Saturday, September 21, 2013

හේවාහැට සංචාරේ



"හලෝ අක්කි..යන්ද ට්‍රිප් එකක් වත් ?"(පින්ටාගේ කන් කරච්චලය ඇරඹුණි)
"අනේ බං මේ වැස්සේ මොන ට්‍රිප්ද? චාර්ටඩ් එක්සෑම් නේද අපිලට?"

"අයියෝ,මගෙ බර්ත්ඩේ පාටියත් දෙන්න වෙන්නෙ නෑ එහෙනං"
(එක්සෑම් පිට එක්සෑම් වැහි පිට වැහි ආවත් කේක් කෑල්ල ගැන නෙමේ සහෝදරකම නිසාම)
 "හරි හරි,කොහෙද යන්නේ දැන්?.රිවර්ස්ටන්?බෑනේ වැස්ස නේ..හ්ම් හේවාහැට පැත්තේ යන්ද?ලන්ච් එක අමාලිලාගේ ගෙදරින් ගමු.කන්නම නෙමේ ආච්චි දැක්කෙත් නෑ ගොඩක් කාලෙකින්:) "

 "ෂා!!එල එල..හැබැයි අමාලි උන්දා ගෙදරද දන්නේ නෑ.බැංකුවේ නෙ දැන්"

 "ආනේ ඔව් මයි  (අපි තාම බංකු කෑලි වල හර බැර කරද්දී අපේ එවුං ජොබ් කරනවා.කාලය මැව් වෙනසක අරුමේ)
 "ඉන්න මං අහල බලන්නම් "
(විනාඩි 10කින්)
 "හරි හරි පොර ගෙදර ඉන්නම්ලු නිවාඩුවක් දාලා..අනික බැංකුව අතුගාන්න එච්චර අවුලක් නෑනේ එයා නෑ කියල"
 "ඒක ඇත්ත"
 (පහුවදා)
                            සෑම ට්‍රිප් එකකම සංවිධාන කටයුත්තක් ආරම්භයේ සිට අවසානය දක්වා පත බෑවෙන්නේ මේ අහිංසක "රූ"ගේ සුමට වූ කරපිටිනි.එය මනාව ඔප්පු කරමින් සගයන් පනස් ගණනකට දණ නමා පස් දෙනෙක් දුරකථන මාර්ගයෙන් සෙට් කරගත් මා උදෙන්ම ටවුන් එකට ගොස් ඇවිදින කුඩ ගනිමින් සිටියෙමි(වැස්සනේ).

         අටට එන්න කියා දැමූ දුරකථන පණිවිඩයේ සපලදායිත්වය පිළිඹිබු කරමින් නමයහමාර වන විට සියල්ලෝ ලේන්සු මිරිකමින්,කිඹුහුම් අරිමින් ගමනට එන්ට(ර්) විය.

"අනේ අක්කෝ කේක් ගන්නේ කොහෙන්ද?
"ශ්‍රී ලෑන්ඩ් එකෙන් ගමු නේ"
(එහි ගොස්)
"අපිට කේක් සාම්පල් පෙන්නනවද?"
                    උදේ පාන්දරම නැතත් පළමු කස්ටමර්ලා නිසාදෝ අයියලා ටික දත් තිස් දෙකම පෙන්නා සාම්පල් පෙන්නන්න වූවත්  ඒවා ටෙස්ට් කරන්න දෙන පාටක් පෙනුනේම නැත.
                
"මේ පින්ටෝ මං මේවල ප්‍රයිසස් බලන්නම්..(අඩුම ගණන්වූ රුපියල් දෙසීය තුන්සීය කැටගරි අත හැර>ආහ මේ තියෙන්නේ..පංකාදුයි මල්ලෝ 
                                           
   පින්ටෝගේ මුණ ඇඹුලෙන් ඇඹුලට පත්වෙද්දී එයින් කිලෝඑක දෙකක් මිලදී ගෙන,අමාලිලගේ ගෙදරටද බිස්කට් ටින් එකක් අපේ ජැෆ්නා ගර්ල්(අසංකා-පොර එහෙ කැම්පස් එකේ)ගානේ මිලදීගෙන තකේ වත් (තක්ෂිලා)සෙට් කරන් ලැමා(කැලණි කැම්පස් එකේ)ගේ වියදමින් හේවාහැට බලායන්නට බසයකට නැග්ගෙමු.අමතක වුණා වැලි තලපත් මෙගා ස්ප්‍රයිට් බෝතලේකුත් ගත්ත අපි ඕන්.අඳුරනනංගි කෙනෙකුත් ආවා පොඩි මල්ලි කෙනෙකුත් යන ගමන් සෙට් වුණා ඈ.

                               පින්ටෝ ඉන්න තැන අහල ගම් හත අටක් වත් පාලු කරන ස්වරය බස් රථය පුරා පැතිරෙද්දී කැම්පස් කතා,රැග් කතා,කොකු කතා,එක්සෑම් කතා අස්සේ හේවාහැටින් බැස නැවත දෙල්තොට  බසයක් එනතෙක් පයින් ගෑටු අපිට වැලි තලපෙන් සප්පායම් වන්නට හැකි වුනේ පින්ටෝගේ බඩගින්නෙන් නොව මල පෙරේත කමිනි..

(පාලමක් ළඟ ෆොටෝ ගගහ හිටි අපි)"කෝ පින්ටෝ??ලැමාගේ ප්‍රශ්නයෙන් පින්ටෝව මතක් වන තෙක් මනුස්සය ගැන අපිට ගානක් නැති උනේ වැලි තලප අවසන් වී තිබු නිසාය J

"මං මෙහේ"කඳුරක් අස්සේ ගොස් මුණ හෝදන පින්ටව ඈතින් පෙනුනි..(උදේ මේකා මුණ හෝදලා නෑ ෂුවර්)

"අන්න බස් එක අපි යනෝ"
                 බස් එක නතර කරන්නට විය..යන්තම් බසය පරක් කරගත් අප.පින්ටාගේ හති සහිත දිවඒමේ ප්‍රතිපලයට සිනා සුනෙමු.

