට නම් බඩගිනි වෙනවා පොතේ හැටියට.ඉතිං අනන් මනං ටිකකුත් අරන් ඉඳගත්තා මැච් එක බලන්න..ඕවර් පහක් හයක් යනකන් හොයන්න බැරි උනා කවුද බැට්න් කවුද ෆිල්ඩ්න් කියලා අපොයි..අෆ්රිඩි ගැහුව හයක් යන්තං පේලි තුනකට එහායින් තමා පාත් වුනේ.අඩ නින්දෙ හිටපු මං මාලින්ගත් බැට් කරන කන් ඇස් දෙක අරගෙනමයි  නිදා ගත්තේ..ආනේ යන්තං කඳුරට වොරියර්සලා දින්නා අද (අපි ආව හින්ද තමා ආය..)

   
   එක පැත්තක මෝලම කන දෙදරවනවා.පර්සි අන්කලුත් නටනවා එහාට මෙහාට පැද්දී පැද්දී.වාසනාවකට වගේ එයත් එක්ක ෆොටෝ ගන්න පුළුවන් වුනා අපිට.මරු මරු..නලා පිඹින්න තහනම් කිව්වට පල්ලේකැලේට ඒවා ඔට්ටු නෑ වගේ කන බීරි වෙලා ගියා පිටිපස්සෙ පෝලිමේ නලා සද්දෙට..අපි හිටියෙත් ක්‍රිකටර්ස්ල හිටිය තැනට කිට්ටුව  නිසා ෆොටෝ ගත්ත ගත්ත ඉවරයක් නෑ.කට්ටිය මැතිව්ස් කියල වෙන කවුදෝ ෆොටෝ අරන්.ඒකත් එයා ඉඳගෙන ඉද්දි පිටි පස්ස.ටී එච් අකුරු දෙක දැකල මැතිව්ස් කියල හිතුවට හිටියේ ලක්ෂිත ..හු හූ..






 දෙවෙනි මැච් එකේ අපි සපෝර්ට් කලේ මහේල ලට(වයඹ යුනයිටඩ්).කොඩියක් හම්බුනාට ටී ෂර්ට් නෑ.ඉරිසියාවේ පැලි පැලි තමා ඒකත් බැලුවේ..සංගා ඉතිං අත බෑ කියල නෑ ඇවිත් ඇවිත් අනිත් අයත් එක්ක කතාව..බ්‍රැඩ් හොග් ඒ අස්සේ කම්රන්ට විහිලු කරනවත් පේනවා..හදවතින් ශ්‍රී ලාංකික වුනාට ස්ටිකර් ටිකක් අලවගත්ත මුණ දෙපැත්තේ..කොත්තු මී කප් ටිකකුත් අරං ෆුල් ට්‍රයි කරලා කැමරාවෙන් බේරිලා හිටියා කියමුකෝ..අවශ්‍ය වෙලාවට කැමරාව පේන්නවත් නෑ පොඩි එකෙකුත් අල්ලං උඩ දැම්මේ නැති එක විතරයි,කෝ එහා පැත්තේ පොඩි එකා වීඩියෝ කරලා මෑන් මාරු...මහේල අනු පහක් ගැහුව එක නම් හිටගෙන ආචාර කරන්න ඕනේ කාරණේ හැබැයි..


මට කියන්න ඕනේ පිරිමි ඈයෝ පොඩ්ඩක් සංවරව හැසිරුන නම් මීට වඩා අපිට විනෝද වෙන්න තිබූන කියලයි.බස් එකේ යද්දිත් පොඩ්ඩක් සිහියෙන් වැඩ කළා නම් තමා ඔයාගේ නමටත් හොඳ.මට නම් ලඟදි පටන් ගන්න පෙරහැර බලන්නත් බෑ හිතුනා අප්පා..


ඒ වගේම ග්‍රවුන්ඩ් ස්ටේඩියම් එකේ තැන තැන විසි කරාපු ප්ලාස්ටික් වගේ දේවලුත් බැහැර කරන්න ක්‍රමයක් තිබුනානම් හොඳයි කියලයි මට හිතුනේ..

බලමු අපි T20 බලන්නත් එනවනේ..






16 comments:

  1. last over ekata ,mahela gehuwa heti dakkada...

    ReplyDelete
    Replies
    1. හ්ම් මරුම තමා අපරාදේ 100

      Delete
  2. කිරිකැට් පිස්සියක් නේ. හූ හූ :D

    ReplyDelete
    Replies
    1. හේ හේ අපි එහෙමයි යාළු :)

      Delete
  3. ඔය පිස්සු මට නම් තාම නැහැ අප්පා :)

    ReplyDelete
    Replies
    1. ළඟදීම බෝ කරනවා ඕන් :)

      Delete
  4. ඇස් ඇල් පී ඇල් වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔව්..ඇස් ඇල් පී ඇල් තමා :)

      Delete
  5. මටත් ඔය කිරිකට් පිස්සුව නම් හොදටම තියනවා .......:)

    ReplyDelete
    Replies
    1. හ්ම් මටත් ඔයාලගේ වචන වලින්ම කිව්වොත් ලෙසටම

      Delete
  6. අප්පේ කිරිකොස් නේ!මාර රහක් තියෙන්නේ!
    අර අන්තිම ෆොටෝ එකනම් මරු ඈ!

    ReplyDelete
  7. හ්ම් කිරිම කොස් :)

    ReplyDelete
  8. මං මේ බ්ලොග් එකට ආවේ අද.ලියම දිගටම.ජය !

    ReplyDelete
  9. බොහොම ස්තූතියි යාළු..දිගටම ඉන්නකෝ :)

    ReplyDelete
  10. ක්‍රිකට්.......හත්තිලව්වේ මාත් හරි ක්‍රිකටුත් හරි....වෙන් කරන්නම බෑනේ......

    ReplyDelete
  11. සේම් හියර් :) :)

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music