Wednesday, July 18, 2012

ගුවන් ආරක්ෂණය(Air Defencing)



                      පහුගිය අවුරුද්දේ මේ කාලේ මාත් ගියානේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරකට ..අහු වුනේ දියතලාවේ ගුවන් හමුදා කඳවුර.ආයේ මොනවද කතාමල් හතයි.එනකොට ඇත්තමයි  ජූලි හතයි.ඒ ගැන පස්සේ කියන්නම් ලුණු ඇඹුල් ඇතුව  :) 


     පුංචි කාලේ ඉඳලා අනිත් යාළුවො දොස්තරලා,ඉංජිනේරුවෝ වෙන්න දකින හීන මැද්දේ මගේ ආසාව  හැරුනේ ම පයිලට් කෙනෙක් වෙන්න.ඒ වුනාට කළු පාට වතුරට,කෝච්චියට,අලියා ට පස්සේ මම බයම  උස තැන් වලට :)වෙනසක් නෑ දැනුත් එහෙමයි..ඒ හීනෙ තාමත් හිතේ කොනක තියනවා "වෙන්ට මනේජර් කෙනෙක් වුනාට".සමහරවිට දෛවය වෙනස් කරන්න පුළුවන් වෙයි මටත්,ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වගේ  :D  ඒවුනාට මේ පයිලට්ට යන්න වෙන්නේ ඉතින් බිමින්.
             

මේ ලිපිය ලියවෙන්නේ  ගුවන් ආරක්ෂණය  පිළිබඳවයි.

      ආරක්ෂාව වනාහි සෑම පුද්ගලයෙකුටම සෑම මොහොතකම අත්‍යාවශ්‍ය වන්නක්.ඒ බව කළමනාකරණයේදී අභිප්‍රේරණ මූල ධර්මය යටතේ ඒබ්‍රහම් මැස්ලෝ පවසන්නාවූ පරිදි අවශ්‍යතා ධුරාවලියේ(Need Hierarchy) දෙවන අදියරට ගැනෙන්නාවූ ප්‍රධාන කාණ්ඩයකි .ආරක්ෂාව සලසා ගැනීම සදහා රටවල් මට්ටමින්  පුළුල් අවධානයක් යොමු වූවේ "ලෝක  යුධ සමයේ "ආරම්භයේ සිටය.එය ඉන් අනතුරුව එවන් ආරක්ෂක අවශ්‍යතාවක් එතරම් ප්‍රසිද්ධ නොවූ "ශීත යුධ සමයේදීද "බොහෝ රටවල් ක්‍රියාත්මක කලේය.
   
       වර්තමානයේ පැන නැඟී ඇති ගැටළු අතර ආර්ථික,දේශපාලන,යුධමය අංශයන්ට අමතරව බලශක්ති,ජනවාර්ගික හා දේශ සීමා ගැටළුද ප්‍රධාන ස්ථානයක් ගනියි.මේ ලිපියෙහි අරමුණ ඉහත සෑම අංශයකටම වක්‍රව හෝ බලපාන්නාවූ යුධ ගැටුම් ආරක්ෂණය පිලිබඳවය..
   අප දන්නා පරිදි ,රටක භුමිය ආකාර 3කින් සමන්විතවේ.එනම් ගොඩබිම්,සාගරහා ගුවනයි.නමුදු සාගරය සෑමරටටම පොදු නොවූවකි,නමුදු ගොඩ බිමක් නොමැති රාජ්‍යක් නොමැත .ගුවන වුව එසේමය.ගොඩබිම ආරක්ෂණයට අමතරව ගුවන් ආරක්ෂණයක් ක්‍රියාත්මක වන්නේ එහෙයිනි,මේ 90:)මෙහි අරමුණ වන්නේ සතුරු ගුවන් යානා හෝ ගුවන් ප්‍රහාර (මිසයිල වැනි )පිලිබඳ විමසිලිමත් වීම එවන්නක් එල්ල වුවහොත් එය ව්‍යර්ථ කිරීමට කටයුතු කිරීමයි .එසේ නොහැකි වුවහොත් එයින් සිදුවන හානිය අවම කිරීමයි .A90ගුවන් ආරක්ෂණය මුලික කොටස් දෙකකි

  • ක්‍රියාත්මක  ගුවන් ආරක්ෂණය (Active Air Defence)
                   මෙහිදී සතුරු ප්‍රහාර වැලැක්වීම සිදුවේ .

