Sunday, July 1, 2012

ශ්රෙක්

...මේ දවස් ටිකේ මගේ වැඩේ අහල පහල පොඩිවුන් ටික අල්ලාගෙන කාටුන් බලන එක ,මොකෝ අසනීපේ අඩුවක් නෑ තාම :(
ඒ හින්දම එකම පස්, හය වතාවක් වත් බලනවා ආසාවට :) :)


දඟයා, ලයන් කින්ග්, අයිස් ඒජ්, ඩොක්ටර් ඩු ලිට්ල්,සූර පප්පා, බි වර්ලි හිල්ස්, කැට්ස් ඇන්ඩ් ඩෝග්ස්,ගිරිපුර ඇත්තෝ ,පාන් බට්ටා
ටින්ටින්, මැඩගස්කර්,වලස් මාමා, පිස්සු පූසා ,ඇපල් ආදී පාද අයියෝ කෙළවරක් නෑ....පොඩි අයත් එක්ක කාටුන් බලන එකත් හරි ෂෝක් වැඩේ මොකද එයාලා ඊළඟට වෙන්න යනදේත් ඉක්මනට කියනවා නිකම් එයාලා අධ්‍යක්‍ෂණය කලා වගේ :) ඇත්තටම ඒක නෙමේ කාරණේ කට්ටිය කාටුන්  බලල බලලා ගිලලා ඉන්නේ කට ගාවට :) අනික පොඩි පොඩි රණ්ඩුත් යනවනේ ඔය අස්සේ.මාත් ඉතින් පුළුවන් තරම් අවුස්සන එකමයි වැඩේ . ඉතින් අදත් උදේ කට්ටිය ගෙදර ඉන්න එකේ අල්ලගත්ත කාටුන් එකකට, 
"අද මොකක්ද බලන්නේ? 
" ශ්රෙක් නැත්තම් බෑ.." 

දැනට දහ පාරකට අඩු නෑ නැරඹුම් වාර ගාන නමුත් එදා වගේ අදත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහල ..."හ්ම් හ්ම් ඉතින්  බලමු "..
කාටුන් එකෙන් පස්සෙ මට පොඩ්ඩක් මේ ගැන හොයල බලන්නමයි හිතුනේ.මේ මම දැනගත්ත, අහුල ගත්ත දේ .. :)



         බියුලොක් නම් රාජධානියේ මඩ වගුරක ජීවත් වෙන රාක්ෂයෙක්, රජකම ගන්න  කුමන්ත්‍රණ කරණ ආදිපාදවරයෙක්,මන්තර කාරියක් ,කුමාරිකාවක් ,බූරුවෙක් හා කුමරියගේ අත පතන කුමාරයෙක් කියන අය තමා ප්‍රධාන භූමිකා රඟ දක්වන්නේ ..
ශ්රෙක් නම් සජීවිකරණය නිර්මාණය වෙන්නේ විලියම් ස්ටේග්ගේ "ශ්රෙක් "කතාව ඇසුරින් 2001 මැයි 16 දා.


        බග්ස් ලයිෆ්,ලයන් කිං නම් නිර්මාණ ද්විත්වයට පසුව ආ දැවැන්තම ත්‍රිමාණ නිර්මාණය ලෙසයි මෙය සැලකෙන්නේ..හොඳම උදාහරණය ශ්රෙක් නිපදවා ඊළඟ මාසයේම "හොඳම ත්‍රිමාණ සජීවිකරණ සම්මානය" ලබා ගැනීම දක්වන්න පුළුවන් .සුරඟන කතා චරිත කිහිපයකට ප්‍රසිද්ධ කතන්දර සැකිල්ලක් ඔබ්බවා මෙය නිර්මාණය කර ඇත්තේ සුප්‍රකට ඩ්‍රීම් වර්ක් සමාගමයි.කතා කාලය මිනිත්තු 85 ක් වුවත් ,සාමාන්‍ය ජිවිතයේ මිනිසා මුහුණ දෙන දුක ,සතුට,ප්‍රේමය,බිය,සිහින බොඳ වීම ආදී කාරණා සජීවිකරණයට නැගීමට  යොදා ගත් පිරිස නම් සුළු පටු නෑ ඒ ශිල්පින් 275ක් ,මේ අතර ඉංජිනේරුවන්,මෘදුකාංග නිර්මාණ කරුවන්,සජිව්කරණ ශිල්පින් බහුතරයක් සිය සේවය ලබා දී තිබෙනවා.    
     
