Tuesday, June 25, 2013

සරසවියයි පොසොන් සඳයි


     "මිහිඳු හිමි මඟ යමු"මෙවර පොසොන් තේමාවත් එක්ක මාත් නිවාඩු කාලේ කැම්පස් එක පැත්තේ රවුමක් දාන්න ගියා.උදේ හයට ගිය ගමන දවල් දොළහ වෙනකොට ඉවර කරගන්න පුළුවන් වුනේ මුලතිව් බස් එකේ වේගෙට..අප්පා හන්දියෙන් බහින කොටම දන්සැල්.යාළුවො කට්ටියම එතන අයිස් ක්‍රීම් කනවා පොදියට..දැන් බෑ හවස එනවා කියල හිතාගෙන අනුරපුරේ පැත්තට යන බස් එකක් එනකල් බලාගෙන ඉන්නවා ඉන්නවා ම්හ්.යන්තම් එන එකත් ටවුන් එකට යන කට්ටිය විතරයි දාගන්නේ..
            එතකොට අනිත් අය යන්නෙ @#$%*^$ ද? නැන්ද කෙනෙක් කෑ ගහනවා..කොහොම හරි බස් එකකට නැඟල හොස්ටල් එකට නම් ගියා.කෝ කවුරුත් නෑ නෙ.ඔක්කොමල නැතත්,ඇවිත් හිටිය කට්ටියත් එහෙ මෙහෙ ගිහින්..අයියෝ :(මොනා කරන්නද කීයට හරි එන්නැතෑ කියල වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් ඇලවුනා..


       හවස දෙක තුන වෙද්දී කට්ටිය එනකොට මාත් ලෑස්ති වුනා පොසොන් බලන්න යන්න...
                         "අම්මෝ මහන්සියි නිදා ගන්න ඕනේ"
දැන් හිටපන්කෝ නිදගන්නකල් :(කමක් නෑ කියල හිතින් බැන බැන ගෙනාව කෑම එකත් දීලා ඔහේ හිටියා.යන්තම් හතරහමාර වෙනකොට කැම්පස් ඒක පැත්තට යන්න පුළුවන් වුණා..
              ෂඃ මැනේජ්මන්ට් එකේ මේ පාර කූඩු තොරණ "ධාතු කරඬුව"2010/2011අපේ අයයි 2011/2012අලුත් අයයි බරටම වැඩ..ගිය පාර අපේ තොරණට ඉන්න වුනේ නෑ කියල මම කිව්වනේ පෝස්ට් එකකින්ම.ඒ අඩු පාඩුව යන්නත් එක්ක තමා මේ පාර වේලාසනින්ම මිහින්තලේ ගියේ.මේ පාරත් සහභාගී වෙන්න නම් බැරි වුණා කූඩු හදල හරි අලවල හරි..කට්ටිය කිව්ව විදිහට අපේ කට්ටියයි වැඩියෙන් මහන්සි වුනෙලු..නංගිලා මල්ලිලත් අමතක කරන්න බෑ ඔය කිව්වට:)










    කූඩු තොරණත් බලල පයින්ම ගියා මිහින්තලේ හන්දියට..බෙලි මල් දන්සැලකින් බෙලිමල් එක්ක හකුරු කාලා යාලුවන්ගේ හකුරු කෑලිත් හොරෙන් කාලා කෙලින්ම තලේ පන්සලට.
   කොහොම තිබුන මිහින්තලේද?මිනිස්සු පිරිලා.ඒ අස්සේ අතරමං වුන අයගේ නමුත් කියනවා සිරසෙන්.යාලුවෙක් නම් කිව්ව එයාලත් ගෙදර ඉන්න අයගේ නමුත් කියල එනවුන්ස්මන්ට් දීලා තියනවලු විහිළුවට:)ඒ විතරක්ද බලන බලන අතේ දන්සැල්..නළුවො වගේ හිතාගෙන ඉන්න සමහර කොල්ලෝ දැක්කම හිනාව නවත්ත ගන්නත් බෑ.පුජා භුමියේ හොල්මං වගෙයි පේන්නේ.ඒඅස්සේ මොබිටෙල්,ඩයලොග්.එටිසලාට් කොල අතේ පිරිලා.කොහොම හරි මිහින්තලේ ගලට නම් නඟින්න බැරි වුණා ඒ තරං සෙනඟ.ඔය අතරේම තමා ආලෝක පුජාවත් ආරම්භ වුනේ..මුළු මිහින්තලේම පාට පාටින් බැබළුණා.ඒ ලස්සන විස්තර කරන්න නම් අමාරුයි.ඇවිත්ම බලන්න ඕනේ.










