Saturday, January 11, 2014

ශිෂ්‍යත්වේ

උදේම පිරිත් දාලා රාහු කාලේ පන්නලා මුණ හොදවලා පවුඩර් තලියක් උලලා නිල් බේරෙන සුදු ගවුමක් අන්දලා පිච්ච මල් දාපු වතුර වීදුරුවක් බීලා දකුණු කකුලෙන් අඩිය තියලා අම්මත් එක්කම ගිහින් ලිව්ව විභාගේ තමා ශිෂ්‍යත්වේ..



                            අප්පා එදා ළමයින්ට වඩා අම්මල තාත්තලගේ තමා යුද්ධේ තිබ්බේ..එහෙන් කවනවා මෙහෙන් කවනවා.පෑන් ලියවෙනවද අහනව,අඩි රූල හොඳද අහනව..ප්‍රශ්න පත්තරේට වඩා ප්‍රශ්න කෝටියයි.සමහරු අඬනව මයේ හිතේ බයටම වෙන්න ඇති.මට නම් මෙලෝ සිහියක් නෑ.ඔහේ හිටිය වගේ තමා මතක එදත් :)

            ඉතින් ඔහොම වට පිටාවක තමා අපි  ශිෂ්‍යත්වේ කුරුටු ගෑවේ.ඒ කිව්වේ හා පුරා කියල අලුත් සහස්ශ්‍රකේ.
                                     අද වෙනකොට කිව්වට මොකෝ මට නම් සෑහෙන වයසයි..අපේ බන්දුල මහත්තය කරණ (ශිෂ්‍යත්වේ අහෝසි කරනවා 2016 ඉඳන් කියන)යෝජනාව අහපු ගමන් මට නම් කියවුනේ ෂා මරුනේ කියල..පස්සේ පෝඩ්ඩක් වටින් පිටින් අහල දැනගත්තම ෂෙ අපරාධෙනේ කියන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ මටම.නගරේ හාම් පුත්තු වගේ නෙමේ ගමේ කොල්ලො කුරුට්ටෝ ලොකු ඉස්කෝලෙකට දාගන්න තියන එකම ක්‍රමේ ශිෂ්‍යත්වෙනේ..ගමටම නම්බුවක් දීල ඉස්කෝලේ දැන්වීම් ලෑල්ලෙත් හිනාවෙලා අම්ම අප්පගේ දහසකුත් දොස්තර බලාපොරොත්තු පොඩි බැඳන් සල්ලි නැතත් ණය හරි වෙලා යවන්න තියන තුරුම්පුව වගේ තමා ඒක..ලොකු ඈයොන්ට නම් චෙක් එකක් ලියන්න විතරයි තියෙන්නේ කොල්ලා කොච්ච්ර මැටි අනුවත්..

                 ලියනකම් සෑහෙන්න වලියක් පොඩි එකත් කෑවත්,අම්මල වින්දත් ප්‍රතිපලේ සුබ නම් අවුලක් නෑනේ..හැබැයි අසුන්දර දේත් ඇහැට කනට පේනව ඇහෙනව තමා..ලෝකේ රවුම් ඒ හින්ද වෙන්න ඇති.ඒවා ඉතින් එයාලට තියෙයි කවදහරි..

                                                                           වැඩි දෙයක් නෙමේ මං නම් මේ යෝජනාව එක්තරා යෝජනාවකින්ම ඉවර කරල දාන්නම්කෝ.යෝජනාව හොඳයි හැබැයි 2016වෙනකොට සියලුම පාසල් සම මට්ටමකට ගෙන ආ යුතුයි.කොහොමත් මේක ප්‍රයෝගික නෑ නිකම් නුවර රාගල  පාර කාපට් කරනව වගේ.උනත් කල් යයි  :)(මේක කැම්පස් වලටත් අදාලයි)ජනප්‍රිය ලේබලය ගලවන්න නම් බැරි වෙයි නේද?

No comments:

Post a Comment

ඔබේ අදහසත් වටිනවා

Play background music