Tuesday, June 18, 2013

පන්හිඳක පිබිදීම





                     ලැබී නොලැබෙන,නොලැබී ලැබෙන වාසනා චක්කරය මැද අතීතය සිහිනයක් පමණයි යන සිතුවිල්ල අදද මා හට නැත.එයට හේතු භූත ගණනාවක් සසර ගමන මෙන් පෙළ ගැසෙද්දී,ඒ පිළිබඳව කල්පනාරූඩ වත්ම මනසට සිහි කැඳවන සංදිස්ථාන බොහෝ ඇත්තේය.එහිදී මුණගැසෙන්නාවූ ඒ අපූරු මිත්‍රයන් දෙපල ඉතා ආදරයෙන් මතක් කල යුත්තේ ඇතැම් විට මේ ගැලපෙන්නාවූ හෝඩි අකුරු මාධ්‍යයේ වැටෙන්නාවූ කඳුළු එක දෙක තුල මෝදුවන මතකය දිගේ පන්හිඳට ලබා දුන් හයිය නම් තීන්තය නිසාය.

                   කිරිකැට් පිටියෙන් ආරම්භය ගත්තද අවාසනාවන්ත බැක්අප් වීමක ප්‍රථිපලය ලෙසද,වරෙක පරිගණක ෆේම් වෛරසයේ ගැරහුමෙන්ද එක් වතාවක් නොව විසි තිස් වතාවක අසමත්වීමෙන් නොලද මෙගා බයිට හා දිරිගැන්වීම් තුලින් ලද පන්නරය.......

               ස්වයං අධ්‍යයනය නම් නිදා සිටි හිතුවක්කාරිය පිබිදවූ මා,විටෙක දන්නා දෙයද විටෙක නොදන්නා දෙයද යලි යලි ගවේෂණය කොට මිරිකාගත් සාරයෙන් පන්හිඳ පණ ගැන්වූ වාර ගණන අනන්ත නමුදු එහි සාර්ථකත්වය ලිපි හතලිස් නවයකින්,සමින් කල පසුම්බියේ රැඳෙන්නාවූ වලංගු මුදලෙහි කළමනාකරණයෙන් ඉදිරිපත් කලෙමි.කිසිදු ලාභ ප්‍රයෝජනයක් හෝ හුදු තරඟයක් කිසි සේත්ම මා හඳුන් පොතෙහි තැවරී නොමැති බව මා දන්නේ හර්දසාක්කියෙනි.මාලද අත්දැකීම්,කියෙවු පොත පතෙහි වාරුවෙන් කල අත්හදා බැලීමක නොහික්මුණු ප්‍රතිපලයකි 

හිතුවක්කාර පන්හිඳ..

                                  hithru.blogspot.com නම් URL උත්පත්තිය පිලිබඳ කෙටියෙන් කියන කල එහි අර්ථයන් දෙකකි.එනම් හිතුවක්කාර රූ යන්නෙහි සාරාංශ වීමද,ලබා දුන් දිරියකට කරන්නාවූ උපහාරයටද යන්න අවංකයෙන්ම සඳහන් කරන්නෙමි..

 නාඩියා,තරුවා,නලීන් අංකල්,පනුච්චි,කොනන්,තරිඳු,සාරා,හිරු,අරුණ අංකල්,රන්දු,පුබුදුවාඑකී මෙකී නොකී නාමයන් ඉතා ආදරයෙන් සිහිකරන අතර පන්හිදෙහි පළමු වසරද,පනස් වන ලිපියද,මෙලෙස පිරි නැමීමට කැමැත්තෙමි.

9 comments:

  1. හිතුවක්කාර විදිහට ලියවෙන හිතුවක්කාර පන්හිදට තවත් දුර යන්නට ශක්ති වෙර ලැබේවා!!

    ReplyDelete
  2. තවත් බොහෝ කාලයක් හිතුවක්කාර පන්හිද ලියන්නට ශක්තිය ධෙර්ය ලැබේවා ..........!

    ReplyDelete
  3. මම බ්ලොග් ලියන් පටන් ගත් කාලයේම මගේ ඇස ගිය බ්ලොගයක් තමා මේ. ඉතින් රූ බ්ලොග් ලොව තවත් බොහෝ ඉසව් ස්පර්ශ කරන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබට සුබ පැතුම්.

    ReplyDelete
  4. තව තවත් දුර යන්න සුබ පැතුම්!!!

    ReplyDelete
  5. gud luck ruuuuuuuuuu

    ReplyDelete
  6. tawath aluth widiyata hitala amutu dewal tawath liyanna sis

    ReplyDelete
  7. මං බ්ලොග් ලෝකෙට ආපු දවස් වල මුලින්ම බැලුවේ හිතුවක්කාර පන්හිඳ වගේ තමයි මතක.
    මේකෙන් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. ජය වේවා රූ....!!!!!!

    ReplyDelete
  8. හ හා.. 50 යි වර්ෂ පූර්ණයයි දෙකම එකට.. :)

    සුබ පතනවා ඔබගේ බ්ලොග් දිවියට.. !

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music