             රෑ නවය විතර වෙනකොට පල්ලම් බැහැලා මිහිඳු පෙරහැර එන්න කලින් බත් දන්සැලකින් පෝලිමේ ඉඳල ඉඳල බත් කාලා එල්ලලා තිබුන කෙහෙල් කැන් වලින් ඇවරියක් විතර කාල බෑග් වලත් දාගෙන ජිවිතේ පලවෙනි පාරට සාරවිටකුත් කාලා පෙරහැර බලන්න ලෑස්ති වුනා..කස ගහල නැට්ටුවෝ නටල අලියෝ එනකොට රෑ එකොළහත් පහු වෙලා.හැමදාම පොසොන් නෑනේ..පයින්ම කැම්පස් එකේ කූඩුව ළඟ ටිකක් වෙලා ඉඳගෙන ඉඳල මිනිස්සු ඒ ගැන කියන කතා අහලා හිතින් සතුටු වෙලා පොසොන් දවසට ලෑස්ති වෙන්න දොළහ එක වෙද්දී හොස්ටල් ගිහින් නින්දට ගියා.

පොසොන් දවසේ උදේ හත අට වෙනකල් නිදාගෙන දවස ප්ලෑන් කරන්න ගත්තා කට්ටියම..
           
"පුරේ යන්"එක්කෙනෙක්ගේ යෝජනාවට අනිත් අය කැමති වුනේ තත්පරෙනුත් දශමෙකට.
"AIAට්‍රේන් එක නම් තියනවා ඒත් ස්ටේෂන් එකට පයින් පොඩි දුරක් යන්න තියනව".
"අපෝ එහෙනං බස් එකේ යන් ඊයෙත් ඇවිදලා කකුල් රිදෙනවා"ඔහොම කතා මැද්දේ බස් එකක නැඟල මාර්කට් ප්ලේස් බැහැල දන්සැල් හොයන්න පටන් ගත්තා ඒ තරං බඩගිනියි..දන්සැල් බෝර්ඩ් විතරයි දන්සැල් නෑ.
"උඩමළුවේ ගිහින් බලමු"ඒ මගෙ අදහස.කට්ටියම පයින් යද්දී මෙන්න දන්සැලක පෝලිමක්.
"මොනා වුනත් කමක් නෑ පෝලිමේ ඉමු "

      ඔන්න ඉතින් විනාඩි දහයක් විතර ඉද්දි මෙන්න ක්ලෝගාර්ඩ් පැකට් දෙනවා..මැදපන්කො දත් :( ඕක තමා කියන්නේ නිකං දෙන ඕනේ එකක් හරියන්නෙ නෑ කියලා.ශ්‍රී මහ බෝධියට කිට්ටු කරත්දිම අපේ සමකය වටේ  ලියන නලින් අංකල් කිව්ව එයාලගේ බත් දන්සැල..දෙයියෝ දුන්න වගේ සම්බෝලයි,කොසුයි හොද්දකුයි..අංකල් ඒ පැත්තේ කොච්චි නම් ඇති සෑහෙන්න..මාර රහයි සම්බෝලේ:)

              ශ්‍රී මහ බෝධිය වටෙන් රුවන් වැලි සෑය පැත්තෙන් වටවල කහට කොප්පෙකුත් බීලා ඇවිදිනකොට මෙන්න සෙල්ලම් බඩු දන්සලක්.සිල් ගන්න ඔක්කොම ඒකෙ අස්සේ.චීනෙ රටෙන් තමා දන්සල.
"වැඩක් වෙන්නෙ නෑ ඉදල,යන්"
ඔන්න යද්දී බත් දන්සැල්,බීම දන්සැල්,ඕවා වැඩක් නෑ මෙන්න කුරුම්බා දන්සලක්.පෝලිම කොච්චරක් වුනත් බොන්නම ඕනේ..කොහොම හරි මට හම්බුනේ එතනත් තැඹිලි ගෙඩියක් :(




