Sunday, September 8, 2013

ඇයි අවුල්ද?


"ගමයි සරසවියයි පංති තහනමයි":)දැන් මුළු රටම කතා වෙන රජරටින් මුල් ඇද්ද කතාවක්නේ.ඉතිං විස්ස විද්දියාල ශිෂ්‍යාවක් නැත්තං අපේ බාසාවෙන් කැම්පස් කෙල්ලෙක් විදිහට මොකක්දෝ දෙයක් මගෙ හිතෙත් කැකෑරෙනව.මොනා වුනත් ලෙක්චර්ස් ඉවර වෙන්නෙ අද නං හයට.ලියන්න ඉස්සල්ල හිතන්න ඕනේ ගොඩක්.අපෝ ඕක මොකක්ද හොස්ටල් එකට යනකොට එඩිෂන් දෙක තුනක් ලියන්න පොයින්ට්ස් එයි.ඒ තරං ලඟයි හොස්ටල් එක.කිව්වට මොකෝ ගෙදර ගිහිං හොයාගන්නත් අමාරුලු කට්ටියට,මං කිව්වා ආයේ එනකොට හොඳ මන්නයක් අරන් වරෙල්ල කැලේ කපන්න කියලා.හික්ස්.

        ඩි සී ඩි හින්දම නෙමේ මහපොළක් ළඟකදී වැටුනේ නැති හින්ද කහට එකක් හදාගන්න කියල මැස්සෝ ටික එලවලා ටැප් එක ලඟට යනකොටම කන්නන්ගර මහත්තයා මතක් වෙනවා අට නමය වෙනකල්.නිදහස් අධ්‍යාපනේ කෙසේ වෙතත් වතුරවත් නෑ අප්පා.ඉතින් ඕවා මේවා මෙමරියේ අප්ඩේට් වෙද්දී,පාර දිගේ එනකොට කළු කොඩි,බැනර්,කටවුට් වලට ඇහැ ඉබේම රොටේට් වෙද්දී ගාමක බලවේගය තාමත් ලාවට වගේ හිතේ තියෙන හින්දත්"සස්පෙන්ඩ්"කියන වචනෙ බැකප් වෙනවා දවස ගානෙම.මොකෝ අපේ වී සී සර් බස් එකක ටිකට් කඩනවා වගේ අපේ ශිෂ්‍ය ක්‍රියාකාරී සහෝදරයන් 22 කට පංති තහනම් කරලනේ..යන්ග් ජෙනරේෂන් එකේ කියුරියස් ටොපික්ස් ගැන ගූගල් සර්ච්කරන  හින්ද මීටින් දෙක තුනකින් පස්සේ මටත් තේරුණා සිද්ධිය.

                          අහක යන නයි රෙද්දේ අස්සේ දාගන්නව වගේ අපේ ලොකු ඈයොත් කවුරුත්ම කර ගැහුවේ නැති,කොහේදෝ යන ප්‍රෝග්‍රෑම් එකක් කරාලු ජූනි මාසේ..ඉතින් හත් ඉලව්වේ මාත් ඕක දැනගත්තේ වෙන කැම්පස් එකක මගේ යාළුවෙක්ගෙන්..මනුස්සය කියන කල් මං දන්නේ නෑ එහෙම සීන් එකක්.මං ඌට කිව්ව "මචන් අපිට නම් වැකේෂන්"කියලා..අපිට කිව්වේ මුළු මැනේජ්මන්ට් ෆැකල්ටියටම..ඉතින් හොස්ටල් වහල අපිට අකුලන් යන්න වුනාම කුලියට අරන් මේ අව් කාස්ටකේ කාගෙවත් එකකට අත්පුඩි ගහල විසිල් කරන්න තරං කසානාවක් අපිට නම් තිබුනෙ නෑ ඕන්..අනික ඒ අපේ විරු සිසු සමරු දිනේ.මේ තත්වෙට හරි කැම්පස් තියෙන්නේ ඒ මිනිස්සු හින්ද.නියපොතු උගුල්ලලා,ඇමෝනියා ගහලා,යටි පතුල් පලලා දස වධ දීලා අමු අමුවේ මරා දාපු ඒ නිෂ්මිලා වෙනුරලා සමරන්න තියෙන දවසේ ආතල් ගන්න ආවේ නෑ කියල වුන අපහසුතාවයට දුන්න සස්පෙන්ඩ් එකක්ලු මේක..අනිච්චේ දුක්ඛේ!!!!