  • පසු  ගුවන් ආරක්ෂණය (Passive Air Defence)
                  මෙහිදී එල්ල වූ ප්‍රහාරයක හානිය අවම කරයි.


ගුවන් ආරක්ෂණ ක්‍රියාවලියේ ප්‍රධාන පියවරයන් 4 කි.



  • සතුරු ගුවන් ආක්‍රමණ හා ප්‍රහාර පිලිබඳ  සොයා බැලීම (Detection)
                   නිරන්තර ගුවන් කලාප විමසිලි මත් බවයි,එහිදී ඉලෙක්ට්‍රොනික මෙවලම්,උපකරණ හා විද්‍යුත් ක්‍රම භාවිතය සිදුවේ,ඒ අතර රේඩාර් උපකරණය වැදගත් වේ.එය හරහා ගුවන් කලාපයේ සියලු ක්‍රියාකාරකම් පිලිබඳ නිරීක්ෂණයක් කල හැකි අතර යම් සතුරු ප්‍රහාරයක මුල් අවස්ථාව නිවැරදි තක්සේරුවකට ලක් කිරීමටද  එමඟින් එකී ප්‍රහාරය ව්‍යර්ථ හැකියාවද  ඇත.


  • සතුරු ආක්‍රමණ හඳුනා ගැනීම .(Identification)
                       රේඩාර් දත්ත පියවි ඇසින් නිරීක්ෂණය කරමින් හෝ අදාල ගුවන් යානයේ මඟ වෙනස් වීම පිළිබඳ රේඩාරය භාවිතයෙන් නිරීක්ෂණය කොට සතුරු යානයක්ද නැද්ද යන්න හඳුනා ගැනීම වේ.සාමාන්‍යයෙන් ගුවන් ගමන් කටයුතු වලදී ගුවන් යානයක් යම් රටක්  සතු ගුවන් කලාපයකට ඇතුළු වීමට පෙර එම යානයේ තොරතුරු (flight plan)ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය හරහා අදාළ රටෙහි ඒ පිලිබඳ ක්‍රියාකරන අංශයන් වෙත දනුම් දීම කල යුතුයි.එම ක්‍රියාව තුල රේඩාර් යන්ත්‍රයට හෝ පියවි ඇසින් නිරීක්ෂණය කරන්නාවූ  ගුවන් යානා,ගුවන් ආරක්ෂණ ඒකකයට පහසුවෙන් හඳුනා ගත හැකිය.නමුදු එසේ පුර්ණ දැනුම් දීමක් නොකරන පියාසර ගුවන් යානා හෝ පෙර දැනුම් දීම කල ඇතත් එයට පරිබාහිරව වෙනස් ගුවන්  වල ගමන් ගන්නා යානා සැක සහිත බව ද එතුලින් නිගමනය කල හැක.
  • අදාල යානය පිලිබඳ තව දුරටත් සොයා බැලීම හා අවශ්‍ය නම් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම.(Interception)
                             නොදන්නා ගුවන් යානයක් වී නම් එය නිවැරදි හඳුනා ගැනීම හා හඳුනාගත් සතුරු යානාවක් ඇත්නම් එය සඳහා ප්‍රහාර එල්ල කිරීමට මෙහෙය වීමයි.මෙය හුදෙක් සැකයක් ඇතිවූ පමණින් සිදු නොකරන්නකි.මේ සඳහා යම් සොයා බැලීමක් ගුවන් ආරක්ෂක අංශ සිදු කරන අතර බොහෝ විට එහිදී  සන්නිවේදන සම්බන්ධතාවක් ගොඩ නැගීමට උත්සහ දරයි.(කළමනාකරණයට අනුව සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර අවබෝධය ඇති වන ආකාරයෙන් තොරතුරු හුවමාරු වීමයි- Communication is the process of transmitting information from one person to another).. එයට සතුටු දායක ප්‍රතිචාර නොලැබුණු විටද සතුරු බව තහවුරු වූ විටද  ප්‍රහාර එල්ල කිරීමට ප්‍රහාරක යානා මෙහෙයවීම සිදුවේ.


