Friday, July 6, 2012

ලෙඩ ඇඳේ දී




තබා සරසවි..යට තිතක් 
ගොඩ වුනා සැදෑ යම
මෙතෙක් පා නොතබාපු 
ඉස්පිරියෙතාලෙකට
හිතක් පපුවක් නොමැති 
අඟල් හයේ කටුවකට 
ඉඩහලෙමි රිද්දන්න 
පලක් නැති නහර වැල 


නෙත ගැටේ අවට මට 
බිඳෙන් බිඳකට ගලන 
අස්ථීර ජීවිතේ 
සේලයින් බෝතලය 
"අමාරුයි" මහත්තයො
ඇසේ වා කවුලතර 
කරන්නට නැත දෙයක් 
වුවත් පුන් පොහෝ දින 

ලෙඩ ඇඳේ  කූරු මැද
ගැවසේවි බොහෝ දෙන 
පිඟන් පෝලිම් අතර  
ලතවේවි අසරණව 
"පුතේ උඹ කෑවාද "
ඇසු විට විත් මා ලඟට 
හිනාවෙනු පමණි මට 
තිබුවේ මා සන්තකෙට 
යලිත් උන් පෙරලාම 
පැවසුවා රහසේම 
බඩගින්න ඉවසපන් 
ලුණු වැඩියි මේවාට


උදේ සිට හවා ..වන තෙක්ම 
ඉමි නෙතඟ දොරෙහිලා 
අඳුරනා  මිනිසුන්ව 
විගහනින් දැකගන්න
කෝ නුඹේ යාළුවන් 
පුදා සිටි පන සේම ?
අසනවා යටිහිතම
තත්පරෙන් තත්පරය 
කොහේ එන්නෙද ඔවුන් 
 ඉන්නේ බොහො දුර ඈත 
කියා මා සනසනවා  
උඩු යටින් හිත් දෙකම 

දොළොස් එන්නත් අතර 
පුරා දින තුනක් මම 
විදෙව්වා ඇඳක් උඩ
කාත් කවුරුත් නැතිව 
හිතක් නෑ රැකගන්න 
පලක් නැති ජීවිතය 
නමුත් ඉමි ඉවසලා
යාගන්න  බැරිම  තැන .......


23 comments:

  1. sasara vinivida dakinna hoda awasthawak wage ispirithale,,

    ReplyDelete
  2. ඔයා ඉක්මනට සනීප වෙලා ගෙදර ආපු එක නම් ලොකු සතුටක් හිතුවක්කාරී... ම්ම්ම්... මේ නිසදැස කියෙව්වාම නම් ආයෙමත් හදිස්සි අනතුරක් වුනත් බෙහෙත් ගන්න ඉස්පිරිත්තාලේ පැත්ත පළාතේ යන්න හිතෙන්නේ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. :) math aye nam yanne na e paththe..thanx yalu

      Delete
  3. dinen dina pirena....mihiri,amihiri muth..oyawa parinatha karana... oyage ara athdakim mallata..daganna hospitl matakaya...hebei balagena...silinger katu anei..selain helei..ekmenin gedara enna...hodatama hoda wela,,,

    ReplyDelete
  4. අදමයි ආවෙ පළමු වතාවට

    අර්ථවත් කවියක් හරිම ලස්සනයි පද ටිකට මම හරි ආසයි...

    ගිහින් එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවාට යාලු ආයෙත් එන්න :)

      Delete
  5. lassanai nangi....... ikmanata saneepa wenna

    ReplyDelete
  6. ස්තූතියි අයියා ..ඉක්මනට හොද කරගන්නම් කෝ :)

    ReplyDelete
  7. හිතුවක්කාර පන්හිදේ කවි සෝයි නේ!රජරට කොහොමත් කවියට බරයි නේ.... :) සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩි යාළු.. දැන් රඡරට උනත් අක් මුල් උඩරට :)

      Delete
    2. ආ....ඇත්තද?හොදයි හොදයි.... :)

      Delete
  8. 'අඳුරනා මිනිසුන්ව
    විගහනින් දැකගන්න
    කෝ නුඹේ යාළුවන්
    පුදා සිටි පන සේම ?
    අසනවා යටිහිතම
    තත්පරෙන් තත්පරය
    කොහේ එන්නෙද ඔවුන්
    ඉන්නේ බොහො දුර ඈත
    කියා මා සනසනවා
    උඩු යටින් හිත් දෙකම'

    මං ආසම,හිතට වැදුන ටික!
    හ්ම්ම්..හොඳයි නම් හොඳයි!ඉතුරු බෙහෙත් ටිකත් බොන්නකො :)

    ReplyDelete
  9. අහ: කියන්න අමතක උනා..දැන් බ්ලොග් එක කලින්ට වඩා ලස්සනයි හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු බෙහෙත් නම් එපා වෙලා දැන් :(

      Delete
  10. අයියෝ හිතුවකාරීට මොකෝ උනේ ......?
    මම නම් ලෙඩ උනත් ඉස්පිරිතාලෙට යන්න ආස කෙනෙක් නෙවෙයි .....

    ReplyDelete
  11. poddak asaneepa wunane..dan hondai..math asama na e namata :(

    ReplyDelete
  12. puranna nathnao sawudiya
    katu atha hitha gatha suwapath wenna.

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music