                               අපිට ඉතින් හමුදා පොලිසි තුවක්කු උණ්ඩ නැති හින්ද අසාධාරනෙට පාරට බැහැලා,ජනතාව දැනුවත් කරලා,අධිෂ්ඨාන පුජා එහෙමත් තියල අපේ එවුං වෙනුවෙන් පොඩිවට හරි සහනයක් වෙන්න බැලුවා..දැන් නම් ආරංචිය හැටියට ලොකු තැන රට යන්නලු යන්නේ.එතුමාටත් මෙහෙ වැඩක් දෙල් වෙද්දීම ටුවර් එකක් සෙට් වෙනවා..ඕවා මේවා කියල අපේ ගේ පැත්තට සුදු වෑන්,නැත්තං සස්පෙන්ඩ් ලෙටර් එකක් යවා ගන්නවට වඩා හොඳයි පරිපාලනේ ඉස්සරහ එල්ලිලා මැරෙනවා.එහෙම හිතෙද්දිම තව පොඩ්ඩෙන් පොළොන් පැටියෙක්ගෙන් අවසන් ගමන් යනවා.මොකද ඒ තරං කැලෑව මේ පාරේ :) :)


සැ.යු.
භාෂාවේ  අඩුලුහුඩුව සරල කිරීමට මිස අන් දෙයකට නොවන බවත් මෙය දේශපාලන අරමුණක් සඳහා නොවන බවත් සදහන් කරමි.







16 comments:

  1. අපිවත් සස්පෙන්ඩ් කරා "හූ" කියල :(

    ReplyDelete
  2. මේ මොන රූද ? මම දන්න රූ බැඳලානේ .. බට්ටිලත් දෙන්නෙක් ඉන්නවා නේද ..?

    ReplyDelete
    Replies
    1. මේ හිතුවක්කාර රූ.. :)

      Delete
  3. මසුරන් වටින වචන සෙට් එක ෆිට් එක.අපේ වී.සී.ලොක්කා කියන්නේ ඉතින් අහිංසක අපේ මහපොලටත් මාටියා පාර දෙන අප්සට්ම අප්සට් කවියක්නේ.උන්දැගේ රට ගමනේත් මොකක් හරි යටිකුට්ටු වැඩක ඇති අනිවා..අපේ උන් ගැන උන්ට කොහෙන් කැක්කුමක්ද?අන්තිමට අහයි ඇයි අවුල්ද කියලා?:P

    ReplyDelete
    Replies
    1. මං දන්නවා පොඩ්ඩෝ :)

      Delete
  4. හැම දෙයක් ම සුන්දර අද්දඇකීම් ජීවිතේ....

    ReplyDelete
  5. බලමු බලමු මොකද වෙන්නේ කියලා! සත්‍යය කවදා හරි ජය ගන්නවලු නේ!

    ReplyDelete
  6. මේ එකින් එක බිඳවැටෙන්නේ "විශ්වවිද්‍යාලය" කියලා අපි ගොඩනගාගත්ත හීන නේද කියලා හිතෙනකොට දැනෙන දුක නේද...
    same feeling රූ...:(

    ReplyDelete
  7. නියමයි..මම ඔයාගෙ කැමතිම නිදහස් අදහස්..ඒ ව්දියටම ලියන එකට

    ReplyDelete
    Replies
    1. ඔයත් එහෙමයි කියල මං දන්නවනේ :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music