                                             තව පැය කාලක් විතර යන්න තිබෙන නිසාම මෙගා ස්ප්‍රයිට් බෝතලය ගෙන කටවල් වලට හලා අවට කඳු හා තේ වතු බලමින් බසයෙන් බැස්සේ අපි කලින් අමලිලගේ ගේ පිලිබඳ කොන්දොස්තර මහතාට කල විස්තරයෙන් ඇත්තටම ඔහු අපිව බැස්සු හෙයිනි..

                           පුංචි නුවරඑලිය වන් හේවාහැට සුන්දරත්වය සමඟ නාරං,පිනි ජම්බු,පේර අපගේ ගොදුරු විය..අනතුරුව වැස්ස ඒමට පෙර ආච්චි අම්මාගේ ප්‍රනීත ආහාරයෙන් සප්පායම් වූ අප මේසේ මත අලංකාරෙට තිබූ ස්වභාවික නාරං සියල්ල සාක්කු වල පුරවා පින්ටෝගේ ඇති විශේෂ කේක් රාජයාත් ගෙන ලූල් කඳුර පැත්තට ඇදුනෙමු.(ජේම්ස් ටේලර් බංගලාව,පළමු තේ පැලය,සීතා දේවිය උන් කොන්ඩගල මේ පළාතේ වැදගත් ස්ථාන වේ).

       කොන්ඩගල නගින විට වර්ෂාව යලිත්  ඇද බෑවෙන්න පටන් ගත් අතර කට්ටිය නම් නවතින පාටක් පෙනුනේම නැත..

“කෝ කෝ කේක් එක කපමු”ඒ මන්ද මං නොදනිමි.
“අයියෝ පිහියක් ගේන්න බැරි වුනානේ”

“ජන්ගල් ට්‍රිප් ආවම ඩිසිප්ලින් මොකටද?අතින් කඩමු”

(විනාඩි පහක් තුල කේක් ගෙඩිය ආගිය අතක් නැති විය)

මෙන්න ෆොටෝස් J

(ලංකාවේ ප්‍රථම තේ වතු යාය-1867 ජේම්ස් ටේලර් ගේ වතු බංගලාවේ හා කාර්යාලයේ නටඹුන් සඳහා පාර කියන්නක්)
බලන්න ලූල් කඳුර සුද්ද ලියල තියන කැතත් ;)












(කොන්ඩගල)







පින්ටා හොඳ එකාය..ළඟදීම තවත් ට්‍රිප් එකකින් උන්දැව මීට් වන්නට ඉඩ ඇත.

12 comments:

  1. නරකම නෑ... මගේ කීර්ති නාමයට හානි කරාට මම දානවා නඩුවක් ඉහලම උසාවියේ

    ReplyDelete
    Replies
    1. හා හා දාගන්න මල්ලියෝ මං නම් නෑ ඕවට,,,රිවර්ස්ටන් යන්න ලෑස්ති වෙන්ඩෝ:)

      Delete
  2. හ්ම්ම්... ට්‍රිප් එකක් යන්න හොඳ තැනක් වගේ...

    ReplyDelete
    Replies
    1. ගිහින්ම බලන්නකෝ..තව තැන් එහෙම්ම කොහෙද මේ වැස්ස :/

      Delete
  3. ස්තූතියි මේ වගේ තැනක් ගැන බෙදාගැනීම ගැන..

    ReplyDelete
    Replies
    1. හදිස්සියට ලිව්වේ යාළු..කොච්චර තැන් තියනවද අපි ගිහින් නැති

      Delete
  4. ඔබ මෙහි විස්තර කර නැති වැදගත් ඡායාරූපයක් තියනවා. අර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නාම පුවරුවේ ඡායාරූපය. බලන්න එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපාරික මට්ටමේ තේ වගාව ජේම්ස් ටේලර් විසින් 1867 දි මේ ප්‍රදේශයේ ආරම්භ කළා කියන තොරතුර. ඒ වගේම බලන්න ලූල්කඳුර යන වචනය සුද්දාගේ කනට ඇහුණ ආකාරය අනුව ලියලා තියෙන්නේ LOOLECONDERA කියලයි. මේ ආකාරයට නම් කල තේ වතු සෑහෙන ගණනක් ලංකාවේ තියනවා. බණ්ඩාරවෙල තිබෙන ලියන්ගහවෙල තේ වත්තේ නම සුද්ද ලියලා තියෙන්නේ LEANGAWELLA කියලයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..හදිස්සියට ලිව්වේ මේක..ස්තූතියි නොලිව්ව දෙයක් ගැන කරුණු දැක්වුවාට..වතු පිලිබඳ උනන්දු අයට කියාපු තැන..

      Delete
  5. hmmm gr8 nangiyo.me halo mata oyala giyapu route eka hariyatama kiyanawada....? kandy wala idala.

    ReplyDelete
    Replies
    1. නුවර ඉඳලා හේවාහැට බස් එකක නැඟලා ටවුන් එකෙන් බැහැලා දෙල්තොට බස් එකක හරි,වරාකලවිට හරි බස් එකක නැඟලා ලූල් කඳුර ලඟින් බහින්න..දන්න කෙනෙක් එක්ක යන්න නැත්තං හොයන්න අමාරුයි ටිකක් අයියා..

      Delete
  6. විනෝදජනක චාරිකාවක් වගේ.

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music