        ඊළඟට කෙලින්ම ඉසුරුමුණි පාරෙන් බසවක්කුලම වැවට ගොඩ වුණා.කොළඹ,අම්පාර,ගාල්ල,නාවලපිටිය,ගම්පහ,නුවර,බදුල්ල,එකී මෙකී පැති වලින් බැතිමතුන් වගේම විනෝද චාරිකාවක් ආව අයත් හිටියා.මේ දවස් වලත් අනුරාධපුරේට කට්ට අව්ව.ඒ මහන්සිය නිවා ගන්න වැවට බැහැල කට්ටිය නානවා.
      ඒ අතරේ AIAආයතනයෙන් කරන සමාජ සත්කාරේ නම් ඇත්තටම අගේ කරන්න ඕනේ.ජීවිත ආරක්ෂක කණ්ඩායම්,දැන්වීම් පුවරු වගේ දේවල් යොදල තිබුනා ආරක්ෂාවට.ඩෙටෝල් ආයතනයත්,ආරක්ෂක අංශත් නොදෙවෙනි නොවී උපකාරයට හිටියා.එනකොට තවත් වටවල කහට එකක් බීලා පොසොන් කඩ වලටත් රිංගලා බොරුවට ඒ දේවල් අවුස්සලා,හෙට ගන්නම් කියල හොස්ටල් ආවා.



                 පැයක් විතර හාන්සියක් දාලා ආයෙත් කැම්පස් පැත්තට සේන්දු වුණා.කැම්පස් එකේ ඔසු පැන් දන්සල.ඒකටත් ගොඩවෙලා භක්ති ගීතත් අහල හන්දියට ගිහිං ෆ්‍රයිඩ් රයිස් දෙපාරක් කාලා එච්චර ඇවිදින්නේ නැතුව මගේ පොසොන් සවාරිය ඉවර කලා..අනිත් දවසත් ඇවිදිමු කියද්දී අපේ පැත්තේ තොරන් බලන්න ගෙදර ඇවිත් ඊළඟ දවසෙයි මේ ලිව්වේ :)





පොඩි මතක් කිරීමක් හැටියට පුජා භූමියකට එනකොට අඳින ඇඳුම,හැසිරෙන විදිහ ගැන පොඩ්ඩක් මිට වඩා සැලකිලිමත් වෙන්න කියලත් මතක් කරන්නේ සහෝදරකමට..

18 comments:

  1. හිතුවක්කාර පොසොන්!! ඈ!!

    ReplyDelete
  2. හ්ම්ම්... කුඩු හදන්න වෙච්ච මහන්සිය ලස්සන තොරණ දැක්කහම නිකම්ම නැතිවෙලා යනවා...
    මමනම් මිහින්තලෙන් හෙල්ලුනේ නෑ මේ ටිකේ! මොකෝ දන්සැල් අපරාදේ නේ!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් කලින්ම ආවේ.ගිය සැරෙත් මිස් වුනානේ

      Delete
  3. ක්ලෝගාර්ඩ් පැකට් :D

    ReplyDelete
    Replies
    1. පෝලිමේ කලින්ම ඉඳල මහන්සි ඇති :P

      Delete
  4. පොසොන් සඳයි සරසවියයි එක්ක අපිත් හිටිය ඔන්

    ReplyDelete
    Replies
    1. අඳුරන්න බෑ..හා හා

      Delete
  5. පොසොන් එකට මාර ආතල් එකක් අරන් වගේ නේද? හිතුවක්කාර කෙල්ලකුගේ හිතුවක්කාර පොසොන් චාරිකා. පිංතුර ටික නම් පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද අංකල් පිං :)අංකල් වැඩේ මිස් කරගත්තනෙ කොන්ද කඩාගෙන

      Delete
  6. ලස්සණ යි ඇත්තට ම.

    ReplyDelete
  7. දත් මදින්නේ නැතුව ගියාම ඔහොම වෙනවා !!!!

    ReplyDelete
  8. සෙල්ලම් බඩු දන්සලුත් තිබ්බද මරුනේ ..........:D

    ReplyDelete
  9. මෙයාලට මරු දන්සල්නේ හම්බ වෙලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔයාලත් එන්නකෝ ලබන සැරේ..

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music