  • යානය විනාශ කිරීම (Destruction)
                                            අවසන් පියවර වන මෙය සතුරු යානා ප්‍රහාරයක් එල්ල වීමට ප්‍රථම ප්‍රති ප්‍රහාර එල්ල කර යානාව විනාශ කිරීමක්  සිදුකරයි .


එම කාර්යයන් සාර්ථක වීමට ක්‍රමවත් ගුවන් ආරක්ෂණ ක්‍රියාවලියකට මනා ගුවන් බලයක් (Air Superiority) තිබිය යුතුය.
ගුවන් ආරක්ෂණ ක්‍රියාවලිය අප සිතනා තරම් පහසු නැත.එය මහත් පුළුල්වූ හා සංකීර්ණ වූ ක්‍රියාවලියකි.ගුවන් සරඹයේ සිට ප්‍රහාරයන් දක්වා බොහෝ දෑ මිට ඇතුලත්ය.මේ සදහා මන සංවිධාන ව්‍යුහයක් තිබිය යුතුය.සංවිධාන ව්‍යුහය යනු කළමනාකරණයේ දී එම ක්‍රියාවලියේ දෙවන අදියරේ අංශු මාත්‍රයකි.එනම් සංවිධාන ව්‍යුහය යනු "ආයතනයක තිබෙන විවිධ අංශ ,තනතුරු,හා කොටස් අතර අන්තර් සම්බන්ධතාවක් ඇතිවන ආකාරයෙන් පිළියෙළ කර ඇති සැකිල්ලයි"..මෙකි ව්‍යුහය රටවල් අනුව වෙනස් විය හැකි අතර එයට හේතු වන්නේ එම රට අනුගමනය කරන්නාවූ ආරක්ෂක ක්‍රමවේද යන්ය .නමුදු මෙම ක්‍රියාවලිහි වගකීම හා අයිතිය ඇත්තේ එම රටෙහි ගුවන් හමුදාවටයි.අවශ්‍යතාවයන් මත සෙසු අංශ එයට සහය දක්වයි.
    
        හමුදා කඳවුරු හෝ ගුවන් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් ඇති ආර්ථික මර්මස්ථාන හා ප්‍රභූ නිවස්න ආදිය ආවරණය වන පරිදි ආරක්ෂක වළලු ස්ථාන ගත කරන අතර එම ආරක්ෂක ඒකක සැතපුම් 3ක් 4 ක් පරතරය ට  පිහිටා තිබේ.නිරීක්ෂකයන් ගුවන පිලිබඳ  නිරන්තර අවධානයෙන් සිටින අතර යම පියාසර ගුවන් යානාවක් දුටු කල එහි වර්ගය,පියාසර උස මට්ටම,දිශාව,හඳුනාගැනීමේ ලක්ෂණ ආදී දෑ පිලිබඳ නිලධාරීන් දැනුවත් කරනු ලබයි.මෙවැනි නිරීක්ෂක කණ්ඩායම් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සඳහා රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන,සිවිල් සංවිධාන හා පුද්ගලයන් සමඟ මනා සබැඳියාවක් පවත්වාගෙන යනු ලබයි.
   
