Tuesday, December 31, 2013

තුරුම්පුව




සිතූ සියල්ල නොසිතු ලෙස
ගිලිහි වැටුනත් නෙතද්දර
පැතුමන් සියල්ලත් බෝම
බිඳලුවත් කවුරු හෝ පැමිණ
සමත් විය කඩයිම්ද බොහො
අසාර්ථක වුවද  එක දෙක
සැප මෙන්ම දුක ලදිමි
නින්දාව වට කොටැ නිතර
සිටි යහළු වෙස් ගති සතුරු
නමුදු අමනාප නැත කිසිම
ලැබුනද අයෙක් නැතිව හුන් පෙර
නැතිම විය සිටි එකා මට ළඟ
නැග්ග කඳු අභියෝග වුනෙ නැත
හිතේ පුරස්න හැමදා එමට මට
සූනන් වැටුන අපල මැද වුවද
ගියද කේන්දර කොටු පාළුව
ගොඩනඟමි යලිදු හෙමිහිට
දුහුවිල්ල වුනු මගේ  නම
නොකඩන්න නොහැකි ලෙස නොව 
මගේම එකෙක්ගේ හිනාවේ යුතුකමට........



සුබ නව වසරක් වේවා !!!!!! 







8 comments:

  1. "හිතුවක්කර පන්හිඳ " රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මං ඒකත් කියවනවා :)

      Delete
  2. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. අපූරු පිළිතුරක්

      Delete
  3. එසේම වෙවා!......
    පැතුමි ඉටුවන ...

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music