     විශේෂයෙන් සමස්ත නිර්මාණයට ඒලියස් වේව් ෆ්රන්ට් සමාගමේ "මායා"මෘදුකාංගය යොදාගෙන ඇති අතර හිසකෙස් හා ඇඳුම් පැළඳුම් නිර්මාණයට ෆොටෝෂොප් හා ෆොටෝ ඉමේජ් සුළු වශයෙන් දායක කරගෙන තිබෙන බවයි ආරංචිය ,ත්‍රිමාණ නිර්මාණයක කුඩා චලනයක් ගැනීම වුවද සජිවිකරණයේ දී අපහසු කටයුත්තක් ලෙසයි සැලකෙන්නේ ,රූප රාමුවක් නිර්මාණය කරගත් පසු එය තිරයේ නැරඹිය හැකි ලෙස සකසා ගත යුතුය ,එය සජීවිකරණ භාෂාවේ"රෙන්ඩර් "කිරීම කියලයි හඳුන්වන්නේ,ඒ සදහා රෙන්ඩර් කෝර්ඩිනේටර් වරයෙක්,මෘදුකාංග සංවර්ධකයින් දහසය දෙනෙකුත්  හා රෙන්ඩර් සහයකයින් දොළොස් දෙනෙකුත් දායක කරගෙන තිබෙනවා..මුළු නිර්මාණයට වැයවූ මුදල ඩොලර් මිලියන හැත්තෑවක්..නමුත් මෑතදී ලෝක ප්‍රකට "පර්ල් හාබර් "නිර්මාණයේද ආදායම ඉක්මවීමට ශ්රෙක් සමත් වී තිබෙනවා ..වැදගත් කාරණයක් විදිහට මුල්  ශ්රෙක් ට හඬ කැවූ ක්‍රිස් පර්ලි මිය යාමත් ගන්න පුළුවන්......
මෙහෙමයි ප්‍රධාන හඬවල් මතුවුනේ කාටුනයට ..
  • ශ්රෙක් -මයික් මේයර්ස්
  • ෆියෝනා -කැමරන් ඩයස් (ප්‍රකට නිළි)
  • බුරුවා -එඩී මර්පි 
  • ෆාක්වර්ඩ් රජු-ජෝන් ලිව්ගොන් 


හැබැයි ඉතින් මම නම් ආසම බුරුවට :)කාටුන් හදන එකත් බලන තරම් ලේසිම නෑ නේද?

ඔයාලා කියවන්න ආස දේත් අපිට කියන්නකෝ ,හා ද?

12 comments:

  1. මමත් ආසම චිත්‍රපටියක් තමා ශ්රෙක් කියන්නේ ........
    පොඩි දෙයක් කියන්න ඕන ඒ තමා එඩි මර්ෆි කියන්නේත් සුප්‍රසිද්ද නළුවෙක්ට
    තවත් බ්ලොග් පොස්ට් එකක් ඉක්මනටම ලියන්න

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඒ ගැන මතක් කලාට:) ඔයාලම කියන්න මොන වගේ එකක්ද හොඳ කියලා,තව දවස් දෙකයි තියෙන්නේ ලෙඩ නිවාඩුවත් :)

    ReplyDelete
    Replies
    1. ලියන්න තව නුවර ක්ලාස් ගියපු කලේ වෙච්ච රසබර මතකයන් ටිකක් ගැන.....
      මම ආසයි අයෙත් ඒ මතකයන් තුලින් මගේ මතකයන් අලුත් කර ගන්න.....
      පුලුවන්ද මගේ ඉල්ලීම ඉටු කරන්න ?

      Delete
  3. හරි ඒත් ඒවා ඔයාලට වැදගත් වෙයිද දන්නේ නෑ,ඒත් ඒ මතකයන් නම් ගොඩක් ලස්සනයි,මම ලියන්නම් ඉක්මනටම :)

    ReplyDelete
  4. ෂෝයි හ්ම්ම්! :)

    ReplyDelete
  5. thanx hiruuuuuuuuuuuuuuuuuuuuu :)

    ReplyDelete
  6. kawda boy beluwe nedda,,aparade

    ReplyDelete
  7. කාටුන් බලන්නන්ගේ සංගමයක් පිහිටුවා ගන්නත් පුලුවන් වෙයි ඉදිරියේදී :P

    ReplyDelete
  8. දැනටමත් අඩිතාලම වැටිලා :) :)

    ReplyDelete
  9. මං නං කැමතිම බූරුවාට බං .............. අපේ කොහේ හරි ලොකු සමාන කමක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. සංසාර පුරුදු බන් :)

      Delete

ඔබේ අදහසත් වටිනවා

Play background music