         ගුවන්  ගමන් පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ගුවන් යානා හඳුනා ගැනීමේ අංශ MIS(Movement Identification Section)පිහිටුවා තිබේ.මේ ඒකකය වෙත අදාල රටට ඇතුළු වන සියලුම ගුවන් යානා පිළිබද විස්තර ලැබෙන අතර ඒවා උපයෝගී කරගනිමින් අදාල මොහොතේ පියාසර කරන්නේ එලෙස පෙර දැනුම් දීමක් කල ඒවාද නොඑසේනම් ඊට පරිබාහිර ගුවන් යානාවක්ද යන්න රේඩාර් තිර තුලින් පරීක්ෂා කරනු ලබයි.මේ සඳහා ස්ථාවර මෙන්ම ජංගම රේඩාර් මධ්‍යස්ථාන (ස්ථාවර රේඩාරයන්ට අසු නොවන ගුවන් කලාප නිරීක්ෂණය කිරීම (GapFiling)මේවායේ අරමුණයි...මෙකී ආකාර දෙකක් වුවද සලකුණු (signal) ආකාර කිහිපයක් ගනියි.
  1. මිත්‍ර යානා (Friendly)
  2. නොදන්නා යානා (Unknown)
  3. දන්නා එහෙත් තහවුරු නොවූ යානා (Pending)
  4. විශේෂ යානා (Special)
  5. ව්‍යාජ යානා (Faker)
  6. සතුරු ගුවන් යානා (Hostile)
        නිරීක්ෂණ මධ්‍යස්ථානවල සිටින්නන් තමන් නිරීක්ෂණය කල ආගන්තුක ගුවන් යානා පිළිබඳ විස්තර සිය ප්‍රධාන ගුවන් ආරක්ෂණ ඒකකයකට (Air Defence Direction Centre)දැනුම් දෙනු ලබයි.රේඩාර් මධ්‍යස්ථාන , සංචාරක නිරීක්ෂණ බලඇණි(Mobile Observation Forces),ප්‍රහාරක යානා(Force of Fighter Air Craft) ආදී සෑම අංශයක් හා සම්බන්ධ  මූල කේන්ද්‍රය(NerveCentre)වන්නේ ද ප්‍රධානගුවන් ආරක්ෂණ ඒකකයයි.බොහෝ විට මෙම නිරීක්ෂණ ගොඩ බිම ඔස්සේ සිදු කරන අතර ඇතැම් රටවල් එය ගුවන් යානා ඔස්සේද සිදු කරයි.මෙය ඉහල ආරක්ෂාවක් අවශ්‍ය ස්ථානයක වූ විට පැය 24 පුරා නිරීක්ෂණයකට ලක් කරයි.
එය  C.A.P(Combat Air Patrol)නම්වේ.මෙහි පවතින වාසිදායක තත්වයන් අතර :
  • රේඩාර් තිර මත නොපිහිටන යානා (දර්ශනය නොවන ආකාරයෙන් ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන ) හඳුනා ගැනීම. 
  • ප්‍රහාරක ගුවන් යානා භුමියේ සිට ගුවන් ගත වන වේලාව වුව අනතුරුදායක වීම.එනම් ගුවන් ගත වීමට කාලයක් වය වීමත් එහිදී සතුරා ප්‍රහාරයක් එල්ල කල හැකි වීමත්ය.
ඇතැම් විට ප්‍රහාරක යානා වලට අමතරව වැඩි ප්‍රදේශයක් ආවරණය කල හැකි ප්‍රබල රේඩාර් උපකරණ AEWS(Airborne Early Warning System සමන්විත යානාද දායක කර ගනී .එමෙන්ම ඇතැම් රටවල් ගුවන් ගත වන ප්‍රහාරක යානා මෙහෙය වීමට අවශ්‍ය උපකරණ AEWACS (Airborne Easily Warning And Control System) ඇතුලත් යානාද යොදා ගනියි..එය තීරණය වන්නේ රට සතු සම්පත් ප්‍රමාණය මතය...
   නිරීක්ෂක හා පාලක මැදිරි වලින් ලැබෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වන මෙම යානා රඳවා ඇති මේ ස්ථාන ORP(Operation Readiness Plattform)නම් වේ .
SIF(Selective Identification Feature) යනු ලෝකයේ ගුවන් ආරක්ෂක ක්‍රියාවලිය තුල යොදා ගන්නා ප්‍රචලිතම ක්‍රමවේදයකි.කිසියම් යානාවක් සතුරු ද මිතුරු ද යන්න හඳුනා ගැනීම එය සතුය .IFF(Identification Friend or Foe)නම් ක්‍රමවේදයේ සංවර්ධන ප්‍රථිපලය ද එයයි.IFF ක්‍රමයේදී ගුවන් යානයේ ඇති ට්‍රාන්ස්ෆොන්ඩර් නම උපකරණයට ගුවන් ගමන් පාලකයන් (යුධ/සිවිල්)ලබා දෙන රහස් අංකයක් ඇතුලත් කරයි.එවිට ගුවන් යානය කොපමණ උසකින් ගමන් කරන්නේද,වේගය කෙසේද,දිශාව කවරේද යන්න හා යානයේ CallSignආදි දෑ රේඩාර් තිරයෙන් නිරීක්ෂණය කල හැක.
නිරීක්ෂණ ක්‍රමයන්ට හානි කිරීම හා ඒවාට බාධා කිරීම ආදිය මොවූන් සිදු කරයි.මෙය ECM(Electronic Counter Measure)යනුවෙන් හඳුන්වයි.එවැනි බාධා කිරීම් ආකාර දෙකකි.

