යන්තමින් හිතට
විඳගන්න තිබූ
දවස් ටික
කළා තව යටි ම කුරු
පාදයෙහි මෝදු වූ
හිත පපුව අහිමි
අවාසනාවත් "විසප්පුව"
කළා තහනම්
ඇවිදින්න ,ඉඳගන්න
වුවත් යලි නිදියන්න
ඇඟට හුදු පණක් නැත
සහලවා උණද ගෙන
වේදනා බැරි උහුලන්න
ගියා වෙදැදුරු වෙතට
කටට වුව අප්පිරිය
බෙහෙත් තුණ්ඩුව ගන්න
කපන්නට ඕනෙමයි
තුන් දවස ගතවු තැන
කියූ විට ඇඟ හිරි වැටින
මතක් වී අතීතය
බලන් හිඳ බැරිම තැන
ඇලෙව්වා පැලැස්තර
ඇස් දෙපල තදම කර
පාරවාලා තුවාලය
සැරව,ලෙය වෑස්සෙන්න
පුරා දින දෙක තුනක
නොමඳ ඉවසීම මැද
යන්තමින් වාරු ගෙන
නැගිටුනා පෙර පිනට
තිබූ මා අගනාම
වස්තුවයි ගත් ලැප්ටොපය
ඉල්ලාවි මුර පදය
අහෝ!! දන්නෙම නොමැත
හිත යලිත් බිම වැටින
වාරු නැති පාද..යත් සමඟ
ඇවිද්දා මුළු පුරවරය
එය හදා පසුදාම
උදෑසන බලන විට
තිබු ජංගම දුරකථනෙ
සියල්ලම ඇත සුන්ව
පෙර ආ..දරෙන් මා
නෙත වගේ පරිස්සං කල
යොදා ගත් ගමන් ටික
කල් දමා එන සතිය
ගත කළා තව දිනක්
යලිත් කම්මැලිකමට
මෙච්චරම දෙවල් වුන
අස්ථීර ජීවිතෙට
කුමට දී සිහිවටන
නැගිටින්නෙමි අලුත් වී
අදින් පසු මං ආය
ජයක් නම් මා වෙතට
පහසුවෙන් ලං නොවෙන ලෙස
අනිත් පාදයත් දැන්
පල කරයි රිදුම් දී
.............අනාවැකියක් ..............
දමන්නට යලිත්
උරුමවූ ලෙඩ ඇඳට
අලංක්රුතයි ඈ!
ReplyDeleteඅපොයි මේ මගේ දුක්බර කතාව...දුකත් අලංක්රුතද?හික්ස් :)
ReplyDeleteලෙඩ තාම ඉවර නැද්ද අප්ප? ඔන්න ඕකයි මා එක්ක තරහ වෙන්න එපා කියන්නෙ.මොට්ටි..:/
ReplyDeleteඉක්මනට සුව වෙන්න හ්ම්ම් :)
ඈ බොලේ මන්ද තරහ වුනේ :( ස්තූතියි හිරු :)
ReplyDeleteIkmanata hoda wennako hm hm :(
ReplyDeleteහරි හරේ :)
ReplyDeleteහෆ්ෆේ රූ...
ReplyDeleteමමත් බ්ලොග් එකට
ආවේ ප්රොක්සියකින් රින්ගාය
එහෙත් කල කරුමෙකෙට
හරිගියා වැඩේ නිල් වෙන්න...
ගොඩක් දුකයි වුණු දේට
ඉක්මනින් වෙයි සනීප සුව වෙන්න
නැගිට ඇවිත් පෙර සේම
මෙන්න ගට අපෙනුත් ඔන්න...
හෙ හේ පිස්සා :) ආවනම් එච්චරයි,නැගිටිමු නැගිටිමු ..වැටි වැටි ඉඳලම බෑනේ :)
ReplyDeletebokkenma liyala,,,anith kakulatath kelaunoth top ekatama liayai
ReplyDeleteඅපොයි ..ඇස්වහ කටවහ වදීද දන්නේ නෑ..මම මේකත් ලිව්වේ කී බෝඩ් එකෙන්ම තමා :)
ReplyDeleteඅම්මතසිලි... අර කිවුවත් වගේ ගජමන් නෝනාගෙන් පැවතගෙන එන්නෙක්ද මංද...
ReplyDeleteවිශිෂ්ඨයි රූවෝ...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!
හෙ හේ.ඔයා දන්නවද හිරුවා තමා මට ලියන්න කිව්වේ දිගටම..ඉතින් මුල් ස්තුතිය එයාට දෙන්න ඕනෙ...
Deleteඅක්කෝ කියෙව්වට ස්තූතියි හොඳේ:)
ඉක්මනටම සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා !!!!!
ReplyDeleteඅදහස එල ඈ :) :) :) :) :)