  • ව්‍යාකුල කිරීම (Confution)
  • මුලා කිරීම (Deception)

මෙවැනි බාධා කිරීම් විද්‍යුත් බාධාවක් (උදාහරණ ලෙස රටෙහි රේඩාර් සංකේතය වෙනස් කිරීම )හෝ යාන්ත්‍රිකමය බාධාවක් විය හැකිය .(උදාහරණ ලෙස රේඩාර් කිරණ පරාවර්තනය කල හැකි ද්‍රව්‍ය එනම් තහඩු වැනි දෑ ) දැක්විය හැකිය.
ඇතැම් අවස්ථා වලදී රේඩාර් තිරය මත දර්ශනය නොවීමට රේඩාර් සංවේදී නොවන තීන්ත වර්ග අලේප කිරීම,ගුවන් යන හැඩය වෙනස් කිරීම(Stealth Technology) ආදිය දැක්විය හැකිය.

      කෙසේ වුවද සතුරු  උපක්‍රමයන්ට එරෙහි ක්‍රියාවලියක් (Electronic Counter Counter Measure) දියත් කරනු ලබන අතර එය ඉතා අපහසු කාර්යයකි.ව්‍යාජ සලකුණු හඳුනා ගැනීම සඳහා පළපුරුදු නිරීක්ෂකයන් සිටිය යුතු අතර රේඩාර් උපකරණය හා එහි ඇන්ටනාව යම් යම් වෙනස් කම් වලට භාජනය කිරීම තුලින්ද සතුරා පරාජය කල හැක..

අදට බ්ලොග් එකට මාසයයි :)


20 comments:

  1. ම්ම්ම්.... බ්ලොක් එකට මාසයයි.. ඔයාට දිගු ගමනකට මගෙන් සුභපෑතුම් මගෙන්

    ReplyDelete
  2. nice article,,,,best wishes for the future of the blog,,,keep it up,,, excellent job

    ReplyDelete
    Replies
    1. Thanx yalu..I hope u'll read this continously :)

      Delete
  3. මමත් අපේ ගෙවල් ගාව ගුවන් ආරක්ෂණයක් දාල තියෙන්නේ!කපුටෙක්ටවත් උඩින් යන්න බෑ මට හොරෙන්!

    ReplyDelete
    Replies
    1. බලාගෙන අයියේ රේඩාර් එකට හොරෙන් එන්නත් බැරි නෑ :) ස්තුතියි :)

      Delete
  4. ගුවන් ආරක්ෂණය කියන්නේ මොකක්ද කියලා දැන් තමයි හරියටම දැන ගත්තේ... ගොඩක් වටිනා පොස්ට් එකක්...කෝකටත් අපේ හොස්ටල් එකට ගුවන් ආරක්ෂණ කලාපයක් පිහිටුවා ගත්තානම් හොදයි වගේ...මොකද එතකොට සතුරු ප්‍රහාර වලින් ඔලුව බෙර ගන්න පුළුවන්නේ...හ්ම්ම්... බ්ලොග් එකට හැපී බ'ඩේ! වේවා...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ අදහස.. :) ස්තුතියි කමෙන්ට්ටුවට යාළු :)

      Delete
  5. කරගෙන යන්න .. සුබපැතුම් ... :)

    ReplyDelete
  6. ස්තුතියි ඔබට :)

    ReplyDelete
  7. නියම තොරතුරු ටිකක්

    ReplyDelete
    Replies
    1. කියෙව්වට ස්තුතියි යාළු :)

      Delete
  8. මහන්සි වෙලා ලියපු අගනා පෝස්ටුවක්!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ටිකක් මහන්සි වෙන්න වුනා :)

      Delete
  9. maru...sahenna mahansi wela karapu h0da article eka....suba pathum...hazz

    ReplyDelete
  10. ස්තුතියි හසී..හ්ම් මහන්සි වුනානම් තමා :)

    ReplyDelete
  11. මේ කතාවට ලංකාවේ හිටිය ත්‍රස්තවාදීන්ගේ කුරුම්බැට්ටි මැෂින්වල කතාවත් එකතු කරන්න තිබුණේ

    ReplyDelete
  12. ඒ ගැන සොයමින් පවතී :0 ස්තූතියි යාළු :)

    ReplyDelete
  13. Your effort will not go away...Result will be coming Soon...Bright Future

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music